
( වන්නි රොමේෂ් මධුෂංක)
ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුර ඉදිරියට ”රඳවා තබා ගැනීමේ මධ්‍යස්ථානයක්” ලෙස ප්‍රකාශයට පත් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් ඊයේ (30) දින නිකුත් කරනු ලැබීය.
මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතාගේ අනුමැතිය මත මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබූ අතර අද (31) දින සිට මුලතිව් ගුවන් හමුදා පහිනාංකය රඳවා තැබීමේ මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතයි.
පසුගියදා නාවික හමුදාව විසින් බේරා ගනු ලැබූ මියන්මාර සරණාගතයින් 103 දෙනා මුලතිව් පිහිටි ගුවන් හමුදා කඳවුර වෙත තාවකාලික රැඳවීම සඳහා යොමුකර තිබුණා.
අධිකරණ නියෝග මත ඔවුන් මිරිහාන පිහිටි රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා තිබුණද මිරිහාන රැඳවුම් මධ්‍යස්ථාන තුළ ප්‍රමාණවත් නවාතැන් පහසුකම් නොමැතිවීම හේතුවෙන් මෙම සරණාගතයින් මුලතිව් ගුවන් හමුදා කඳවුර වෙත යොමු කිරීමට පියවර ගනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කස්ටිය හොදටම නාගන්න හදන්නෙ කියලයි මටනම් තේරෙන්නෙ. මුලතිව් කියන්නේ විශේශ ස්තානයක් කියලයි මට තේරෙන්නෙ. හෙට අනිද්දට තව බෝට්ටු එනවා ශුවර් එකටම