සංගීත ප්‍රසංගයන් කිහිපයක් සඳහා සහභාගීවීමට ලන්ඩන් නුවරට පැමිණ සිටින රනිල් මල්ලවාරච්චි සහභාගීවූ දානමය පිංකමක් පසුගියදා ලන්ඩන් නුවර රෙඩ්බ්‍රිජ් බෞද්ධ විහාරයේදී පැවැත්විණි.
විහාරාධිපති පෙතිගමුවේ හේමරතන නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් සහ විහාරස්ථ දායක කාරකාදීන්ගේ සහයෝගයෙන් දානමය පිංකම සංවිධානය කරන ලද්දේ ප්‍රවීණ ගායක මිල්ටන් මල්ලවාරච්චිගේ 16 වැනි ගුණානුස්මරණය වෙනුවෙනි.
රනිල් මල්ලවාරච්චි ලන්ඩනයට පැමිණියේ ශ්‍රී ලාංකික සුභසාදන සංවිධානයක් වන හෙළ සරණ සංවිධානය ශ්‍රී ලංකාවේ ගෙන යන සුබ සාදක කටයුතු ආධාර ලබාගැනීමට පැවැත්වූ සංගීත ප්‍රසංගයක් සඳහා සහභාගී වීමටය. ඔහු සහභාගී වන ප්‍රසංග දෙකක් මාර්තු 8 සහ 9 දිනයන්හිදී පැවැත්වීමට යයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ වාසනාවන් මෙවන් පූතල (අ)
නෙත නොපියා වත නොසලා ඇත අහසේ තාරුකා දිලේ ...// (නදී)
තාත්තල ගැන හිතන පුතාල දැන් අඩුයි. තාත්තල තමයි පුතාලව උඩට ගේන්න වළිකන්නේ. (දී)
තාත්තලාග නම කන පුතාල තමයි වැඩි හරියක් සංගීත කෂේත්‍රයේ ඉන්නේ එහෙත් රනිල් නම් එහෙමෙ නැහැ (අ)