මහනුවර දළගාමාලිගාව ඉදිරිපිට මහ පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිසක් හා ඊට විරුද්ධ පිරිසක් අතර අද කළබලයක් ඇති විය.
දෙපිරිස අතර ගැටුමක් ද ඇති විය.
මහියංගනය නුවර පාර වසාගෙන පිරිසක් විරෝධතා පවත්වති.
පාර විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර හිමිවරු කිහිප නමක් ද වූහ.
මාර්ගය විවෘත කරන ලෙස ඉල්ලන පිරිස අතර ප්‍රදේශවාසීහු පිරිසක් හා සිවිල් සංවිධාන නියෝජිතයෝ පිරිසක් ද වූහ.
(ඡායාරූප ජේ ඒ එල් ජයසිංහ)
(ඡායාරූප චමිල් රූපසිංහ)
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ පාර ඇරිය කියලා නුවර වාහන තදබදය වැඩිවීම මිස අඩුවීමක් වෙන්නේ නෑ. මේ උවමනාව යානවාහන තියෙන සුපිරි ජීවිත ගෙවන මහාචාර්ය වගේ අයගේ මිස සාමාන්‍ය ජනතාවගේ නොවේ. අපගේ පූජනියම පුදබිම ළග මේ පාර අරින්න කියන බොහෝ දෙනා බෞද්ධයෝද.? (බ)
ලෙස්ලි , ඔය පාර වැහුවේ මාලිගාවේ ආරක්ෂාවට . බහුබූත කියවන්න එපා. දැන් තියෙන්නේ මාලිගාව භූමි සීමාවේ සිට රැජින හෝටලය අසල මාර්ගය දක්වා ලොකු උසට යකඩ වැටක් අලංකාරව ඉදිකර ඔය මාර්ගය නැවත ව්වුර්ත කිරීම.එතකොට මිනිස්සුන්ට ඕන විදියට මාලිගාවට ඔය මාර්ගය හරහා ඇතුල් වෙන්න බැහැ. (ර)
අඩි 3 පමණ ඝනකම කොන්ක්‍රීට් අාවරණයක් සාදා වාහන ඒ තුලින් යැවීම හොඳ විසදුමක්, දිග මීටර් 200 විතර ඇති අපේ ඉංජිනේරු මහතුන් මේ ගැන සිතා බලන්න (බ)
අදම මේ පාර අරින තරමට හොඳ. විකල්ප පසුව කතා කරමු. (ර)
පාලනය යහපත්, යුද්ධේත් නෑ, මනිස්සුත් ටික ටික ධාර්මික වෙලා, අවුරුදු සිය ගානක් විවෘත කරලා තිබුන පාර යුද්ධේ නිසා දළදා මාලිගාවෙ ආරක්‍ෂාවට වැහැවුවා ඒත් දළදා මාලිගාවට බෝම්බ තිබ්බා, - කිසිම තේරුමක් නෑ ඔය පාර වහගෙන ඉන්න එක ඔන්න ඔය පාර ඇරල මිනිස්සුන්ට නිදහසේ ගමන් බිමන් යන්න අවස්ථාව ලබාදෙන්න. (ර)
දළදා මාලිගාවට බෝම්බ තිබ්බ පාර තාම ඇරලා. මිනිස්සු මාලිගාවට කරදරයක් වෙන්නේ කොහොමද ?. වයසක අය ආසයි මාලිගාවට යන්න ඒත් බෑ. හරි පව්. බුදුන් වහන්සේ මොන තරම් නිහතමානිද. මුන් පුහු මාන්නේනෙන් ඉදිමිලා. මෙම මාර්ගය ඉක්මනින් විවෘත කළ යුතුයි. දළදා හාමුදුරුවෝ නමින් පාර වහල බුදුන් වහන්සේ ට නින්දා කරනවා. (බ)
මේ පාර විවෘත කිරිමෙන් වෙන්නෙ දළදා වහන්සේට තියන ගෞරවය අඩු වෙන එකයි. මිලිගාව ළඟින් යන වාහන නිසා ඒ පරිසරයේ ශාන්ත බව ගිලිහිලා යාවි නෙද... දැන මොලේ පාවිචි කරන අය අඩු නිසා වාහන ඒ අයට ඔනැ විදිහට ඔතනින් ගෙනයයි නෙද... දැන් තියෙන විදිහ හොදයි (අ)
මෙම පාර විවෘත කළ යුතුය (බ)
ප්‍රියාන්, ඉතිහාසය ඉගෙනගෙන නැහැ. ඔතන පාර හැදුවේ සුද්දෝ. (නි)
දහම්, ඔය ප්‍රශ්නේ තේරුම් අරගෙන නැහැ. මේ පාර වහල නිසා එම මාර්ගය හරහා යන වාහන කිලෝ මීටර් ගානක් වැව වටේ යන්න ඕන. ඒ නිසා මහනුවර නගරයේ මාර්ග තදබදය උග්‍ර වෙලා තියෙන්නේ. ඒ නිසා වාහන දුම නිසා පරිසර දූෂණය වෙන්නේ. මේ මාර්ගය ඇරියොත් වෙන්නේ තදබද නැති නිසා පරිසර දූෂණය අවම වෙනවා. (ර)
මොනවා කළත් ප්‍රවේශමෙන්! (නි)
ලාල්, ඔබේ අදහසට මම එකඟයි (නි)
උමන් මාර්ගයක් තමයි හොදම විසදුම. (ර)
පාර අරින එක හොදයි. මාර්ග තදබදය ටිකක් හරි අඩුවෙනෙවා . මාලිගාව ආරක්ෂා කරන්න අපි එක්කෝම දැනගන්න ඕනි. ශක්තිමත් වැටක් ඉදිකරලා මාලිගාවට වැඩි ආරක්ෂාවක් දෙන්න. මාලිගාව ගාව තිබුන පාරක්නේ. (බ)
අතීතය දිහා බැලුවොත් ඔය පාර වහල තිබ්බේ නැහැ..සේරම වාහන ගියේ ඔය පාරේ තමයි..යුද්ධයේ ප්‍රතිපලයක් තමයි ඔය පාර වැසීම..ඕකයි ඇත්ත..නැතුව ඕක වහල තිබුන පාරක් නෙවෙයි..1974, 1975 කාලේ කාර් රේසුත් පැද්ද ඔය පාරේ..(බ)
ලොකුම ප්‍රශ්නේ දළදා හාමුදුරුවෝ ඔතන වැඩ ඉන්න එකනේ. අපි උන්වහන්සේට වෙන කොහාටවත් වඩින්න කියමු. තායිලන්තෙටවත්...(බ)
බමුණු, මේක ආගමික ප්‍රශ්නයක් කරගන්න එපා. නිල්මිණි කියලා තියන දේවල් කියවන්න. නුවර පිළිකා නගරයක් වෙනවට ඔබ කැමතිද? මුළු රටම එක තැනක සිටිය යුතු කාරණයකදිත් අපි පිල් බෙදිලා. ඉතින් කොහොමද අපි ඉදිරියට යන්නේ? නුවර නෙමෙයි රටම ප්‍රපාතයට යනතුරු අපි බමුණු මත එක්ක වාද කර කර ඉමුද? (නි)
අඩු ගානේ සැහැල්ලු වාහන වලටවත් ඉඩ දෙන්න. (ර)
වැව රවුමේ පාර දිගේ යන්නට සිදු උවුනාම වැඩියෙන්ම පොලීසියෙන් කරදර සිදු වන්නේ හොර හරක් සහ මත් කුඩු නගරයට ප්‍රවාහනය කරන්නන්ටය. නගරයට කෙටි පාරවල් සොයන්නේ ඔවුන්ය. (බ)
නුවන් , මාලිගාවට කරදරයක් වෙන්නේ කොහොමද ? මාලිගාව පාරේ යන්නේ නැහැනේ. මාලිගාවට එන ප්‍රභුන්ට කරද්රයක් කිව්වා නම් ඔයට වඩා අවංකයි. (ර)
හොඳින් සිතාබලා සාධාරණ විදිහට කරන්න (නි)
ඒ 26 මාර්ගය ඇර ගත්තට පසු ඒ දෙපස හරක් මස් සහ කුකුල් මස් කඩ දමා ගැනීමටද ඉඩ තිබෙනවා. (බ)
මිනිස්සු පාරට බහින්නේ දේශපාලකයෝ ප්‍රශ්න වලින් මඟහැරලා ඉන්න නිසා. නුවර ප්‍රශ්නය හොඳම නිදසුන. මහනුවර තව දුරටත් සුවදායක නගරයක් නොවේ. (නි)
මම මාලිගාව ගැන කියන්නේ නැහැ. ඉන්දියාවේ ටජ් මහල් බලන්න යන අය වාහන දුර නවත්වලා පයින් යන්න ඕනි . ඒ මොකද අපේ අතීත වස්තු ආරක්ෂා කර ගන්න ඕනි නිසා. අද ගැන හිතලා අතීතය වළදමන්න හොඳ නැහැ.(හේ)
නුවර අයට ටික දවසකින් වෙන්නේ මුසල්මානුවන්ට බැල මෙහෙවර කරගෙන ඉන්ඩ. (බ)
නුවර මිනිස්සුන්ටම ඕන නැත්නම් අකාලේ විනාස වෙන එක තමයි වෙන්නේ.මේක ආගම ප්‍රශ්නයක් කර ගන්න එපා .බුදුන් වහන්සේ මොන තරම් දේවල් පරිසරය ගැන කියා තිබෙනවද?පාසල් දරුවන් ගැන හිතලා ඉක්මන් විසඳුමකට යන්න.(හේ)
මෙම මාර්ගය ඊතා ඉක්මනින් විවෘත කළ යුතුයි.(හේ)
සමන්, මම හොදට දැනගෙන කියන්නේ. මමත් සගභාගී වුනා 2012 දී අදාළ කරන වාතය සාම්පල් ලබාගෙන ඒවායේ විවිධ ප්‍රමාණයේ අංශුන් විශ්ලේෂණය කිරීමට. එමෙන්ම ඩීසල් දුමෙන් වාතයට එක්වූ සංඝ්ටකත් වායු ක්‍රමලේඛනය භාවිත කරමින් විශ්ලේෂණය කිරීම මමත් කළා. උදේ, සවස, රාත්‍රී, නිවාඩු දින, සතියේ වැඩ දින වශයෙන් ඉතා දීර්ගව විශ්ලේෂණය කළා. මම ඒ ගැන තමුන්ට වැඩිය හොදට දන්නවා. පාරේ දිග නොවෙයි වැදගත්, ඒක වැහුවම ඒ වෙනුවට වාහන යායුතු පාරේ දිග. (ර)
මේක ප්ලෑන් කරලා කරපු වැඩක් වගේ.(හේ)
මිනිස්සු ප්‍රශ්නයක් දෙස බලන්නේ මතුපිටින් පමණයි (නි)
සමහරු කියනවා දළදා වහන්සේ තායිලන්තෙට ගෙනියන්නලු. අනේ මෙහෙමත් මිනිස්සු? (නි)
පාර ඇරියොත් මාලිගාවේ තියෙන ආගමික නිස්කලන්ක වටපිටාවට ලොකු හානියක්.මේක නිතර මාලිගාවට යන කෙනෙක් නම් හොඳට තේරෙනවා.නගරයේ වාහන තදබදය අඩු කිරීමට ක්‍රමවත් සැලැසුමක් අවශ්‍යයි.කොළඹ ඉඳන් නුවරට එන්න පැය 5 ක් ගන්න රටේ ඕවා සිද්ධ වෙයිද කියන එකයි ප්‍රශ්නේ.(හේ)
මේ පාර අරින්න කියන එක මිනිහෙක්වත් ඇයි කියන්නෙ නෑත්තෙ රජ පිහිල්ල මාවත පළල් කරන්න කියලා? ධර්මාශෝක මාවත විශාල කරන්න කියලා?මමත් මේ තදබදයෙන් පීඩා විදින්නෙක්. නමුත් මාළිගාව ඉදිරිපිට පාරේ වාහන යන්න දෙන එකට සම්පූර්ණයෙන් විරුද්ධයි. අපි පොඩි කාලේ තිබුනු වාහන වලට වඩා දෙතුන් ගුණයක් දැන් වාහන වැඩිවෙලා (නි)
මිනිසුන්ට රණ්ඩුවක් ඇති කරනොගෙන ඉන්නම බැහැ වගෙයි (නි)
මෙම මාර්ගය විවෘත කරන්න එපා .දළදා මාලිගාව රැකගත යුතු වස්තුවක් .මෙය බුදුන් ජීවමාන බදු ස්ථානයකි දළදා මාලිගාව ශ්‍රී ලාංකීය අභිමනයක්.(හේ)
සිරි දළදා වහන්සේ නැවත කෝට්ටේ රාජධානියට වැඩමවන්න. අපි පාරවල් වහලා හරි රැකගන්නම්. (නි)
කරුණාකර මේ පාර අපට අැර දෙන්න නුවර ඉන්න අපි මේකෙන් දුක් විඳින්නේ (බ)
ඇයි මේවා කතාකරලා විසඳාගන්න බැරි? (නි)
ඇයි මේ මුසාවාදා කියන්නෙ? මේ පාර වැහුවේ යුද්ධ කාලේ ආරක්ෂාව ගැන හිතලානෙ. දැන් ආරක්ෂාව ගැන ප්‍රශ්න නැති නිසා පාර ඇරියහම මොකද වෙන්නෙ? (නි)
දෙපැත්තම ඇත්ත කියන්නේ. මාර්ගය වසා තිබෙන නිසා මාර්ග තදබදයක් මෙන්ම පරිසර දූෂණයත් වෙනවා. මාර්ගය විවෘත කර තිබුනහම බැතිමතුන්ට ආරක්ෂාවක් නැතිවෙනවා. මාර්ගය එක දිශාවකට (නුවර සිට දිගන දෙසට) පමණක් විවෘත කරන්න. අනිවාර්යයෙන්ම තදබදය අඩුවෙනවා. මාලිගාවේ සිට වම පසට හා දකුණු පසට මීටර 50 හා 100 දුරින් බාධක හතරක් (හම්ප්ස්) දමන්න. මගී ආරක්ෂාව සුරැකෙනවා. (නි)
බුද්ධ ශාසනය වෙනුවෙන් කැපකළ පොඩි දෙයක් වුණත් නැති කරන්න ඉල්ලන එක ලොකු පවක්. තව ටික දවසකින් රටම පාරවල් වලට දීලා අපිට මුහුදට පනින්න වෙන්නේ. ඉස්සරහට ලංකාවට එන හැම වාහනයක්ම විදුලි රථ විය යුතුමයි. ඒ වගේම, ප්‍රධාන නගර හැම එකකම සුවපහසු පොදු ගමනාමන පද්ධතියක් ඇති කරන්න ඕනෑ. මේක විසඳන්න බැරි අපේ රටට සල්ලි නැති හින්දා නෙමෙයි. හරි ආකල්පයක් නැති හින්දා. අපිටත් වඩා දුප්පත් රටවල් වල ප්‍රවාහන සේවය මීට වැඩිය ගොඩක් හොඳයි. (නි)
මේ කරගන්න පවු හින්දා ඔයාලගේ ළමයින්ට මීටවඩා හානියක් වෙන්න ඉඩතිබෙනවා. මිනිසුන්ගේ තිබෙන කෑදරකමට මොනවා දුන්නත් මදි (නි)
රටේ වෙන දේවල් හා පාර අරින්න උත්සහ දරන මහතුන් දිහා බැලුවහම මට නම් දැනෙන්නේ වෙන යමක් මෙතන තියෙනවා. ඒ වගේම පරිසර විනාශයන් ගැන කතාකරන මේ මහතුන්ගෙන් කීයෙන් කී දෙනාද මහා වනාන්තර විනාශයන් ගැන කතා කරන්නේ? මගේ නම් අදහස ජාතික වටිනාකම් ආරක්ෂාවෙන විදියට තමයි අනෙකුත් සංවර්ධන කටයුතු කළයුත්තේ කියලා (නි)
මේ පාර විවෘත කරන්න.(හේ)
බබාලා වගේ (අ)
මගේ මතය නම් මේ පාර අරින එක තමා හොද මොකද දන්නවද තව ටික කාලයක් යනකොට මේ ප්‍රදේශයේ ඔක්කොටම පෙනහළු ලෙඩ හැදුනොත් නගරෙම නැතිවෙලා යයි අර පුරාන ජනාවාස නැති වුනා වගේ එතකොට? (අ)
බෞද්ධයන්ගේ මුදුන්මල්කඩ වූ දළදා මාලිගාව ආශ්‍රිත ප්‍රදේශය පදිකයන්ට පමණක් සිමා කිරීම අමුතු දෙයක් නොවේ. ලොව මෙවැනි වටිනා පෞරාණික ස්ථාන වල ආරක්ෂාව සඳහා මාර්ග වසා පදිකයන්ට පමණක් විවෘත කර තිබෙනවා. වතිකානුව හරහා යන මාර්ගය එක උදාහරණයක්. පෞරාණික ස්ථාන වාහන දුමට සහ දෙදරීමට නිරාවරණයවීමෙන් හානි වියහැකියි. මේ සඳහා රජය විකල්ප උමං මාර්ගයක් වහාම ඉදිකළයුතුයි. බෞද්ධයන් නොමසුරුව මේ සඳහා ආධාර කරනු ඇත (නි)
මාලිගාව වෙන තැනකට ගෙන යන්න කවුරුහරි යෝජනා කරයිද දන්නෙ නැහැ මෙහෙම ගියොත්? (නි)
ප්‍රශ්න නැතුවට ප්‍රශ්න! (නි)
පාර ඇරියත් කුඊන්ස් හෝටලේ ළඟ තද බදය උපරිමයට යනවා. විකල්ප මාර්ග හදන්න, (හේ)
වැව පැත්තක් ගොඩ කරලා පර හදන්න තියෙන්නේ . (ර)
හොයල බලන්න ඕන ඔය සංවිදාන ඇත්තටම නුවර ජනතාවගේ සංවිධානද එහෙම නැතිනක් කොළඹින් ගිය ඒවාද කියලා (ර) (ර)
චන්න බුවනෙක, ටජ් මහල් එක තියෙන්නේ අග්‍රා කියලා මහා කැලෙක. දළදා මාලිගාව තියෙන්නේ ලක්ෂ සන්ක්යත මිනිසුන් ගණනක් ඉන්න මහනුවර ජනාකීරන නගරයක් මැද. ටජ් මහල් තියෙන්නේ බොම්බේ නගරේ මැද නෙමෙයි. (ර)
යාපනේ අධි ආරක්‍ෂිත කලාපත් දැන් විවෘත කරනවා. නුවර ඉන්න අපි තමයි දන්නේ මේ මාර්ගය වහලා තියන එකෙන් අපි විඳින දුක. යුද්ධ කාලේ අපි හැම අමාරුකමක්ම විඳගෙන හිටියා. මේක ඇරියා කියලා දළදා මාළිඟාවට හානියක් වෙන්නේ කොහොමද? මෙතන තියෙන්නේ දේශපාලන ප්‍රශ්නයක් (නි)
මොකක්ද මේ දේ තෙරුම. ගහ මරාගෙන හරියනවද?(හේ)
ඔන්න සංහිදියාව දැන් තියෙන්නේ (හේ)
එදා දළදා වහන්සේට කොටි ඇවිත් විනාස කලා අද අපේම අය ඇවිත් නින්දා කරනවා මේවා දේව සාප (හේ)
මට නම් හිතෙන්නේ කෙටි පාර අරිනාවට වඩා දුර පාරකට වාහන හරවා යවන එක තදබදය අඩු වීමට හේතුවක් කියලා. දැන් කොළඹ පාරවල් ඔක්කොම වගේ වන් වේ කරලා. මේ පේන තැනට යන්න ලොකු රවුමකින් යන්න ඕනේ. හැබැයි එකෙන් තදබදේ හුගක් අඩුවෙලා බව කොළඹ වාහන පදවන අය දන්නවා. (ර)
මිනිස්සුනේ, ඕවට ගහමරා ගන්න එපා. සිහිබුද්දියෙන් කතාකරලා ප්‍රසන විසදගන්න. (ර)
ඔය පාර්ලිමේන්තුවට දවසට යන වියදම මාස පහක් එකතු කළා නම් හොඳට විකල්ප මාර්ගයක් හදන්න පුළුවන්. (නි)
මේකට හොඳම විසඳුම උදේ 7- රාත්‍රී 7 දක්වා පාසල් වෑන් රථ හා කාර් වෑන් වලට පමණක් මේ මාර්ගය විවෘත කිරීම හා මෙම කොටසට බම්පර් 2ක් දමා වාහන ඉස්සර කිරීම තහනම් කිරීමයි (නි)
මේ පාර විවුර්ත කිරීම ඉතා අවශ්‍ය දෙයක්. දැන් නුවර යොවුන් පාසල් දියණියන් පවා අධික දුම් බොන්නන්ට හැදෙන ලෙඩ වලින් පෙළෙනවා අධික වාහන තදබදය නිසා ඇතිවන අධික වාහන දුම නිසා. මීට වඩාත්ම පහසු අඩු වියදම් විසදුමක් වන්නේ මේ කියන A26 මාර්ගය විවුර්ත කිරීම. ශ්‍රද්ධාව තිබෙන්නටත් මිනිසුන් ජීවත් ඉන්න ඕනේ. (ර)
වැව රවුමේ මාලිගාව ඉස්සරහ කොටසට වැව හරහා පාලමක් සදා බැරිද මේකට විසදුමක් දෙන්න වත්, ඇත්තටම ඔය කොටස විවෘර්ත කලාම මාලිගාවට කරදරයක් වගේම විවෘර්ත නොකට සිටියාම රථවාහන තදබදයට වගේම පරිසර දුෂණයට හේතුවක්,එක ලොකු ආර්ථික පාඩුවක් , විසදුමක් හැටියට තමයි මම යෝජනා කරන්නේ මාලිගා කොටස මගහැරෙන්න වැව හරහා පාලමක්, දෙපැත්තටම සාධාරණයක් වේවි එතකොට. (ර)
ඔය පාර වැසුවෙ කාගේ උවමනාවකටද.? (ර)
සෞදි අරාබියේ රියාද් සිට ජේඩ්ඩා වලට යන අනෙක් ආගමිකයින්ට මැකා නගරය හරහා යන්න දෙන්නේ නැත. ඔවුනට ජේඩ්ඩා යාමට වෙනම පරක් ඇත. එසේනම් ඇයි අපි දළදා මාලිගාව අසළින් සබ්ද කරගෙන වාහන වලට යන්න ඉඩදෙන්නේ? පාර වහනවට විරුද්ධ කවුද කියා සොයාබලනවා නම් හොඳයි නේද? (නි)
බුද්ධ ශාසනය වෙනුවෙන් කැපකළ පොඩි දෙයක් වුණත් නැති කරන්න ඉල්ලන එක ලොකු පවක්. තව ටික දවසකින් රටම පාරවල් වලට දීලා අපිට මුහුදට පනින්න වෙන්නේ. ඉස්සරහට ලංකාවට එන හැම වාහනයක්ම විදුලි රථ විය යුතුමයි. ඒ වගේම, ප්‍රධාන නගර හැම එකකම සුවපහසු පොදු ගමනාමන පද්ධතියක් ඇති කරන්න ඕනෑ. මේක විසඳන්න බැරි අපේ රටට සල්ලි නැති හින්දා නෙමෙයි. හරි ආකල්පයක් නැති හින්දා. අපිටත් වඩා දුප්පත් රටවල් වල ප්‍රවාහන සේවය මීට වැඩිය ගොඩක් හොඳයි. (නි)
හොඳම විසඳුම වැව යටින් රථ වාහන සදහා උමං මාර්ගයක් හදන එක. මම මෙය මීට කලිනුත් යෝජනා කර තිබෙනවා. (නි)
ලෝකයේ සියලුම රටවල පොලව යටින් උමන් මාර්ග හදලා නිවැරදි විසදුම් දෙනවා පරිසරයට හානි නොකර පරිසරයේ සුන්දරත්වය රැකගෙන. (ර)
මිනිස්සු දැන් හැමදේටම රණ්ඩු සරුවල් කරන්න පුරුදුවෙලා (නි)
හොදින් සිතා බලා ගත යුතු තීරණයක්. (ර)
රටේ යුද්දයක් තිබුන අවස්ථාවේ මේ පාරවල් වැහුවේ මාලිගාවේ ආරක්ෂාවට නමුත් කොටියා කොහොමහරි ප්‍රහාරයක් එල්ල කලා. දැන් රටේ යුද්දයක් නැති නිසා , මහජනතාවගේ පහසුව තකා මෙම පාර විවුර්ත කලා යුතයි. (ර).
දළදා මාලිගයේ ආරක්ෂාවට පාර විවෘත කිරීම බාධාවක් නම් විකල්ප මාර්ගයක් හදන එකයි නුවණට හුරු අපි දළදාවහන්සේ රැකගන්න ඕන අපේ උරුමය එය යි (ර)
නිල්මිණි ජපානේ ඉදලා ලංකාව ගැන හිතන්න බෑ. (ර)
අනේ නිල්මිණි, පරිසරය ගැන හිතනවනම් නුවර තව කරන්න ඕන දේවල් ඔන තරම් තියෙනවද. අඩු තරමෙ තමුන් දන්නවද මාලිගාව ලන්ගින් තියෙන පාරෙ දුර කොච්චරද කියලවත්. අනික ඒ වෙනුවෙන් කොච්චර විකල්ප මාර්ග තියෙනවද කියලවත්... (ර)
ඔය පාර අරින එක හරිම ලේසියි. (ර)
ඉස්සර අපේ බස් ස්ටෑන්ඩ් එක තිබ්බෙත් මාලිගාව ඉස්සරහ. ඒ කාලේ බස්/ වාහන වල යන මිනිස්සු, තමන්ගේ අසුනෙන් නැගිටලා වැඳලා යන්නේ. මට මතකයි, මුසිලිම් ජනතාව හිසේ තියෙන ලේන්සුව ගලවල ගරු බුහුමන් දක්වනවා. දමිල මිනිස්සුත් මාලිගාවට වැන්දා. පාර වහල තියෙන එකෙන් මාලිගාවට වෙන හානිය (දුම නිසා) පරිසර වේදියෝ හරියටම පැහැදිලි කරගෙන තියෙනවා. අඩුම තරමේ විකල්පයක් ලැබෙනකන් මෙම මාර්ගය වීවෘත කරන්ට කියල තමා මිනිස්සු ඉල්ලනේ. (ර)
ඔය තියෙන්නේ පොල් ගහපු ප්‍රතිපල. (ර)
පාරයි මාලිගාවයි අතර සම්බන්දයක් නැහැනේද ? පාර යන්නේ මාලිගාවෙ ඉඩම මැදින් නෙවෙයිනේ. අනිත් එක ඔය පාරින් එක වාහනයක් වත් යන්නේ නැත්තේ නාහැනේ. (ර)
හැමදේටම වැඩිය වටිනා දළඳා සමිදුන් එහි ආරක්ෂාව ඉතා වැදගත් සෞදි වල මක්කම ප්‍රදේශයටවත් මුස්ලිම් නොවන කෙනකුට යන්න බෑ (බ)
ඔය පාර අරිනාවට වඩා කොයිතරම් විකල්ප තියනවද? (ර)
අනේ රටකට ගිය කලක්.(බ)
දැන් සනීප ඇති (නි)
පාර ඇරපු හැටියේ වාහන තව වැඩි වෙනවාමයි. එතකොට පරිසර දූෂණය අඩු වෙනවද.? (ර)
නුවන් , මොනවද තියෙන විකල්ප? හැම රජයක්ම උපරිම උත්සාහ කලා විකල්ප සොයන්න. කියන්නකෝ හිතේ තියාගෙන ඉන්නේ නැතුව. (ර)
කලබල කාලේ පාර වැහුවට දැන් එහෙම නෑනේ. දශක ගණනාවක් ඇරලා තිබුණු පාර වහන්න හදන්නේ ඇයි. පාර වහල තිබුනත් විපතක් කරන එකා කරනවාමයි. සැක නම් ආරක්ෂාව තරකර පාර අරින්න. (බ)