ශ්රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු මෙන්ම විස්සයි20 පිලේ උප නායක ලසිත් මාලිංග අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකු-ට නොගැලපෙන ලෙස හැසිරීමට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ මාලිංගගේ හැසිරීම පිළිබඳව මේ වන විට ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු ඉදිරි කටයුතු කිරීමට නියමිත බවත්ය.
වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය 03 වැනිදා රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වීමෙන් පසුව සහ පසුදින වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීමට පැමිණි අවස්ථාවේදී මාලිංග මාධ්‍යවේදීන්ට පහත් ලෙස ප‍්‍රතිචාර දැක්වීම මෙම විනය පියවර ගැනීමට තීරණය කිරීමට හේතු වී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර්ජුන වගේ මහත්තුරුන්ව මල් තියලා වදින්න වටිනවා.(නදී)
මේ දේවල් මින් ඉදිරයට නොවේවා (දී)
මමත් ගාල්ලෙ, අපිට ලැජ්ජයි මේ පැත්තේ කෙනෙක් කියන්නත්. එන්න නැතෑ ගාල්ලට ක්‍රිකට් ගහන්න.(නදී)
ඒ ක්‍රියාව අගය කරමි (දී)
ලෝක පුජිත කණ්ඩායමට මේක අගෞරවයක් (දී)
ලැජ්ජයි පුතා ලැජ්ජයි. ආඩම්බරකම නම් බොහොම වැඩියි. (නි)
එතකොට සමහර දේශපාලඥයෝ මාධ්‍ය තුට්ටු දෙකට දාලා වැඩකරන ඒවට මොකක්ද ගන්න පියවර. ලංකාවේ ගොඩක් දේවල් බිංදුවේ ඉදලයි පටන්ගන්න වෙලා තියෙන්නේ.(නදී)
ජනප්‍රියතාවය හා මුදල් දෙකම එකවර කෙනෙකුට ලැබුනම ඔහු වඩාත් නිහතමානි වෙන්න ඕනේ.මාලිංග, ම්මත් දකුනේ අල්ලපු ගමේ කෙනෙකු හැටිය ඔබට කියන්නේ සන්වරව හැසිරෙන්න කියායි .ඔබල වගේ අයට කිසියම් නරකක් උනාම ඒක අපටත් දැනෙනවා .ම්ම් මිට කලිනුත් ඔයාට මේ ටික කියා තිබෙනවා.(නදී)
මේවා අපේ කණ්ඩායමට හොද දේවල් නෙමෙයි (දී)
කණ්ඩායමෙන් ඉවත් කරන්න මොකද මේ වගේ විනයක් නැති කෙනෙක් කණ්ඩායමට අවශ්‍ය නැහැ (දී)
දකුණු පළාතටමත් ලැජ්ජයි මේ හැසිරීම නිසා. (නි)
මාලිංග උද්ධච්ච මනුස්සයෙක් විය හැක. මට එය අදාළ නැත. එය මාලිංගගේ කැමැත්තයි. මාලිංග උද්දච්ච වීම නිසා හිත රිදවාගැනීමට තරම් මම නම් බබෙක් නොවේ. නමුත් අපේ බුද්ධිමත් රහසින්වත් පව් නොකරන, තැන්පත්, විහිලු නොකරන, කේන්ති නොයන, පරුෂ වචන නොකියන අහිංසක ජනතාවට රිදී ඇත. (නි)
මාලිංග, එමුද දේශපාලනයට? (නි)
ඇයි මතක නැද්ද මවුන්ට් ලැවීනියා බීච් සීන් එක.(නදී)
මම නම් හිතන්නෙ නැහැ මේක මේ තරම් දුර දිග යා යුතු දෙයක් කියලා. මේ කියන කතා ඇත්ත නම්, මාලිංග කළ දේ සදාචාරාත්මක නැහැ. නමුත් මේ සුළු ආරෝව නිසා මාලිංග වැනි දක්‍ෂ ක්‍රීඩකයෙක් අතුගා දැමිය යුතුයැයි සිතනවා නම් එයද වැරදියි. මාලිංග ලංකාවට කළ සේවය අමතක කළ යුතු නැහැ. කාගෙ කාගෙ කිල්ලෝටෙත් හුණු ටික ටික තියනවා කියලා කතාවක් තියනවනෙ. (නි)
මාලිංග එපා (දී)
මිනිහා පත්තරේ බලන්නවත් දන්නවද??? (ස)
කැතයි. අපි හිතුවේ හොද කෙනෙක් කියලා.(නදී)
කට පියන් හිටියානම් මොකුත් නැහැනේ (දී)
මාලිංග ගැන මට ආඩම්බරයි (දී)
සුදානම් වෙයි නොවේ, පියවරක් ගන්න (දී)
මාලිංග පුතා හොද වැඩේ තියෙන පණ්ඩිත කමට (දී)
හොද වැඩේ මෙයාව ගෙදර යවන්නයි තියෙන්නේ.. (නු)
අපේ අහවල් ඇමතිතුමාගේ ආදර්ශයක්. (නි)
මාලිංග අයියෝ සල්ලි (දී)
අනේ මන්ද මොනවා වෙනවද කියල (දී)
මාලිංග ඉල්ලගෙන කෑවේ (දී)
ඒක තමයි කල යුත්ත (දී)
මාධ්‍යයත් මෙවැන්නන් සමග ගණුදෙනු කිරීමේදී මීට වඩා සැළකිලිමත්විය යුතුයි. (නි)
මාලිංග හිතන් ඉන්නේ එයා නැත්නම් බැහැ කියලා.(නදී)
ඒක හොද වැඩක් (දී)
දැන් මාලිංගට තියෙන හොඳම දේ ඉදිරියට ඇවිත් මේ ගැන පැහැදිලි කිරීමට ප්‍රකාශයක් නිකුත් කරන එකයි. අපි කවුරුවත් දන්නෙ නැහැ මෙම සිද්ධියේ ඇත්ත නැත්ත මාලිංගගේ පැත්තෙන්. (නි)
අපි වැඩක් බලාගෙන ගියයි කියමුකෝ. එතකොට ඔයා ගහන මැච් බලන්න එන්නේ කව්ද දන්නේ නෑ . මතක තියාගන්න ඔයාලට චියර් කලේ අපි. ඔයාලා සීත කාමර වල ඉන්නකොට අපි පට්ට අව්වේ ඉදගෙන මැච් බැලුවා . මැච් එක දිනලා උබලට ඩොලර් කුට්ටි ගණන් ලැබෙනකොට අපි සතුට විතරක් ගෙදර අරගෙන අවා. අන්තිමට උනේ අතේ තිබ්බ ගානටත් තට්ටු උන එක විතරයි . වැඩිය උඩ පනින්න එපා.(නදී)
ලැජ්ජයි මාලිංග.(නදී)
මේ පුද්ගලයාට අවවාද කර හරි දේ පෙන්නා දෙන්න. (නි)
දක්ෂකම තිබුනට මේ කළ ක්‍රියාව ගැන අපි හදවතින්ම කනගාටු වෙමු. (දී)
ඒක ක්‍රීඩාව වෙනුවෙන් ගත්ත තිරනයක් (දී)
අයියෝ කට පියාගෙන හිටියානම් ඉවරයි නේ (දී)
හරිම කැතයි. සල්ලි හම්බවෙනකොට, වාහන ගන්නකොට හිතන්නේ ලොකු මිනිහෙක් කියලා. දැන් දැක්කනේ අද වුන දේ. (නදී)
වචන කීපයකින් රටට කරපු සේවය මිනිසුන්ට අමතක වෙනවා නම්, මිනිසුන් කොයිතරම් වැරදි කරනවාද? තම තමන්ගේ හදවත් වලින් අහලා බැලුවොත් නරකද? (නි)
දැන් තේරෙනවා නේද දුලිප් මෙන්ඩිස්ලා ක්‍රිකට් කොළඹ 7 කොල්ලන්ට විතරක් සිමා කරලා තියා ගත්තේ ඇයි කියලා , අනිත් අය ක්‍රිකට් වලට ආවම මේවා වෙනවා කියලා දැනගෙන හිටියා ,(නදී)
මේ ගැන මාලිංගට දොස් කියන්න බැහැ. ලංකාවේ මාධ්‍යට ඕන දේ කරගන්න බැරි වුනාම ඔවුන් මේවා ජනතාව අතරට ගිවියන්නේ වැරදි ආකාරයට. මාධ්‍යටත් විනයක් තියෙන්න ඕවා කියලයි මම හිතන්නේ.(නදී)
කොන්ඩේ පාට කෙසේවෙතත් මාලිංගගේ සායම නම් ගියා (දී)
මාසයකට ලක්ෂ 40 කටත් වැඩි අදායමක් ලබන, තවත් දීමන වරප්‍රසාද රාශියක් ලබා. තවත් ඉලීම සදරණද? ඔවුන් ගේ දක්ෂතාවය මත ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් ක්‍රීඩා කරන බව ඇත්ත. නමුත් ඔවුන් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් බව ඔවුන්ට දැන් අමතක වී ඇත, දැන් ඔවුන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙනි. රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවනුත් මේ ආකාරයෙන් මුදල් මත සටන් නොකර සිටියා නම්, අද මොවුන්ට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවක් නොමැති වෙනු ඇත. නමුත් ඔවුන් තමන්ගේ පඩිය ගැන නොව තම රට ගැන සිතුවේය. ඔවුන් ලක්ෂ ගණන් වලින් මුදල් ඉපයුවේද නැත. ඔවුන් මනුස්සකම තිබුණි. මේ ආකාරයට අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිතිය නොහැක්කේ මන්ද?(නදී)
අනගාරික ධර්මපාලතුමා කියපු කතාව හරියටම හරි මාලිංග. මේ වගේ කුහක මිනිස්සු ඉන්න රටවල ජීවත් වෙන්නවත් හොද නැහැ. (නි)
මොකුත් කියන්න දෙයක් නැහැ, අයින් කරලා දාන්න (දී)
නීති නැති රටේ ඕවා මොනවද?(නදී)
මෑතකදී එක්තරා රුපවාහිනී වැඩ සටහනක මොහු පවසා සිටියා, ඔහුට පාසල් වලින් ආරාධනා නොකරන්නේ, කොන්ඩේ නිසයි කියා. මට නම්, ඒ වෙලාවේම තේරුණා කොන්ඩේ විතරක්ම නෙමෙයි හේතුව කියලා. (නි)
මතක හිටින දඩුවමක් දෙන්න (දී)
ක්රිකට් නිසා ඔහොම ඔලුව උදුම්මවාගන්න හොද නැහැ. (නි)
නූගත්කම ප්‍රදර්ශනය කිරීමක් (ස)
පළමුව ඔවුන්ට සමාජය ඉදිරියේ හැසිරෙන ආකාරය ඉගැන්විය යුතුයි. (නි)
දැන් කාටත් මුල අමතක වෙලා. (නි)
මිනිස්සු බලා ඉන්නේ මාලිංගට මොකද උනේ කියලා (දී)
අතිශය හොද වැඩක් (දී)
චාමර මල්ලී, අපිට හැමදේම හොදට මතකයි. අනික එයාලා කීයක් ගත්තත් අපිට කමක් නැහැ. අපිට දුක ජනමාධ්‍යයට ගරහපු එකටයි. (නි)
ගමේ ක්‍රිකට් දියුණු කරන්නෙ නැහැ කියලා හැමෝම කෑ ගැහුවට පේනවා නේද ගමෙන් එන අයගේ හැසිරීම? (නි)
සූදානම් වෙලා වැඩක් නැහැ. තීරණයක් අරන් රටට කියන්න එපා, ලෝකයටම කියන්න. (නි)
මාලිංග = සල්ලි (දී)
මෙයා ගහන්නේ තව එක මැච් එකයි. නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා.(නදී)
මාලිංග, මේක තුල මටනම් සැකයක් තියෙනවා (දී)
ඔයාලා අර තිත්ත මිදි කාපු නරියාගේ කතාව අහලා තියෙනවද? (නි)
සමහරවිට කපටි නරියට වැඩිය කෑගහන වදුරා හොද වෙන්නත් පුලුවන්. (නි)
කටක් ඇරලා කියන්න පුළුවන් වැඩක්ද කලේ (දී)
ඕවට බෙහෙත් තියෙනවා (දී)
තියෙන උඩගුකම? (නි)
මෙයා කල වරද තමයි මාධ්‍යට බැනපු එක (දී)
මාලින්ග (මහත්තයො?) අපට ඔබ ගැන තියෙන්නෙ මහත් පිළිකුළක්. අප්පිරියාවක්. තමන්ට අහිමි වූ නිල බලය, ධන බලය, කීර්ති, ප්‍රශංසා නැවතත් ආපසු ලබා ගැනීමට හැකි මුත් තම කටින් පිට වන වචනයක් කිසිදා ආපසු ලබා ගැනීමට නොහැක. ඔබ වැන්නන් මින් මතු මොන තරම් ජයග්‍රහණ අත්පත් කර ගත්තද අපට හදවතින් සතුටු විය නොහැක. මක් නිසාද යත් ඔබ අපගේ හදවත් තුලින් මැකී යන හෙයිනි. (නි)
මාලිංග කියන්නේ බොහොම මිත්‍රශීලී හොද වේග පන්දු යවන්නෙක්. (නි)
රට වෙනුවෙන් කියන එක කොහොම වෙතත් දැන් හැමදේම මුදලට යටවෙලා. (නි)
මෙයත් අර රිකිපොන්ටින් වගේ වෙන්න යනවද දන්නේ නැහැ (දී)
මේ වගේ ය තියා ගන්න එපා (දී)
මාලිංග මොකද ඒ ඔයාට උනේ, පිරිස දැකපු ගමන්,යකෙක්වත් වහුනද (දී)
ඇත්තටම වැදගත් වෙන්නේ මෙයාලා රටට ගෙනාපු කීර්තියයි. (නි)
රත්ගම කොල්ලෙක්ගේ තවත් වැඩක්... (නි)
මඩකරියාව ගොඩට ගත්ත එක්කෙනයි පිරිහෙන්නේ. නූගත් එක්කෙනාගේ ගතිය මුළු ලෝකයම දැක්කානෙ.(ස)
ලංකාවට සද්දේ දැම්මට ඉංග්‍රීසි කතා කරන පිටරට වලට ගියහම හරිම ලැජ්ජාකාරයා. (නි)
පළමුව තමන් මෙතැනට පැමිණි ආකාරය සිහියේ තබාගන්න. (නි)
එකක් මදි 2-3 වත් තියන්න ඕනේ (දී)
ප්‍රසිද්ධියක් නැතුව හිටිය අයට මාධ්‍ය සැළකුවා වැඩියි. (නි)
මමනම් ඒ වැඩේට 100 % එකඟයි (දී)
මම ගියේ රිච්මන්ඩි. අපේ සහෝදර පාසැල මහින්ද විදුහල. මුළු දකුනටම තියෙන හොදම බෞද්ධ පාසැල වන්නේ මහින්දයයි. මහින්දයෙන් බිහිවන්නේ හොද අයයි.(නදී)
මෙයාට ගැළපෙන්නෙ පාර්ලිමේන්තුව. (නි)
මුදල් පමණයි උවමනාව (ස)
මෙච්චරකල් හදාගත්ත නම ඉවරයි. (නි)
මේ පිලිබදව මෙතරම් වෙහෙසීම හෝ කරුණු සෙවීම නිකරුනේ කාලය කාදැමිමකි !(නු)
අර්ජුන, අරවින්ද වගේ කොච්චර හොද මිනිස්සු හිටියද? මාධ්‍යට සෙල්ලම් දාලා හරියන්නේ නැහැ.(නදී)
මෙහි සටහන් කර ඇති සෑම අදහසක්ම සමග මා එකගයි. මාධ්‍යයටත් හොද පාඩම් මේවා, ක්‍රීඩකයන් ඕනෑවට වඩා පුම්බනවට. මාලිංග කියන්නේ රක්ෂාවක් කරලා ජීවත්වෙන තවත් සාමාන්‍ය පුරවැසියෙක් විතරයි. ලැජ්ජයි. (නි)
මේගොල්ලන්ට කියන්න අලුත් කොල්ලන්ට ඉඩ දීලා යන්න කියලා. විනයක් නැතිව කොහොමද ක්‍රීඩා කරන්නේ? දැන්වත් ක්‍රිකට් ආයතනය තීරණයක් ගත යුතුයි. (නි)
ප්‍රසිද්ධියේ මාධ්‍යයෙන් සමාව ගතයුතුයි. (නි)
ඔහුට දොස් කියලා වැඩක් නැහැ. මේක මූලික අධ්‍යාපනයේ වැරැද්ද. (නි)
මාසයකට ලක්ෂ 40 කටත් වැඩි අදායමක් ලබන, තවත් දීමනා වරප්‍රසාද රාශියක් ලබා, තවත් ඉල්ලීම සාධාරණද? ඔවුන් ගේ දක්ෂතාවය මත ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් ක්‍රීඩා කරන බව ඇත්ත. නමුත් ඔවුන් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් බව ඔවුන්ට දැන් අමතක වී ඇත, දැන් ඔවුන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙනි. රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවනුත් මේ ආකාරයෙන් මුදල් මත සටන් නොකර සිටියා නම්, අද මොවුන්ට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවක් නොමැති වෙනු ඇත. නමුත් ඔවුන් තමන්ගේ පඩිය ගැන නොව තම රට ගැන සිතුවේය. ඔවුන් ලක්ෂ ගණන් වලින් මුදල් ඉපයුවේද නැත. ඔවුන් මනුස්සකම තිබුණි. මේ ආකාරයට අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිතිය නොහැක්කේ මන්ද? (නු)
අවුරුද්දක් දෙකක් සියළුම තරග තහනමක් පනවන්න ඕන.. කතාකරන විදිය අන්තිමයි ඒ උනාට කරන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාව... මහත්තතයෙක් නොවී මහත්වරුන්ගේ ක්‍රීඩාව කළාට වැඩක් නැහැ..!(නු)
මුදල් මතම යැපෙනවිට මෙවන් දේ සිදුවිය හැක. (නි)
බලන්න සංගක්කාර මහේල වගේ අය කොයි තරම් නිහතමානීද කියලා.. (නු)
විනය පියවර නොවෙයි කණ්ඩායමෙන් ඉවත් කරන්න, මේ වගේ අය ඉන්නකොට කණ්ඩායමටයි හොද නැත්තේ (දී)
සල්ලින් වෙනුවෙන් වැඩ කරන්න එපා මනුස්සයෝ (දී)
ආචාරශිලී වෙන්න තරම්වත් උපදෙස් දෙන්න..!(නු)
මෝඩකමට බෙහෙත් නැත. (නි)
මාලිංග මීට වඩා වගකීමෙන් වැඩ කරන්න (දී)
මෙරුවන්ට තටු ආපුවහම ඔහොම වෙනවා. (නි)
මුල අමතක වෙලා දැං උඩින්ද යන්නේ..!(නු)
මේ වගේ නොවැදගත් ක්‍රියා වලට උපරිම දඩුවම් දිය යුතුය .කොපමණ දක්ෂයෙක් උනත් කොපමණ උගතෙක් උනත් වැඩක් නැහැ .මුදල් සහා ජනප්‍රිය කම මිනිහෙකුට ලැබෙනකොට පුළුවන් තරම් නිහතමානී විය යුතුය.ඇත්තටම මේ සිදුවීම ලැජ්ජයි .(නදී)
ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩයන්ට විනය පිළිබඳ පුහුණුවකුත් ලබාදිය යුතුය.(නදී)
මාලිංගගේ කොණ්ඩය ලංකාවට ගැලපෙන්නේ නැහැ. මේවා පාසල් ලමයි අනුකරණය කරන්න යනවා. (නි)
මාධ්‍ය නිසා තමයි මාලිංග අද මේ තරම් ප්‍රසිද්ද වුනේ. (නදී)
ඔය අමිබානිගේ සල්ලි වල සැරද?(නදී)
මම දැක්කා මෙයා කතා කල හැටි කවුරු කියලද දන්නේ නැහැ හිතන් ඉන්නේ (දී)
මෙයාව හොද ක්‍රිකට් වලට නෙමෙයි. (නි)
මුහුණේ මනුස්සකමක් නම් ගෑවිලාවත් නැහැ (නි)
හොද වැඩේ. මේ වගේ අයව ඇයි තියාගන්නේ.(නදී)
දෙකේ පන්තියේ ළමයෙකුට තරමි වත් හැදියාවක් නැති මෙවැනි පුද්ගලයින් නැවතත් පාසැල් අරින්න.(නදී)
මාධ්‍යයට අත තියලා මෙයාගේ වල මෙයාම කපා ගත්තා. (නදී)
රටට ආදරයක් නැහැ මුදල් පමණයි උවමනා.(නදී)
සමහරු හිතන්නේ එයා නැත්නම් ක්‍රිකට් නැහැ කියලයි. (නි)
ඔය කරන පරීක්ෂණයක් විනිවිද බවින් යුක්ත උනොත් තවත් හොදයි නේද (දී)
මටනම් හිතෙන්නේ මාලිංගට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙන රටක ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න.(නදී)
කොණ්ඩය වගේම මොළෙත් මළකඩ කාලා වගෙයි. (නි)
දක්ෂකම යටවෙලා නූගත්කම, උඩට ඇවිල්ලා. ඒ අතින් සංගලා කොච්චර ඉහලින්ද?(නු)
මාධ්‍යවේදීන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්ණ ඇහුවා නම් මෙයා කටවහගෙන මාරුවෙයි.(නදී)
මාලිංගට ආදරය කරපු මිනිස්සු අඩු උනා මේ වැඩෙන් (දී)
එයාට විනය පරීක්ෂණ තියන්න තිබුණේ මීට හුගක් කලින්. (නි)
වහාම පියවරක් ගන්න, මෙයා ඉදිමිලා වැඩියි. අස්කරල දැම්මත් දුකක් නෑ.(නදී)
අඩු කළේ සෙළවේ.... (නි)
අර බලපන් පොඩි එකෝ. ඉස්කෝලෙ ටීචර් ඉගැන්නුවා නේද "කටුස්සාගෙ කරේ රත්තරන් බැන්දා වගේ කියලා" පුරස්තා පිරුළක්. උඹට තේරෙන්නෙ නැහැ කිව්වෙ. මෙන්න තියෙනවා ඒ කියපු රත්තරන්. ඒ වගේ කටුස්සො ගොඩාක් මේ දූපතේ ඉන්නවා. (නි)
මාලිංග, මීඩියා කියන්නේ ජනතාවගේ නියෝජනයක් කියලා මතක තියාගන්න. කඩුවට වඩා පෑන බලවත්... (නි)
මෙයාව කණ්ඩායමෙන් ඉවත් කරලා දාන්න. ඒ එක්කම මාධ්‍යයෙන් සමාව ගන්න කියලා ඒක මුලු රටටම පෙන්නන්න ඕනෑ. හරිනන් මාධ්‍ය මෙයාගෙන් ලක්ශ 1000 ක් වත් වන්දි ඉල්ලන්න ඕනෑ. (නි)
කතාවෙන් උගත් කම පේනවා.(නදී)
මේකෙන් එකක් හොඳට පැහැදිලියි. ඒ නූගත්කම. ඒත් මෙහෙම වැඩිදුර යන්න බැහැ පුතේ.. පන්දුවෙන් කරන දේ කටින් කරන්න යන්ඩ එපා. කටින් යෝකර් දාන්න ගියොත් ඔහොම වෙනවා. (නි)
මෙයා කොච්චර දක්ෂයෙක් වුණත් සමහර වෙලාවට හැසිරීම නම් අන්තිමයි. (නි)
ඉතාම හොද තීරණයක්.. කණ්ඩායමක උපනායක කෙනෙක් මෙවැනි කෙනෙක් සුදුසු නැහැ.. මාලිංග ගැන තිබුණු ප්‍රසාදය දැං අප තුළ නැහැ.. මාධ්‍යයට ගරු කළ යුතුයි.. මාලිංග දිරිමත් කරන්න ප්‍රේක්ෂකයෝ මාධ්‍ය කෙතරම් දේ කරලා ඇතිද? සල්ලි පස්සේ යනකොට මුල අමතක වෙනවා..!(නු)
මාලිංග දැක්කාද වචන වලින් මිනිස්සු සවුත්තු වන අන්දම (දී)
උඩඟු කම විනාශයට මුලයි.නදී)
ඒක තමයි මාලිංගගේ "ස්ටයිල්" එක. (නි)
ඒ විදිහට නැවත හැසිරෙන්න එපා
ජයවේවා..මෙයාට මුල අමතක කරන්න බැහැ.. ක්‍රිකට් මණ්ඩලය මෙයා කළු කඩ මුදලාලි කෙනෙක් අපේ රටට.. මේක සුළුවෙන් තකන්න එපා..!(නු)
සල්ලි ලැබෙනකොට කොහොමටත් සමහර පුද්ගලයන්ට මුල අමතක වෙනවා. එයා හිතාගෙන ඉන්නේ එයා නැත්තම් ලංකාවේ ක්‍රිකට් නැහැ කියලා. (නි)
ඇත්ත තමයි අපි මාධ්‍යවලින් දැක්කා මාධ්‍යෙව්දීන්ට මෙයා කතා කරපු හැටි.. මාලිංගව එපා උනා අපට..!(නු)
සංගක්කාරලා වගේ නිහතමානි දක්ෂ ක්‍රිඩකයෝ අස්සේ මේ වගේ අයත් ඉන්නවා. (නි)
බලාගෙන. එයාටත් තරහායන්න පුලුවන්. (නි)
මේක තම ලංකාදීප පත්තරේ වැඩියෙන්ම අදහස් දක්වපු ලිපිය...(ස)
එයා හිතාගෙන ඉන්නේ එයා නැත්නම් ලංකාවෙ ක්‍රිකක් නැති වෙයි කියලා. (නි)
මෙන්න හොද වැඩක්.. මෙයාලට ටිකක් දැනෙන්න දෙන්න ඕන.... තව තරුණයෙකුට අවස්ථාවක් දුන්නනම් හොදයි..! (නු)
මෙයාට අයි.පී.එල්. ගහනකොටත් රටේ සල්ලි දෙන්න ඕන. පිනට ගන්න සල්ලි වලටත් මෙයාලා සද්ද දානවා. කවුරු නැතත් අපිට ලංකාවෙ කොල්ලො ඉන්නවා. එක පාරක් ඔහොම කියල වර්නපුරලත් ගියේ. ක‍්‍රිකට් වැටුනෙ ටික කාලයයි. ඒ අය සදහටම වැටුනා. මාසෙට ලක්ෂ 40ක් හා තරග වලින් වෙනම සල්ලි. (නු)
මෙයාගෙ විනයක් නැති බව ගොඩක් කල් ඉඳලම පෙනුන දෙයක්. මෙයාර රටට වඩා වටින්නෙ සල්ලි. මතකනෙ ඉන්දියාවෙ 20 20 මැච් වලට සෙල්ලම් කරන දවස්වල ලංකාව සහභාගි වුණ තරඟ වලට පැමිණීමත් වර්ජනය කළා. අන්තිමට අසනිපයි කියලා ටෙස්ට් මැච් වලට සෙල්ලම් කරන එකෙනුත් අයින් වුණා. සෙල්ලම් කරන්න ඕනෑ රට වෙනුවෙන් මිසක් තමන් වෙනුවෙන් නෙවෙයි. ඒත් දැන් හුඟක් ක්‍රීඩකයො සෙල්ලම් කරන්නෙ සල්ලි වලට විතරයි. අර්ජුන, අරා, ගුරා, කළු, මහනාම සෙල්ලම් කරපු කාලෙ එයාල සෙල්ලම් කලේ රට වෙනුවෙන්. ඒ කාලෙ මැච් එකක් බලන්නත් ආසයි. මේ තරම් වැටුපක් දීමනා ලැබිලත් මෙයාලා මදි කියලයි කියන්නෙ. කොතරම් දක්ෂයකු වුවද රටට ආදරය නැත්නම් රට වෙනුවෙන් කැපවිමක් කරන්න බැරිනම් ඔහු පිළිබඳ පාලනාධිකාරය දැඩි තීරණ ගත යුතුයි. මොකද ක්‍රීඩාව කියන්නෙ කීප දෙනෙකුගෙ බූදලයක් නෙමෙයි. එයාලා නියෝජනය කරන්නෙ සමස්ත ශ්‍රී ලංකාවමයි. මොහුගේ මෙම හැසිරීමට මාගේ දැඩි අප්‍රසාදය... (නි)
කටුස්සාගේ කරේ රත්තරන් බැන්ද විට මෙවන් දේ සිදුවේ. (නි)
මනුස්සයෙක් කියලා අපි හිතාගෙන හිටියට එහෙම නැහැනේ... (නි)
ක්රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. (නි)
මාලිංග ඉවරයි (දී)
මුදල් ලැබෙනකොට ඔහොම වෙනවා. මෙයා නැතිවුනාට හොද කොල්ලෝ ඉන්නවා.(නදී)
සමහරු ක්‍රිකට් ක්‍රීඩාවෙන් යම්කිසි තැනකට ආවහම හිතන්නේ ලෝකෙට ලොක්කා මං කියලා. (නි)
ඇයි මෙයා ගැන මේ තරම් කලබල..!(නු)
කූඩැල්ලාව මෙට්ටය උඩ තියන්න බැහැ. (නි)
මාලිංග පෙන්වූයේ ඔහුගේ අධ්‍යාපන තත්ත්වයයි. (නි)
ඒ කොහොම වුණත් රටේ නම ගිය ක්‍රීඩකයෙක් විදිහට මාලිංගගෙ හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මාධ්‍යයෙන් ප්‍රශ්න අහනවට අකමැති නම්, ඒක කියන ක්‍රමයක් තිබෙනවා. (නි)
මාලිංග අපේ රටේ ජනමාධ්‍යයට තමයි ඔහොම කතා කරන්නේ..පිටරට ගියාම හරි අහිංසකයි.. (නු)
අර්ජුන හරියටම හරි. (නි)
පළමුව ගති පැවතුම් හදාගන්න..!(නු)
මෙයා විකට් ගන්නකොට අපි කොච්චර ආඩම්බරයෙන්ද කතා කරන්නේ. මාධ්‍ය කියන්නේ අපි සියළු දෙනාව එක්කරන තෝතැන්නක්. (නදී)
බෝල ගහද්දි ගිරිය කඩාගන කෑගහපු අපිටයි ගහන්න ඕන.ඒ කට හොදයි ගලක උලා ගත්ත නම්.අනේ අපිත් හිතුව ගමේ කොල්ලනේ කියල.(නදී)
ක්රිකට් ඇඟේ තිබ්බට වැඩක් නැ, නිහතමානිකමයි, මනුස්සකමයි නැතිනම්. වැඩක් බලා ගන්න කියලනේ කිව්වේ, ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මොහුගේ වැඩ ගැන බලා ගත යුතුය.(නදී)
මට නම් පේන්නේ එයාගේ හැසිරීමට වැඩා මේ ප්‍රතිචාර කැතයි. එයාලා ලොකු පඩියක් ගන්නේ හැකියාවට. නමුත් ඒ මුදල් එයාලට හැමදා ලැබෙන්නේ නැහැ. මතකනේ එකපාරක් මාලිංගගේ කකුල කැඩුනු වෙලාවේ එයාට සලකපු හැටි.(දී)
සේනාව කෝ?(නදී)
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඒක තමයි (නි)
අනේ මේ අපේ මාලිංගමද? (නි)
අයින් කරලා දාන්න.(නදී)
ලැජ්ජයි මාලිංග සායම ගියා නේද? හරිම කැතයි කරපු වැඩේනම්..!(නු)
මේ වගේ අය කණ්ඩායමේ තියා ගන්න එපා (දී)
අයියෝ මාලිංග (දී)
මොකද මේ වෙලා තියෙන්නේ. පටන් ගත්ත තැන අමතක වීම අසුභ ලක්ෂනයකි.(නදී)
මෙයා පිත්තක් අරගෙන ඔහොම හැසිරෙනවා නම් මහාචාර්ය කෙනෙක් වුනා නමි කොහොම වෙයිද? බලන්න සංගා මාධ්‍ය සමග ඉතාමත් සුහදව හැසිරෙන ලස්සන.(නදී)
මෙයාව ඉවත් කළ යුතුයි..!(නු)
අමතක කරන්න එපා මාලිංග අපේ රටට ලොකු ගෞරවයක් ගෙනාපු කෙනෙක් බව. අද කාලේ අයට ඒවා අමතකයි. දේශපාලනයයි ක්‍රිකටුයි ඔහොම තමයි.(නදී)
කූඩැල්ලා කිසිදින මෙට්ටයක් මත තැබිය නොහැකියි. (නි)
බලන්නකෝ එයේ අපේ විශිෂ්ට , නිහතමානී ක්‍රීඩක තිලාන් සමරවීර කතා කරපු ලස්සන . ඔහු කවදාවත් උඩ ගියේ නැති සැබවින්ම මහත්වරුන්ගේ ක්‍රීඩාවේ බය නැතුව මහත්තයෙක් ලෙස හදුන්වා දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකයෙක්ගෙන්වත් ඉගෙන ගන්න බලන්න . (නු)
මුළු මාධ්‍ය ක්ෂේත්‍රයටත්, රටටත් කරපු නොහොබිනා හැසිරීමක් ලෙස සලකමි. මෙවැනි ක්‍රීඩකයින්ගේ රටට අවැඩක් මිස වැඩක් වෙන්නේ නැත.(නදී)
පුදුම වෙන්න දෙයන් නැහැ. (නදී)
ඉතා හොද වැඩක් (දී)
මාලිංග නිකං නම කතා කර ගන්නවා (දී)
වඩාත් සුදුසුයි (දී)
ගමෙන් ආව රත්තරන් කොල්ලොත් ඉන්නවා.(නදී)
වැඩක් නැහැ. දැන් අපි දන්නවා. මේ වගේ වැදගත් ක්‍රීඩාවකට කොගැලපෙන අය ගත්තාම වෙන දේ.(නදී)
අනේ රත්ගම විතරක් ගාවගන්න එපා. රත්ගම වීරයින්ගේ ගමක්. (නි)
බෝල දාලා ජනතාව සතුටු කළාට මාධ්‍ය තුලින් සෙල්ලම් දාන්න බැරි බව හොදට මතක තියාගන්න.(නදී)
නුසුදුස්සන් පැමිණි විට මෙසේ සිදුවේ. (නි)
අම්ම තාත්තට හදන්න බැරි අය මාධ්‍යයට තියා සක්කරයටවත් හදන්න බැහැ. (නදී)
ක්රිකට් මහත්තුරුන්ගේ ක්‍රීඩාවක්.(නදී)
මොකද්ද මේ එකපාරටම උනේ (දී)
අස් කරල දාන්නයි තියෙන්නෙ. විනයක් නැතිව මැච් එකක් දිනුවත් වැඩක් නැහැ. (නි)
ඒක නියමයි.(නදී)
දේශපාලනය, ව්‍යාපාර, සහ ක්‍රීඩා තරඟාවලි මාධ්‍ය තරහකරගෙන කරන්න පුළුවන් දේවල් නෙමෙයි. (නි)
නියමයි..!(නු)
මුදල් පමණක් මදි අධ්‍යාපනයත් අවශ්‍යයි.. එතකොට තමයි මිනිහෙක් සම්පූර්ණ වෙන්නේ..!(නු)
හැසිරුන විදිහ නම් නරකයි.(නදී)
මෙයාගේ තියෙන පණ්ඩිතකම, (දී)
මුළු ලෝකෙටම ලංකාව කියන නම ගෙනිච්ච මාලිංග අද පොඩි දෙයක් නිසා පහත් කරලා කථා කරනවා. රටට හෙන ගහන ජරා වැඩ කරන අය ගැන ඔය කතා කියන කවුරුවත් කට හොල්ලනවද? (නදී)
මුරලි බලන්න නම්බුව ආරක්ෂා කරගෙන අස්වුනා. කොච්චර ලොකු වැඩකාරයෙක්ද මුරලි කියන්නේ. එහෙම කතා කරපු එක නම් වැරදියි.(නදී)
ඇයි මාලිංගට විතරක් මෙහෙම සලකන්නේ. ඇයි කැලනියේ අයට බයද?(නදී)
මාලිංග මටනම් ලැජ්ජයි (දී)
ප්‍රේමදාස එකට ඇවිත් හතරේ සීමාවේ මෙයා පන්දු රකින විටහූවක් දෙන්න ඕනේ දිගටම, පිට්ටනියෙ ඉන්න එපා වෙන්නම.... හරියට අපේ කොල්ලො කෝලිට ට ,හර්බජාන්ටට කෑ ගහනවා වගේ(නු)
අර්ජුනගේ කාලයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ විනය අංක එකේ තිබුණා. (නි)
නියමයි.. මෙයා හිතාගෙන ඉන්නේ එයා නැත්නම් ලංකාවෙ ක්‍රිටක් නැති වෙයි කියලා.. අහිංසක මිනිස්සු දුක් විදගෙන ඇවිල්ලා ක්‍රිකට් බලන්නෙ නැත්නම් ඔය වගේ අයට සල්ලි හම්බ කරන්න වෙන්නෙ නැහැ.. මේක ඉරිසියාවට කියන දෙයක් නෙමෙයි.. පාඩමක් ඉගෙනගන්න.,!(නු)
ඔහු කළේ මගේ විදුහල් නාමයටත් අගෞරවයක් (නි)
මහත්වරුන්ගේ ක්‍රීඩාව හා තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ වටිනාකම නොදන්න කම තමයි.. බලන්න අනිත් අය කොයිතරම් ලස්සනට හැසිරෙනවාද?(නු)
සල්ලි වෙනුවෙන් හැමදේම පාවලා දෙන්න හොද නැහැ. (නි)
එයාව උස්සලා තිබ්බෙත් ජනමාධ්‍ය තමයි. ඒවා එයාට අමතකයි. දැන් වටිටන්නත් ජනමාධ්‍යයට පුලුවන්. ඕකට තමයි මල්ලී කියන්නේ නිසි අධ්‍යාපනයක් නොමැතිකමේ පාඩුව කියලා. (නි)
මෙයාට මුල අමතක වෙලා..!(නු)
ඇයි රණවිරුවෝ ලංකාවට ගෙනා කීර්තිය? ඒවා වටින්නේ නැද්ද? (නි)
අපි හොදටම දැක්කා මෙයාගේ වැඩ..!(නු)
ඉතාම පහත් හැසිරීමක්. අපේ ලංකාවේ ක්‍රීඩකයෙක් වීම ගැන කනගාටුවෙනවා. (නදී) i
අපි හොදටම දැක්කා මෙයාගේ වැඩ..!(නු)
අපි කියලා දෙන්නම් මාලින්ගට (දී)
ජය වේවා! (නි)
ඇත්ත. මාලිංග හැසිරුණ විදිය වැරදි කියමුකෝ. මිනිස්සු ගස් බැදපු ඇමති වරු එහෙමත් ඉන්නවා නේද? (නි)
ඒක හොදයි.(නදී)
මෙවන් අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොතු වෙන්න පුලුවන්ද ?(නදී)
මේ වගේ අය ඉදලා වැඩක් නැහැ.. ගෙදර යවමු..!(නු)
විනය පියවර නොවෙයි කණ්ඩායමෙන් ඉවත් කරන්න, මේ වගේ අය ඉන්නකොට කණ්ඩායමටයි හොද නැත්තේ (ස)
අපි ක්‍රිකට් පිළිබදව කල්පනා කලේ රට ගැන හිතලයි. නමුත් මේ කිසිදු ක්‍රීඩකයෙකුට රට ගැන අබමල් රේණුවකවත් ආදරයක් කැක්කුමක් නැහැ. මේ අය සල්ලි පස්සේ යන්නේ. සල්ලි දෙනවනම් අම්ම තාත්තා උනත් ප්‍රතික්ෂේප කරයි. මේ හින්ද ක්‍රිකට් කියන වචනයත් අප්‍රිය වෙලා තියෙන්නේ. (නදී)
ක්‍රීඩකයන්ට පසුගිය ටිකේ හිත රිදීම් වුණා. නමුත් මාලිංග ඔහුගේ නුගත්කම ප්‍රදර්ශනය කිරීම ගැන ගමේ මනුස්සයෙක් විදියට කණගාටු වෙනවා. අර්ජුනලා, සංගලා, මහේලලා වගේ අයගේ වටිනාකම.... (නි)
හැම දෙයක් ගැනම හොයලා බලන්න ඕනේ. එයිට පස්සේ දඩුවම් කරන්න ඕනේ.(නදී)
ක්‍රීඩාවේ තත්වය පවත්වා ගැනීමට මහේම දේවල් කරන්න ඕනේ (දී)
මිනිස්සුන්ට පෙනෙන්න ගන්න පියවරක් ගන්න (දී)
කට වුණත් ඔහොම කතා කරන්න වෙන අවස්ථා එනවා. එක මිනිහෙක්වම අල්ලගෙන මෙහෙම තඩිබාන එක වැරදියි. (නි)
තවත් විනය පරික්ෂන මොනවටද? කරපු දේ දැක්කනේ ලංකාවම.(නදී)
මමනම් සතුටුයි එකට (දී)
දයාබර මාලිංග ගාල්ල රත්ගම ජනතාවට හැටියට අපි ගොඩක් දුක් වෙනවා ඔබගේ හැසිරිම පිළිබදව.. දකුණේ අපි හැමවිටම රට ගැන හිතන අය... අපි ඔබටත් ආදරය කළා.. අපේ රටට කීර්තියක්ගෙන ඒමට හැකිවීම ැගන.. නමුත් ඔබ මුල අමතක කළ හොත් ඔබ රැස් කළ සියළු දෙය නැතිවෙයි..(නු)
රස්තියදුකාරයෙක් වගෙයිනේ කතා කළේ. (නි)
මාලිංග එපා (දී)
මාලිංග දැන්වත් හැදෙන්න, ලජ්ජා නැද්ද මේවා ඇහෙන කොට (දී)
මෙයාලට ගහල පන්නන්න තියෙන්නේ(නු)
මිනිසුනේ මේ අශෝබන වැඩ නවත්වගනිල්ලා.උඩබලාගෙන මුනටම කෙල ගහගන්නේ නැතිව.මොනවා කලත් කීවත් ඌ අපේ එකෙක්. (අ)
ඇයි මාධ්‍යයට ඔරවන්නේ (ස)
සුභපැතුම් (දී)
දේශපාලනයට නියම සුදුස්සෙක්.
මෙයාව මේ තත්ත්වයට ගෙන ආවේ මාධ්‍යය කියලා දැන් එයාට මතක නැහැ. (නි)
කවුද මේ..!(නු)
මොලයක් නැත්තේ අටවත් පාස් නැති නිසා (අ)
රට ගැන නොහිතා මුදල් ගැන පමණක් සිතා ක්‍රිකට් ගහන ඔක්කෝටම එරෙහිව විනය පරික්ෂන තියන්න ඕනේ. මාලිංගට උපරිම දඩුවම් දිය යුතුයි.(නදී)
මාලිංග සැබෑ දක්ෂයෙක් නම් ඔහුගෙන් වූ වැරැද්දට සමාව ගත යුතුයි. (නි)
කොච්චර දක්ෂ උනත් වැඩක් නැහැ උගත් නැත්නම්.(නදී)
මට නම් මෙයාට නරක වචනයෙන් බනින්නමයි හිතෙන්නෙ. (නි)
" පුජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරහිවී නැගිටින්නේ .." කොච්චර හොදට බෝල් කළත් තීරණාත්මක පන්දුවක් වැරැද්දුවොත් සීරිස් එකම පැරදෙනවා. (නි)
හරිම කැතයි මාලිනංග කාතාකරපු විදිය.(නදී)
මාලිංග කළ දේ හරි. (නි)
මොකුත් හිතන්න එපා, මේ වගේ අය කණ්ඩායම තුල තියා ගත්තම ක්‍රිකට් පිරිහෙනවා (දී)
වැඩක් නැහැ (දී)
සන්තෝසයි (දී)
කොල්ලෝ ටික දිනද්දී කාටත් හොදයි. උන්ට උන්ගේ මුදල් දෙන්නැති එකනේ අවුල. අපේ රටට මාලිංග කොච්චර වැඩක් කලාද? උඹලට ඒවා අමතක වෙන්න ගියේ ටික කාලයයි. (නදී)
ගමම ඉවරයි (ස)
බලන්න, සංගා මහේලලා කොච්චර නීතිගරුක ක්‍රීඩකයින්ද කියලා. (නි)
දැං කරන්න තියෙන්නෙ එක දෙයයි.. ප්‍රසිද්ධියෙ සමාව ගන්න.. නැත්නම් ඔබව ඔය තැනට ගෙනාව මාධ්‍යම ඔබව වට්ටයි..!(නු)
මුළු ලෝකෙම දන්නවා මෙයාගේ කයිවාරුව.. අයින් කරලා දාන්න..!(නු)
මාලිංගගේ පාසල මොකක්ද? (නි)
මාලිංගට දෙන සල්ලි වලින් අඩු කරන්න (දී)
අන්න හරි, ක්‍රීඩාවේ තත්වය තියාගන්න (දී)
මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේක එච්චරටම ලොකු වරදක්ද? (නි)
වාස් ලගින්වත් තියන්න බැහැ.(නදී)
වැඩක් නැහැ. උන පුරුකේ දැම්මත් බැහැ (දී)
ක්රිකට් ක්‍රීඩකයෙකුගේ හොද විනයක් තියෙන්න ඕනා. ඔයාව ඉදිරියට ගෙනාවේ මාධ්‍ය නේද? ඔයාට විනය පරික්ෂනයක් තියලා දඩුවම් කරන්න ඕනේ.(නදී)
එල කිරි වලට ගොම බිංදුවක් වැටුණා වගේ.. මාධ්‍ය තරම් ප්‍රබල දෙයක් තව නැති බව දැනගන්න..!(නු)
විනය පරීක්ෂණ අවශ්‍ය නැහැ, අයින් කරලා දාන්න (දී)
මෙයාට කොහෙන්ද මුල මතක.. තමගෙ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරලා දුන්න පාසලටවත් ගරු නොකරන කොට.. පසුගිය වසරේ මෙයාලා සාර්ජා ආවා පාසලේ ආදි ශිෂ්‍යෙයා් මොයට පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කළා..අවසානයේ අපේ මහින්ද විද්‍යාලයේ පාසල් ගියා කියලාවත් කියන්න බැහැ කිව්වා මෙයා.!(නු)
මාලිංග නැවත කරන්න බලන්න ඒ වගේ රඟපෑමක් (දී)
මේත් කොල්ලෙක්නේ කොලුකමට කියපු කතාවක්ද?(නු)
ක්‍රීඩාවෙන් විනය හදනව (දී)
හරිම පහත් මෙයාට අමතකවෙලා මාධ්‍යවලින් මෙයාලව ඉහළට ගෙනාව හැටි.. අර කෙනෙක් කිව්ව වගේ ඉංග්‍රීසියෙන් මොනවා හරි ඇහුවානම් අහිංසකයා වගේ හිනාවෙලා යන්න යයි..!(නු)
ක්රිකට් විතරක් නෙමෙයි විනයත් උගන්වන්න වෙලා.(නදී)
මේ වගේ හොද ක්‍රීඩකයෙක් මෙහෙම කරන්නේ ඇයි (දී)
අපට ලෝක කුසලාන 4ක් අහිමි වුණේ එම අවසන් තරඟ 4 දී මෙම පන්දු යවන්නා යැව් අසාමාන්‍ය දුර්වල පන්දු වාර කිහිපයක් නිසායි. තවමත් පරික්ෂණ නැත. තීරණාත්මක තරඟයකදී පන්දු වාර 2 කින් තරඟයේ තීරණයට බලපෑම් එල්ල කළ හැක. මුදල් අංක එක කරගත් පිරිස ඉවත් කරන්න. එය අනාගත පරපුරටත් ආදර්ශයක් වේවි.
මෙයා පාසල් ගිහිං ඉගෙනගෙන ක්‍රිකට් ගහන්නආපු කෙනෙක් නෙමෙයි.. ඒකයි මෙහෙම කතා කියන්නෙ..!(නු)
පාසැල් ගිහින් ඉගෙනගෙන ක්‍රිකට් ගහන්න ආවානම් මේ වගේ හැසිරෙන්නේ නැහැ. (නදී)
ක්‍රීඩාවට මේ වගේ දේවල් ඔබින්නේ නැහැ (දී)
මෙයාගේ ඔළුව ඉදිමිලා වැඩියි අයිපීඑල් නිසා තමයි මෙහෙම වුණේ අපි ක්‍රීඩකයන්ට අයිපීඑල් වෙනුවෙන් නීතියක් දෙන්න ඕන. (අ)
මම 100% එකඟයි ඒ වැඩේට (දී)
සුදු ඇඳගත්ත මෝඩයන් එකොළොස් දෙනෙකු කෙළින, තවත් මෝඩයන් එකොළොස් දාහක් බලා සිටින ක්‍රීඩාවක් හැටියටයි ලෝකප්‍රකට ජෝර්ජ් බර්නාඩ් ෂෝ ක්‍රිකට් ක්‍රීඩාව හැඳින්වූයේ. එතකොට ඉතින් ....(අ)
අපි ක්‍රිකට් වලින් හැමදාම පරාද වුණත් මෙහෙම අය නම් අපිට එපා. (නි)
ඒක හොද වැඩක් (දී)
මාලිංග ම්කද්ද මේ වෙනසට හේතුව (දී)
අනිවාර්යයෙන්ම මාලින්ගට දඬුවමක් දෙන්න ඔනේ. සෑහෙන්න ඉදිමිලායි ඉන්නේ (අ)
අපිට මෙහෙම අය නැතිවුණාට දුක නැහැ. (නි)
ෂික් විතරක්! රට කෑවා. (නි)
මේ වගේ දේවල් ඉක්මනින්ම නතර කරන්න ඕනේ (දී)
මාලිංගට කතා කරන්න උගන්වන්න ඔය ලැබෙන මුදල් වලින් ටිකක් යොදවලා. එතකොට එයා හැදෙයි. (නි)
ක්රිකට් මහත් හොරුන්ගේ ක්‍රීඩාවක් බවයි පේන්නේ. සල්ලි දෙනවා නම් රටත් විකුනයි. (නදී)
මාලිංග මාධ්‍යයට ආපහු නම් ජෝකර් දාන එකක් නැහැ.(නදී)
මාලිංග මොකද්ද මේ කර ගත්තේ (දී)
මේ වැඩේ අපේ රටටත් හොද නැහැ
කණගාටුයි මෙයා ඉන්දියාවෙ ක්‍රීඩකයෙක්..!(නු)
මාලිංග එපා (දී)
මාධ්‍ය කියන්නේ ගෞරවණීය කාර්යක්, ක්‍රිකට්, මුදලාලිලා උස්සලා තියන්නෙත් මාධ්‍යම තමා.. මොකටද පස්සෙන් ගිහින් බලෙන් හඬ පුකාශ ගන්නේ
අපි මේ පාර තරග බලන්න නොගිහිං ඉමු..!(නු)
ආනන්ද ඔබ හරි. ඉගෙනගත්තු නැති කම තමයි ඔය පෙන්නන්නේ. අපේ තරුණ කොල්ලොත් නරක් වෙනවා හේ වගේ අය නිසා. මෙයාව අයින් කරන්න.(නදී)
ඇයි ඔහු මේ වගේ හසිරුනේ ? (දී)
සල්ලි ලැබුනට මදි හොද හිත තියෙන්නේ ඕනේ.(නදී)
මාධ්‍ය නැත්නම් අපි ඔයාව අදුරන්නෙත් නැහැ.(නදී)
මාධ්‍යට මෙහෙම කතා කරපු එක වැරදි (දී)
මම කැමති ක්‍රීඩකයෙක් තමයි මාලිංග, නමුත් එයා නැති කර ගත්තා ඒක (දී)
තිසල්, මොකක්ද අනේ ඔයාගෙ ඔය තරම් නරක ‘ නරක වචනෙ‘? (නි)