IMG-LOGO

2024 මැයි මස 17 වන සිකුරාදා


මාලිංගට විනය පියවර ගැනීමට ක‍්‍රිකට් ආයතනය සූදානම් වෙයි

ශ්‍රී ලංකා ක‍්‍රිකට් පිලේ වේග පන්දුයවන්නකු මෙන්ම විස්සයි20 පිලේ උප නායක ලසිත් මාලිංග අන්තර්ජාතික මට්ටමේ ක‍්‍රීඩකයකු-ට නොගැලපෙන ලෙස හැසිරීමට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.

මේ පිළිබඳව ‘ලංකාදීප’ කළ විමසුමකදී ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන නිලධාරියකු පැවසුවේ මාලිංගගේ හැසිරීම පිළිබඳව මේ වන විට ක‍්‍රිකට් ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරියාගෙන් වාර්තාවක් ඉල්ලා ඇති බවත් එම වාර්තාව ලැබුණු පසු ඉදිරි කටයුතු කිරීමට නියමිත බවත්ය.

වාර්ෂික ගිවිසුම පිළිබඳව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේදී පසුගිය 03 වැනිදා රාත‍්‍රි පැවැති සාකච්ඡවට සහභාගි වීමෙන් පසුව සහ පසුදින වාර්ෂික ගිවිසුමට අත්සන් තැබීමට පැමිණි අවස්ථාවේදී මාලිංග මාධ්‍යවේදීන්ට පහත් ලෙස ප‍්‍රතිචාර දැක්වීම මෙම විනය පියවර ගැනීමට තීරණය කිරීමට හේතු වී තිබේ.



අදහස් (0)

මාලිංගට විනය පියවර ගැනීමට ක‍්‍රිකට් ආයතනය සූදානම් වෙයි

සේන Tuesday, 05 March 2013 09:22 PM

අර්ජුන වගේ මහත්තුරුන්ව මල් තියලා වදින්න වටිනවා.(නදී)

:       0       0

සම්පත් Wednesday, 06 March 2013 09:25 AM

මේ දේවල් මින් ඉදිරයට නොවේවා (දී)

:       0       0

සමන් ඩයස් Tuesday, 05 March 2013 09:24 PM

මමත් ගාල්ලෙ, අපිට ලැජ්ජයි මේ පැත්තේ කෙනෙක් කියන්නත්. එන්න නැතෑ ගාල්ලට ක්‍රිකට් ගහන්න.(නදී)

:       0       0

ලොකුගේ Wednesday, 06 March 2013 11:47 PM

ඒ ක්‍රියාව අගය කරමි (දී)

:       0       0

හර්ෂ Wednesday, 06 March 2013 09:27 AM

ලෝක පුජිත කණ්ඩායමට මේක අගෞරවයක් (දී)

:       0       0

රවීන්ද්‍ර Thursday, 07 March 2013 08:53 PM

ලැජ්ජයි පුතා ලැජ්ජයි. ආඩම්බරකම නම් බොහොම වැඩියි. (නි)

:       0       0

සිරිල් Tuesday, 05 March 2013 09:25 PM

එතකොට සමහර දේශපාලඥයෝ මාධ්‍ය තුට්ටු දෙකට දාලා වැඩකරන ඒවට මොකක්ද ගන්න පියවර. ලංකාවේ ගොඩක් දේවල් බිංදුවේ ඉදලයි පටන්ගන්න වෙලා තියෙන්නේ.(නදී)

:       0       0

ඡායා Tuesday, 05 March 2013 09:30 PM

ජනප්‍රියතාවය හා මුදල් දෙකම එකවර කෙනෙකුට ලැබුනම ඔහු වඩාත් නිහතමානි වෙන්න ඕනේ.මාලිංග, ම්මත් දකුනේ අල්ලපු ගමේ කෙනෙකු හැටිය ඔබට කියන්නේ සන්වරව හැසිරෙන්න කියායි .ඔබල වගේ අයට කිසියම් නරකක් උනාම ඒක අපටත් දැනෙනවා .ම්ම් මිට කලිනුත් ඔයාට මේ ටික කියා තිබෙනවා.(නදී)

:       0       0

යොහාන් Wednesday, 06 March 2013 09:30 AM

මේවා අපේ කණ්ඩායමට හොද දේවල් නෙමෙයි (දී)

:       0       0

නසීර් Wednesday, 06 March 2013 03:28 PM

කණ්ඩායමෙන් ඉවත් කරන්න මොකද මේ වගේ විනයක් නැති කෙනෙක් කණ්ඩායමට අවශ්‍ය නැහැ (දී)

:       0       0

ස්වර්ණා Thursday, 07 March 2013 12:30 AM

දකුණු පළාතටමත් ලැජ්ජයි මේ හැසිරීම නිසා. (නි)

:       0       0

මේනුක Saturday, 09 March 2013 06:27 PM

මාලිංග උද්ධච්ච මනුස්සයෙක් විය හැක. මට එය අදාළ නැත. එය මාලිංගගේ කැමැත්තයි. මාලිංග උද්දච්ච වීම නිසා හිත රිදවාගැනීමට තරම් මම නම් බබෙක් නොවේ. නමුත් අපේ බුද්ධිමත් රහසින්වත් පව් නොකරන, තැන්පත්, විහිලු නොකරන, කේන්ති නොයන, පරුෂ වචන නොකියන අහිංසක ජනතාවට රිදී ඇත. (නි)

:       0       0

දෙව්මිණි Tuesday, 12 March 2013 03:17 AM

මාලිංග, එමුද දේශපාලනයට? (නි)

:       0       0

රංජිත් Tuesday, 05 March 2013 09:36 PM

ඇයි මතක නැද්ද මවුන්ට් ලැවීනියා බීච් සීන් එක.(නදී)

:       0       0

ප්‍රසන්න Wednesday, 06 March 2013 09:42 AM

මම නම් හිතන්නෙ නැහැ මේක මේ තරම් දුර දිග යා යුතු දෙයක් කියලා. මේ කියන කතා ඇත්ත නම්, මාලිංග කළ දේ සදාචාරාත්මක නැහැ. නමුත් මේ සුළු ආරෝව නිසා මාලිංග වැනි දක්‍ෂ ක්‍රීඩකයෙක් අතුගා දැමිය යුතුයැයි සිතනවා නම් එයද වැරදියි. මාලිංග ලංකාවට කළ සේවය අමතක කළ යුතු නැහැ. කාගෙ කාගෙ කිල්ලෝටෙත් හුණු ටික ටික තියනවා කියලා කතාවක් තියනවනෙ. (නි)

:       0       0

තිලක් Wednesday, 06 March 2013 03:31 PM

මාලිංග එපා (දී)

:       0       0

කුරුවිට Thursday, 07 March 2013 01:34 PM

මිනිහා පත්තරේ බලන්නවත් දන්නවද??? (ස)

:       0       0

වසන්ත Tuesday, 05 March 2013 09:50 PM

කැතයි. අපි හිතුවේ හොද කෙනෙක් කියලා.(නදී)

:       0       0

සනත් Thursday, 07 March 2013 12:58 AM

කට පියන් හිටියානම් මොකුත් නැහැනේ (දී)

:       0       0

මර්වින් Thursday, 07 March 2013 12:58 AM

මාලිංග ගැන මට ආඩම්බරයි (දී)

:       0       0

රත්නායක Thursday, 07 March 2013 01:02 AM

සුදානම් වෙයි නොවේ, පියවරක් ගන්න (දී)

:       0       0

මහින්ද Wednesday, 06 March 2013 03:46 PM

මාලිංග පුතා හොද වැඩේ තියෙන පණ්ඩිත කමට (දී)

:       0       0

චමින්ද Tuesday, 05 March 2013 10:02 PM

හොද වැඩේ මෙයාව ගෙදර යවන්නයි තියෙන්නේ.. (නු)

:       0       0

සස්මික Wednesday, 06 March 2013 09:52 AM

අපේ අහවල් ඇමතිතුමාගේ ආදර්ශයක්. (නි)

:       0       0

පෙරේරා Wednesday, 06 March 2013 03:55 PM

මාලිංග අයියෝ සල්ලි (දී)

:       0       0

තිලක් Wednesday, 06 March 2013 09:48 AM

අනේ මන්ද මොනවා වෙනවද කියල (දී)

:       0       0

පාලිත Wednesday, 06 March 2013 04:05 PM

මාලිංග ඉල්ලගෙන කෑවේ (දී)

:       0       0

සුනිල් Thursday, 07 March 2013 02:37 AM

ඒක තමයි කල යුත්ත (දී)

:       0       0

නමිමි Wednesday, 06 March 2013 09:56 AM

මාධ්‍යයත් මෙවැන්නන් සමග ගණුදෙනු කිරීමේදී මීට වඩා සැළකිලිමත්විය යුතුයි. (නි)

:       0       0

විරාජ් Tuesday, 05 March 2013 10:12 PM

මාලිංග හිතන් ඉන්නේ එයා නැත්නම් බැහැ කියලා.(නදී)

:       0       0

සමීර Wednesday, 06 March 2013 04:23 PM

ඒක හොද වැඩක් (දී)

:       0       0

පුෂ්පා Thursday, 07 March 2013 03:16 AM

දැන් මාලිංගට තියෙන හොඳම දේ ඉදිරියට ඇවිත් මේ ගැන පැහැදිලි කිරීමට ප්‍රකාශයක් නිකුත් කරන එකයි. අපි කවුරුවත් දන්නෙ නැහැ මෙම සිද්ධියේ ඇත්ත නැත්ත මාලිංගගේ පැත්තෙන්. (නි)

:       0       0

අජන්ත Tuesday, 05 March 2013 10:17 PM

අපි වැඩක් බලාගෙන ගියයි කියමුකෝ. එතකොට ඔයා ගහන මැච් බලන්න එන්නේ කව්ද දන්නේ නෑ . මතක තියාගන්න ඔයාලට චියර් කලේ අපි. ඔයාලා සීත කාමර වල ඉන්නකොට අපි පට්ට අව්වේ ඉදගෙන මැච් බැලුවා . මැච් එක දිනලා උබලට ඩොලර් කුට්ටි ගණන් ලැබෙනකොට අපි සතුට විතරක් ගෙදර අරගෙන අවා. අන්තිමට උනේ අතේ තිබ්බ ගානටත් තට්ටු උන එක විතරයි . වැඩිය උඩ පනින්න එපා.(නදී)

:       0       0

දිනේෂ් Tuesday, 05 March 2013 10:17 PM

ලැජ්ජයි මාලිංග.(නදී)

:       0       0

කුෂාන්ත Wednesday, 06 March 2013 10:09 AM

මේ පුද්ගලයාට අවවාද කර හරි දේ පෙන්නා දෙන්න. (නි)

:       0       0

පිටිගල Tuesday, 05 March 2013 10:18 PM

දක්ෂකම තිබුනට මේ කළ ක්‍රියාව ගැන අපි හදවතින්ම කනගාටු වෙමු. (දී)

:       0       0

සිල්වා Wednesday, 06 March 2013 04:34 PM

ඒක ක්‍රීඩාව වෙනුවෙන් ගත්ත තිරනයක් (දී)

:       0       0

මුදිත Wednesday, 06 March 2013 04:36 PM

අයියෝ කට පියාගෙන හිටියානම් ඉවරයි නේ (දී)

:       0       0

සුපුන් Tuesday, 05 March 2013 10:22 PM

හරිම කැතයි. සල්ලි හම්බවෙනකොට, වාහන ගන්නකොට හිතන්නේ ලොකු මිනිහෙක් කියලා. දැන් දැක්කනේ අද වුන දේ. (නදී)

:       0       0

රොෂාන් Wednesday, 06 March 2013 04:40 PM

වචන කීපයකින් රටට කරපු සේවය මිනිසුන්ට අමතක වෙනවා නම්, මිනිසුන් කොයිතරම් වැරදි කරනවාද? තම තමන්ගේ හදවත් වලින් අහලා බැලුවොත් නරකද? (නි)

:       0       0

සුනිල් Tuesday, 05 March 2013 10:22 PM

දැන් තේරෙනවා නේද දුලිප් මෙන්ඩිස්ලා ක්‍රිකට් කොළඹ 7 කොල්ලන්ට විතරක් සිමා කරලා තියා ගත්තේ ඇයි කියලා , අනිත් අය ක්‍රිකට් වලට ආවම මේවා වෙනවා කියලා දැනගෙන හිටියා ,(නදී)

:       0       0

නාවලගේ Tuesday, 05 March 2013 10:27 PM

මේ ගැන මාලිංගට දොස් කියන්න බැහැ. ලංකාවේ මාධ්‍යට ඕන දේ කරගන්න බැරි වුනාම ඔවුන් මේවා ජනතාව අතරට ගිවියන්නේ වැරදි ආකාරයට. මාධ්‍යටත් විනයක් තියෙන්න ඕවා කියලයි මම හිතන්නේ.(නදී)

:       0       0

සුනිල් Thursday, 07 March 2013 04:50 AM

කොන්ඩේ පාට කෙසේවෙතත් මාලිංගගේ සායම නම් ගියා (දී)

:       0       0

Galabada Tuesday, 05 March 2013 10:28 PM

මාසයකට ලක්ෂ 40 කටත් වැඩි අදායමක් ලබන, තවත් දීමන වරප්‍රසාද රාශියක් ලබා. තවත් ඉලීම සදරණද? ඔවුන් ගේ දක්ෂතාවය මත ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් ක්‍රීඩා කරන බව ඇත්ත. නමුත් ඔවුන් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් බව ඔවුන්ට දැන් අමතක වී ඇත, දැන් ඔවුන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙනි. රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවනුත් මේ ආකාරයෙන් මුදල් මත සටන් නොකර සිටියා නම්, අද මොවුන්ට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවක් නොමැති වෙනු ඇත. නමුත් ඔවුන් තමන්ගේ පඩිය ගැන නොව තම රට ගැන සිතුවේය. ඔවුන් ලක්ෂ ගණන් වලින් මුදල් ඉපයුවේද නැත. ඔවුන් මනුස්සකම තිබුණි. මේ ආකාරයට අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිතිය නොහැක්කේ මන්ද?(නදී)

:       0       0

නලීන් Wednesday, 06 March 2013 10:15 AM

අනගාරික ධර්මපාලතුමා කියපු කතාව හරියටම හරි මාලිංග. මේ වගේ කුහක මිනිස්සු ඉන්න රටවල ජීවත් වෙන්නවත් හොද නැහැ. (නි)

:       0       0

අචිනි Wednesday, 06 March 2013 10:16 AM

මොකුත් කියන්න දෙයක් නැහැ, අයින් කරලා දාන්න (දී)

:       0       0

සෑම් Tuesday, 05 March 2013 10:37 PM

නීති නැති රටේ ඕවා මොනවද?(නදී)

:       0       0

රකිත් Wednesday, 06 March 2013 10:18 AM

මෑතකදී එක්තරා රුපවාහිනී වැඩ සටහනක මොහු පවසා සිටියා, ඔහුට පාසල් වලින් ආරාධනා නොකරන්නේ, කොන්ඩේ නිසයි කියා. මට නම්, ඒ වෙලාවේම තේරුණා කොන්ඩේ විතරක්ම නෙමෙයි හේතුව කියලා. (නි)

:       0       0

මාලක Wednesday, 06 March 2013 04:44 PM

මතක හිටින දඩුවමක් දෙන්න (දී)

:       0       0

පෙරේරා Wednesday, 06 March 2013 10:18 AM

ක්‍රිකට් නිසා ඔහොම ඔලුව උදුම්මවාගන්න හොද නැහැ. (නි)

:       0       0

පියදාස Thursday, 07 March 2013 02:35 PM

නූගත්කම ප්‍රදර්ශනය කිරීමක් (ස)

:       0       0

දයානන්ද Wednesday, 06 March 2013 10:24 AM

පළමුව ඔවුන්ට සමාජය ඉදිරියේ හැසිරෙන ආකාරය ඉගැන්විය යුතුයි. (නි)

:       0       0

අජිත් කරුණාරත්න Wednesday, 06 March 2013 10:26 AM

දැන් කාටත් මුල අමතක වෙලා. (නි)

:       0       0

පාලිත Thursday, 07 March 2013 06:06 AM

මිනිස්සු බලා ඉන්නේ මාලිංගට මොකද උනේ කියලා (දී)

:       0       0

රත්නවීර Thursday, 07 March 2013 02:38 PM

අතිශය හොද වැඩක් (දී)

:       0       0

රම්සි Wednesday, 06 March 2013 10:27 AM

චාමර මල්ලී, අපිට හැමදේම හොදට මතකයි. අනික එයාලා කීයක් ගත්තත් අපිට කමක් නැහැ. අපිට දුක ජනමාධ්‍යයට ගරහපු එකටයි. (නි)

:       0       0

නීලා Wednesday, 06 March 2013 04:50 PM

ගමේ ක්‍රිකට් දියුණු කරන්නෙ නැහැ කියලා හැමෝම කෑ ගැහුවට පේනවා නේද ගමෙන් එන අයගේ හැසිරීම? (නි)

:       0       0

ගොඩ්රි Thursday, 07 March 2013 06:14 AM

සූදානම් වෙලා වැඩක් නැහැ. තීරණයක් අරන් රටට කියන්න එපා, ලෝකයටම කියන්න. (නි)

:       0       0

පද්මා Wednesday, 06 March 2013 04:52 PM

මාලිංග = සල්ලි (දී)

:       0       0

රමිසි Tuesday, 05 March 2013 11:04 PM

මෙයා ගහන්නේ තව එක මැච් එකයි. නයාට ගහලා පොල්ල වරද්ද ගත්තා.(නදී)

:       0       0

රූපසිංහ Wednesday, 06 March 2013 04:53 PM

මාලිංග, මේක තුල මටනම් සැකයක් තියෙනවා (දී)

:       0       0

රෙක්ස් Tuesday, 05 March 2013 11:01 PM

ඔයාලා අර තිත්ත මිදි කාපු නරියාගේ කතාව අහලා තියෙනවද? (නි)

:       0       0

ලක්විදු Tuesday, 05 March 2013 11:07 PM

සමහරවිට කපටි නරියට වැඩිය කෑගහන වදුරා හොද වෙන්නත් පුලුවන්. (නි)

:       0       0

නිමල් Wednesday, 06 March 2013 04:54 PM

කටක් ඇරලා කියන්න පුළුවන් වැඩක්ද කලේ (දී)

:       0       0

චුලන්ත Wednesday, 06 March 2013 04:56 PM

ඕවට බෙහෙත් තියෙනවා (දී)

:       0       0

අනුර Wednesday, 06 March 2013 10:38 AM

තියෙන උඩගුකම? (නි)

:       0       0

ශිලා Wednesday, 06 March 2013 04:53 PM

මෙයා කල වරද තමයි මාධ්‍යට බැනපු එක (දී)

:       0       0

චමින්ද ජයනාත් Wednesday, 06 March 2013 10:38 AM

මාලින්ග (මහත්තයො?) අපට ඔබ ගැන තියෙන්නෙ මහත් පිළිකුළක්. අප්පිරියාවක්. තමන්ට අහිමි වූ නිල බලය, ධන බලය, කීර්ති, ප්‍රශංසා නැවතත් ආපසු ලබා ගැනීමට හැකි මුත් තම කටින් පිට වන වචනයක් කිසිදා ආපසු ලබා ගැනීමට නොහැක. ඔබ වැන්නන් මින් මතු මොන තරම් ජයග්‍රහණ අත්පත් කර ගත්තද අපට හදවතින් සතුටු විය නොහැක. මක් නිසාද යත් ඔබ අපගේ හදවත් තුලින් මැකී යන හෙයිනි. (නි)

:       0       0

පෙරේරා; Thursday, 07 March 2013 11:42 PM

මාලිංග කියන්නේ බොහොම මිත්‍රශීලී හොද වේග පන්දු යවන්නෙක්. (නි)

:       0       0

ශාන් Wednesday, 06 March 2013 10:35 AM

ර‍ට වෙනුවෙන් කියන එක කොහොම වෙතත් දැන් හැමදේම මුදලට යටවෙලා. (නි)

:       0       0

සුභා Wednesday, 06 March 2013 04:57 PM

මෙයත් අර රිකිපොන්ටින් වගේ වෙන්න යනවද දන්නේ නැහැ (දී)

:       0       0

රනිල් Wednesday, 06 March 2013 05:02 PM

මේ වගේ ය තියා ගන්න එපා (දී)

:       0       0

උදාර Wednesday, 06 March 2013 05:08 PM

මාලිංග මොකද ඒ ඔයාට උනේ, පිරිස දැකපු ගමන්,යකෙක්වත් වහුනද (දී)

:       0       0

විජිත් Tuesday, 05 March 2013 11:39 PM

ඇත්තටම වැදගත් වෙන්නේ මෙයාලා රටට ගෙනාපු කීර්තියයි. (නි)

:       0       0

රුවන් Wednesday, 06 March 2013 10:50 AM

රත්ගම කොල්ලෙක්ගේ තවත් වැඩක්... (නි)

:       0       0

සුමේද Thursday, 07 March 2013 03:15 PM

මඩකරියාව ගොඩට ගත්ත එක්කෙනයි පිරිහෙන්නේ. නූගත් එක්කෙනාගේ ගතිය මුළු ලෝකයම දැක්කානෙ.(ස)

:       0       0

අරවින්ද Tuesday, 05 March 2013 11:50 PM

ලංකාවට සද්දේ දැම්මට ඉංග්‍රීසි කතා කරන පිටරට වලට ගියහම හරිම ලැජ්ජාකාරයා. (නි)

:       0       0

ප්‍රමා Tuesday, 05 March 2013 11:48 PM

පළමුව තමන් මෙතැනට පැමිණි ආකාරය සිහියේ තබාගන්න. (නි)

:       0       0

සුසන්ත Wednesday, 06 March 2013 05:27 PM

එකක් මදි 2-3 වත් තියන්න ඕනේ (දී)

:       0       0

ගයාන් Wednesday, 06 March 2013 12:12 AM

ප්‍රසිද්ධියක් නැතුව හිටිය අයට මාධ්‍ය සැළකුවා වැඩියි. (නි)

:       0       0

සනත් Wednesday, 06 March 2013 05:27 PM

මමනම් ඒ වැඩේට 100 % එකඟයි (දී)

:       0       0

ප්‍රභාත් Wednesday, 06 March 2013 12:16 AM

මම ගියේ රිච්මන්ඩි. අපේ සහෝදර පාසැල මහින්ද විදුහල. මුළු දකුනටම තියෙන හොදම බෞද්ධ පාසැල වන්නේ මහින්දයයි. මහින්දයෙන් බිහිවන්නේ හොද අයයි.(නදී)

:       0       0

ගීත් Wednesday, 06 March 2013 05:32 PM

මෙයාට ගැළපෙන්නෙ පාර්ලිමේන්තුව. (නි)

:       0       0

සංජිව Thursday, 07 March 2013 03:19 PM

මුදල් පමණයි උවමනාව (ස)

:       0       0

චන්දිම Wednesday, 06 March 2013 05:30 PM

මෙච්චරකල් හදාගත්ත නම ඉවරයි. (නි)

:       0       0

සුජිත් කේ. Tuesday, 05 March 2013 05:41 PM

මේ පිලිබදව මෙතරම් වෙහෙසීම හෝ කරුණු සෙවීම නිකරුනේ කාලය කාදැමිමකි !(නු)

:       0       0

නාලත Wednesday, 06 March 2013 12:22 AM

අර්ජුන, අරවින්ද වගේ කොච්චර හොද මිනිස්සු හිටියද? මාධ්‍යට සෙල්ලම් දාලා හරියන්නේ නැහැ.(නදී)

:       0       0

අනිල් Wednesday, 06 March 2013 12:52 AM

මෙහි සටහන් කර ඇති සෑම අදහසක්ම සමග මා එකගයි. මාධ්‍යයටත් හොද පාඩම් මේවා, ක්‍රීඩකයන් ඕනෑවට වඩා පුම්බනවට. මාලිංග කියන්නේ රක්ෂාවක් කරලා ජීවත්වෙන තවත් සාමාන්‍ය පුරවැසියෙක් විතරයි. ලැජ්ජයි. (නි)

:       0       0

සිල්වා Wednesday, 06 March 2013 12:55 AM

මේගොල්ලන්ට කියන්න අලුත් කොල්ලන්ට ඉඩ දීලා යන්න කියලා. විනයක් නැතිව කොහොමද ක්‍රීඩා කරන්නේ? දැන්වත් ක්‍රිකට් ආයතනය තීරණයක් ගත යුතුයි. (නි)

:       0       0

උපුල් Wednesday, 06 March 2013 01:06 AM

ප්‍රසිද්ධියේ මාධ්‍යයෙන් සමාව ගතයුතුයි. (නි)

:       0       0

ජයසූරිය Wednesday, 06 March 2013 11:15 AM

ඔහුට දොස් කියලා වැඩක් නැහැ. මේක මූලික අධ්‍යාපනයේ වැරැද්ද. (නි)

:       0       0

සුමුදු Tuesday, 05 March 2013 05:48 PM

මාසයකට ලක්ෂ 40 කටත් වැඩි අදායමක් ලබන, තවත් දීමනා වරප්‍රසාද රාශියක් ලබා, තවත් ඉල්ලීම සාධාරණද? ඔවුන් ගේ දක්ෂතාවය මත ශ්‍රී ලංකා කණ්ඩායමට ඔවුන් ක්‍රීඩා කරන බව ඇත්ත. නමුත් ඔවුන් ක්‍රීඩා කරන්නේ රට වෙනුවෙන් බව ඔවුන්ට දැන් අමතක වී ඇත, දැන් ඔවුන් ක්‍රීඩා කරන්නේ මුදල් වෙනුවෙනි. රට වෙනුවෙන් දිවි පිදු රණවිරුවනුත් මේ ආකාරයෙන් මුදල් මත සටන් නොකර සිටියා නම්, අද මොවුන්ට ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකාවක් නොමැති වෙනු ඇත. නමුත් ඔවුන් තමන්ගේ පඩිය ගැන නොව තම රට ගැන සිතුවේය. ඔවුන් ලක්ෂ ගණන් වලින් මුදල් ඉපයුවේද නැත. ඔවුන් මනුස්සකම තිබුණි. මේ ආකාරයට අපේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට සිතිය නොහැක්කේ මන්ද? (නු)

:       0       0

කුමාර Tuesday, 05 March 2013 05:46 PM

අවුරුද්දක් දෙකක් සියළුම තරග තහනමක් පනවන්න ඕන.. කතාකරන විදිය අන්තිමයි ඒ උනාට කරන්නේ මහත්තුරුන්ගේ ක්‍රීඩාව... මහත්තතයෙක් නොවී මහත්වරුන්ගේ ක්‍රීඩාව කළාට වැඩක් නැහැ..!(නු)

:       0       0

කපිල Thursday, 07 March 2013 08:20 AM

මුදල් මතම යැපෙනවිට මෙවන් දේ සිදුවිය හැක. (නි)

:       0       0

අශෝක දේවමුනිගේ Tuesday, 05 March 2013 05:51 PM

බලන්න සංගක්කාර මහේල වගේ අය කොයි තරම් නිහතමානීද කියලා.. (නු)

:       0       0

භාසුර Tuesday, 05 March 2013 05:52 PM

විනය පියවර නොවෙයි කණ්ඩායමෙන් ඉවත් කරන්න, මේ වගේ අය ඉන්නකොට කණ්ඩායමටයි හොද නැත්තේ (දී)

:       0       0

හෂාන් Wednesday, 06 March 2013 05:59 PM

සල්ලින් වෙනුවෙන් වැඩ කරන්න එපා මනුස්සයෝ (දී)

:       0       0

නිලංකා සංජීවනී Tuesday, 05 March 2013 05:51 PM

ආචාරශිලී වෙන්න තරම්වත් උපදෙස් දෙන්න..!(නු)

:       0       0

මාධව Wednesday, 06 March 2013 01:32 AM

මෝඩකමට බෙහෙත් නැත. (නි)

:       0       0

පද්මා Wednesday, 06 March 2013 05:56 PM

මාලිංග මීට වඩා වගකීමෙන් වැඩ කරන්න (දී)

:       0       0

ඉන්දික Wednesday, 06 March 2013 11:16 AM

මෙරුවන්ට තටු ආපුවහම ඔහොම වෙනවා. (නි)

:       0       0

කන්සර්න්ඩ් Thursday, 07 March 2013 03:40 PM

මුල අමතක වෙලා දැං උඩින්ද යන්නේ..!(නු)

:       0       0

මාලක Tuesday, 05 March 2013 05:56 PM

මේ වගේ නොවැදගත් ක්‍රියා වලට උපරිම දඩුවම් දිය යුතුය .කොපමණ දක්ෂයෙක් උනත් කොපමණ උගතෙක් උනත් වැඩක් නැහැ .මුදල් සහා ජනප්‍රිය කම මිනිහෙකුට ලැබෙනකොට පුළුවන් තරම් නිහතමානී විය යුතුය.ඇත්තටම මේ සිදුවීම ලැජ්ජයි .(නදී)

:       0       0

අතු Tuesday, 05 March 2013 05:52 PM

ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩයන්ට විනය පිළිබඳ පුහුණුවකුත් ලබාදිය යුතුය.(නදී)

:       0       0

අරවිල Wednesday, 06 March 2013 11:22 AM

මාලිංගගේ කොණ්ඩය ලංකාවට ගැලපෙන්නේ නැහැ. මේවා පාසල් ලමයි අනුකරණය කරන්න යනවා. (නි)

:       0       0

සරත් Tuesday, 05 March 2013 05:52 PM

මාධ්‍ය නිසා තමයි මාලිංග අද මේ තරම් ප්‍රසිද්ද වුනේ. (නදී)

:       0       0

රංජිත් Wednesday, 06 March 2013 01:58 AM

ඔය අමිබානිගේ සල්ලි වල සැරද?(නදී)

:       0       0

තිස්ස Thursday, 07 March 2013 08:43 AM

මම දැක්කා මෙයා කතා කල හැටි කවුරු කියලද දන්නේ නැහැ හිතන් ඉන්නේ (දී)

:       0       0

ජයන් Friday, 08 March 2013 03:24 PM

මෙයාව හොද ක්‍රිකට් වලට නෙමෙයි. (නි)

:       0       0

දිසානායක Wednesday, 06 March 2013 11:24 AM

මුහුණේ මනුස්සකමක් නම් ගෑවිලාවත් නැහැ (නි)

:       0       0

විදූ Tuesday, 05 March 2013 05:58 PM

හොද වැඩේ. මේ වගේ අයව ඇයි තියාගන්නේ.(නදී)

:       0       0

පිටිගල Tuesday, 05 March 2013 05:59 PM

දෙකේ පන්තියේ ළමයෙකුට තරමි වත් හැදියාවක් නැති මෙවැනි පුද්ගලයින් නැවතත් පාසැල් අරින්න.(නදී)

:       0       0

අනුරාධ Wednesday, 06 March 2013 02:43 AM

මාධ්‍යයට අත තියලා මෙයාගේ වල මෙයාම කපා ගත්තා. (නදී)

:       0       0

විදු Tuesday, 05 March 2013 05:56 PM

රටට ආදරයක් නැහැ මුදල් පමණයි උවමනා.(නදී)

:       0       0

අනුරාධ Wednesday, 06 March 2013 02:46 AM

සමහරු හිතන්නේ එයා නැත්නම් ක්‍රිකට් නැහැ කියලයි. (නි)

:       0       0

පාලිත Wednesday, 06 March 2013 06:14 PM

ඔය කරන පරීක්ෂණයක් විනිවිද බවින් යුක්ත උනොත් තවත් හොදයි නේද (දී)

:       0       0

යසන්ත Tuesday, 05 March 2013 06:01 PM

මටනම් හිතෙන්නේ මාලිංගට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙන රටක ජාතික කණ්ඩායමට සෙල්ලම් කරන්න.(නදී)

:       0       0

රත්නායක Wednesday, 06 March 2013 11:25 AM

කොණ්ඩය වගේම මොළෙත් මළකඩ කාලා වගෙයි. (නි)

:       0       0

එස්.විජේබණ්ඩාර Thursday, 07 March 2013 03:49 PM

දක්ෂකම යටවෙලා නූගත්කම, උඩට ඇවිල්ලා. ඒ අතින් සංගලා කොච්චර ඉහලින්ද?(නු)

:       0       0

සරත් Tuesday, 05 March 2013 05:57 PM

මාධ්‍යවේදීන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්ණ ඇහුවා නම් මෙයා කටවහගෙන මාරුවෙයි.(නදී)

:       0       0

උදේනි Wednesday, 06 March 2013 03:13 AM

මාලිංගට ආදරය කරපු මිනිස්සු අඩු උනා මේ වැඩෙන් (දී)

:       0       0

ඉන්දික Wednesday, 06 March 2013 11:30 AM

එයාට විනය පරීක්ෂණ තියන්න තිබුණේ මීට හුගක් කලින්. (නි)

:       0       0

නිමන්ත Tuesday, 05 March 2013 06:02 PM

වහාම පියවරක් ගන්න, මෙයා ඉදිමිලා වැඩියි. අස්කරල දැම්මත් දුකක් නෑ.(නදී)

:       0       0

ගාමිණී Tuesday, 05 March 2013 05:59 PM

අඩු කළේ සෙළවේ.... (නි)

:       0       0

අන්තෝනි Wednesday, 06 March 2013 03:10 AM

අර බලපන් පොඩි එකෝ. ඉස්කෝලෙ ටීචර් ඉගැන්නුවා නේද "කටුස්සාගෙ කරේ රත්තරන් බැන්දා වගේ කියලා" පුරස්තා පිරුළක්. උඹට තේරෙන්නෙ නැහැ කිව්වෙ. මෙන්න තියෙනවා ඒ කියපු රත්තරන්. ඒ වගේ කටුස්සො ගොඩාක් මේ දූපතේ ඉන්නවා. (නි)

:       0       0

චමිලා Wednesday, 06 March 2013 03:16 AM

මාලිංග, මීඩියා කියන්නේ ජනතාවගේ නියෝජනයක් කියලා මතක තියාගන්න. කඩුවට වඩා පෑන බලවත්... (නි)

:       0       0

තුෂාර Wednesday, 06 March 2013 06:27 PM

මෙයාව කණ්ඩායමෙන් ඉවත් කරලා දාන්න. ඒ එක්කම මාධ්‍යයෙන් සමාව ගන්න කියලා ඒක මුලු රටටම පෙන්නන්න ඕනෑ. හරිනන් මාධ්‍ය මෙයාගෙන් ලක්ශ 1000 ක් වත් වන්දි ඉල්ලන්න ඕනෑ. (නි)

:       0       0

හංසි Tuesday, 05 March 2013 06:08 PM

කතාවෙන් උගත් කම පේනවා.(නදී)

:       0       0

පිටිගල Wednesday, 06 March 2013 03:17 AM

මේකෙන් එකක් හොඳට පැහැදිලියි. ඒ නූගත්කම. ඒත් මෙහෙම වැඩිදුර යන්න බැහැ පුතේ.. පන්දුවෙන් කරන දේ කටින් කරන්න යන්ඩ එපා. කටින් යෝකර් දාන්න ගියොත් ඔහොම වෙනවා. (නි)

:       0       0

සිල්වා Wednesday, 06 March 2013 06:29 PM

මෙයා කොච්චර දක්ෂයෙක් වුණත් සමහර වෙලාවට හැසිරීම නම් අන්තිමයි. (නි)

:       0       0

කුමාර Tuesday, 05 March 2013 06:11 PM

ඉතාම හොද තීරණයක්.. කණ්ඩායමක උපනායක කෙනෙක් මෙවැනි කෙනෙක් සුදුසු නැහැ.. මාලිංග ගැන තිබුණු ප්‍රසාදය දැං අප තුළ නැහැ.. මාධ්‍යයට ගරු කළ යුතුයි.. මාලිංග දිරිමත් කරන්න ප්‍රේක්ෂකයෝ මාධ්‍ය කෙතරම් දේ කරලා ඇතිද? සල්ලි පස්සේ යනකොට මුල අමතක වෙනවා..!(නු)

:       0       0

අජන්ත Wednesday, 06 March 2013 03:18 AM

මාලිංග දැක්කාද වචන වලින් මිනිස්සු සවුත්තු වන අන්දම (දී)

:       0       0

දුලාරි Wednesday, 06 March 2013 03:20 AM

උඩඟු කම විනාශයට මුලයි.නදී)

:       0       0

චම්පි Wednesday, 06 March 2013 11:44 AM

ඒක තමයි මාලිංගගේ "ස්ටයිල්" එක. (නි)

:       0       0

සමර Wednesday, 06 March 2013 06:34 PM

ඒ විදිහට නැවත හැසිරෙන්න එපා

:       0       0

නිමල් Tuesday, 05 March 2013 06:14 PM

ජයවේවා..මෙයාට මුල අමතක කරන්න බැහැ.. ක්‍රිකට් මණ්ඩලය මෙයා කළු කඩ මුදලාලි කෙනෙක් අපේ රටට.. මේක සුළුවෙන් තකන්න එපා..!(නු)

:       0       0

හෂිනි Wednesday, 06 March 2013 03:17 AM

සල්ලි ලැබෙනකොට කොහොමටත් සමහර පුද්ගලයන්ට මුල අමතක වෙනවා. එයා හිතාගෙන ඉන්නේ එයා නැත්තම් ලංකාවේ ක්‍රිකට් නැහැ කියලා. (නි)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 05 March 2013 06:15 PM

ඇත්ත තමයි අපි මාධ්‍යවලින් දැක්කා මාධ්‍යෙව්දීන්ට මෙයා කතා කරපු හැටි.. මාලිංගව එපා උනා අපට..!(නු)

:       0       0

නයනා Wednesday, 06 March 2013 03:18 AM

සංගක්කාරලා වගේ නිහතමානි දක්ෂ ක්‍රිඩකයෝ අස්සේ මේ වගේ අයත් ඉන්නවා. (නි)

:       0       0

පාලුක Wednesday, 06 March 2013 03:19 AM

බලාගෙන. එයාටත් තරහායන්න පුලුවන්. (නි)

:       0       0

සමන්ත Thursday, 07 March 2013 09:11 AM

මේක තම ලංකාදීප පත්තරේ වැඩියෙන්ම අදහස් දක්වපු ලිපිය...(ස)

:       0       0

කුමාරි Friday, 08 March 2013 07:42 AM

එයා හිතාගෙන ඉන්නේ එයා නැත්නම් ලංකාවෙ ක්‍රිකක් නැති වෙයි කියලා. (නි)

:       0       0

තුෂාර Tuesday, 05 March 2013 06:17 PM

මෙන්න හොද වැඩක්.. මෙයාලට ටිකක් දැනෙන්න දෙන්න ඕන.... තව තරුණයෙකුට අවස්ථාවක් දුන්නනම් හොදයි..! (නු)

:       0       0

කුමාර Tuesday, 05 March 2013 06:17 PM

මෙයාට අයි.පී.එල්. ගහනකොටත් රටේ සල්ලි දෙන්න ඕන. පිනට ගන්න සල්ලි වලටත් මෙයාලා සද්ද දානවා. කවුරු නැතත් අපිට ලංකාවෙ කොල්ලො ඉන්නවා. එක පාරක් ඔහොම කියල වර්නපුරලත් ගියේ. ක‍්‍රිකට් වැටුනෙ ටික කාලයයි. ඒ අය සදහටම වැටුනා. මාසෙට ලක්ෂ 40ක් හා තරග වලින් වෙනම සල්ලි. (නු)

:       0       0

ලාල් ගලබඩ-ලේක්කෝ Wednesday, 06 March 2013 03:28 AM

මෙයාගෙ විනයක් නැති බව ගොඩක් කල් ඉඳලම පෙනුන දෙයක්. මෙයාර රටට වඩා වටින්නෙ සල්ලි. මතකනෙ ඉන්දියාවෙ 20 20 මැච් වලට සෙල්ලම් කරන දවස්වල ලංකාව සහභාගි වුණ තරඟ වලට පැමිණීමත් වර්ජනය කළා. අන්තිමට අසනිපයි කියලා ටෙස්ට් මැච් වලට සෙල්ලම් කරන එකෙනුත් අයින් වුණා. සෙල්ලම් කරන්න ඕනෑ රට වෙනුවෙන් මිසක් තමන් වෙනුවෙන් නෙවෙයි. ඒත් දැන් හුඟක් ක්‍රීඩකයො සෙල්ලම් කරන්නෙ සල්ලි වලට විතරයි. අර්ජුන, අරා, ගුරා, කළු, මහනාම සෙල්ලම් කරපු කාලෙ එයාල සෙල්ලම් කලේ රට වෙනුවෙන්. ඒ කාලෙ මැච් එකක් බලන්නත් ආසයි. මේ තරම් වැටුපක් දීමනා ලැබිලත් මෙයාලා මදි කියලයි කියන්නෙ. කොතරම් දක්ෂයකු වුවද රටට ආදරය නැත්නම් රට වෙනුවෙන් කැපවිමක් කරන්න බැරිනම් ඔහු පිළිබඳ පාලනාධිකාරය දැඩි තීරණ ගත යුතුයි. මොකද ක්‍රීඩාව කියන්නෙ කීප දෙනෙකුගෙ බූදලයක් නෙමෙයි. එයාලා නියෝජනය කරන්නෙ සමස්ත ශ්‍රී ලංකාවමයි. මොහුගේ මෙම හැසිරීමට මාගේ දැඩි අප්‍රසාදය... (නි)

:       0       0

ධනංජය Wednesday, 06 March 2013 12:07 PM

කටුස්සාගේ කරේ රත්තරන් බැන්ද විට මෙවන් දේ සිදුවේ. (නි)

:       0       0

පැතුම් Friday, 08 March 2013 07:51 AM

මනුස්සයෙක් කියලා අපි හිතාගෙන හිටියට එහෙම නැහැනේ... (නි)

:       0       0

ලසන්ත Wednesday, 06 March 2013 03:34 AM

ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ගයක් ගතයුතුයි. (නි)

:       0       0

හේමන්ත Wednesday, 06 March 2013 12:10 PM

මාලිංග ඉවරයි (දී)

:       0       0

අජිත් Tuesday, 05 March 2013 06:22 PM

මුදල් ලැබෙනකොට ඔහොම වෙනවා. මෙයා නැතිවුනාට හොද කොල්ලෝ ඉන්නවා.(නදී)

:       0       0

රංජිත් පිටිගල Wednesday, 06 March 2013 03:36 AM

සමහරු ක්‍රිකට් ක්‍රීඩාවෙන් යම්කිසි තැනකට ආවහම හිතන්නේ ලෝකෙට ලොක්කා මං කියලා. (නි)

:       0       0

අනුර එදිරිසිංහ Tuesday, 05 March 2013 06:19 PM

ඇයි මෙයා ගැන මේ තරම් කලබල..!(නු)

:       0       0

පිටිගල Thursday, 07 March 2013 04:32 PM

කූඩැල්ලාව මෙට්ටය උඩ තියන්න බැහැ. (නි)

:       0       0

පියතිස්ස Wednesday, 06 March 2013 03:55 AM

මාලිංග පෙන්වූයේ ඔහු‍ගේ අධ්‍යාපන තත්ත්වයයි. (නි)

:       0       0

ප්‍රියසංඛ Wednesday, 06 March 2013 06:52 PM

ඒ කොහොම වුණත් රටේ නම ගිය ක්‍රීඩකයෙක් විදිහට මාලිංගගෙ හැසිරීම කිසිසේත්ම අනුමත කරන්න බැහැ. මාධ්‍යයෙන් ප්‍රශ්න අහනවට අකමැති නම්, ඒක කියන ක්‍රමයක් තිබෙනවා. (නි)

:       0       0

රොෂාන් Tuesday, 05 March 2013 06:20 PM

මාලිංග අපේ රටේ ජනමාධ්‍යයට තමයි ඔහොම කතා කරන්නේ..පිටරට ගියාම හරි අහිංසකයි.. (නු)

:       0       0

ප්‍රදීප් Wednesday, 06 March 2013 03:57 AM

අර්ජුන හරියටම හරි. (නි)

:       0       0

සමන් Thursday, 07 March 2013 04:38 PM

පළමුව ගති පැවතුම් හදාගන්න..!(නු)

:       0       0

සෑම් Wednesday, 06 March 2013 04:01 AM

මෙයා විකට් ගන්නකොට අපි කොච්චර ආඩම්බරයෙන්ද කතා කරන්නේ. මාධ්‍ය කියන්නේ අපි සියළු දෙනාව එක්කරන තෝතැන්නක්. (නදී)

:       0       0

සිරිසේන Wednesday, 06 March 2013 04:00 AM

බෝල ගහද්දි ගිරිය කඩාගන කෑගහපු අපිටයි ගහන්න ඕන.ඒ කට හොදයි ගලක උලා ගත්ත නම්.අනේ අපිත් හිතුව ගමේ කොල්ලනේ කියල.(නදී)

:       0       0

රකිත් Wednesday, 06 March 2013 04:06 AM

ක්‍රිකට් ඇඟේ තිබ්බට වැඩක් නැ, නිහතමානිකමයි, මනුස්සකමයි නැතිනම්. වැඩක් බලා ගන්න කියලනේ කිව්වේ, ඒ නිසා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් මොහුගේ වැඩ ගැන බලා ගත යුතුය.(නදී)

:       0       0

ශ්‍රී කාන්ත Wednesday, 06 March 2013 04:08 AM

මට නම් පේන්නේ එයාගේ හැසිරීමට වැඩා මේ ප්‍රතිචාර කැතයි. එයාලා ලොකු පඩියක් ගන්නේ හැකියාවට. නමුත් ඒ මුදල් එයාලට හැමදා ලැබෙන්නේ නැහැ. මතකනේ එකපාරක් මාලිංගගේ කකුල කැඩුනු වෙලාවේ එයාට සලකපු හැටි.(දී)

:       0       0

ලාල්කාන්ත Wednesday, 06 March 2013 04:25 AM

සේනාව කෝ?(නදී)

:       0       0

සමන් Wednesday, 06 March 2013 12:38 PM

ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියන්නේ ඒක තමයි (නි)

:       0       0

සරත් Thursday, 07 March 2013 09:32 AM

අනේ මේ අපේ මාලිංගමද? (නි)

:       0       0

නිශාන්ත Wednesday, 06 March 2013 04:48 AM

අයින් කරලා දාන්න.(නදී)

:       0       0

විමුක්ති Tuesday, 05 March 2013 06:41 PM

ලැජ්ජයි මාලිංග සායම ගියා නේද? හරිම කැතයි කරපු වැඩේනම්..!(නු)

:       0       0

අජිත් Wednesday, 06 March 2013 12:43 PM

මේ වගේ අය කණ්ඩායමේ තියා ගන්න එපා (දී)

:       0       0

සනත් Wednesday, 06 March 2013 12:48 PM

අයියෝ මාලිංග (දී)

:       0       0

ලලිත්-දෝහා Tuesday, 05 March 2013 06:43 PM

මොකද මේ වෙලා තියෙන්නේ. පටන් ගත්ත තැන අමතක වීම අසුභ ලක්ෂනයකි.(නදී)

:       0       0

ෂිරාජ් Wednesday, 06 March 2013 05:38 AM

මෙයා පිත්තක් අරගෙන ඔහොම හැසිරෙනවා නම් මහාචාර්ය කෙනෙක් වුනා නමි කොහොම වෙයිද? බලන්න සංගා මාධ්‍ය සමග ඉතාමත් සුහදව හැසිරෙන ලස්සන.(නදී)

:       0       0

ජෙෆ් Thursday, 07 March 2013 05:06 PM

මෙයාව ඉවත් කළ යුතුයි..!(නු)

:       0       0

බන්දු Wednesday, 06 March 2013 05:45 AM

අමතක කරන්න එපා මාලිංග අපේ රටට ලොකු ගෞරවයක් ගෙනාපු කෙනෙක් බව. අද කාලේ අයට ඒවා අමතකයි. දේශපාලනයයි ක්‍රිකටුයි ඔහොම තමයි.(නදී)

:       0       0

උදය Wednesday, 06 March 2013 05:45 AM

කූඩැල්ලා කිසිදින මෙට්ටයක් මත තැබිය නොහැකියි. (නි)

:       0       0

උපුල් මීගමුව Thursday, 07 March 2013 05:03 PM

බලන්නකෝ එයේ අපේ විශිෂ්ට , නිහතමානී ක්‍රීඩක තිලාන් සමරවීර කතා කරපු ලස්සන . ඔහු කවදාවත් උඩ ගියේ නැති සැබවින්ම මහත්වරුන්ගේ ක්‍රීඩාවේ බය නැතුව මහත්තයෙක් ලෙස හදුන්වා දෙන්න පුළුවන් ක්‍රීඩකයෙක්. ඒ වගේ ක්‍රීඩකයෙක්ගෙන්වත් ඉගෙන ගන්න බලන්න . (නු)

:       0       0

දිසානායක Tuesday, 05 March 2013 06:50 PM

මුළු මාධ්‍ය ක්ෂේත්‍රයටත්, රටටත් කරපු නොහොබිනා හැසිරීමක් ලෙස සලකමි. මෙවැනි ක්‍රීඩකයින්ගේ රටට අවැඩක් මිස වැඩක් වෙන්නේ නැත.(නදී)

:       0       0

ලක්ෂිත පෙරේරා Wednesday, 06 March 2013 05:47 AM

පුදුම වෙන්න දෙයන් නැහැ. (නදී)

:       0       0

ලන්කනාත Thursday, 07 March 2013 05:10 PM

ඉතා හොද වැඩක් (දී)

:       0       0

තිලිනි Wednesday, 06 March 2013 12:49 PM

මාලිංග නිකං නම කතා කර ගන්නවා (දී)

:       0       0

විශ්ව Wednesday, 06 March 2013 07:50 PM

වඩාත් සුදුසුයි (දී)

:       0       0

උපාලි Wednesday, 06 March 2013 06:12 AM

ගමෙන් ආව රත්තරන් කොල්ලොත් ඉන්නවා.(නදී)

:       0       0

සුනිල් Tuesday, 05 March 2013 07:01 PM

වැඩක් නැහැ. දැන් අපි දන්නවා. මේ වගේ වැදගත් ක්‍රීඩාවකට කොගැලපෙන අය ගත්තාම වෙන දේ.(නදී)

:       0       0

රාජු Wednesday, 06 March 2013 06:20 AM

අනේ රත්ගම විතරක් ගාවගන්න එපා. රත්ගම වීරයින්ගේ ගමක්. (නි)

:       0       0

සිල්වා Tuesday, 05 March 2013 07:02 PM

බෝල දාලා ජනතාව සතුටු කළාට මාධ්‍ය තුලින් සෙල්ලම් දාන්න බැරි බව හොදට මතක තියාගන්න.(නදී)

:       0       0

අජිත් Wednesday, 06 March 2013 06:23 AM

නුසුදුස්සන් පැමිණි විට මෙසේ සිදුවේ. (නි)

:       0       0

බමුණු Wednesday, 06 March 2013 06:29 AM

අම්ම තාත්තට හදන්න බැරි අය මාධ්‍යයට තියා සක්කරයටවත් හදන්න බැහැ. (නදී)

:       0       0

බමුණු Wednesday, 06 March 2013 06:33 AM

ක්‍රිකට් මහත්තුරුන්ගේ ක්‍රීඩාවක්.(නදී)

:       0       0

ශාන්ති Wednesday, 06 March 2013 01:12 PM

මොකද්ද මේ එකපාරටම උනේ (දී)

:       0       0

සුදත් Wednesday, 06 March 2013 06:34 AM

අස් කරල දාන්නයි තියෙන්නෙ. විනයක් නැතිව මැච් එකක් දිනුවත් වැඩක් නැහැ. (නි)

:       0       0

වසන්ත Tuesday, 05 March 2013 07:05 PM

ඒක නියමයි.(නදී)

:       0       0

සුදත් Wednesday, 06 March 2013 06:41 AM

දේශපාලනය, ව්‍යාපාර, සහ ක්‍රීඩා තරඟාවලි මාධ්‍ය තරහකරගෙන කරන්න පුළුවන් දේවල් නෙමෙයි. (නි)

:       0       0

සමන් Tuesday, 05 March 2013 07:06 PM

නියමයි..!(නු)

:       0       0

ශිරාස් Tuesday, 05 March 2013 07:12 PM

මුදල් පමණක් මදි අධ්‍යාපනයත් අවශ්‍යයි.. එතකොට තමයි මිනිහෙක් සම්පූර්ණ වෙන්නේ..!(නු)

:       0       0

සමන් Wednesday, 06 March 2013 06:45 AM

හැසිරුන විදිහ නම් නරකයි.(නදී)

:       0       0

ශාන් Wednesday, 06 March 2013 06:46 AM

මෙයාගේ තියෙන පණ්ඩිතකම, (දී)

:       0       0

අංජුල ජයසිංහ Wednesday, 06 March 2013 01:16 PM

මුළු ලෝකෙටම ලංකාව කියන නම ගෙනිච්ච මාලිංග අද පොඩි දෙයක් නිසා පහත් කරලා කථා කරනවා. රටට හෙන ගහන ජරා වැඩ කරන අය ගැන ඔය කතා කියන කවුරුවත් කට හොල්ලනවද? (නදී)

:       0       0

මොහොමඩි Wednesday, 06 March 2013 07:13 AM

මුරලි බලන්න නම්බුව ආරක්ෂා කරගෙන අස්වුනා. කොච්චර ලොකු වැඩකාරයෙක්ද මුරලි කියන්නේ. එහෙම කතා කරපු එක නම් වැරදියි.(නදී)

:       0       0

මර්වින් Wednesday, 06 March 2013 01:24 PM

ඇයි මාලිංගට විතරක් මෙහෙම සලකන්නේ. ඇයි කැලනියේ අයට බයද?(නදී)

:       0       0

චානක Wednesday, 06 March 2013 01:27 PM

මාලිංග මටනම් ලැජ්ජයි (දී)

:       0       0

සමන් Tuesday, 05 March 2013 07:15 PM

ප්‍රේමදාස එකට ඇවිත් හතරේ සීමාවේ මෙයා පන්දු රකින විටහූවක් දෙන්න ඕනේ දිගටම, පිට්ටනියෙ ඉන්න එපා වෙන්නම.... හරියට අපේ කොල්ලො කෝලිට ට ,හර්බජාන්ටට කෑ ගහනවා වගේ(නු)

:       0       0

වරුණ Wednesday, 06 March 2013 07:29 AM

අර්ජුනගේ කාලයේ ක්‍රීඩා කළ ක්‍රීඩකයන්ගේ විනය අංක එකේ තිබුණා. (නි)

:       0       0

අනුර Tuesday, 05 March 2013 07:20 PM

නියමයි.. මෙයා හිතාගෙන ඉන්නේ එයා නැත්නම් ලංකාවෙ ක්‍රිටක් නැති වෙයි කියලා.. අහිංසක මිනිස්සු දුක් විදගෙන ඇවිල්ලා ක්‍රිකට් බලන්නෙ නැත්නම් ඔය වගේ අයට සල්ලි හම්බ කරන්න වෙන්නෙ නැහැ.. මේක ඉරිසියාවට කියන දෙයක් නෙමෙයි.. පාඩමක් ඉගෙනගන්න.,!(නු)

:       0       0

ශාන්ත ලාල් Wednesday, 06 March 2013 08:24 PM

ඔහු කළේ මගේ විදුහල් නාමයටත් අගෞරවයක් (නි)

:       0       0

ඉනෝකා ඒකනායක Tuesday, 05 March 2013 07:30 PM

මහත්වරුන්ගේ ක්‍රීඩාව හා තමන්ගේ ප්‍රේක්ෂකයන්ගේ වටිනාකම නොදන්න කම තමයි.. බලන්න අනිත් අය කොයිතරම් ලස්සනට හැසිරෙනවාද?(නු)

:       0       0

ජනක Wednesday, 06 March 2013 07:34 AM

සල්ලි වෙනුවෙන් හැ‍මදේම පාවලා දෙන්න හොද නැහැ. (නි)

:       0       0

මුතුකුඩ Wednesday, 06 March 2013 08:27 PM

එයාව උස්සලා තිබ්බෙත් ජනමාධ්‍ය තමයි. ඒවා එයාට අමතකයි. දැන් වටිටන්නත් ජනමාධ්‍යයට පුලුවන්. ඕකට තමයි මල්ලී කියන්නේ නිසි අධ්‍යාපනයක් නොමැතිකමේ පාඩුව කියලා. (නි)

:       0       0

තුෂාර ද සිල්වා Tuesday, 05 March 2013 07:34 PM

මෙයාට මුල අමතක වෙලා..!(නු)

:       0       0

නාමල් Wednesday, 06 March 2013 08:25 PM

ඇයි රණවිරුවෝ ලංකාවට ගෙනා කීර්තිය? ඒවා වටින්නේ නැද්ද? (නි)

:       0       0

දෙවසිරි Tuesday, 05 March 2013 07:37 PM

අපි හොදටම දැක්කා මෙයාගේ වැඩ..!(නු)

:       0       0

කළුආරච්චි Wednesday, 06 March 2013 01:30 PM

ඉතාම පහත් හැසිරීමක්. අපේ ලංකාවේ ක්‍රීඩකයෙක් වීම ගැන කනගාටුවෙනවා. (නදී) i

:       0       0

දේවා Tuesday, 05 March 2013 07:37 PM

අපි හොදටම දැක්කා මෙයාගේ වැඩ..!(නු)

:       0       0

දම්මි Sunday, 10 March 2013 04:02 PM

අපි කියලා දෙන්නම් මාලින්ගට (දී)

:       0       0

ධනුක Wednesday, 06 March 2013 08:36 PM

ජය වේවා! (නි)

:       0       0

ෂානුක Monday, 11 March 2013 07:30 AM

ඇත්ත. මාලිංග හැසිරුණ විදිය වැරදි කියමුකෝ. මිනිස්සු ගස් බැදපු ඇමති වරු එහෙමත් ඉන්නවා නේද? (නි)

:       0       0

විජිත Tuesday, 05 March 2013 07:45 PM

ඒක හොදයි.(නදී)

:       0       0

කමල් Tuesday, 05 March 2013 07:45 PM

මෙවන් අයගෙන් මීට වඩා දෙයක් බලාපොරොතු වෙන්න පුලුවන්ද ?(නදී)

:       0       0

රවී Tuesday, 05 March 2013 07:44 PM

මේ වගේ අය ඉදලා වැඩක් නැහැ.. ගෙදර යවමු..!(නු)

:       0       0

සම්පත් Thursday, 07 March 2013 11:44 AM

විනය පියවර නොවෙයි කණ්ඩායමෙන් ඉවත් කරන්න, මේ වගේ අය ඉන්නකොට කණ්ඩායමටයි හොද නැත්තේ (ස)

:       0       0

අතලේ සුමන හිමි Tuesday, 05 March 2013 07:45 PM

අපි ක්‍රිකට් පිළිබදව කල්පනා කලේ රට ගැන හිතලයි. නමුත් මේ කිසිදු ක්‍රීඩකයෙකුට රට ගැන අබමල් රේණුවකවත් ආදරයක් කැක්කුමක් නැහැ. මේ අය සල්ලි පස්සේ යන්නේ. සල්ලි දෙනවනම් අම්ම තාත්තා උනත් ප්‍රතික්ෂේප කරයි. මේ හින්ද ක්‍රිකට් කියන වචනයත් අප්‍රිය වෙලා තියෙන්නේ. (නදී)

:       0       0

චන්දන Wednesday, 06 March 2013 08:04 AM

ක්‍රීඩකයන්ට පසුගිය ටිකේ හිත රිදීම් වුණා. නමුත් මාලිංග ඔහුගේ නුගත්කම ප්‍රදර්ශනය කිරීම ගැන ගමේ මනුස්සයෙක් විදියට කණගාටු වෙනවා. අර්ජුනලා, සංගලා, මහේලලා වගේ අයගේ වටිනාකම.... (නි)

:       0       0

සුනෙත් Wednesday, 06 March 2013 01:46 PM

හැම දෙයක් ගැනම හොයලා බලන්න ඕනේ. එයිට පස්සේ දඩුවම් කරන්න ඕනේ.(නදී)

:       0       0

චමින්ද Wednesday, 06 March 2013 08:49 PM

ක්‍රීඩාවේ තත්වය පවත්වා ගැනීමට මහේම දේවල් කරන්න ඕනේ (දී)

:       0       0

මෙත්සිරි Wednesday, 06 March 2013 08:45 PM

මිනිස්සුන්ට පෙනෙන්න ගන්න පියවරක් ගන්න (දී)

:       0       0

ලංකා Wednesday, 06 March 2013 08:03 AM

කට වුණත් ඔහොම කතා කරන්න වෙන අවස්ථා එනවා. එක මිනිහෙක්වම අල්ලගෙන මෙහෙම තඩිබාන එක වැරදියි. (නි)

:       0       0

බටපල Wednesday, 06 March 2013 01:58 PM

තවත් විනය පරික්ෂන මොනවටද? කරපු දේ දැක්කනේ ලංකාවම.(නදී)

:       0       0

සේකර Wednesday, 06 March 2013 08:49 PM

මමනම් සතුටුයි එකට (දී)

:       0       0

ජේ.මෙන්ඩිස් Tuesday, 05 March 2013 07:49 PM

දයාබර මාලිංග ගාල්ල රත්ගම ජනතාවට හැටියට අපි ගොඩක් දුක් වෙනවා ඔබගේ හැසිරිම පිළිබදව.. දකුණේ අපි හැමවිටම රට ගැන හිතන අය... අපි ඔබටත් ආදරය කළා.. අපේ රටට කීර්තියක්ගෙන ඒමට හැකිවීම ැගන.. නමුත් ඔබ මුල අමතක කළ හොත් ඔබ රැස් කළ සියළු දෙය නැතිවෙයි..(නු)

:       0       0

හසිත Wednesday, 06 March 2013 08:04 AM

රස්තියදුකාරයෙක් වගෙයිනේ කතා කළේ. (නි)

:       0       0

ලාල් Wednesday, 06 March 2013 01:55 PM

මාලිංග එපා (දී)

:       0       0

කසුන් Wednesday, 06 March 2013 08:45 PM

මාලිංග දැන්වත් හැදෙන්න, ලජ්ජා නැද්ද මේවා ඇහෙන කොට (දී)

:       0       0

නුවන් Tuesday, 05 March 2013 07:51 PM

මෙයාලට ගහල පන්නන්න තියෙන්නේ(නු)

:       0       0

කුසාන් Wednesday, 06 March 2013 08:49 PM

මිනිසුනේ මේ අශෝබන වැඩ නවත්වගනිල්ලා.උඩබලාගෙන මුනටම කෙල ගහගන්නේ නැතිව.මොනවා කලත් කීවත් ඌ අපේ එකෙක්. (අ)

:       0       0

ජානිස් Thursday, 07 March 2013 11:50 AM

ඇයි මාධ්‍යයට ඔරවන්නේ (ස)

:       0       0

විරාජ් Wednesday, 06 March 2013 02:03 PM

සුභපැතුම් (දී)

:       0       0

දාස Wednesday, 06 March 2013 08:54 PM

දේශපාලනයට නියම සුදුස්සෙක්.

:       0       0

නිෆල්- දෝහා Thursday, 07 March 2013 11:52 AM

මෙයාව මේ තත්ත්වයට ගෙන ආ‍වේ මාධ්‍යය කියලා දැන් එයාට මතක නැහැ. (නි)

:       0       0

දික්ෂාන් Tuesday, 05 March 2013 07:57 PM

කවුද මේ..!(නු)

:       0       0

බුද්ධික Wednesday, 06 March 2013 08:53 PM

මොලයක් නැත්තේ අටවත් පාස් නැති නිසා (අ)

:       0       0

බුද්ධික Tuesday, 05 March 2013 08:04 PM

රට ගැන නොහිතා මුදල් ගැන පමණක් සිතා ක්‍රිකට් ගහන ඔක්කෝටම එරෙහිව විනය පරික්ෂන තියන්න ඕනේ. මාලිංගට උපරිම දඩුවම් දිය යුතුයි.(නදී)

:       0       0

දේව් Thursday, 07 March 2013 11:54 AM

මාලිංග සැබෑ දක්ෂයෙක් නම් ඔහුගෙන් වූ වැරැද්දට සමාව ගත යුතුයි. (නි)

:       0       0

මීහීම Tuesday, 05 March 2013 08:06 PM

කොච්චර දක්ෂ උනත් වැඩක් නැහැ උගත් නැත්නම්.(නදී)

:       0       0

තිසල් Wednesday, 06 March 2013 08:28 AM

මට නම් මෙයාට නරක වචනයෙන් බනින්නමයි හිතෙන්නෙ. (නි)

:       0       0

චන්දන Thursday, 07 March 2013 12:00 PM

" පුජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි හෙට ඔබට එරහිවී නැගිටින්නේ .." කොච්චර හොදට බෝල් කළත් තීරණාත්මක පන්දුවක් වැරැද්දුවොත් සීරිස් එකම පැරදෙනවා. (නි)

:       0       0

ඩික්ෂන් Tuesday, 05 March 2013 08:18 PM

හරිම කැතයි මාලිනංග කාතාකරපු විදිය.(නදී)

:       0       0

නුවන් Saturday, 09 March 2013 04:50 PM

මාලිංග කළ දේ හරි. (නි)

:       0       0

කමල් Wednesday, 06 March 2013 02:13 PM

මොකුත් හිතන්න එපා, මේ වගේ අය කණ්ඩායම තුල තියා ගත්තම ක්‍රිකට් පිරිහෙනවා (දී)

:       0       0

හිරාන් Sunday, 10 March 2013 07:55 AM

වැඩක් නැහැ (දී)

:       0       0

නවින් Saturday, 09 March 2013 04:52 PM

සන්තෝසයි (දී)

:       0       0

චාමර Tuesday, 05 March 2013 08:21 PM

කොල්ලෝ ටික දිනද්දී කාටත් හොදයි. උන්ට උන්ගේ මුදල් දෙන්නැති එකනේ අවුල. අපේ රටට මාලිංග කොච්චර වැඩක් කලාද? උඹලට ඒවා අමතක වෙන්න ගියේ ටික කාලයයි. (නදී)

:       0       0

බුද්ධික Friday, 08 March 2013 11:08 AM

ගමම ඉවරයි (ස)

:       0       0

සදරුවන් Wednesday, 06 March 2013 09:24 PM

බලන්න, සංගා ම‍හේලලා කොච්චර නීතිගරුක ක්‍රීඩකයින්ද කියලා. (නි)

:       0       0

සුගත් බණ්ඩාර ඩුබායි Tuesday, 05 March 2013 08:33 PM

දැං කරන්න තියෙන්නෙ එක දෙයයි.. ප්‍රසිද්ධියෙ සමාව ගන්න.. නැත්නම් ඔබව ඔය තැනට ගෙනාව මාධ්‍යම ඔබව වට්ටයි..!(නු)

:       0       0

අනුර Tuesday, 05 March 2013 08:38 PM

මුළු ලෝකෙම දන්නවා මෙයාගේ කයිවාරුව.. අයින් කරලා දාන්න..!(නු)

:       0       0

කැලුම් Wednesday, 06 March 2013 08:50 AM

මාලිංගගේ පාසල මොකක්ද? (නි)

:       0       0

සංජය Wednesday, 06 March 2013 02:28 PM

මාලිංගට දෙන සල්ලි වලින් අඩු කරන්න (දී)

:       0       0

ගමගේ Wednesday, 06 March 2013 02:24 PM

අන්න හරි, ක්‍රීඩාවේ තත්වය තියාගන්න (දී)

:       0       0

උදය Wednesday, 06 March 2013 08:54 AM

මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. මේක එච්චරටම ලොකු වරදක්ද? (නි)

:       0       0

ඡායා Tuesday, 05 March 2013 08:39 PM

වාස් ලගින්වත් තියන්න බැහැ.(නදී)

:       0       0

අමිල Wednesday, 06 March 2013 02:32 PM

වැඩක් නැහැ. උන පුරුකේ දැම්මත් බැහැ (දී)

:       0       0

ශාන්ත ලාල් Tuesday, 05 March 2013 08:39 PM

ක්‍රිකට් ක්‍රීඩකයෙකුගේ හොද විනයක් තියෙන්න ඕනා. ඔයාව ඉදිරියට ගෙනාවේ මාධ්‍ය නේද? ඔයාට විනය පරික්ෂනයක් තියලා දඩුවම් කරන්න ඕනේ.(නදී)

:       0       0

සුජී Tuesday, 05 March 2013 08:40 PM

එල කිරි වලට ගොම බිංදුවක් වැටුණා වගේ.. මාධ්‍ය තරම් ප්‍රබල දෙයක් තව නැති බව දැනගන්න..!(නු)

:       0       0

රංග Wednesday, 06 March 2013 02:35 PM

විනය පරීක්ෂණ අවශ්‍ය නැහැ, අයින් කරලා දාන්න (දී)

:       0       0

සංජීව Tuesday, 05 March 2013 08:42 PM

මෙයාට කොහෙන්ද මුල මතක.. තමගෙ ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කරලා දුන්න පාසලටවත් ගරු නොකරන කොට.. පසුගිය වසරේ මෙයාලා සාර්ජා ආවා පාසලේ ආදි ශිෂ්‍යෙයා් මොයට පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කළා..අවසානයේ අපේ මහින්ද විද්‍යාලයේ පාසල් ගියා කියලාවත් කියන්න බැහැ කිව්වා මෙයා.!(නු)

:       0       0

මංජුල Wednesday, 06 March 2013 02:32 PM

මාලිංග නැවත කරන්න බලන්න ඒ වගේ රඟපෑමක් (දී)

:       0       0

ගයාන් Tuesday, 05 March 2013 08:45 PM

මේත් කොල්ලෙක්නේ කොලුකමට කියපු කතාවක්ද?(නු)

:       0       0

රන්ජිත් Wednesday, 06 March 2013 09:01 AM

ක්‍රීඩාවෙන් විනය හදනව (දී)

:       0       0

නාරද Tuesday, 05 March 2013 08:51 PM

හරිම පහත් මෙයාට අමතකවෙලා මාධ්‍යවලින් මෙයාලව ඉහළට ගෙනාව හැටි.. අර කෙනෙක් කිව්ව වගේ ඉංග්‍රීසියෙන් මොනවා හරි ඇහුවානම් අහිංසකයා වගේ හිනාවෙලා යන්න යයි..!(නු)

:       0       0

සිසිර Tuesday, 05 March 2013 08:53 PM

ක්‍රිකට් විතරක් නෙමෙයි විනයත් උගන්වන්න වෙලා.(නදී)

:       0       0

මාලක Wednesday, 06 March 2013 09:05 AM

මේ වගේ හොද ක්‍රීඩකයෙක් මෙහෙම කරන්නේ ඇයි (දී)

:       0       0

රවින්ත Wednesday, 06 March 2013 10:18 PM

අපට ලෝක කුසලාන 4ක් අහිමි වුණේ එම අවසන් තරඟ 4 දී මෙම පන්දු යවන්නා යැව් අසාමාන්‍ය දුර්වල පන්දු වාර කිහිපයක් නිසායි. තවමත් පරික්ෂණ නැත. තීරණාත්මක තරඟයකදී පන්දු වාර 2 කින් තරඟයේ තීරණයට බලපෑම් එල්ල කළ හැක. මුදල් අංක එක කරගත් පිරිස ඉවත් කරන්න. එය අනාගත පරපුරටත් ආදර්ශයක් වේවි.

:       0       0

ආනන්ද Tuesday, 05 March 2013 08:50 PM

මෙයා පාසල් ගිහිං ඉගෙනගෙන ක්‍රිකට් ගහන්නආපු කෙනෙක් නෙමෙයි.. ඒකයි මෙහෙම කතා කියන්නෙ..!(නු)

:       0       0

ආනන්ද Tuesday, 05 March 2013 08:54 PM

පාසැල් ගිහින් ඉගෙනගෙන ක්‍රිකට් ගහන්න ආවානම් මේ වගේ හැසිරෙන්නේ නැහැ. (නදී)

:       0       0

සම්පත් Wednesday, 06 March 2013 09:13 AM

ක්‍රීඩාවට මේ වගේ දේවල් ඔබින්නේ නැහැ (දී)

:       0       0

ජානක ඩුබායි Wednesday, 06 March 2013 10:25 PM

මෙයාගේ ඔළුව ඉදිමිලා වැඩියි අයිපීඑල් නිසා තමයි මෙහෙම වුණේ අපි ක්‍රීඩකයන්ට අයිපීඑල් වෙනුවෙන් නීතියක් දෙන්න ඕන. (අ)

:       0       0

චන්දුල Wednesday, 06 March 2013 09:09 AM

මම 100% එකඟයි ඒ වැඩේට (දී)

:       0       0

විමල් Wednesday, 06 March 2013 10:25 PM

සුදු ඇඳගත්ත මෝඩයන් එකොළොස් දෙනෙකු කෙළින, තවත් මෝඩයන් එකොළොස් දාහක් බලා සිටින ක්‍රීඩාවක් හැටියටයි ලෝකප්‍රකට ජෝර්ජ් බර්නාඩ් ෂෝ ක්‍රිකට් ක්‍රීඩාව හැඳින්වූයේ. එතකොට ඉතින් ....(අ)

:       0       0

අමිල Friday, 08 March 2013 07:10 PM

අපි ක්‍රිකට් වලින් හැමදාම පරාද වුණත් මෙහෙම අය නම් අපිට එපා. (නි)

:       0       0

භාසුර Wednesday, 06 March 2013 09:10 AM

ඒක හොද වැඩක් (දී)

:       0       0

සංගක්කාර Wednesday, 06 March 2013 02:55 PM

මාලිංග ම්කද්ද මේ වෙනසට හේතුව (දී)

:       0       0

රංගෂානි Wednesday, 06 March 2013 10:27 PM

අනිවාර්යයෙන්ම මාලින්ගට දඬුවමක් දෙන්න ඔනේ. සෑහෙන්න ඉදිමිලායි ඉන්නේ (අ)

:       0       0

අමිල Friday, 08 March 2013 07:10 PM

අපිට මෙහෙම අය නැතිවුණාට දුක නැහැ. (නි)

:       0       0

අමිල Friday, 08 March 2013 07:07 PM

ෂික් විතරක්! රට කෑවා. (නි)

:       0       0

සුජිත් Wednesday, 06 March 2013 09:16 AM

මේ වගේ දේවල් ඉක්මනින්ම නතර කරන්න ඕනේ (දී)

:       0       0

ඩයස් Monday, 11 March 2013 11:48 PM

මාලිංගට කතා කරන්න උගන්වන්න ඔය ලැබෙන මුදල් වලින් ටිකක් යොදවලා. එතකොට එයා හැදෙයි. (නි)

:       0       0

හේමන්ත Tuesday, 05 March 2013 08:54 PM

ක්‍රිකට් මහත් හොරුන්ගේ ක්‍රීඩාවක් බවයි පේන්නේ. සල්ලි දෙනවා නම් රටත් විකුනයි. (නදී)

:       0       0

ප්‍රසන්න Tuesday, 05 March 2013 08:59 PM

මාලිංග මාධ්‍යයට ආපහු නම් ජෝකර් දාන එකක් නැහැ.(නදී)

:       0       0

සාලිය Wednesday, 06 March 2013 03:06 PM

මාලිංග මොකද්ද මේ කර ගත්තේ (දී)

:       0       0

උදය Wednesday, 06 March 2013 09:20 AM

මේ වැඩේ අපේ රටටත් හොද නැහැ

:       0       0

හෆී Tuesday, 05 March 2013 09:05 PM

කණගාටුයි මෙයා ඉන්දියාවෙ ක්‍රීඩකයෙක්..!(නු)

:       0       0

රුහුණු Wednesday, 06 March 2013 03:09 PM

මාලිංග එපා (දී)

:       0       0

සේකර Thursday, 07 March 2013 12:56 PM

මාධ්‍ය කියන්නේ ගෞරවණීය කාර්යක්, ක්‍රිකට්, මුදලාලිලා උස්සලා තියන්නෙත් මාධ්‍යම තමා.. මොකටද පස්සෙන් ගිහින් බලෙන් හඬ පුකාශ ගන්නේ

:       0       0

රවී Tuesday, 05 March 2013 09:09 PM

අපි මේ පාර තරග බලන්න නොගිහිං ඉමු..!(නු)

:       0       0

කල්ප Tuesday, 05 March 2013 09:09 PM

ආනන්ද ඔබ හරි. ඉගෙනගත්තු නැති කම තමයි ඔය පෙන්නන්නේ. අපේ තරුණ කොල්ලොත් නරක් වෙනවා හේ වගේ අය නිසා. මෙයාව අයින් කරන්න.(නදී)

:       0       0

රාහුල් Wednesday, 06 March 2013 09:19 AM

ඇයි ඔහු මේ වගේ හසිරුනේ ? (දී)

:       0       0

කුරුවිට Tuesday, 05 March 2013 09:14 PM

සල්ලි ලැබුනට මදි හොද හිත තියෙන්නේ ඕනේ.(නදී)

:       0       0

අම්ළ Tuesday, 05 March 2013 09:12 PM

මාධ්‍ය නැත්නම් අපි ඔයාව අදුරන්නෙත් නැහැ.(නදී)

:       0       0

නිමල් Wednesday, 06 March 2013 09:28 AM

මාධ්‍යට මෙහෙම කතා කරපු එක වැරදි (දී)

:       0       0

සුනෙත් Wednesday, 06 March 2013 03:17 PM

මම කැමති ක්‍රීඩකයෙක් තමයි මාලිංග, නමුත් එයා නැති කර ගත්තා ඒක (දී)

:       0       0

පුෂ්පා Wednesday, 06 March 2013 09:24 AM

තිසල්, මොකක්ද අනේ ඔයාගෙ ඔය තරම් නරක ‘ නරක වචනෙ‘? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලි වැටක් නිසා ජීවිත රැසක් අනතුරේ
2024 මැයි මස 16 186 0

මහවැලි සී කලාපයට අයත් දමනේවැව, නවගහඇල, මීවත්පුර, පහළ යක්කුරේ, යන ගම්මාන හා කුඹුරු බිම් ආවරණය වන පරිදි මීට වසර තුනකට ඉහතදී වනජීවී දෙපාර්තමේන්තුව මගින් ඉ


ගුවන්තෝටේ සිද්ධියට ඇමැති ප්‍රසන්න මෙසේ කියයි
2024 මැයි මස 16 2131 0

කටුනායක ගුවන්තොටුපළේ ගුවන් මගීන්ගේ ගමන් මලු ප්‍රවාහනය කරන පෝටර් වරයාට තමා කනේ පහරක් ගැසු බව කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍


සෙබළ ජාවාරමේ මේජර් ජනරාල් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්
2024 මැයි මස 16 776 0

විශ්‍රාමික හමුදා සාමාජිකයන් ඇතුළු ශ්‍රී ලංකිකයන් රුසියාවේ හමුදා සේවයට යැවීමේ මිනිස් ජාවාරමට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත


ගමන නිමා කරන්න ග්‍රාම සේවා වර්ජනය හරහට
2024 මැයි මස 16 437 0

පානදුර අසරණ දුප්පත් නිවසක මියගිය පුද්ගලයකු ගේ මෘතදේහයක් මල්ශාලාව විතර රැගෙන යාමට ග්‍රාම නිලධාරී වර්ජනය හේතුවෙන් නොහැකිව නිවැසියෝ දැඩි අපහසුතාවයකට


මහනුවර යටවේ
2024 මැයි මස 16 2213 0

මහනුවර නගරයට අද සවස ඇද හැළුනු මහා වර්ෂාවත් හේතුවෙන් මහනුවර දුම්රිය ස්ථානය සහ මහනුවර නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට වී රථ වාහන ධාවනයට ද බාධා ඇතිවූ බව ආපදා ක


මිනුවන්ගොඩ සාපෙළ විභාග මධ්‍යස්ථානයක අවුලක්
2024 මැයි මස 16 485 0

මිනුවන්ගොඩ අල් අමීන් මුස්ලිම් විද්‍යාලයේ පිහිටුවා තිබූ අපොස සාමාන්‍ය පෙළ විභාග මධ්‍යස්ථානයේ පෙනී සිටි සිසුන් පිරිසකට භූගෝල විද්‍යා පළමු ප්‍රශ්න පත


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 738 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2274 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1950 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site