පන්දුවත් පිත්තත් අතර කදිම තරගයක් වූ ශී‍්‍ර ලංකාව සහ නවසීලන්තය අතර එංගලන්තයේ කාඞීෆ් නුවරදී අද (9 වැනිදා) පැවැති ශූරයන්ගේ කුසලාන කි‍්‍රකට් තරගයේදී ලසිත් මාලිංග විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නමුත් තියුණු සටනක නිරත වූ නවසීලන්ත කී‍්‍රඩකයෝ අවසන් මොහොතේදී කඩුලූ එකක තියුණු ජයක් ලබාගත්හ.
ලකුණු 139 ක හඹා ගිය නවසීලන්ත කණ්ඩායමට ඕවර 36.3 ක් අවසානයේදී කඩුලූ 9 ක් දැවී සිය ඉලක්කය කරා අවතීර්ණ විය.
පළමුවෙන් පන්දුවට පහර දුන් ශී‍්‍ර ලංකා පිල ලකුණු 138 කට දැවී යාමෙන් පසුව දිවා ආහාරය සඳහා තරගය නතර කරන විට නවසීලන්ත පිල ඕවර 6 කදී කඩුල්ලක් දැවී ලකුණු 26 ක් ලබා සිටියේය. 10 වැනි ඕවරය නිමා වීමට පෙරම නවසීලන්ත පිලේ ප‍්‍රබලතම පිතිකරුවන් දෙනෙකු වන කේන් විලියම්සන් (16) සහ රොස් ටේලර් (0) දවාගැනීමට ලසිත් මාලිංග සහ රංගන හේරත් සමත් වීම නිසා නවසීලන්ත කණ්ඩායම පීඩනයට නතු විය.
එන්න එන්නම පීඩනය වැඩි කළ ශී‍්‍ර ලංකා පන්දු යවන්නෝ තවත් ඕවර 20 කදී ලකුණු ලකුණු 66 කට කඩුලූ 4 ක් දවාගත් අතර ලසිත් මාලිංග ඒ වන විටත් ලකුණු 26 කට කඩුලූ 3 ක් දවාගෙන සිටියේය.
අති විශිෂ්ට පන්දු යැවීමක යෙදෙමින් ලකුණු 34 කට කඩුලූ 4 ක් දවාගත් ලසිත් මාලිංගට සාධාරණ විනිසුරු තීරණ ලැබුණේ නම් තරගයේ ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකා පිල සතුවන්නට බොහෝ ඉඩකඩ තිබිණ. එහෙත් විනිසුරු තීරණ වැරදී ගිය අවස්ථාවලදී ශී‍්‍ර ලංකා පිලේ විනිසුරු තීරණ විමසීමේ අවස්ථා අවසන් වී තිබිණ.
ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගත් නමුත් ඉදිරිපෙළ පිතිකරුවන් අසාර්ථක වීම නිසා තරගයේ පළමු ඕවර 10 අවසන් වන විටත් ශී‍්‍ර ලංකා පිලට ලබාගත හැකිවූයේ කඩුලූ 4 ක් දැවී ලකුණු 38 ක් පමණි. ශී‍්‍ර ලංකා පිලේ සිවුවැනි කඩුල්ල ලකුණු 34 දී බිඳ වැටුණ අතර නායක ඇන්ජලෝ මැතිව්ස් සහ කුමාර් සංගක්කාර එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 31 ක් එක්කරමින් ශී‍්‍ර ලංකා පිල ඉදිරියට ගෙන ගියහ. එහෙත් ලකුණු සංඛ්‍යාව 65 ක් වෙද්දී ඇන්ජලෝ මැතිව්ස්ද දැවී ගියේය.
සෙසු පිතිකරුවන් දැවී යද්දී කුමාර් සංගක්කාර පන්දු 87 කට මුහුණ දෙමින් ලකුණු 68 ක් ලබාගත්තේ හතරේ පහර 8 කින් සිය ඉනිම අලංකාර කරමිනි.
ලකුණු 15 ක් ලබාගත් තිසර පෙරේරා ලකුණු 4 ක් ලබා සිටියදී කඩුල්ල ආවරණය කිරීමේ වරදට හසුව දැවී ගිය කී‍්‍රඩකයකු ලෙසින් නම් කරන ලදි. එහෙත් විනිසුරු තීරණ විමසීමේ ක‍්‍රමය අනුව එම තීරණය නැවතත් විමර්ශනය කරන ලෙස විනිසුරුවරයාගෙන් පෙරේරා ඉල්ලා සිටියේය. පසුව එය පිත්තේ වැදී ගිය පන්දුවක් ලෙසින් තීරණය කළ විනිසුරුවරයා තම තීරණය වෙනස් කළද පෙරේරාට වැඩිපුර යමක් කළ නොහැකි විය.
තරගයේ පළමු පන්දුවේදීම කුසල් ජනිත් පෙරේරා ලකුණු නොලබා දැවී ගිය අතර කුමාර් සංගක්කාර සහ තිලකරත්න ඩිල්ෂාන් එක්ව හය වැනි ඕවරය වන විට ලකුණු සංඛ්‍යාව 27 දක්වා ඉහළ දැමූහ. එහෙත් මිචෙල් මැක්ලීන්හැන් විසින් ඩිල්ෂාන් දවාගනු ලැබීමත් සමගම ලකුණු 7 ක් තුළදී මහේල ජයවර්ධන සහ දිනේෂ් චන්දිමාල් දෙදෙනාද පිටියෙන් ඉවත් වූහ.
ලකුණු පුවරුව
ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම
ශ‍්‍රී ලංකා කණ්ඩායම් ඉනිම
කුසල්ජනිත් - ඇ. බ්‍රෙන්ඩන් මැකලම් ප. මිල්ස් 0
තිලකරත්නඩිල්ශාන් - ප. මැක්ලීන්හැන් 20
කුමාර් සංගක්කාර - ඇ. විලියම්සන් ප. නේදන් මැකලම් 68
මහේල ජයවර්ධන - ක.මු.කළා ප. විටෝරි 4
දිනේෂ්චන්දිමාල් - ඇ. රොන්ච් ප. මිල්ස් 0
ඇන්ජලෝමැතිව්ස් - ප. මැක්ලීන්හැන් 9
ළහිරු තිරිමාන්න - දුවද්දී දැවී ගියා 9
තිසර පෙරේරා - ඇ. විටෝරි ප. මැක්ලීන්හැන් 15
රංගනහේරත් - නොදැවී 8
ශමින්දඑරංග - ඇ. මිල්ස් ප. නේදන් මැකලම් 0
ලසිත්මාලිංග - ඇ. ටේලර් ප. මැක්ලීන්හැන් 2
අතිරේක 3
එකතුව ඕවර 37.5 කදී සියළුදෙනා දැවී 138
කඩුලුවැටීම:
1-0, 2-27, 3-33, 4-34, 5-65, 6-82, 7-118, 8-135, 9-135, 10-138
පන්දු යැවීම:
කයිල් මිල්ස්: 6-0-14-2, මිචෙල් මැක්ලීන්හැන්: 8.5-0-43-4, ඩැනියෙල් විටෝරි: 6-1-16-1, ටිම් සවුති: 7-1-25-0, නේදන් මැකලම් : 8-0-23-2, කේන් විලියම්සන්: 2-1-16-0
නවසීලන්ත කණ්ඩායම් ඉනිම
මාර්ටින් ගප්ටිල් - ඇ. ජයවර්ධන ප. එරංග 25
ලූක් රොන්ච් - ඇ.සංගක්කාර ප.එරංග 7
කේන් විලියම්සන් - ක.මු.කළා ප.මාලිංග 16
රොස් ටේලර් - ක.මු.කළා ප.හේරත් 0
ජේම්ස් ෆ‍්‍රැන්ක්ලින් - ක.මු.කළා ප.ඩිල්ශාන් 6
බ්‍රෙන්ඩන් මැකලම් - ප.මාලිංග 18
ඩැනියෙල් විටෝරි - ක.මු.කළා ප.මාලිංග 5
නේදන් මැකලම් - ක.මු.කළා ප. මාලිංග 32
ටිම් සවුති - නොදැවී 13
කයිල් මිල්ස් - දුවද්දී දැවී ගියා 3
මිචෙල් මැක්ලීන්හැන් - නොදැවී 1
අතිරේක 13
එකතුව ඕවර 36.3 කදී කඩුලූ 9ක් දැවී 139
කඩුලු වැටීම:
1-14, 2-48, 3-49, 4-49, 5-70, 6-80, 7-115, 8-122, 9-134
පන්දු යැවීම:
ලසිත් මාලිංග: 10-2-34-4, ශමින්ද එරංග: 8-0-45-2, රංගන හේරත්: 10-0-36-1, තිලකරත්න ඩිල්ශාන් : 6.3-1-12-1, තිසර පෙරේරා : 2-0-4-0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිතිකරුවන්ට වැරදුන තැන පන්දු යවන්නන් විසින් හදාගත්තා. එයට තමයි කණ්ඩායම් හැඟීම කියන්නේ. පැරදුනාට දුක නැහැ. හොද සටනක් දුන්න පසුබසින්න එපා. ඔහොම ඉදිරියට යන්. ඔය විදිහට දිගටම ගියොත් ජය නියතයි. (ස)
අපේ ස්තුතිය සංගා ට සහ මාලිංගට! අපේ රටට වටිනා සම්පත් ඔයාලා. ඉදිරි තරග ජය ගන්න ශක්තිය ලැබේවා! (නි)
අපරාදේ දිනන්න තිබ්බා හොදටම
නියමයි මාලිංග
ඉතිරි තරග දිනලා එමු ඉදිරියට (නි)
මොකද මේ වෙන්නේ? සංඟං මොලය හරි පාවිච්චි කරලා හරි ගහනවා. හරි හරි හොඳට පන්දු ටික දාලා තරඟය දිනවන්නකෝ.(නදී)
අන්තිම ලකුණු 4 දී මැච් එක අතහැරපු එක වැරදියි. ඒ වෙලාවෙ එරංගට බෝල දාන්න දෙන්න තිබුණෙ, නැතුව දිල්ශාන්ට නෙවෙයි. අම්පයර්ස්ලා නම් නියමයි (නි)
අරවින්දලා ඉන්න කාලේ ක්‍රිකට් බැලුවා පන්ති නොයා ගෙදරට හොරෙන්. දැන් බලන්න හිතෙන්නේ නැහැ. අහද්දිත් ඔක්කාරෙට එනවා මේවා ගැන.(නදී)
කතා කරන්න එපා කොහොම හරි පැරදුනානේ (දී)
අනේ අපිත් ඉතින් හැමදාම මේ ගොල්ලන්ගේ මැජික් බල බලා ඉන්නවා. කුසලානයක් ගෙනාපු කාලයක් මතක නැහැ. අර අරවින්දලා,අර්ජුනලා ,වාස් ලා ක්‍රීඩාකරන කාලේ මේ තරම් සුපිරි ක්‍රීඩකයෝ හිටියෙත් නැහැ, මෙච්චර සල්ලි තිබුනෙත් නැහැ. අර්ජුනලා පුළුවන් විදියට මොකක් හරි කරලා කුසලාන ලංකාවට ගේනවා. මට නම් තේරෙන්නේ නැහැ දැන් මොනවා වෙලාද කියලා (නි)
හරිම ලස්සනයි.(නදී)
අර අයි.පී.එල්. නොගිය කෙනාට මොකද වුණේ? (නි)
අපි ඊළඟ තරඟ දිනනවා. (ස)
හැමදම අපෙන් කන අයගෙන් අපි දැන් කනවා.. ගණන් ගන්න එපා. (නි)
මාලිංග අති විශිෂ්ට තරගයක් දුන්නා. මේ දක්වා අපට පහලවූ විශිෂ්ටතම වේග පන්දු යවන්නාට සුභ පැතුම්. කතාකරන විලාශය සහ නිහතමානීකමත් හදා ගන්න. (නි)
පන්දු යැවීම සාර්ථක වුනාට පන්දුවට පහර දීම පැත්තෙන් අපි ඉතාම දුර්වල මට්ටමක ඉන්නේ. (නි)
කුලසේකර හිටියනම් අඩුම තරමේ ලකුණු 20 වත් ගහනවා , මොකද කුලේ නැත්තේ ? (ස)
:) කුලේ තමයි ඉස්සෙල්ල එකත් බේරාගත්තේ. එයා නැතුව ගහනවා කියන්නේ විහිළුවක්. වර්ල්ඩ් කප් එකත් පැරදුනේ වැරදී තීරණ නිසා. (නි)
මාලිංග මැජික් පෙන්නුවා නම් ලංකාවනේ දිනන්න ඕනෑ. මෙයාලා අපි මුළු රටටම මැජික් පෙන්නලා අයි.පී.එල්. යනවා. ගිහිල්ලා මුළු ලෝකෙටම උගන්නනවා තමාගේ අඩුපාඩු කම්. එහෙම කරලා ඊළඟ තරගයේදී හොඳට කනවා. ඔහොම ගිහිල්ල ඇෆ්ගනිස්තානෙනුත් කාවි හෙට අනිද්දටම. අපි නම් බලයි ක්‍රිකට්. (නි)
මාලිංගට බැනපු අය දැන් කෝ! (ස)
මාලිංගට බැනපු අය කෝ? තේරීම් කමිටුව ඊයේ තරගයට ගැලපෙන කණ්ඩායම තේරුවේ නැති උනාට කවුරුත් මුකුත් කියල නැහැ. අනේ මෙහෙම ලංකාවක්. අනේ මෙහෙම තණ්හාවක්.(නදී)
කුලසේකර මොකද උනේ හොද පන්දු යවන්නෙක් සහ අමාරු අවස්තාවක ලකුණු ගන්න පුළුවන් හොද දක්ෂයෙක්. තව කියන්න තියනවා. එත් කියල වැඩක් නැහැ නිදිමරාගෙන බැලුවා දුකේ බැහැ.(නදී)
දැන් කෝ මාලිංගට බනින අය, මාලිංග ඔබ නියමයි සමහරු කියපු කතා ඔබ අද බොරුකළා. ඔබ මේ තරගයේදී හොද කණ්ඩායම් හැගීමෙන් සෙල්ලම් කළා. (නදී)
ඉන්දියාවට එරෙහි පුහුණු තරඟයේදී අපේ අය හොදින් පන්දුවට පහර දුන්නත් , පන්දු යැවීම අසාර්ථකයි. මේ තරගයේ ඒකේ අනික් පැත්ත. මාලිංග ගේ කණ්ඩායම් හැගීම හෝ අයි.පී.එල් බලපෑම රදා පවතින්නේ එක තරඟයක් මත නොවෙයි, මුළු තරගාවලියේම එය දක්වන දක්ෂතා අනුව. (නි)
අපි හැමෝම කැමතීයි ශ්‍රී ලංකා කණ්ඩායම දිනනවා දකින්න. (නි)
දුක තමයි. නමුත් පැරදුනේ හොඳ තරගයක් දීලා. ඒක සතුටක්.(නදී)
මාලිංග මේ තරගයේදී හොදින් සෙල්ලම් කළා කියලා වැඩක් නැහැනේ තරගය දිනාගන්න බැරිනම්..... (නි)
මේ මැච් එකේනම් මාලිංගට හොද කියන්න කට්ටිය ගොඩක් ඉන්නවා. එක මැච් එකක් වරදින්න ඕනෑ මේගොල්ලෝ කියන ඒවා බලන්න. හේ හේ ...අපේ ලංකාවේ හැටි එහෙමනේ. නැත්නම් මාලිංග මැජික් පෙන්නුව පලවෙනි වතාව ඕක නෙමෙයිනෙ. ඒත් අපේ අය බනිනකොට බනින්නේ ඔක්කොම අමතක කරලා. මාලිංග "කට" හදා ගන්න කලින් අපේ මිනිස්සු කාලගුණ මතක තියාගන්න ඕනෑ. (නි)
අපිට හොද කණ්ඩායමක් ඉන්නවා ඒත් අපිට කියලා හොද නායකයෙක් අවශ්‍ය වෙනවා. (ස)
ඔන්න ආයිත් පටන්ගත්තා වගේ... (නි)
කුසල් ජනිත් පව් අනේ.(නදී)
මාලිංග හොදට සෙල්ලම් කළා (දී)
හොද තරගයක්! (නි)
කෙවින්, ඔයා කොයි එකටත් මුත්‍රා ටෙස්ට් එකක් කරගන්න. (නි)
දැන් අපේ ටීම් එකේ ඉන්න අය කිසිම වුවමනාවක් නෙමෙයි සෙල්ලම් කරන්නේ (නි)
හොඳ තරඟයක්. (ස)
අපට ඉදිරි තරඟ 2 දිනන්න නම් මුල් පෙලේ පිතිකරුවන් ලකුණු අතරට ආ යුතුය. පිතිකරණ ලැයිස්තුවෙ වෙනසක් සිදු කල යුතුයි. ජෙෂ්ටතම් පිතිකරුවන් 3 දෙනා එක ළඟ තැබීමෙන් වෙනස් විය යුතුය.(නදී)
මුදල් පසුපස පමණක් දුවයනවා නම් එය වැරදියි (නි)
අපිට දිනන්න තිබ්බා (දී)
ඔක්කොම මැච් පරාද වෙනවා නේද? (නදී)
ඉස්සර මේවගේ තරඟ වලදී අපි නවසීලන්තය 'ගේමක් නැතුව' පරාජය කරනවා. ඒත් දැන් නවසීලන්තයට හොද තරඟයක් දුන්නා කියලා හිත හදාගන්න වෙන්නේ. හැබැයි ඉදිරි තරඟ මීට වඩා අමාරුයි. (නි)
අපි හැම ලෝක කුසලානයකම නවසීලන්තයට හොදින් මුහුණ දුන්නා. අනේ මන්දා..... (නි)
කමක් නැහැ හොද තරගයක් දුන්නා. හැබැයි ඊලග මැච් දෙක මීට වඩා අමාරු වෙනවා. මට නම් ඉන්දියාව පැරදිලා ශුරයන්ගේ කුසලානේ චීන්නු ගෙනිච්චත් කමක් නැහැ. (නි)
අයි. පී . එල් මතක් වුනාද දන්නේ නැහැ. (නි)
හරිම ලස්සනයි. බලන්න ආසයි... (නි)
අර දැවී යාම දුන්නා නම් අපි දිනනවා (දී)
නරකද පාකිස්තානේ වගේ මෙයාල ගැනත් ටිකක් හොයල බැලුවොත් අපේ පොලිසියත්....මොකද බංගලාදේශයේ අයවත් බුකිකාරයෝ ගත්තනම් ...ලංකාවේ ආයේ අහන්න දෙයක් තියෙනවද.(අ)
ලංකාව අඩු ලකුණු ගානකට දැවී ගියා (දී)