IMG-LOGO

2025 ජුනි මස 17 වන අඟහරුවාදා


මාලිංග මුරලිදරන් වාර්තාව කඩයි

මුත්තයියා මුරලිදරන් පිහිටුවා තිබූ එක්දින තරග 173 කදී කඩුලූ 250 ක් ලබා ගැනීමේ වාර්තාව බිද හෙළමින් තරග 163 කදී කඩුලූ 250 ක් දවාගෙන මුරලිදරන්ගේ වාර්තාව තමන් සතු කරගැනීමට ලසිත් මාලිංග පසුගියදා සමත් විය.

පසුගියදා නිමාව දුටු ශ්‍රී ලංකාව - පකිස්තානය අතර එක්දින තරගයේදී තම 250 වැනි කඩුල්ල ලෙස පකිස්තාන පිතිකරු බිලාවල් බාටි දවාගත් මාලිංග එක්දින කඩුලූ 250 සීමාව පසුකළ සිව්වැනි ශ්‍රී ලංකා පන්දු යවන්නාද වේ.ඔහු එක්දින කඩුුලූ 250 ක් දවාගැනීමට ක්‍රීඩා කර තිඛෙන්නේ තරග 163 ක් පමණක් වන අතර එය මේ දක්වා ශ්‍රී ලංකා පන්දු යවන්නෙකු වාර්තා කර ඇති වේගවත්ම කඩුලූ එක්රැස් කිරීම වේ.

තරගය අතරතුරදී පිට පිටම කඩුලූ 5 ක් දවාගනිමින් ද ලසිත් මාලිංග දස්කම් පෙන්වීය.මෙය පකිස්තානයට එරෙහිව ඔහු කඩුලූ 5ක් පිට පිට ලබාගත් දෙවැනි අවස්ථාවද වේ.මාලිංග මිීට පෙර කඩුලූ 5 ක් එකපිට බිද හෙලූවේ 2012 වසරේදී දකුණු අප්‍රිකාවට එරෙහිව පාර්ල් හිදී පැවැති එක්දින තරගයේදී වන අතර ඔහු පසුගියදා නැවත එම දස්කම පෑයේ එදා සිට එක්දින තරග 61 කට සහභාගී වීමෙන් පසුවය.මෙයත් සමග ඔහු තමන් සහභාගී වී ඇති එක්දින තරග වලදී 6 වතාවක් පිට පිට කඩුලූ 5 බැගින් බිද හෙළා තිබේ.

තරගයේදී පකිස්තානය ශ්‍රීලංකාව පිහිටුවා තිබූ ලකුණු 250 ක ඉලක්කය ඉක්මවා යාමට ලකුණු 12 ක් ලබාගැනීමට ඉතිරිව තිබියදී පරාජයට පත්විය.මෙය ලකුණු 250 ක ඉලක්කයක් සපුරාගත නොහැකිව පකිස්තානය පරාජයට පත්වූ 12 වැනි අවස්ථාව වේ.

විශිෂ්ට පිතිහරඹයක් සිදුකළ ලහිරු තිරිමාන්න ලකුණු 102 ක් ලබාගනිමින් ශී්‍රලංකා ඉණිම ශක්තිමත් කරවීය.මෙය ඔහුගේ දෙවන එක්දින ශතකයයි.මේ දක්වා එක්දින තරග 18 කට කී්‍රඩා කර ඒවායින් ලකුණු 333 ක් එක්රැස් කරගෙන සිටින හෙතෙම තම සාමාන්‍යය ලකුණු මට්ටම ලකුණු 20.81 ක රදවාගෙන සිටී.

දෙවන කඩුල්ල සදහා තිරිමාන්න හා කුමාර් සංගක්කාර ලකුණු 161 ක සබදතාවයක් ගොඩනැගූ අතර එය පකිස්තානයට එරෙහි තරගයකදී දෙවන විකට්ටුව වෙනුවෙන් ශී්‍රලංකාව පවත්වාගෙන ඇති හොදම සබදතාවයයි.එයට පෙර පකිස්තානයට එරෙහිව දෙවන කඩුල්ල වෙනුවෙන් වූ හොදම සබදතාවය වූයේ අසංක ගුරුසිංහ හා අතුල සමරසේකර 1991 - 1992 දී මුල්ටාන් හිදී රැස්කළ ලකුණු 157 වේ.

තිරිමාන්න හා සංගක්කාර අතර ගොඩනැගුණු සබදතාවය ශ්‍රී ලංකා කණ්ඩායම මේ දක්වා ක්‍රීඩා කර ඇති එක්දින තරගවලදී දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 150 කට වඩා වුනු සබතාවයක් ඇති වූ 13 වැනි අවස්ථාවද වේ.



අදහස් (0)

මාලිංග මුරලිදරන් වාර්තාව කඩයි

සරත් අතාවුද Friday, 28 February 2014 12:35 PM

උණුසුම් සුබ පැතුම් (අ)

:       0       0

සේරම් Friday, 28 February 2014 12:51 PM

මාලිංග සැබෑ දක්ෂයෙක් ,ජාතියේ ප්‍රණාමය (අ)

:       0       0

උපාලි Friday, 28 February 2014 01:24 PM

නියමයි! (නදී)

:       0       0

විධුෂක Friday, 28 February 2014 01:31 PM

මාලිංග දකුණේ කොල්ලට සුභ පැතුම්. මාලිංග වුනත් මුරලිදරන් වුනත් ප්‍රශ්නයක් නෑනේ දෙන්නම අපේ රටේ කොල්ලෝ දෙන්නෙක්නෙ. අපි ආඩම්බර වෙන්න ඕනි.(නදී)

:       0       0

සත්‍යා Friday, 28 February 2014 02:39 PM

මාලිංග ඔබට ජාතියේ උත්තමාචාරය.(දී)

:       0       0

වසන්ත Friday, 28 February 2014 04:16 PM

ඉලක්කය 250 ක් නොවෙයිනේ 296ක් නේ .! (අ)

:       0       0

සන්දීප් Friday, 28 February 2014 08:31 PM

මාලිංග ඔබට උණුසුම් සුභ පැතුම්. ඔයා දක්ෂයෙක් (දී)

:       0       0

සත්‍යයා Friday, 28 February 2014 09:50 PM

මාලිංගට සුභ පතන්න මා හට මේ රජයෙන් අවසර ගැනීමට සිදුව තිබෙනවා. හරිම කනගාටුයි. (අ)

:       0       0

මිහිර Saturday, 01 March 2014 03:49 AM

ඔහුට නගන අවලාද වලට පන්දුවෙන් පිළිතුරු. (නදී)

:       0       0

සුදේශ් Saturday, 01 March 2014 03:56 AM

පිට පිට දකුනු අප්‍රිකාවට කඩුලු 5ක් ගත්තෙ කවදද? 4ක් ගත්ත නම් මතකයි.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1597 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 556 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 630 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site