2013 ජූලි 29 වැනිදා කොළඹ ඔඩෙල් රිය ගාලේදී හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලකට පහර දුන්නැයි කියන සිද්ධිය සටහන්වී ඇති සීසීටීවී වීඩියෝ පටය වැඩිදුර පරීක්ෂණ සඳහා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (8) කුරුඳුවත්ත පොලිසියට බාර දුන්නේය.
හමුදාවේ ඇඳුමට සමාන ඇඳුම් ඇඳගෙන පැමිණි 12 දෙනකු මාලකට පහරදීම නිසා ඔහු රෝහල් ගත කැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුටිකන්නටම උපන් පුත්තු! (නි)
මිනිස්සු 19000ක් වකුගඩු රෝගයෙන් පෙළෙනවා. නමුත් ඒවා ගැන බලන්න උවමනා නැහැ. ළමා රෝහලේ පිළිකා හැදුන දරුවන්ට අවශ්‍ය බෙහෙත් නැහැ. නමුත් ඒවා දැවෙන ප්‍රශ්න නොවේ. දැවෙන ප්‍රශ්නය මාලක ගේ ඇඟට අත තැබීමට ඉදිරිපත් වූ එවුන් සොයා හිරේ දැමීමය. චම්පික ඇමතිගේ නිර්දෝෂ භාවය ඔප්පු කිරීමය.(බ)
සම්මානය දෙන්න ඕන මොනවා වුණත් කරපු අයට.(ම)
නාමල්ලා එක්ක මොන ගේමක් තිබුනත් මේක හොයන්න ගිහින් ඒකට නාමල් හරි යෝෂිත හරි සම්බන්ධ බවට අහු වුනොත් අන්න එදාට ඒ දෙන්න රටට වැඩ දායක දෙයක් කරපු එල කොල්ලෝ දෙන්නෙක් කියල කියන්න පුළුවන්. (බ)
එතකොට හිල්ටන් එකේදී අර මේජර්ගේ සිද්ධිය? ඒවට මොකුත් නැද්ද? (නි)
නාමල්ලා සහ මාලකලා සංසන්දනය කිරීම යනු වඩාත් විස පොලඟාද මාපිලාද ඇහුවා වගේ. මුන් ඔක්කොම විසයි. නාමල්ලා නිල් බලකායෙන් කරපු දේකුත් නැහැ. යෝෂිත නේවි ගිහින් යුද්ධෙට ගියෙත් නැහැ. මාලක නයිට් ක්ලබ් බඩ ගෑවා විතරක් නෙමේ, ආපහු යන්න දෙන්නත් කියලා නඩුත් යනවා. ඌට තියෙන එකම ප්‍රශ්නේ ක්ලබ් යන්න බැරි එක.(කෞ)
අනේ පව් තාත්ත වගේම අහිංසකයා, අැයි මේ පරීක්ෂණ මෙච්චර පමා කළේ? (බ)
මේ වගේම ඉස්සර "ගස් බැදපු" සිද්ධියයි, රුපවාහිනියට ගහපු එකයි විභාග කරන්නේ ගන්නේ කවදද? (බ)
විශාල වැටුප් ලබමින් ගරු ඇමතිවරු රටේ දැවෙන ප්‍රශ්න හොයා බලා විසඳන විදිය අපි කාටත් ආදර්ශයක්. වහාම විසඳියයුතු රටේ දැවෙන ප්‍රශ්නයක් සාර්ථකව අපේ උගත් නැණවත් ඇමතිතුමාලා මුලිකවෙලා හරි විසඳීම ගැන හරි සතුටුයි. (නි)
පොලිසියට වැඩ නැත්තම් හොඳයි (නි)
මුට ගහපු එකමයි හොද ....(කෞ)
ඕක නම් හෙව්වේ නැතුවත් කමක් නෑ(කෞ)
මොකෝ මේ........ ආ.. මට අමතක වුනානේ එයාලා දැන් යූඑන්පී එකේ අර්ජුන එක්කනේ ඉන්නේ. යහපාලනය (කෞ)
මේ වගේ වටිනා කියන පුත්රුවනක් කිසිම ඇමතිවරයෙකුට නැතුව ඇති. (නි)
අර ගස් බැඳපු සිද්ධියෙන් ශ්‍රී ලංකාවේ නීතිය උල්ලංඝනය වෙලා නැහැ වගෙයි. මම දන්නේ නැතිකමට අහන්නේ.. (නි)
මේ රටේ වෙන වැඩ නැද්ද? ගුටිකාපු එකම තමයි හොඳ. අනෙක දැන් මර්විනුත් මේ යහපාලන ආණ්ඩුවේ කෙරුමෙක් වගේ. මේවගේ මිනිස්සු ෆෝර්ම් කරන්න ගිහින් මේ ආණ්ඩුව වැටෙනවා බොහොම ළඟදීම. කණගාටුයි. (නි)
සීසීටීවී බලලා මාලකට ගහපු නැති අයට දඩ ගහනවා මට බලයක් තිබුණා නම් (නි)
ගුටිකන්න වෙන වැඩ කරලා, ගුටිකෑවට පස්සේ ඕකේ මොනවද හොයන්නේ...? (නි)
ගහපු අයට සම්මානයක්වත් දෙනවා නම් මේ වෙනුවෙන් කාලය නාස්ති කළාට කමක් නැහැ ඔන්න (නි)
"රිටර්න් ඔෆ් ද ඩ්‍රැගන් " (නි)
මේ ආණ්ඩුවට තිබෙන ලොකුම ප්‍රශ්නය රාජපක්ෂලා විතරයි. ඒ ටික හොයලා මොනවාහරි වරදකට පටලවලා හිරේ දැම්මා නම් රටේ තියෙන සියලුම ප්‍රශ්න ඉවරයි. මොකද දැන් මිනිසුන්ට තිබෙන එකම ප්‍රශ්නය මේක විතරයිනේ. (නි)
හොයන්න හොයන්න. අපිත් මේ බලාගනෙ ඉන්නේ (නි)
ඕව ගැන සොයන්න එපා ඔය ගොල්ලන්ටත් වදින්න එපාය . (කෞ)