හිටපු ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වා රාත්‍රී සමාජ ශාලාවලට නොයා යුතුයැයි පනවා ඇති තහනම ඉවත් කිරීමට නම් දෙපාර්ශවය එකඟත්වයකට පැමිණිය යුතු බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (18) ප්‍රකාශ කළේය.
2014 නොවැම්බර් 1 වැනිදා කොළඹ රාත්‍රී සමාජ ශාලාවකදී බ්‍රිතාන්‍ය ජාතිකයකුට පහර දුන්නැයි මාලක සිල්වා රිමාන්ඩ් භාරයේ සිටියේය.
මේ නඩුව සම්බන්ධයෙන් නීතිපති මතය විමසීමට තෙවරක්ම සිහි කැඳවීම් කළ බව මහේස්ත්‍රාත්වරයා කීවේය.
මේ සිද්ධිය සමථයකට පත් කර ගැනීමට මාලක සිල්වා ද කැමැති බව ඔහුගේ නීතිඥවරයා කීවේය. නඩුව අගෝස්තු 25 වැනිදාට කල් තැබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයට ක්ලබ් යන්නේ නැතුව ඉන්න බැහැ වගෙයි. (නි)
දැන්වත් හැදෙනවා නම් හොඳයි (නි)
සෙනරත් හරි (නි)
මෙයාට ක්ලබ් යන්න බැරුව බිස්නස් ඔක්කොම කඩා වැටිලා තියෙන්නේ .. අනේ මොකක් හරි කරන්න ඉක්මනට .. (බ)
ඇති යන්තම් පහුගිය දවස්වල කෙල්ලෙක් එක්ක ක්ලබ් එකකට යන්න පුළුවන් වුනා දැන් ඉතින් ගැණු පරානයක් එක්ක අායෙත් ක්ලබ් ගිහින් ඉවරයි (බ)
නිම්මි, මහින්ද මහත්තය වගේ අයගේ රැකවරණය නිසා හින්ද තමයි මෙයා නැති වුනේ.(අ)
නිම්මිගේ හැඳිමිටේ දිග කියමනට උපාලි නියම උත්තරයක් දීලා තියෙන්නේ. (නි)
මොකක්ද අප්පා මෙච්චර තියෙන ගාය ක්ලබ් ගානේ රිංගන්න. ක්ලබ් එකක බෞන්සර් රස්සාවක් දුන්නානම් හරි එන එන එවුන්ට ගහන්න. (ර)
මාලක සිල්වා සදහටම රාත්‍රී සමාජ ශාලා සහ තරු හෝටල් වලට විනෝදයට යෑම තහනම් කළයුතුය. වරක් දෙවරක් නොව බොහෝ වාරයක් මොහු සමාජ ශාලා වල එන අයගේ හිස් පළා, කාන්තවන්ට කරදර කළ කෙනෙක් (නි)
මේ වගේ නොසන්ඩාල වැඩකරලා අපේ රටේ නම කන එවුන්ට කිසිම සමාවක් දෙන්න හොද නෑ (බ)
මහින්ද රාජපක්ෂ මහතාට ඡන්ද අඩුවීමට මොහු සහ මොහුගේ පියාගේ ක්‍රියාකලාප බොහෝ බලපෑ බව අපේ විශ්වාසයයි (නි)
බමුණු, ඉතින් මහින්ද මහත්තයට සම්පුර්ණ බලය තිබුනනේ මේ වගේ එවුන්ගේ කර අඹල නිසි පාරට ගේන්න? මෙයයි තාත්තයි හුරතල් කළේ කවුද? (බ)
සෙනරත් ගෙ කතාව හරියට හරි අප්පටයි පුතාටයි නොට්ටිගේ පුතා වගේ ගොං වැඩ කරන්න අතාරින්න නරකයි. බැදලම තියන්න ඕනා මේ හරක්ව..(බ)
සෙනරත් හරියටම හරි. (ර)
සෙනරත් හරි. මෙයාලා නිසා තමයි රටක් බේරා ගත්ත මහින්ද මහත්තය නැති වුනේ. (බ)
දැන් මෙයාගේ තාත්තා වෙනස්වෙලා නිසා මෙයාට ආයෙත් හොඳ කලක් යාවි. (නි)
දැන් ගිහිල්ලා කචල් ද දාගත්තොත් ගුටිකාලා තමයි එන්න වෙන්නේ. දැන් ආරක්ෂකයෝ නැහැ. බලයත් නැහැ. ගුටි ලැබේවි පරණ ඒවටත් හරියන්න. (නි)
උපාලි, මෙයාලගේ නැතිවෙන්න දෙයක් නැහැ. මෙයාලා වගේ අය නිසා තමයි රටක් බේරාගත් මහින්ද මහත්තයා නැතිවුණේ (නි)