වයස අවුරුදු 16 ට අඩු බාලවයස්කාර පාසල් දැරියක අවස්ථා තුනකදී අපයෝජනය කළ හිටපු සිවිල් ආරක්ෂක සෙබළකු වරද පිළිගත් පසුව වසර හයක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම කළ අනුරාධපුර විශේෂ මහාධිකරණ විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මිය එම සිර දඩුවම් දස වසර බැගින් වෙන් වෙන්ව අත් හිටුවිමට නියෝග කළාය.
එක් චෝදනාවකට රුපියල් 1500 බැගින් රුපියල් 4500 ක දඩ නියම කළ විනිසුරුවරිය දැරියට රුපියල් 50000 ක වන්දි ගෙවන ලෙසටද නියෝග කළාය. වන්දි නොගෙවන්නේ නම් ඔහු තවත් වසරක ළිහිල් සිර දඩුවමක් පැනැවේ.
රංජිත් සේනාරත්න හේමන්ත නමැති සිවිල් ආරක්ෂක බළකායේ හිටපු සෙබළකු සේවයේ යෙදී සිටියදි 2010 වසරේ ඔක්තෝබර් මස 1 වැනි දින හෝ ඊට ආසන්න දිනයක මිහින්තලේ දී මෙම වරද සිදු කර ඇති බව නඩුවේ දැක්වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බල වයස්කාර දරුවෙක් කැමැත්තෙන් ලිංගිකව හසුරුනත් , නිතිය ඉදිරියේ එය බලහත් කාරකමෙන් කළ දෙයක් හැටියටයි පිළිගන්නේ , මෙතැන අවුරුදු දාසයක ළමයෙක් කියන්නේ හොඳ නරක හොඳට තේරෙන ළමයෙක් යමක් වෙන්න ඇත්තේ කැමැත්තෙන් නමුත් බාලවයස් නිසා කරපු එකා අමාරුවේ , අනික අපයෝජනය සහ දුෂනය කියන්නේ කාරනා දෙකක් මම හිතන හැටියට (බ)
හරි ලාබයි නේ. 54500 ට පාඩු නැහැ. (බ)
පිටපොත්තේ සිට මදය දක්වා මෙම මහපොලව අහිංසක ගැහැණුන්ගේ කඳුළුවලින් තෙත් වී ඇති බව තේරුම් නොගත් හෝ තේරුම් ගෙන නොදන්නා සේ සිටින මිනිසුන් පිරි ලෝකයක අහිංසක මල් වැනි ගැහැණු දරුවන් අසරණය. (බ)
මේ මිනිස්සුන්ට මොනා වෙලාද මේ. (ර)
යුරෝපා රටවල නම් අවුරුදු 16 ඕන නම් ළමයකුට නිදහස තිබෙනවා ලිංගිකව හැසිරෙන්න. එත් ලංකාවේ 14 වෙනකොට ඕන තරම් කොල්ලෝ කෙල්ලෝ ආදර සබඳතා පවත්වනවා සමහරු කැමැත්තෙන් ලිංගික සබඳතා පවත්වනවා. මේ ළමයව කවුරුත් දූෂණය කරලා නැහැ. තනි අතින් අත්පුඩු ගහන්න බැහැ (බ)
දඬුවම ලිහිල් වැඩයි වගේ, දෙන්ඩ ඕනා ජීවිතාන්ත දක්වා වන හිර දඬුවමක්. සහ අර ළමයට ලක්ෂ 20ක වන්දියක්. (ර)
ඒ ළමයාගේ අනාගතේ කවුද බාර ගන්නේ. ගැනු ළමයෙක් 3 පාරක් දුෂණය කරලා දඩයක් ගෙවුවම සියල්ල සම්පුර්නද.? ස්ත්‍රී හා ළමා ලිංගික අපරාද වලට මෙයිට වඩා දැඩි දඩුවම් පැනවිය යුතුයි. අනෙක එම කරදරයට පත් අය අවිවාහක නම් අයගේ ජීවිතාන්තය දක්වා නඩත්තු ගෙවීමට නියෝග කල යුතුයි. (ර)
දඩුවම මදි මමත් කියන්නේ . (ර)
ඇයි සමාජය මෙතරම් පිරිහුණේ? (නි)
පුදුමයි දීලා තියෙන දඩුවම ගැන. (ර)
දඩුවම තව වැඩි කරන්නයි තිබුනේ. (ර)
අත් හිටවූ සිර දඩුවම් කියන්නේ හිරේට දාන්නේ නැද්ද.? (ර)
තනිවම අසල්වැසි ගෙවල්වලට තම දරුවන් යවන දෙමව්පියන් මේවට මුලිකව වග කිව යුතුයි. අසල්වැසි ගෙවල් වල උත්සව කටයුත්තක් වැනි දෙයක් තිබෙන විට තනිව පැමිණෙන පිරිමි සහ ගැහැණු දරුවන් එහි පැමිණෙන පුද්ගලයන්ගේ ගොදුරු බවට පත් විය හැකියි. මෙය අලුත් දෙයක් නම් නොවේ. (ර)
මෙ විනිසුරුතුමියම ඊයේ ළමා අපචාර වලට හොදටම දොස් කියලා ප්‍රකාශයක් කරලා තිබුනා. අද හිර දඩුවම අත් හිටවලා. විනිසුරු ඛේමා ස්වර්ණාධිපති මහත්මියට මොකද වුණේ? (බ)
ශලනි, මම කියපු දේ පැහැදිලිව කියවලා බලන්න. නීතිය පිරිමි පාර්ශවයට දීලා ඉවරනේ. නමුත් මානුසිකව පොඩ්ඩක් සිතා බැලුවොත් මේ දේ දෙගොල්ලන්ගේම කැමැත්ත අනුව සිද්ධ වෙන්න බැරිද? මම මේ අදහස ඉදිරිපත්කළේ මේ සිදුවීමට අනුව පමණයි හොඳේ (නි)
මල් තැලීම් ලෙස හඳුන්වා ඇති මෙයට වෙන නම්ද සමාජයේ ව්‍යවහාර වෙනවා. දැන් දැන් මාධ්‍ය භාවිතයේ දියුණුවත් සමග අපචාර ලෙස එළි දැක්කත් පෙර සිටම ජන සමාජයේ මෙවන් අකටයුතු නිශ්ශබ්දව සිදු වුන බව මගේ හැඟීමයි. (බ)
තායිලන්තයේ පට්ටාය නගරයට පිටුවහල් කරමු (බ)
අපේ කාලයේ බොලිවුඩ් රැජිණ රේඛා වරක් සම්මුඛ සාකච්ඡාවකදී කීවේ ඇය ලබා ඇති මිහිරිම අත්දැකීමත් සිනමා ශාලාවක් තුල නාඳුනන කෙනෙක්ගෙන් වුන මෙවන් අත්දැකීමක් බවයි. (බ)
දැන් අපේ රටේ අලුත්ම විලාසිතාව තමයි අම්මලා ළමයින්ගේ වගකීම සහ ආරක්ෂාව , ආච්චි නැන්දා පුංචි අම්මා ආදී ඥාතීන්ට පටවලා තමන් බොහොම සැහැල්ලුවෙන් දවස ගෙවීම . සමහරු තමන්ගේ ළමයින් මේ මොහොතේ කොහේද කියලාවත් දන්නේ නැහැ. ඕනෑම ළමා අපචාරයක් ඇත්නම් එතන මව්පිය නොසැලකිල්ල. ! (ස)
අවුරුදු 5ක් ගියාද මේ තීන්දුව දෙන්න? (ස)
ග්‍රාමාරක්ෂකගේ වරද තමයි මෙතන උලුප්පල පෙන්නන්න හදන්නේ හැමෝම. බාල අපරාදයක් නිසා නිතිය හමුවේ වැරදි කරුවෙකු උනත් මෙතන බලහත්කාරයෙන් අපයෝජනය කලයි කියල කොතනකවත් සඳහනක් නැහැනේ.සමහරවිට අනෙක් පාර්ශවයේ කැමැත්ත පරිදි මේ දේ සිදුවෙන්නත් ඇතිනේ.එහෙම බලහත්කාරයෙන් දෙයක් උනානම් ඒ දැරිවිට පළමු අවස්ථාවේදීම වැඩිහිටියෙක්ව දැනුවත් කරන්න අවස්තාව තිබ්බනේ.එහෙනම් දෙවැනි තෙවැනි වතාවන් වලදී තමන්ට වන කරදර හිරිහැර මග අරවා ගන්නත් හැකියාව තිබ්බ නේද? (ස)
මෙම අතවරයට පත්වුන දැරියගේ සහෝදරයන්ට අතපය හතර සවි සක්තිය මදිද? (ස)
මේ අලකලංචිය වෙද්දී දැරියගේ අම්මා ඉන්න ඇත්තේ දවසම හින්දි ටෙලි නාට්‍ය බලමින් වද්ද? බොහොමයක් මෙවැනි දේවල් මව්පියන්ගේ අතපසුවීම් සහ නොසැලකිල්ල නිසා සිදු වෙන බව පැහැදිලියි. (ස)
ගලබඩ හරි. දැන් තමා මේවා එන්නේ එලියට මොකද තොරතුරු තාක්ෂනය නිසා. අදටත් අපි නොදන්නවා උනාට මෙහෙම දේවල් ඕනේ තරම් වෙනවා ඇති. (ර)
මේ දේවල් බොහෝවිට සිදුවන්නේ අන්‍යෝන්‍ය කැමැත්තෙන්. එලිවන්නේ තවත් කෙනෙක් මෙම සැක සහිත හැසිරීම දැක අනුන්ට කී විට නැත්නම් ගිනිතිබ්බ විට. බොහෝ යුවතියන් තම අතීතය මතක් කලොත් මෙවැනි සිදුවීමක් මතක් වනු නොඅනුමානය. (ස)
නන්දන පනාගොඩ , මේ වගේ දේවල් අන්‍යෝන්ය කැමැත්තෙන් වෙනවා ඇති ඔබතුමා ඉන්න ඉතාලියේ. තව ටිකෙන් ඔබ කියාවි ලංකාවේ අවුරුදු 4 දැරිවියන් සහ වයස 80 ආච්චිලාගේත් කැමැත්ත ඇතිව තමයි පසුගිය කාලයේ අපචාර සිදු වුනේ කියලා. (ස)
ඉසුරන්දි, බාලවයස් කාරියකගේ කැමැත්ත ඇතිව හෝ නැතිව ඇයත් සමග ලිංගිකව හැසිරීම අපේ රටේ නීතියට අනුව අපරාධයක්. මෙහිදී දැරියගේ කැමැත්ත මත සිදු වුනත් එය නීතියේ හැටියට ස්ත්‍රී දුෂණයට නොදෙවෙනි වරදක්. (ර)
නන්දන පනාගොඩට, බොහෝ යුවතියන් යනුවෙන් කියන කතාවට මම නම් එකග නෑ. (ර)
ලංකාවේ මේවගේ අපරාධ වෙන්න ප්‍රධාන හේතුව නිතිය ලිහිල් වීම .අඩු ගානේ , ඔය ළමා අපචාර කරපු අය නිදහස් කරනකොට නීතියක් දාන්න මාසයකට සැරයක් ජීවිතය තියනකම් පොලිසියේ අස්සන් කරන්න කියල . ඒ කරපු කෙනාට නැවත නැවත මතක් කරනවා තමන්ගේ වරද (බ)