ගාලු මුවදොරදී කාන්තාවකගේ රත්තරං මාලයක් ගිල දැමු පුද්ගලයකු විරේක බෙහෙත් දී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කැර ඇතැත් මාලය බිමට නොවැටුණු බව පොලීසිය කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැන්වීය.
සැකකරු මොහොමඩ් ඩිල්ෂාන් නූර් රිමාන්ඩ් බාරයට පත් කළ මහේස්ත්‍රාත් මාලය ලැබුණු පසු උසාවියට ඉදිරිපත් කරන්නැයි බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කළේය.
ඇක්ස්රේ පරීක්ෂණ අනුව පෙන්ඩනය සහිත මාලය මහබඩවැලේ හිර වී ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
මාලය කඩාගෙන යතුරුපැදියෙන් පැනයද්දී පොලීසිය ඔහු ලුහු බැඳ ගියේය.
සැකකරු අත්අඩංගුවට ගන්නට පෙර ඔහු මාලය ගිල දමා ඇතැයි පොලීසිය අධිකරණයට දැන්වීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් ඉති කුම්බලා මාළු කාපු බළලාට වෙච්ච දේ උනා වගේ ඇති ,,,(අ)
මේ අය කන ජරාවේ හැටියට, මාලයක් වගේ වටින දෙයකට විරේකයක් ගන්න එක හොද නැහැ. (දිල්)
කුරුවිට ,බුලත් විට වෙන්න එපා ...(දී)
ඕවට කියන්නේ දේව දඩුවන්. ඕකෙන්වත් හැදුනොත් අනුගේ දේ සොරකන් නොකරන්න.(නදී)
අධෝ මාර්ගයට රත්තරන් ඇලජික් කියල හැමෝම දැනගන්ඩ. ශරීර කෘත්‍ය සඳහා පමණක් ඒ පෙදෙස වෙන් කරලා කරබාගෙන ඉන්ඩකෝ. (නදී)
තණ්හාය ජායති ශෝකෝ කියන්නේ ඕකට තමා.(නදී)
ලංකාවේ ජාති ආගම් කුල පන්ති කිසිම භේදයක් නැතුව කරන එකම ක්‍රියාව හොරකමයි. එහෙම හරි "ජාතික සමගිය" ගොඩ නැගී තිබීම ගැන සතුටු වෙමු.(නධී)
මෙයාල තමයි ලංකාවේ ඉන්න හම්බ හොරු (අ)
නියම දඬුවම
ලංකාව සංවර්දනය කරලා තියනවා කියල පාලකයින් කියනවනේ ඉතින් මෙවයිනුත් සංවර්දනය විය යුතුයි.එමනිසා දවස ගානේ හොරකමත් ඉහලට ගිහින් තියනවා. (අ)
බඩ පළල හරි මාලය අරන් අයිති කෙනාට දෙන්න.., හොරා ටිකක් රිදෙව්වට කමක් නැහැ (අ)
මාලය එලියට ආවත් දාන්න පුළුවන් වෙයිද ගන්දස්සාරේ හැටියට!(අ)
අධෝමාර්ගය පෙන්ඩන්ට් හැඩයට නිමවෙලා නැහැ කියලා මේ මනුස්සයට තේරිලා නැහැ. (දී)