නුගේගොඩ  රන් බඩු සාප්පුවකට  පැමිණි මිනිහකු හා කතක මාල තිහ හතළිහයක් බලා ඉමිටේෂන් මාලයකට හොද මාලයක්  මාරු කිරීමට ගත් උත්සාහයේ දී වෙලෙද සේවකයකුට පිහියෙන් ඇන  ඇතැයි ද  අසල සිටි පිරිස එම දෙදෙනා අල්ලා  පොලිසියට භාර දී ඇතැයි ද මිරිහාන පොලීසිය කියයි.

ඔවුන් අල්ලා ගැනීමට උදව් කළ දෙදෙනකුට ද පිහියකින් ඇන ඇති බවත් පොලීසිය සදහන් කරයි.