මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගේ නීතිවේදියාට පිහියෙන් ඇන්නැයි ප්‍රශ්න කිරීම සඳහා ඉන්ටර්පෝල් ජාත්‍යන්තර පොලිසියෙන් සොයන පුද්ගලයා කොළඹ දී දුටු බව නිව්ස් වර්ල්ඩ් ඉන්දියා පුවත් සේවය කියයි.
ෂෆ්රාස් ඉබ්‍රහීම් (20) මාලදිවයින් රජය සතු සෝසුන්විලා හිදී දුටු බව එම පුවත්සේවය පවසයි.
මෝල්ඩිව්ස් ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත පවසනුයේ ෂෆ්රාස් මාලදිවයින් සිසුන් සමග එහි කුඩා දූපතක පාපන්දු ක්‍රීඩාවේ යෙදී සිටි බවයි.
ඉන්ටර්පෝල් නිවේදනයෙන් කියැවෙනුයේ කල්ලි ගැසී තියුණු අවි රැගෙන පහරදීමක් සම්බන්ධයෙන් ඔහු මාලදිවයින් පොලිසියට අවශ්‍ය වී ඇති බවයි.
මෆූස් සයීද් නම් නීතීඥයාට මහ දවල් පිහියෙන් ඇන්නැයි සෆ්රාස් හා රායිඩ් නම් දෙදෙනා සැක කරන බවත්, ඔහුගේ කනට ඉහළින් අඟල් තුන හමාරක් හිසට ඇතුළුවූ පිහිය ඉවත් කිරීම සඳහා මාලදිවයිනේ ඉන්දිරා ගාන්ධි රෝහලේ සැත්කමක් කළ බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද දන්නෙ නැහැ මෙහෙ ඇවිල්ලා තියෙන්නේ. (නි)
එක වගේ කට්ටිය එකට එකතු වෙන්න හිතාගෙන ලංකාවට එන්න ඇති , නැත්නම් ලංකාවේ අය ගෙන් තාක්ෂණික දැනුම ලබාගන්න ආවාද දන්නේ නැහැ? (ම)
දැන් වීසා නැතුව ඕනෑ හොරෙකුට ලංකාවට එන්න පුළුවන් වගෙයි පෙනෙන්නේ (නි)
මාලදිවයින් රජය සතු ඉඩම් ශ්‍රී ලංකාවේ තියෙනවාද ? (බ)
නදුන් , මොකද වෙන්න බැරි ? මෙහෙ අද මොක්කුද නැත්තේ හොරු මිනීමරුවෝ කුඩු කාරයෝ (බ)
මොනවා? මේක වෙන්න පුළුවන් දෙයක්ද? (නි)