කතරගම මල් විකුණන කාන්තාවකට පහර නොදුන් බවත් ඇය තමාට කුණුහරුපයෙන් බැණ වැදී අපහාස කළ බවත් කතරගම ප්‍රාදේශිය සභාවේ සභාපති චානක අමිල රංගන මහතා කියයි.
කතරගම කිරිවෙහෙර රජ මහා විහාරයේ නව විහාරාධිපති කොබවක ධම්මින්ද හිමියන් පිළිගැනීමේ උත්සයකට සහභාගී වු තමාට මල් වෙළෙන්දියක වු එම කාන්තාව කුණුහරුපයෙන් බැණ වැදී තමා පහරදුන් බවට බොරු පැමිණිල්ල කැර රෝහල් ගත වී ඇතැයි ඔහු පවසයි.
මෙම කාන්තාව කතරගම ගාමිණිපුර වැව අසල අනවසර ඉදි කිරීමක් කැර ඇතැයි ද එය ඉවත් කරන ලෙස පහළ උසාවියෙන් දුන් තීරණයට එරෙහිව මහාධිකරණයට අභියාචනයක් කැර ඇතැයි තමාට එරෙහිව පැමිණිල්ලක් කිරීමට හේතුව එම කාරණය විය හැකියැයි ද සභාපතිවරයා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොයි සභාපතිද වැරැද්ද කරලා පිළිගත්තේ.(නදී)
සභාපතිලා ගැන අපේ හිතේ ඇඳිලා තියෙන චිත්‍රයේ හැටියට මල් අම්මා නිවැරදි ඇති (දිල්)
තමාට කුණුහරුපයෙන් බැණ වැදී අපහාස කළ විට අහක බලාගෙන යන්න ඇති නේද? (ස)
ඔව් ඉතින් නෝනා පොලිසියේ නේද? (නදී)
එයා එයාට ම බැන ගත්ත කියයි ද පස්සේ.(ත)
මේ සභාපති කරන වැඩ අපි දන්නවා (අ)
මේ ගොල්ලෝ විහිළුවටත් බොරු කියන්නේ නැහැ. අර මල් අම්මව දොස්තර කෙනකුට පෙන්නමුද ?(නදී)