බස්නාහිර පළාතේ පොලිස්වසම් හයකින් යතුරුපැදි සොරාගෙන මාල කැඩූ මස්සිනාලා දෙදෙනකු පොල්ගස්ඕවිටදී අත්අඩංගුව ගත් පොලිසිය එම මාල මිලට ගෙන උණුකර රන් විකිණූ බව කියන බණ්ඩාරගම, අටුළුගම ව්‍යාපාරිකයකු ද අත්අඩංගුවට ගනු ලැබීය.
මෙම දෙදෙනා විසින් කඩන ලදැයි කියන මාල 32ක් ගැන පොලිසියට තොරතුරු ලැබී ඇත.
මාල කඩා ගැනීමෙන් පසුව යතුරුපැදියද ඒ අසල අතහැර දමා යාම මොවුන්ගේ සිරිත බවත් ඊළඟ කොල්ලයට වෙනත් යතුරුපැදියක් සොරකම් කරන බවත් කහතුඩුව පොලිසිය පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයේ හැටි දැන දැන මොකට එල්ලගෙන යනවද රත්තරන්? (නි)
බණ්ඩා දැන් කට්ටිය කියපු සේරම කළාද (බ)
ඒ හරියේ මහපාරේ සීසීටීවී තිබුනද.. කොහොමද කැමරා ඇසට අසු වුනේ. මොනවා වුනත් මහා පාහර වැඩ (බ)
ඒ සිදුවීම හරිම ලජ්ජා සහගතයි ..ඒ කාන්තාවට අල්ලාගෙන තඩි බාන විට ..ඕනෙම කෙනෙකුට හිතෙනවා ජීවිතේ ඉතුරුකරලා ඕනේ දෙයක් අරගෙන පලයන් කියලා. ඇයි ලංකාවේ පිරිමින් තම ශක්තියෙන් යමක් උපයාගෙන ජීවත්නොවී ..ගැහැණියව සුරාගෙන ගැහැනියකගෙන් කඩා වඩාගෙන ජීවත්වෙන මානසිකත්වයෙන් පෙළෙන්නේ ..?ලැජ්ජයි පිරිමි සංහතියටම ..අපි මිනිසුන් වශයෙන් ..කාගේ වුනත් දරුවෙකුව කාන්තාවක්ව වයෝවෘද්ධ පුද්ගලයින්ට වැඩි අවධානයකින් සලකා ඔවුන්ව ආරක්ෂා කළ යුතුය..? පව් ..!කලකිරෙනවා අපේ රට ගැන..? කාන්තාවකට ඇදුමක් ඇදගෙන දවාලේ පාරක යන්න බැරි තරමට අපි අසරණ වෙලා...? (බ)
ඔය ගැහැනුන්ට හිංසා කරන අයට පොලිසියට ගෙනත් එල්ලලා ගැහුවට කමක් නැහැ .. ඕකුන් මැරුණට කමක් නැහැ .. මානව හිමිකම් නඩු දාන්න ගියොත් පෙරකදොරුවන්ටත් නෙලන්න තියෙන්නේ (ම)
මනුසත්කමේ පිරිහීමේ රඟ දැක්වීමක්. කාන්තාවකට තාඩන පීඩන කොට රත්රන් මාලයක් කඩා ගෙන යාමට තරම්? ඔන්න අපි ඉතුරු කරගත් සාර ධර්ම. කව්ද මේවාට වගකියන්නේ? (ම)
නීතියෙන් උපරිම දඬුවම් දෙමු. (ර)
තමන්ගේ ආරක්ෂාව තමන් බලා ගත යුතුයි. (ර)
අපේ පොලු රජතුමාගේ ඒකාබද්ධ විපක්ෂ පිහිටුවන අලුත් පෙරමුණට සම්බන්ධ වුණොත් මොවුන්ටත් ඡන්දේ ඉල්ලා මහජන නියෝජිතයෙක් වෙන්න සුදුසුකම ලැබිල තියෙන්නේ (බ)
ඇත්තටම ඇමති කමකට උනත් සුදුසුයි තමයි දැන්. (ර)
ලැජ්ජා නැති පිරිමි... (ර)
මේ අයට හොඳ දඬුවමක් දෙන්න ඕන නැවත මෙවැනි දේ නොකරන්න. (ර)
මේ වගේ හොරුන් රටට ලොකු බරක් (නි)
බණ්ඩා ඒ කාලෙට වඩා මේ කාලේ අපරාධ වැඩියි කියලා හිතෙන්නේ නැතිද?කුඩු කාරයෝ එතනෝල් කාරයෝ මිනීමරුවෝ ඔක්කොම දැන් ඒ පැත්තේ නේ. (බ)
පිටබැද්දර ජයා මල්ලි,ඔයාගේ " ගෙස් " කිරීම නම් 100% හරි. අපේ දේශපාලුවෝ ඔක්කොම මංකොල්ල කාරයෝනේ..(බ)
මේ දෙන්නවයි රත්තරන් උණුකරන කෙනවයි තුන්දෙනවම මහ උලුගෙදර දන්නා ඕන සදහටම. නින්දිතයි පිරිමිද මෙයාල. (රේ)
අර කළුතර රත්තරන් ඇමතිගේ ගෝලයෝ වෙන්නැති...(රේ)
මේ අවට ගෙවල් වල මිනිස්සු නැත්ද ? එකෙක්වත් එලියට එන්නේ නෑ. එයාලටත් මෙහෙම උනාම මතක්වෙවී. මේ හොරුන්න්ට උපරිම දඩුවම් දෙන්න ඕනේ(රේ)
මේ වගේ උන්ට කරන්න තියෙන්නේ සව්දියේ වගේ අතක් කපල දාන්න .අයේ හොරකම් කරන්න බැරිවෙන්න ...(රේ)