IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මාල කඩා උණුකරලා

කාන්තාවන්ගේ මාල කඩා උණුකර රන්බඩු හදන බව කියන දෙදෙනකු පෝද්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. දැනට රුපියල් තුන් ලක්ෂයකට වැඩි රත්තරන් සොයාගෙන ඇත. පොලීසිය පවස්නනේ මේ දෙදෙනා රන් කාර්මිකයන් බවයි. ඔවුන් දෙදෙනා උසාවියට ඉදිරිපත් කිරීමට නියමිතය



අදහස් (0)

මාල කඩා උණුකරලා

කමලා Sunday, 01 June 2014 09:17 AM

මෙහෙම දේවල් කවදාකවත් අපි මින්පෙර අහලා නැහැ. ලෝකය තාක්ෂණය අතින් දියුණුව කරා යද්දී අපි හිටි තැනින් පහළටම යනවා මිස දියුණුවක් නම් පෙනෙන්නේ නැහැ. (නි)

:       0       0

ජයනා Sunday, 01 June 2014 10:13 AM

සිංහල අවුරුද්දට බඩු ගන්න නංගියි, මායි ටවුමට ගිය වෙලේ පවුම් දෙකේ මගේ මාලේ කඩාගෙන මෝටර් බයිසිකල් එකක ආපු දෙන්නෙක් පැනල ගියා. පැමිණිලි කරන්න පොලිසියට ගියහම කිවුවේ "ඕවා දාගෙන පෙන්නන්න හැදුවාම වෙන්නේ ඕවා තමයි" කියලයි. පැමිණිල්ල ලියා ගත්තට වැඩක් උනේ නැහැ. ඒ මාලේ මගේ පුරුෂයාගෙන් කසාද බඳින කොට ලැබිච්ච තෑග්ගක්. ඒ උනාට සිද්දිය අහල උන්දැ කිවුවේ "හොඳ වැඩේ ඕවා දාගෙන යනවට" කියලයි. එහෙනං මොකටද මට ඒක අරන් දුන්නේ කියල මට අහන්න හිතුනට මං ඇහුවේ නෑ. කරබාගෙන හිටියා. මේවට නං නිතිය තද වෙන්නම ඕන. නැත්නම් අහිංසක ගැහැණු හුල්ලා හුල්ල ඉන්නවා විතරයි. (ස)

:       0       0

ඇනස්ලි Sunday, 01 June 2014 10:25 AM

මෙයාලවත් උණු කලා නම් හරි. (ස)

:       0       0

ඇල්බට් Sunday, 01 June 2014 01:50 PM

රටේ නීතියක් තියෙන්න එපායෑ... (නි)

:       0       0

ෂෙරිෆ් Saturday, 31 May 2014 06:54 PM

රට වටේම හොරුනේ.... (නි)

:       0       0

සුමනසිරි Sunday, 01 June 2014 03:22 PM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

චන්දන Saturday, 31 May 2014 07:16 PM

මෙහෙමත් මිනිස්සු! (නි)

:       0       0

ශාන සෞදි Sunday, 01 June 2014 12:31 AM

මොවුන්ව අල්ලා උපරිම දඩුවම් දෙන්න ඕනෑ නැවත මතු උපදින ආත්මයකදීවත් මෙවැනි දේ නොකරන්න (නි)

:       0       0

බමුණු ආරච්චි Sunday, 01 June 2014 05:15 PM

"වටේම හොරුනේ..." ඇයි රට මැද හොරු නැද්ද? (නි)

:       0       0

කුමාරි Sunday, 01 June 2014 05:44 PM

පිටරට සිට නිවාඩුවකට පැමිණි මගේ මිතුරියකගේ මාලය මහ දවල් පිළියන්දල අතුරු පාරකදී කඩාගෙන ගියා. නැවත අවුරුදු 10 කටවත් ලංකාවට එන්නේ නැහැ කියලා තමා ආපහු ගියේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site