මාරාන්තික විය හැකි මෙනින්ජයටිස් රෝගයට ගොදුරුවී අත් පා අහිමිවූ දැරියක් ජීවත් වීම සඳහා වඩාත් කාර්යක්ෂම වූ අත් පා සොයමින් සිටින්නීය. ඇය එංගලන්තයේ ජීවත්වන සත් හැවිරිදි එලීය.
ඇගේ පළමු උපන්දිනයට දින තුනක් තිබියදී දම් පැහැති ලප ඇගේ සිරුරේ තැන තැන මතුවන්නට විය. මෙනින්ජයටිස් රෝගයට ඇය ගොදුරුවීම ඊට හේතුවයි. වෛද්‍යවරු මෙනින්ජයටිස් පාරාජයට පත් කළ ද එහි අතුරු ආබාධයක් වන මෙනින්‍ජකොකල් තත්ත්වයට ඇය ගොදුරුවූයේ ඇගේ ළමා වියේ වැඩි කාලයක් සීමා කරමිනි. මේ කාලයේදී 76 වතාවක් ශල්‍යකර්ම වලට භාජනය වූ කුඩා එලී ට තම දෙපා අහිමිවිය. එක් අතක් ද කපා දමන්නට සිදුවූ අතර අනෙක් අතට ද බරපතල හානි සිදුව තිබේ. මුහුණ ද විරූපී විය.
වසර හතකට පසුව කෘතිම පාද සහ අධාරක උපකරණ භාවිතයෙන් ඇය පාසල් යන්නීය. නොබියව මරුවා පරාජය කරමින් ජීවිතයට මුහුණ දුන් ඇයට වෙනුවේ පාසල් ගුරුවරු දැන් අරමුදලක් ආරම්භ කැර තිබේ. එහි අපේක්ෂාව වඩාත් ඉහළ ප්‍රමිතියකින් යුතු කෘතිම පාද හා අතක් ඇයට ලබාදීමයි.
2025 දෙසැම්බර් මස 18
182
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
159
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
961
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මල් කැකුළක් මරුවා පරදයි
හේමන්ත Saturday, 01 June 2013 03:01 PM
බුදුසරනින් සුදු දුවට ඉක්මන් සුව ලැබේවා! (ස)
චාමි Saturday, 01 June 2013 03:12 PM
ඇත්ත හේමන්ත, ලෝකේ වැරදී කරපු නැති අයත් ඉන්නවා. ලස්සනට පුංචිම පුංචි මේ වගේ පුංචි පැටවු කියක්නම් ඉන්නවද කිසිම වරදක් නැතුව දුක්විදින? මේ පුංචි උන්ට බුදුසරණ හැර වෙන සරණක් නැහැ (නි)
මොහොමඩ් Sunday, 02 June 2013 08:38 AM
දෙවියන්ගේ පිහිටින් මේ පුංචි මල්කකුලට හැකි ඉක්මනින් සුවබර දිවියක් වාසනාවන්ත අනාගතයක් හිමිවේවා!(නදී)