ශ්‍රී ලංකාවේ සිටින මාලදිවයින් වැසියන්ගේ නිරුවත් දර්ශන අන්තර්ජාලයට මුදා හරින බව කියමින් ඔවුන්ගෙන් කප්පම් ගත් බව කියන මාල දිවයින් වැසියන් දෙදෙනෙක් රහස් පොලිසිය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.
අස්මින් ඊෂාක් හා අබ්දුල් අෆ්ෂාන් අබ්දුල් ශල්තා මාලදිවයිනේ මෝටර් රථ ව්‍යාපාරිකයෙකුගෙන් ඇමරිකා ඩොලර් 64850 (රුපියල් 9397706.29) ක් කප්පම් ලබාගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණයට පැවසීය.
මෙම ව්‍යාපාරිකයාගේ ෆේස්බුක් ගිණුමට පණිවුඩයක් යවමින් මෙම කප්පම ඉල්ලා ඇතැයි ද එය නුදුනහොත් ඔහුගේ හා ඔහුගේ බිරියගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව කියා ඇත.
දෙවරකදී මෙම දෙදෙනා මාලදිවයින් රුපියල් 500 ක් හා 50000 ක් ඔවුන්ගේ ගිණුම් වලට යවා ඇති බවත් කියති.
මාලදිවයින් වැසියන් තවත් 6 දෙනෙකු ඔවුනට මාලදිවයින් රුපියල් 72500 ක් කප්පම් වශයෙන් ගෙවා ඇතැයි ද තවත් මෙවැනි සිද්ධී 20 ක් ගැන පරීක්ෂණ අරඹා ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. සැකකරුවෝ ලබන 26 දක්වා රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිරුවත කියන්නේ හැම දෙනාටම තිබෙන පොදු දෙයක්. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
එ්කනේ ජනක, ඕකට ඔච්චර බයවෙන්න ඕනෑද? කැමති කෙනෙක් බලපුවාවේ, අකමැති නම් නොබලපුවාවේ කියලා හිටියම හරිනේ. මගේ හිතේ නම් පිටතට පෙනෙනවාට වැඩිය වෙන දෙයක් ඔතන තියෙනවා (නි)