( ජයන්ත සමරකෝන්)
මිරිහාන රැඳවුම් කඳවුරේ රඳවා සිටින විදේශිකයින් පිළිබඳ කරන ලද සෝදිසි මෙහෙයුමකදී නීතී විරෝධි ලෙස ළඟ තබාගෙන තිබූ ජංගම දුරකතන 75 ක් ලැප්ටොප් පරිගණක 5 ක් මුදල් රුපියල් එක් ලක්ෂ හැත්තෑහය දහසක් අද ( 05) අත්අඩංගුවට ගත් බව ආගම විගමන දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක බී ජී ගයාන් මිලින්ද මහතා පැවසීය.
විවිධ මුදල් වංචා ඇතුළු නීතී විරෝධි ක්‍රියා සම්බන්යෙන් අත්අඩංගුවට ගෙන රඳවා සිටි මෙම විදේශිකයින් පිළිබඳ ලැබුණු තොරතුරක් මත මිරිහාන මූලස්ථාන පොලීසිය, පොලිස් විශේෂ කාර්ය බළකාය හා ආගමන විගමන නිරීක්ෂණ බුද්ධි අංශ නිලධාරීන් ඇතුළු 40 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබේ.
මිරිහාන රැදවුම් කඳවුරේ රඳවා පරීක්ෂණ පත්වාගෙන යන විදේශකියන් සංඛ්‍යාව 118 දෙනකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ කඳවුරු, සිරගෙවල් ආදියට භාණ්ඩ හා සේවා සපයන මහත්වරු කවුද? පිට අය වෙන්න බැහැනේ. ලැප් ටොප් එකක් කියන්නේ ඉනේ ගහගෙන යන්න පුළුවන් දෙයක් නෙමෙයිනේ. ඉහළ කට්ටිය එහෙමයි... පහළ කට්ටිය මෙහෙමයි. කවුරුත් තම ශක්ති ප්‍රමාණයෙන් හම්බ කරනවා. අල්ලන්න තියෙන දැල් ඔක්කොම හිල්...
එජාපය ගිය ආණ්ඩුව කළේ හිටිය අන්තවාදී ඇමතිවරු සහ අනිකුත් පිරිස තමන්ගේ උපරිම බලය යොදා ගනිමින් ලංකාව පුරාම ඉඩකඩම් සහ ගෙවල් මිලදී ගත්තා. ඒවා සඳහා මුදල් ලැබුනේ අරාබි රටවල් වලින්. ඒ සඳහා ක්‍රියාත්මක උන වෙබ් අඩවි පවා තියෙනවා. අදටත් ඒවායේ දේපල තොරතුරු පළකරපු වහාම මේ පිරිස කළේ වහාම සල්ලි දීලා ඒවා ගත්ත එක. ලංකාවේ ප්‍රධාන මර්මස්ථාන වලට එයාලගේ කට්ටිය දාගත්තා. හැමදාම මෙයාල කළේ බලයේ ඉන්න ආණ්ඩුව බය ගන්නලා හොඳම ඇමතිකම් අරගෙන එයාලගේ ජාතියට විතරක් සලකපු එකයි. ඒ හින්දා ඒ සේරම බලාගෙන හිටිය බහුතරයක් වන සිංහලයෝ මේ පාර තීරණයක් ගත්තා. මියන්මාරයේ ඉඳල ලංකාවට ගෙන්නගත්තේ එම රටේ බෞද්ධ විහාරස්ථාන ගිනි තියපු සියදහස් ගාණක් හාමුදුරුවරු අමු අමුවේ මරාදාපු ත්‍රස්තවාදී අන්තවාදී පිරිසක් .මේ අය කොටසකට නැගෙනහිර ජනාවාස හදලා දුන්න නීති විරොධී ලෙසින්. ඉතුරු ටිකෙන් කොටසක් ඔය ඉන්නේ.