IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


මිරිහාන පරීක්ෂණ උසාවියට සැකයි

වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගිය සැකකරුගේ මරණයට හේතුව තැලීම් තුවාල බවට පානදුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඩී.බී. දසනායක මහතා පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් තහවුරු කර ඇති බව පානදුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රුචිර වැලිවත්ත මහතා ප‍්‍රකාශ කළේය.
මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය මගින් මෙතෙක් සිදු කළ විමර්ශන සම්බන්ධයෙන් බැලූ බැල්මට අධිකරණයට බරපතළ සැකයක් මතු වන බවත් මහේස්ත‍්‍රාත්වරයා ප‍්‍රකාශ කළේය.
මේ සිද්ධිය සම්බන්ධයෙන් ස්වාධීනව සහ මනා විනිවිද භාවයකින් වෙනමම විශේෂ විමර්ශනයක් වහාම රහස් පොලිසිය මගින් සිදු කරන ලෙස ද මෙහිදී ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වැලිවත්ත මහතා පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාට නියෝග කළේය.

 


මින්නේරිය, රත්මලේ අංක 72/2 ලිපිනයේ පදිංචි වීරසිංහ ආරච්චිලාගේ සමන් වීරසිංහ නමැති සැකකරු වාද්දුව පොලිස් අත්අඩංගුවේ සිටියදී මියගියේය.
ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් වැලිවත්ත මහතා තවදුරටත් අධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරයාට නියෝග කෙළේ, අධිකරණ නියෝගය සමග පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ පිටපතක් ද පොලිස්පතිවරයාගේ අවධානය සඳහා යවන ලෙසයි.
සැකකරුගේ මරණය සම්බන්ධයෙන් සාපරාධි ක‍්‍රියාවක් සිදුවී නොමැති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බව මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය මීට පෙර වරින් වර අධිකරණයට ප‍්‍රකාශ කර ඇති බව පෙන්වා දුන් මහේස්ත‍්‍රාත්වරයා, එය පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවට හාත්පසින්ම  විරුද්ධ බවද කීය.
සැකකරු මියගොස් ඇත්තේ මරණය තැලීම් තුවාල හේතුවෙන් නිසා යැයි ද කියා සිටි වැලිවත්ත මහතා, සැකකරුගේ ශරීරයේ තිබූ තුවාලවල ස්වභාවය අනුව ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකය මෙතෙක් සිදු කළ විමර්ශණ සම්බන්ධයෙන් අධිකරණයට බැලූ බැල්මට බරපතළ සැකයක් මතු වන බව ද සඳහන් කෙළේය.
 

නිවසක් බිඳ රුපියල් හත් ලක්ෂ දස දහසක් සහ භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකකරු වාද්දුව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබුවේ 2013.06.16 වන දිනයි.
සැකකරු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන් සමග පොර බදා බිම ඇද වැටුණු බවත්, පසුව ඔහු පොලිසියේදී රෝගාතුරවීම නිසා රෝහල කරා ගෙන යද්දී මියගිය බවත් පොලිසිය මේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වමින් කියා තිබිණ.
මෙම මරණය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු බස්නාහිර දකුණ බාර නියෝජය පොලිස්පති නියෝග මත නුගේගොඩ සහකාර පොලිස් අධිකාරි විජිත ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ මිරිහාන පොලිස් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් කරුණාරත්න මහතාගේ මෙහෙයවීම යටතේ සිදුවිය.

 

 



අදහස් (0)

මිරිහාන පරීක්ෂණ උසාවියට සැකයි

උපාලි Wednesday, 24 July 2013 03:23 PM

ආයුද පෙන්වන්න එක්ක යන කට්ටිය ගැන ජනතාව එච්චර ගණන් ගන්නේ නැහැ. හැබැයි, හැම එක්කෙනාවම ආයුද පෙන්වන්න එක්ක යන්න ලස්තිවුනොත් ඒක භයානකයි. (නදී)

:       0       0

වරුණ Wednesday, 24 July 2013 03:39 PM

නිමල් කරුණාරත්නත් මම හිතන්නේ ටික කලකට කලින් වාද්දුවේ නොවිසදුනු අපරාද අංශයේ හිටපු ඕ අයි සි කෙනෙක්. එයා හැබැයි වාද්දුව පානදුර තිබුන පාතාලේ මෙන්ම කුඩු ලොක්කන්ව සුද්ද කරා. මම දන්නා විදිහට පොඩි සුදාවත් ඉස්සෙල්ලා ඇල්ලුවේ නිමල් කරුණාරත්න මහතායි.(නදී)

:       0       0

නාමල් Thursday, 25 July 2013 09:20 AM

මේක ඉතා බරපතල දෙයක්. නීතියෙන් සාදරනයක් ජනතාව විදිහට බලාපොරොත්තු වෙනවා. මේක පොලිසිය ඇතුලෙදි පහරදීමක් කියල සිද්දිය ගැන දන්නා හැමෝම දන්නවා. මේකට සාදාරන පරික්සනයක් නෑ කියන්නේ නිතිය රකින අයට මේවට ලයිසන් දීමක් වගේ. අපිටත් මේ වගේ දෙයක් හෙට වෙන්න පුළුවන්. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site