IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මිරිසුවිල් ඝාතනයේ පැමිණිල්ලේ දේශන අවසන්

2000 දෙසැම්බර 20 වැනි දා යාපනයේ මිරිසුවිල්හි බාල වයස්කරුවන් තිදෙනකු ඇතුළු සරණාගතයන් අට දෙනකු හිංසාවට ලක් කර මරා දැමුවේයැයි ගජබා රෙජිමේන්තුවේ සෙබළුන් පස් දෙනකුට එරෙහිව කොළඹ මහාධිකරණයේ විශේෂ නඩු විභාගයේ පැමිණිල්ලේ සාක්කි සම්පිණ්ඩන දේශනය අද අවසන් විය.

පී සූරසේන (සභාපති), ලලිත් ජයසූරිය යන විනිසුරුවරුන්ගෙන් මේ අධිකරණය සමන්විත වේ.

නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් සරත් ජයමාන්න මහතා පැවසුවේ මේ අපරාධය හෙළි කිරීමට ස්වභාව ධර්මයෙන් එක් පුද්ගලයකු ඉතිරි කර ඇති බවයි.

මරණයෙන් බේරුණු පොන්නතුරෙයි මහේෂ්වරන්   ශ්‍රී ලංකාවත්, ගජබා රෙජිමේන්තුවත් අපකීර්තියෙන් මුදා ගැනීම නිසා  ඔහු මල් තියා වැඳිය යුතු පුද්ගලයකුගේ තත්ත්වයට පත්වී ඇතැයි ද ඔහු කීවේය.

ඔහු නොසිටින්නට මේ අපරාධය හෙළි නොවනු ඇතැයි ජයමාන්න මහතා කීවේය.

ජනාධිපති නීතීඥ අනිල් සිල්වා මහතාගේ විත්තියේ දේශන සඳහා ජූනි 31 වැනි දා තෙක් නඩුව කල් තැබිණි.

ගුණපාලන් රවි වීරන් ,සෙල්ලමුත්තතිවකුලසිංහම්, විල්වරාසා ප්‍රදීපන් (13) නදීරන් ජයචන්ද්‍රන් , සින්නයියා විල්වරාසා (40) කදිරගාමර් චන්ද්‍ර (35),ඥානචන්ද්‍රන් ශාන්ත (15) හා විල්වරාසා ප්‍රසාද් (05)  2000.12.19 වැනිදා මරා දැමීයැයි  හය වැනි ගජබා රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්‍රල් සුනිල් රත්නායත,ලුතිනන් සේනක මුණසිංහ,ලාන්ස් කොප්‍රල් ටී එම්  ජයරත්න , පුෂ්ප සමන් කුමාර් හා කෝප්‍රල් ජෙමිණි මුණසිංහ චෝදනා ලැබ සිටිති



අදහස් (0)

මිරිසුවිල් ඝාතනයේ පැමිණිල්ලේ දේශන අවසන්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 446 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 248 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1036 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site