මහනුවර බෝගම්බර ක‍්‍රීඩාංගණයේදී පැවැති ‘ශ්‍රීමත් ජෝන් ටාබට්’ කනිෂ්ඨ මලල ක‍්‍රීඩා උළෙලේ (2011) සමස්ත බාලක ශූරතාව මීගමුව මාරිස්ටෙලා විදුහල විසින් දිනා ගන්නා ලදී. සමස්ත බාලිකා ශූරතාව කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විදුහල් ක‍්‍රීඩිකාවෝ දිනා ගැනීමට සමත් වූහ. ශූරතාව සඳහා මාරිස්ටෙලා විදුහල ලකුණු 92 ක් ලබා ගත් අතර ශාන්ත ජෝශප් බාලිකා විදුහල ලකුණු 71 ක්ද ලබා ගත්තේය. සමස්ත බාලක අනුශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (71) ද, බාලිකා අනු ශූරතාව මීගමුව ආවේමරියා කන්‍යාරාමය (58) ද, හිමිකර ගත්තේය. කොළඹ රාජකීය විදුහල (64) සහ කොළඹ මියුසියස් විදුහල (55) පිළිවෙලින් බාලක සහ බාලිකා තෙවැනි ස්ථාන හිමිවිය. ක‍්‍රීඩා උළෙලේ දක්‍ෂතම ක‍්‍රීඩකයා ලෙස වයස 15 න් පහළ කවපෙත්ත විසිකිරීමේ ඉසව්වේදී (බාලක) මීටර 45.64 ක් වාර්තා කළ වෙන්නප්පුව තල්දෙන ශාන්ත රීටා විදුහලේ ඩබ්ලිව්. ඒ. එම්. මධුශංඛ සම්මාන හිමිකර ගත්තේය. වයස 15 න් පහළ මීටර 400 ඉසව්ව (බාලිකා) තත්පර 60.1 කින් නිම කළ තල්පේ සුගතානන්ද විදුහලේ පී. ජී. ඩබ්ලිව්. මධූෂිකා දක්‍ෂතම ක‍්‍රීඩිකාව ලෙස සම්මාන හිමිකර ගත්තාය. තරගාවලියේදී තරග වාර්තා දෙකක් බිහි විය. එහිදී පළමු නව තරගාවලි වාර්තාව පිහිටුවීමට වයස 15 න් පහළ උස පැනීමේ ඉසව්වේදී රාජගිරිය ගේට්වේ ජාත්‍යන්තර පාසලේ එන්. එම්. පී. උදාන්ත බණ්ඩාර සමත් විය. එහිදී උදාන්ත මීටර 1.82 ක් වාර්තා කරමින් වසර 16 ක් පැරණි වාර්තාව බිද හෙළීය. එම ඉසව්වේ පැරණි වාර්තාව 1995 වසරේ මීගමුව මාරිස්ටෙලා විදුහලේ ඩබ්ලිව්. පී. එම්. ප‍්‍රියමාල් ඩයස් මීටර 1.81 ක උස පනිමින් පිහිටුවා තිබුණි. වයස 15 න් පහළ මීටර 400 ඉසව්ව තත්පර 54.2 කින් නිමකළ කුලියාපිටිය මැදි මහ විදුහලේ ඩබ්ලිව්. බී. එම්. අයි. මිහිරංග මෙවර තරගාවලියේ දෙවැනි නව තරගාවලි වාර්තාව ලෙස වසර 22 ක් පැරණි වාර්තාව බිද දැමීමට සමත් විය. මෙහි පැරණි වාර්තාව 1989 වසරේ මහනුවර ශාන්ත අන්තෝනි විදුහලේ එල්. ඞී. පී. දෙලූම්ගහවත්ත (තත්. 56.6) පිහිටුවා තිබුණි. වර්ෂාවෙන් ඇති වූ බාධා නිසා පළමු දින තුනේදී සුපුරුදු දස්කම් වලට එමින් නව තරගාවලි වාර්තා පිහිටුවීමට ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන්ට අවස්ථාව අහිමිවිය. නෙස්ලේ ලංකා සමාගමේ ‘මයිලෝ’ අනුග‍්‍රාහය දැක්වු මෙම තරගාවලිය 42 වැනි වරටත් ශ්‍රී ලංකා පාසල් මලල ක‍්‍රීඩා සංගමය මෙහෙයවීය.
2025 නොවැම්බර් මස 04
50
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2005
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1559
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මාරිස්ටෙලා - කෑගල්ල ශා. ජෝශප් බාලිකා ජෝන් ටාබට් කනිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතා දිනති