ශ්‍රි ලංකාවේ මිරිස් අවශ්‍යතාවයෙන් සීයට අසුවක් විදේශයෙන් ගෙන්වන බව කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා පැවසිය. දැනට අප රටට පරිභෝජනය සඳහා මිරිස් මෙට්ට්‍රික් ටොන් 60000 ක් අවශ්‍ය බවත් ඉන් රට තුළ නිෂ්පාදනය කරන්නේ මෙට්ට්‍රික් ටොන් 20000ක් පමණක් බවත් ගොවින් මිරිස් වගාව කෙරේ නැඹුරු විය යුතු බවත් ඔහු පෙන්වා දුන්නේය.
කෘෂිකර්ම අධ්‍යක්ෂ ජනරාල් රොහාන් විජේකෝන් මහතා දඹුල්ල සි අයි සි ගොවිපලේ සංචාරයකට එක් වෙමින් සඳහන් කළේය. රජයේ අරමුණ ගොවින් හා පෞද්ගලික සමාගම් සමඟ එක්ව 2018 වසර වන විට අපේ රටේ වගා කළ හැකි භෝග සියල්ල වගා කොට අවශ්‍යතාවය සපුරා ගැනීම බවද කියයි.
ඒ අනුව ලොකු ලුණු, සෝයා, බඩඉරිගු , මිරිස් ආදී දේ වගා කිරීමට ගොවින් නැඹුරු කිරීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ක්‍රියාකරමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිරිමා මැතිණිය ඔය සියළු වගාවන් පටන්ගත්තා නේද? එතකොට කවුද පෙළපාලි ගියේ , " සීනි නැතුව තේ බොන්නම් - මිරිස් නැතුව හොදි කන්නම්" කියලා. ඔය තමයි විවෘත ආර්ථිකයේ රඟේ. (නි)
දකුණු ඉන්දියාවට පහර දෙන්න පුළුවන් එකම ක්‍රමය මේකයි. අපි වවමු (බ)
පළමුවෙන්ම රජය මිලදී ගැනීමේ ක්‍රමවේදයක් හැදුවොත් කරන්න පුළුවන්. නැත්නම් ඉතින් තවත් වහ බොන කට්ටිය වැඩිවෙයි. පේනවානේ වී සහ තේ වලට වෙලා තියෙන දේ (නි)
අනේ අපොයි රටට ගිය කලක්! (නි)
අපේ මිනිස්සු දැන් හරිම කම්මැලි වෙලා (නි)