IMG-LOGO

2025 මැයි මස 14 වන බදාදා


මර්වින්ට සහාය නැතිලු

ඇමැති මර්වින් සිල්වා මහතා   කැලණිය ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස නැවත පත් නොකරන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින බවත්, එලෙස පත් කළ හොත් ඔහු සමග දේශපාලනය නොකරන බවත් කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා කියයි.

ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 12 දෙනකු ද සමග මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ         ඔහු පැවසුවේ ඇමැති මර්වින් සිල්වා හැර වෙනත් ඕනෑම අයකු සමග කැලණියේ දේශපාලනය කිරීමට සූදානම් බවයි.

බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කැලණියේ වැඩ බැලූ කෙටි කාලයේ ඔහු සමග කැලණියට විශාල වැඩ කොටසක් කළ බව ද සභාපතිවරයා කීවේය.

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිත කුමාර මහතා -

‘ඇමැති මර්වින් නැවත කැලණියට පත් කරන බවට පළ වූ පුවත් සමග අපි පුරා වසරක් කැලණිය පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග සුහදව කටයුතු කරමින් ජනතාව වෙනුවෙන්  සිදුකළ වැඩට මළගම උදාවෙනවා.   අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක දේශපාලනය කළත් පහළ සාමාජිකයා කලකිරීමකට පත්වී ඉන්නේ මේ තත්ත්වය නිසා. අපිට ඒක නිවැරදි කරන්න බෑ.  අපි ජනපතිගෙන් ඉල්ලන්නේ මන්ත්‍රීවරුන්ගේ ජිවිත තුට්ටු දෙකෙට වැටිලා මහ පාරේ මැරෙන යුගයක් බිහිකරන්න එපා කියලයි.‘

(වීඩියෝ සහ ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)

 

 



අදහස් (0)

මර්වින්ට සහාය නැතිලු

ගුණවර්ධන Sunday, 19 January 2014 03:48 PM

මම නම් කියන්නේ මර්වින් මහතා දැන් ඉතින් විශ්‍රාම ගතවිය යුතු බවයි. (දිල්)

:       0       0

අසෝකා Sunday, 19 January 2014 04:03 PM

මේ කතා කියපු අයවත් හෙට වෙනකොට අතුරුදහන් වෙලා තියෙයිද දන්නේ නැහැ. රටට එපා වෙච්ච අයව තානාපති කලාම ඒ රටවලිනුත් අපේ රටගැන තියෙන ගෞරවය නැතිවෙලා යනවා. හැමදාමත් අපිට උනේ ඔය ටික තමයි. (නදී)

:       0       0

පිටබැද්දර ජයා Sunday, 19 January 2014 04:12 PM

කැලණියේ මිනිසුන්ට මොලේ පෑදුන එක නම් හොඳයි , මොනවා උනත් අර මැරුන මනුස්සයට පින් සිද්ද වෙන්න ඕනා.(නදී)

:       0       0

රනිල් Sunday, 19 January 2014 04:28 PM

ඇත්තටම බීරි අලින්ට වීණා ගහනවා වගෙයි. මුළු කැළණියම එපා කියන මෙයාවම ඇයි එතනටම ඔබන්න හදන්නේ.(නදී)

:       0       0

නිමල් පෙරේරා Sunday, 19 January 2014 04:34 PM

මැරුන හසිත මඩවල ගේ ෆොටෝද පෙන්වලා කතාව කළා නම් මීට වඩා දෙයක් දැනෙන්න තිබුනා.(නදී)

:       0       0

රම්සි Sunday, 19 January 2014 06:19 PM

මේකනේ පුරස්නේ කොලුවෝ , අරයගේ කිල්ලොටේ මෙයාගේ හුනුටිකක් තියෙනවා.(නදී)

:       0       0

ශෂී Sunday, 19 January 2014 06:56 PM

ඒක නම් ඇත්ත අශෝකා, පිටබැද්දර ඡායා, මේ කතා කියපු අයවත් හෙට වෙනකොට අතුරුදහන් වෙලා තියෙයිද දන්නේ නැහැ. රටට එපා වෙච්ච අයව තානාපති කලාම ඒ රටවලිනුත් අපේ රටගැන තියෙන ගෞරවය නැතිවෙලා යනවා. හැමදාමත් අපිට උනේ ඔය ටික තමයි. දැන් තියෙන තානාපති කාර්‍යාල වලින් රටට වෙන සෙතේ මොකක්ද?  (නදී)

:       0       0

සුනිල් ජයතිස්ස Sunday, 19 January 2014 08:21 PM

මර්වින් තමයි කැලණියට එන්න ඕනේ. අනිත් අය තමයි කැලණිය කෑවේ.(නදී)

:       0       0

සලිම් Sunday, 19 January 2014 10:25 PM

ඇයි කැලණියට දගලන්නේ ? මන්තිරිතුමනි, පැරකුම්බාහු රජතුමා ඉපදුනු දැදිගම පුරවරයට ආසන සංවිදායකකු නැති නිසා එන්ඩකෝ දැදිගමට.(නදී)

:       0       0

රෝහිත මාරකොනේ Sunday, 19 January 2014 10:30 PM

හැමෝම මෙයාට ඔච්චර බය ඇයි? (නදී)

:       0       0

විධුෂක Sunday, 19 January 2014 11:49 PM

ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් පහස ලැබුවාවු, කැලණිය පුදබිමෙන් මත්කුඩු ජාවාරම තුරන් කළාවුද ,මත්පැන් වෙළදාමට තිත තැබීමට ක්‍රියා කළාවුද,කප්පම් ගැනීම දුරිබුත කළා වුද, මංකොල්ල කරුවන්ට යන එන මං නැති කළා වුද, ස්ත්‍රී දුෂකයන්ගෙන් සහ ළමා අපයෝජකයන් ගෙන් පුද බිම පිරිසිදු කළා වුද,මාළු වෙළදාම් මාෆියාව විනාශ කළා වුද, අපේ සහස්ශ්‍රයේ ගැමුණු මහරජාණන්ට දීර්ඝායු ම සම්පත් ලැබේවා! (නදී)

:       0       0

රංජිත් Monday, 20 January 2014 12:55 AM

සමාජයට කතාකරන විටත්, පාර්ලිමේන්තුවේ කතාකරනවිටත් සංවර විය යුතුයි. එසේ නොවු විට මෙවැනි දේවල් වෙනවා.(නදී)

:       0       0

පෙරේරා Monday, 20 January 2014 06:29 AM

බුදුන් වැඩිය කැලණියට ආචාර්ය මර්වින් වගේ උගත් බුද්ධිමත් ඇමති කෙනේකුව පත්කරගන්න මොකද මේ අයට සහය දෙන්න බැරි? (නදී)

:       0       0

සත්‍යයා Monday, 20 January 2014 07:02 AM

මර්වින්ට දඬුවම් කළොත් දන්නවා කුඩු කෑ කතාව මිනිහා ලෝකෙටම කියනවා කියලා. (නදී)

:       0       0

පද්මපානි Monday, 20 January 2014 07:29 AM

ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩ යෙක් ලු . වඳින්න වඳින්න ගහන කෙනත් මෝඩයෙක් ලු. බලන කොට අපේ රටේ තියෙන්නේ රටට ආදරේ ඇති සහ ආදරේ නැති දෙකොට්ටාශයක් නොවෙයි වඳින අය සහ වඳින කොට ගහන අය කියන ප්‍රභේදනයයි. (නදී)

:       0       0

රෝහණ Monday, 20 January 2014 07:52 AM

මර්වින් ආචාර්ය තුමාට විරුද්ධව රටේ ලොකු තැන්වලින් කිසිම දෙයක් කරන්නේ නැත. එයට හේතුව කිම. (නදී)

:       0       0

චන්ඩි Monday, 20 January 2014 09:48 PM

ඡන්දේ ඉල්ලන්න කලින් ඡන්ද දායකයින්ට මීට වඩා හොදට කතා කළොත් නරකද(දිල්)

:       0       0

රත්න Sunday, 19 January 2014 11:42 AM

බුදු අම්මේ.. දුටුගැමුණුට ගිය කළ. (නදී)

:       0       0

සුදත් පෙරේරා Sunday, 19 January 2014 12:01 PM

මේ අයගේ කතාවට කන් දුන්නොත් නරකද? කැලණිය ගැන ආයෙමත් හොද හොද දේවල් පත්තර වල වැටේවි වගෙයි. (නදී)

:       0       0

ලක්ෂමන් ජයවර්ධන Sunday, 19 January 2014 12:16 PM

ඒ මර්වින් සහ මේ මර්වින්ලා හැරෙන්න තවත් මර්වින්ලා සිටිත්ද? (නදී)

:       0       0

ධම්ම Sunday, 19 January 2014 12:28 PM

මෙයාට වෙන දෙන්න දෙයක් ඇත්තෙම නැද්ද. තානාපති කම දීලා ඇමෙරිකාවට යවන්නකෝ හොඳට භාෂාවත් (ඉංග්‍රීසි) පුළුවන් නිසා. (නදී)

:       0       0

රත්නායක ආරච්චිගේ Sunday, 19 January 2014 12:58 PM

මෙයාව තානාපති කෙනෙක් කරලා යවන්න ඕන සයිබීරියාවට.(දිල්)

:       0       0

සෑම් Sunday, 19 January 2014 01:05 PM

ඔයගොල්ලෝ මොනවා කිවුවත් වැඩක් නැහැ. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

හපුතලේ ගමකට මහ සුළඟක්
2025 මැයි මස 13 336 0

හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත


මෙරට තරුණයන්ගෙන් ලක්ෂ 65 අක්‍රියයි
2025 මැයි මස 13 556 0

රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස


වෙන්නප්පුව මුහුදේ සිවු දෙනෙක් ගසාන යති
2025 මැයි මස 13 382 0

වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව


මහරගම තරුණ සේවා සභාව ලස්සන දන් දෙයි
2025 මැයි මස 13 677 0

වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.


ලුණු මිල ඉහළට
2025 මැයි මස 13 1311 2

ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.


කොත්මලේ අනතුර ගැන සොයන කමිටුව කොත්මලේට
2025 මැයි මස 13 618 0

කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1302 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1549 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 400 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site