ඇමැති මර්වින් සිල්වා මහතා කැලණිය ආසනයේ ශ්‍රීලංකා නිදහස් පක්ෂ ප්‍රධාන සංවිධායක ලෙස නැවත පත් නොකරන ලෙස ජනපතිගෙන් ඉල්ලා සිටින බවත්, එලෙස පත් කළ හොත් ඔහු සමග දේශපාලනය නොකරන බවත් කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා කියයි.
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 12 දෙනකු ද සමග මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ ඔහු පැවසුවේ ඇමැති මර්වින් සිල්වා හැර වෙනත් ඕනෑම අයකු සමග කැලණියේ දේශපාලනය කිරීමට සූදානම් බවයි.
බස්නාහිර හිටපු මහ ඇමැති ප්‍රසන්න රණතුංග මහතා කැලණියේ වැඩ බැලූ කෙටි කාලයේ ඔහු සමග කැලණියට විශාල වැඩ කොටසක් කළ බව ද සභාපතිවරයා කීවේය.
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ලංකා විජිත කුමාර මහතා -
‘ඇමැති මර්වින් නැවත කැලණියට පත් කරන බවට පළ වූ පුවත් සමග අපි පුරා වසරක් කැලණිය පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය සමග සුහදව කටයුතු කරමින් ජනතාව වෙනුවෙන් සිදුකළ වැඩට මළගම උදාවෙනවා. අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ක දේශපාලනය කළත් පහළ සාමාජිකයා කලකිරීමකට පත්වී ඉන්නේ මේ තත්ත්වය නිසා. අපිට ඒක නිවැරදි කරන්න බෑ. අපි ජනපතිගෙන් ඉල්ලන්නේ මන්ත්‍රීවරුන්ගේ ජිවිත තුට්ටු දෙකෙට වැටිලා මහ පාරේ මැරෙන යුගයක් බිහිකරන්න එපා කියලයි.‘
(වීඩියෝ සහ ඡායාරූප ගයාන් මධුසංඛ හෙට්ටිආරච්චි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් කියන්නේ මර්වින් මහතා දැන් ඉතින් විශ්‍රාම ගතවිය යුතු බවයි. (දිල්)
මේ කතා කියපු අයවත් හෙට වෙනකොට අතුරුදහන් වෙලා තියෙයිද දන්නේ නැහැ. රටට එපා වෙච්ච අයව තානාපති කලාම ඒ රටවලිනුත් අපේ රටගැන තියෙන ගෞරවය නැතිවෙලා යනවා. හැමදාමත් අපිට උනේ ඔය ටික තමයි. (නදී)
කැලණියේ මිනිසුන්ට මොලේ පෑදුන එක නම් හොඳයි , මොනවා උනත් අර මැරුන මනුස්සයට පින් සිද්ද වෙන්න ඕනා.(නදී)
ඇත්තටම බීරි අලින්ට වීණා ගහනවා වගෙයි. මුළු කැළණියම එපා කියන මෙයාවම ඇයි එතනටම ඔබන්න හදන්නේ.(නදී)
මැරුන හසිත මඩවල ගේ ෆොටෝද පෙන්වලා කතාව කළා නම් මීට වඩා දෙයක් දැනෙන්න තිබුනා.(නදී)
මේකනේ පුරස්නේ කොලුවෝ , අරයගේ කිල්ලොටේ මෙයාගේ හුනුටිකක් තියෙනවා.(නදී)
ඒක නම් ඇත්ත අශෝකා, පිටබැද්දර ඡායා, මේ කතා කියපු අයවත් හෙට වෙනකොට අතුරුදහන් වෙලා තියෙයිද දන්නේ නැහැ. රටට එපා වෙච්ච අයව තානාපති කලාම ඒ රටවලිනුත් අපේ රටගැන තියෙන ගෞරවය නැතිවෙලා යනවා. හැමදාමත් අපිට උනේ ඔය ටික තමයි. දැන් තියෙන තානාපති කාර්‍යාල වලින් රටට වෙන සෙතේ මොකක්ද? (නදී)
මර්වින් තමයි කැලණියට එන්න ඕනේ. අනිත් අය තමයි කැලණිය කෑවේ.(නදී)
ඇයි කැලණියට දගලන්නේ ? මන්තිරිතුමනි, පැරකුම්බාහු රජතුමා ඉපදුනු දැදිගම පුරවරයට ආසන සංවිදායකකු නැති නිසා එන්ඩකෝ දැදිගමට.(නදී)
හැමෝම මෙයාට ඔච්චර බය ඇයි? (නදී)
ගෞතම බුදුන් වහන්සේගේ ශ්‍රී පාදස්පර්ශයෙන් පහස ලැබුවාවු, කැලණිය පුදබිමෙන් මත්කුඩු ජාවාරම තුරන් කළාවුද ,මත්පැන් වෙළදාමට තිත තැබීමට ක්‍රියා කළාවුද,කප්පම් ගැනීම දුරිබුත කළා වුද, මංකොල්ල කරුවන්ට යන එන මං නැති කළා වුද, ස්ත්‍රී දුෂකයන්ගෙන් සහ ළමා අපයෝජකයන් ගෙන් පුද බිම පිරිසිදු කළා වුද,මාළු වෙළදාම් මාෆියාව විනාශ කළා වුද, අපේ සහස්ශ්‍රයේ ගැමුණු මහරජාණන්ට දීර්ඝායු ම සම්පත් ලැබේවා! (නදී)
සමාජයට කතාකරන විටත්, පාර්ලිමේන්තුවේ කතාකරනවිටත් සංවර විය යුතුයි. එසේ නොවු විට මෙවැනි දේවල් වෙනවා.(නදී)
බුදුන් වැඩිය කැලණියට ආචාර්ය මර්වින් වගේ උගත් බුද්ධිමත් ඇමති කෙනේකුව පත්කරගන්න මොකද මේ අයට සහය දෙන්න බැරි? (නදී)
මර්වින්ට දඬුවම් කළොත් දන්නවා කුඩු කෑ කතාව මිනිහා ලෝකෙටම කියනවා කියලා. (නදී)
ගහන්න ගහන්න වඳින මිනිහත් මෝඩ යෙක් ලු . වඳින්න වඳින්න ගහන කෙනත් මෝඩයෙක් ලු. බලන කොට අපේ රටේ තියෙන්නේ රටට ආදරේ ඇති සහ ආදරේ නැති දෙකොට්ටාශයක් නොවෙයි වඳින අය සහ වඳින කොට ගහන අය කියන ප්‍රභේදනයයි. (නදී)
මර්වින් ආචාර්ය තුමාට විරුද්ධව රටේ ලොකු තැන්වලින් කිසිම දෙයක් කරන්නේ නැත. එයට හේතුව කිම. (නදී)
ඡන්දේ ඉල්ලන්න කලින් ඡන්ද දායකයින්ට මීට වඩා හොදට කතා කළොත් නරකද(දිල්)
බුදු අම්මේ.. දුටුගැමුණුට ගිය කළ. (නදී)
මේ අයගේ කතාවට කන් දුන්නොත් නරකද? කැලණිය ගැන ආයෙමත් හොද හොද දේවල් පත්තර වල වැටේවි වගෙයි. (නදී)
ඒ මර්වින් සහ මේ මර්වින්ලා හැරෙන්න තවත් මර්වින්ලා සිටිත්ද? (නදී)
මෙයාට වෙන දෙන්න දෙයක් ඇත්තෙම නැද්ද. තානාපති කම දීලා ඇමෙරිකාවට යවන්නකෝ හොඳට භාෂාවත් (ඉංග්‍රීසි) පුළුවන් නිසා. (නදී)
මෙයාව තානාපති කෙනෙක් කරලා යවන්න ඕන සයිබීරියාවට.(දිල්)
ඔයගොල්ලෝ මොනවා කිවුවත් වැඩක් නැහැ. (ත)