‘මම කැළණියේ භාර ගත් වැඩ ටිකක් තියෙනවා .තව මාස හය හතකින් ඒ වැඩ කොටස අවසන් කරනවා.ඊට පස්සේ මට කැළණියේ බලෙන් ඉන්න ඕන්න ඕනෑ කමකුත් නෑ.කැළණිය අග්‍රගණ්‍ය පුණ්‍ය භූමියක් කරන්න මට ඕනෑ කැර තිබෙනවා. මට ඊට අවසර දෙන්න..මම කූඩැල්ලෙකුත් නෙවේ.ගෙම්බෙකුත් නෙවෙයි.’
‘මගේ ගමන් මගට අවහිර බාධක තිබේ නම් ඒවා කඩා බිඳගෙන යනවා හැබැයි උපන් ගේ වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අමතක කරන්නේ නෑ.’ මහජන සබඳතා ඇමැති මර්වින් සිල්වා මහතා කැළණිය වන වාසල උත්සවයකදී එසේ පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්දා, ඔබතුමාටත් අමතක වීමේ ලෙඩේ හැදිලා වගේ. (නි)
මේවා මෙහෙම වෙන එක ගැන තමයි බුදු දහමේත් සඳහන් වෙන්නේ. (නි)
මොකක්හරි රටකට දීර්ඝකාලීන වීසා අරගෙන කියලා කතාවක් එහෙම තියෙනවද? (නි)
පමණට වඩා උඩපනින දේශපාලකයන්ට ඔබතුමා "හොඳ පාඩමක්" කියා දෙන්න වගෙයි හදන්නේ. (නි)
ඔබතුමාට කැලණිය එපාවෙලාද? නැත්නම් කැලණියට ඔබතුමා එපාවෙලද? හිතාගන්න අමාරුයි (නි)
ඔයා ගියොත් අර සමහර අයට යන කල මොකක්ද? එයාලගේ අනාගතයට මොකද වෙන්නේ? (නි)
සියලුදේ අනිත්‍යයි කියලා ඔබතුමා තේරුම්ගත් එකම කොච්චර උතුම්ද? (නි)
පින් සූදානම් කරගන්න එපැයි, එතුමා වුණත් (නි)
එතකොට ඔක්කොම හරිද? (නි)
දොහොත් මුදුන් තබා වඳිම් කැළණි විහාරේ.... (නි)
අනේ මන්දා, එක වෙලාවකට අපේ රටේ දේශපාලකයෝ ගැන හිතාගන්න බැහැ (නි)
සත්‍යා මහත්මයාණනි, ඔබතුමා මර්වින් සිල්වා නමැති පුද්ගලයා සැබැවින්-පියවි ඇසින් දැක තිබෙනවාද? (නි)
ගමට වැඩක් කරපු මනුස්සයෙක්. (ස)
දැන් ඉතින්, උපන්දා සිට කරපු පවු නැත වරක් වැන්දොත් කැළණියේ කියලා පිනක් දහමක් කරගන්න එක වටිනවා. (නි)
මෙතුමා නේද අර කනත්තේ වළකුත් සූදානම් කළේ? (නි)
දැන් නම් වැඩේ අවසානයි වගෙයි (නි)
හා හා බලාගෙනයි....කකුලේ කටු ඇනෙයි.....පැන යන්නේ නම් බලා ගෙන හොඳේ..... පිරිසිඳු ජලේ උනත් ගෙඹි බිත්තර තියෙයි.....බැසයන ජලේ උනත් කුඩල්ලන් ඉඳියි.....හා හා බලාගෙනයි.(නදී)
මෙතුමා දේශපාලනයේ මොලකාරයෙක්වත් විරයෙක්වත් දේශපාලනයට නැතිවම බැරි කෙනෙක්වත් නෙවෙයි. මෙතුමාට එකී පට්ටන් ඔක්කොම දුන්නේ එතුමාගේම වටේ හිටපු බඩගොස්තරවාදීන් විසිනුයි. එතැනදී සිදුඋනේ මෙතුමා විසින්ම "නියම තමන් " මකාගෙන "වෙන තමන් කෙනෙක් " එතුමා තුළ ඇතිකරගැනීමය. නිහඬ දේශපාලනයට හිටපු ගමන්ම කවුරුත් නොදන්නා මෙර්වින් කෙනෙක් රුපවාහිනි භූමියෙන් ලේ පෙරාගෙන මතුවෙනකොට ලෝකය පුරාම අන්තර්ජාලය හරහා ප්‍රචලිත වී එතුමාට ආ මඩපාර සමගම එතුමා ඉදිරියට තල්ලු උනා. ඒ වගේම ජනප්‍රියද උනා. ගම්පහ ඡන්ද ප්‍රතිපලයේ එතුමාගේ මනාප ගණන එයට සාක්ෂියකි. කෙසේවෙතත් තැන නොතැන නොබලා පුද්ගලයා නොසලකා කටයුතු කිරීම නිසාදෝ සතුරන් ඇතිවී වැඩිඋනා. පවුලේ කෙනෙකුගේ වරදකටත් මෙතුමා දෙසට ඇඟිල්ල එල්ල උනා. නමුත් සැබෑ මර්වින් සිල්වා යනූ මානුෂික හැඟීම් ඇති අහිංසක මනුස්සයෙකි යයි මම සිතනවා. එතුමා ආගමික කටයුතු වලට නැඹුරුවීමත් සමගින් එතුමාගේ පැවතුම් වෙනස් උනා. එතුමා ආධ්‍යාත්මික සුවය පතා යන ගමනේදී ඉදිකළ කැළණි ශ්‍රී විෂ්ණු දේවාලය එතුමා දැන හෝ නො දැන කළ සියලු පවු සොදා හැරීමක් ලෙසින් මම දකිමි. ඔබ එම දේවාලයට වරක් ගියහොත් එහි සැතපෙන ශ්‍රී විෂ්ණු දෙවියන් ඔබට දැක ගත හැක. එවිට එහි සංකල්පය සහ නිර්මාතෘ පින්වතා ගැන ඔබට පැහැදීමක් ඇතිවනු ඇත. එතුමා දේශපාලනයෙන් ඉවත් වී බන භාවනාවේ යෙදෙනවානම් තවත් සේවයක් සැදැහැවත් මහජනයා වෙනුවෙන් කරවාගත හැකි වනු ඇත. (නදී) .
මොනවට හරි බය වෙලා වගේ මට පේන්නේ. කළුවර මිනී පෙට්ටිය හොයා ගත්තද? (නදී)
මෙයා කැළණියෙන් ගියොත් හොදයිද? නරකද? (නදී)
ඉදිරියේදී කැළණියේ අනාගතය කෙබඳු වේවිද? (නි)
ඒ වගේම ගොඩක් දේවල් අමතක වෙලාද කොහෙද? (නි)
අල්විස් සහ ගිහාන් ගේ ප්‍රකාශයන් මෙතුමා දුටුවා නම් නිසැකවම ඔහු ඔවුන් සොයා යනු ඇත. ඒ මෙතුමාගේ ක්‍රමයයි. එය හොඳින් දන්නා අය එතුමාට ස්තෝත්‍ර කියති.(නදී)
ඉස්සර කැලණිය කිව්වම, බුදුන් වැඩිය අති උත්තම දේශය, නමුත් දැන්?(දිල්)
මැතිදුනි ඔබ යනවානම් .....කියනා තැනකට වදින්නම් ....(දී)
මෙතුමා මී ළඟ ඡන්දෙන් ගම්පහින් පළවෙනියා කරමු. ඔබ වැනි බුද්දිමත් ,නිහතමානී දක්ෂ දේශපාලකයින් අනාගතයේදී අපට නොලැබෙනු ඇත. මෙතුමාගේ පුතා මෙතුමා වෙනුවට කැලණියට ඉදිරිපත් කරමු.(නදී)
නිදහස් පක්ෂය අමතක කරන නෑ කීම මට ඇල්ලුවේ නෑ (අ)
මෙතුමා ගැන ගොඩක් අය වැරදි විදියට සිතාගෙන සිටියට මෙතුමා හොද මහාත්මා ගති තියෙන වැදගතෙක් සහා උගතෙකි මෙතුමාට මා ගෞරව කරමි (අ)
ගිහාන් මහත්තය දකින්නේ ඇමතිතුමාගේ හොද පැත්ත විතරයි. දෙපැත්තම දකින්න.(නදී)
යනවා නොවේ යන්න සිදු විය (අ)
කෙනෙකුගේ හොඳ දකින්නට පුරුදු වීම භාවනාවක් බව අමතක කරන්න එපා. එයින් සිදුවන්නේ නරක නොපෙනීමයි. ඔබ මෙන්ම මමත් හොඳ නරක කලවම් වී ඉපදී ඇත්තේ ජාති පුරුද්දටයි. එහෙත් ඒවා මතු කර නොගෙන මහතුන් ලෙසින් සියල්ලන්ටම සලකන්න. එවිට ඔබට නරකක් වෙන්නෙම නැහැ. (අ)
පිස්සුද මේ කපේට වෙන දෙයක්ද එතුමාට කැලණිය එපා වෙන එක (දී)
මොනාඅ වෙන්න යනවාද දන්නේ නැහැ (දී)
පමා වෙලා හරි මෙතුමා ඇත්ත තේරුම් කරගෙන.(දී)
යන කොට කොරහත් බිඳ ගෙන යයිද? (නදී)
"මර්වින් සිල්වා යනූ මානුෂික හැඟීම් ඇති අහිංසක මනුස්සයෙකි....." අනේ මගේ කට. රට බල්ලට යන එක පුදුමයක්යැ.(දී)
දැන් මෙතුමා බොරැල්ල කනත්තේ වල කපාගෙනනේ ඉන්නේ.(නදී)
අනේ අල්විස් මහත්තය අපි මැරිලා ඉපදුනේ නෑ. (නදී) .
මොහු මෝඩයෙක් නොවේ ජනතාවගේ මෝඩකම හදුනාගෙන ඉන් උපරිම වාසී බුක්තිවිදින හොදට රගපාන්න පුළුවන් නළුවෙකි.(නදී)
යනවා නම් අනේ කැළණියෙන් - යන තැනකට යන්න රත්තරන්.(නදී)
කොහේ ඉපදුනත් හොඳින් ඉන්න.(නදී)
මම නම් හිතන්නේ මර්වින් කියන්නේ හිත හොඳ මිනිහෙක්. එයාට අසාධාරණය පෙන්වන්න බෑ (අ)
අසාධාරණය පෙන්වන්න බැරි සාධාරණ ඉල්ලීම්වලට ඇහුම්කන් දෙන මනුෂ්‍යයෙක් (අ)
ඔබතුමාට වාසනාවක් තිබුනා මහජන ප්‍රසාදයෙන් වැඩි ඡන්ද ලබාගන්න. වාසනාවන් ඔබතුමාට! (නි)