අසාධාරණ ගුරු මාරුවක් ලැබුණු බව කියමින් ඊට විරෝධය පා කොළඹ රාජකීය විද්‍යාලයයේ වහළය උඩ නැගි ගුරුවරිය මාධ්‍යයට අදහස් දැක්වීමේ චෝදනාවට ද යටත් කර නව සංශෝධිත චෝදනා පත්‍රයක් නිකුත් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශ ආරංචි කියයි.
2012.09.08 වැනි දා නිකුත් කළ මුල් චෝදනා පත්‍රය සංශෝධනය කරමින් නව සංශෝධනය එවා ඇත්තේ 2013.12.11 වැනි දා ය.
පළමු චෝදනා පත්‍රය අනුව පත් කළ විනය පරීක්ෂණය පසු ගිය 12 වැනි දා අධ්‍යාපන අමාත්‍යංශයේ දී විනය පරීක්ෂණය ආරම්භ කළේය. ඊට එම ගුරුවරියද සහභාගී වී ඇත.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ 2-2 පන්තියේ නිලධාරිනියක වන විතානගේ කළ්‍යානි දිසානායක මහත්මිය රාජකීය විද්‍යාලයයේ වහළය උඩට නැංගේ පසුගිය අගෝස්තු 30 වැනි දාය.
ඇයට ලබා දී තිබූ ස්ථානමාරුව අවලංගු කර ඇය දැනට කලාප කාර්යාලයයට අනියුක්ත කරනු ලැබ සිටින්නීය.
අධ්‍යාපන ලේකම් අනුර දිසානායක මහතාගේ අත්සනින් නිකුත් කර ඇති නව චෝදනා පත්‍රයේ සඳහන් වන්නේ කොළඹ රාජකීය විද්‍යාලයයේ සේවය කරමින් සිටියදී වෘත්තියට නොගැලපෙන සිද්ධියක් පිළිබඳ ජනමාධ්‍යවලට ප්‍රසිද්ධියේ අදහස් ප්‍රකාශ කිරීමෙන් ආයතන සංග්‍රහයේ වගන්ති උල්ලංඝනය කර ඇති බවයි.
ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසුවේ මාධ්‍යයට අදහස් දැක්වීම ගැන එම ගුරුවරියට එරෙහිව චෝදනා පත්‍රයක් නිකුත් කළත් ඇයට එරෙහිව අදහස් ප්‍රකාශ කළ එම විද්‍යාලයයේ අනිත් ගුරුවරුන් ගැන පරීක්ෂණයක් නැති බවයි.
මෙය එම ගුරුවරියගෙන් පළි ගැනීමට කළ වැඩක් බවත්, ඇයට ස්ථාන මාරුව ලැබුණේ අසාධාරණකම්වලට එරෙහිව හඩ නැගීම නිසා බවත් නීතිය සැමට සාධාරණ නම් අනිකුත් ගුරුවරුනට එරෙහිව ද විනය පරීක්ෂණ පැවැත් විය යුතු බවත් ස්ටාලින් මහතා පැවසීය.
අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් අනුර දිසානායක මහතා පැවසුවේ අනිත් ගුරුවරුන්ට එරෙහිව පැමිණිලි ලැබී නැති බවයි. එවැනි පැමිණිල්ලක් ලදහොත් සාධාරණ විමර්ශනයක් පවත්වන බව ද දිසානායක මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගුරුවරයෙකුට අසාධරනයක් උනොත් එයාටම ගහනවා. අක්කා බය නැතුව ඉන්න. ඔයාට විතරක් ආයතන සංග්‍රහය ක්‍රියාත්මක කළොත් බලමුකො. (ත)
නිතිය කාටත් පොදු විය යුතුයි . සියලු දෙනාම එයට ගරු කළොත් රට හැදේවි නැත්නම් රට විනාශයි.. නීතිය බලය අනුව භාවිතා නොකලයුතුය.(අ)
තදින්ම දඬුවම් කරන්න.(නදී)
ආයතන සංග්‍රහයේ වගන්තිවලින් මානව හිමිකම් උල්ලංඝනය වෙනවා නේද? (නදී)
පළවෙනියෙන්ම කිව යුත්තේ අද අපේ රටේ පාසල් වර්ග කිරීම නතර කල යුතුයි. මොකද රෝයල් විසාඛා වලට යන ගුරුවරු හිතන්නේ එයාල තමයි ඉහල පැලැන්තිය කියලා. ඒ ගොල්ලෝ ඉන් පසුව වෙනත් පාසල් වලට යන්න කැමති නැහැ. ඊලග එක තමයි ටියුෂන් සෙල්ලම ගම් වලට බෝ උනෙත් ඔන්න ඔය කියන ලොකු පාසල් වලින්. දැන් මේ ගුරුතුමියගේ ප්‍රශ්නය සාධාරණද නැද්ද කියන්න මම දන්නේ නැහැ. නමුත් කාගේ උනත් ප්‍රශ්නයකට සාධාරණ පිලියමක් තිබිය යුතුයි.(නදී)
මතු පිටින් පෙනෙන දෙය නෙවෙයි සෙවිය යුත්තේ. එතුමිය වහලට නගින්න තරමට ඇය ඒ තත්වයට පත් කල අයටයි පරීක්ෂණ පැවැත්විය යුත්තේ. නැතිව නිකං කෙනෙක් වහලට නගින්නේ උස බලන්න ද? (නදී)
මේකද ප්‍රජාතන්ත්‍රවාදය කියන්නෙ. (ස)
ගමේ පාසලෙන් යන්න බෑ කියල වහලේ උඩ නැගපු කව්රුත් ඉන්නවද.? (නදී)
ඉස්සර ගුරුවරු දැන් වගේ උඩ පනින්නේ නැහැ. ඉස්කෝල තියෙන්නේ ළමයින්ට ඉගෙනගන්න. ගුරුවරු ඉන්නේ ළමයින්ට උගන්වන්න. මෙයාලා සේරම කරන්නේ ළමයි බිල්ලට තියන් ආණ්ඩුවෙන් කප්පම් ගන්න එක.(නදී)
ලංකාවේ අධ්‍යාපන බලධාරීන් හොඳයි. නියම තීන්දු තීරන ගන්නේ. අධ්‍යාපන බලධාරීන්ට නායකත්වය සපයන අයද එසේමය.(නදී)
තමන්ට සිදුවුණු අසාධාරණය ගැන ගුරු මාතාවක් වෙලත් වහලට නැගීමට තරම් එඩිතර වීම ගැන ආඩම්බර වෙනවා. ආයතන සංග්‍රහයේ මොනවා තිබ්බත් තමන්ට වුණු අසාධාරණය ගැන කියන්නේ නැතිව ගොලුවෙක් වගේ ඉන්න කියලද කියන්නේ. ලංකාවේ සේවකයන්ට තිබෙන අයිතිවාසිකම්වල තරම මේවායින්ම තෙරෙනවා. (නදී)
"වෘත්තියට නොගැලපෙන සිද්ධියක්" කියන්නේ මොකක්ද? ළමයින්ට ඉගැන්වීමට අමතරව තව කොතෙක් දේවල් තියෙනවද ගුරු වෘත්තියට අදාලව? ඇගේ මාරුව හරි නම් මොකටද අවලංගු කලේ?ආයතන සංග්‍රහයේ තියෙන්නේ මෙන අසාධාරණය වුනත් ඉවසගෙන ලොක්කන්ට ඕනැ විදියට ඉන්න කියලද? පිරිමි ගුරුවරුන්ට නැති හයියක් මෙතුමියට තිබුනා. මේ වගේ ගුරුතුමියන් ඉන්න ඕනේ දරුවන්ට ආදර්ශෙට ගන්න. නැත්නම් බිහිවෙන්නේ අසාධාරනයට ඔලුව පහත් කරන නිවට පරපුරක්. ලොක්කන්ට බිහිකරගන්න ඕනත් එහෙව් පරපුරක් වෙන්නැති. ඒකයි මෙතුමියට මෙතරම් අරියාදුව.(නදී)