
(එච්. එම්. ධර්මපාල)
දැනට බන්ධනාගාර ගතව සිටින සංවිධානාත්මක මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන අත්තිඩිය 'මර්වින් ජානා' නමැත්තාගේ ඥාති සහෝදරියක් බොරලැස්ගමුවේදී අද(25) අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලීසිය කියයි.
සුඛෝපභෝගී රථයක්, රුපියල් මිලියන 140 කට අධික මුදල සංසරණය වූ බැංකු ගිණුම් පොත් 7 ක් ද සැකකාරිය සතුව තිබී පොලිසිය බාරයට ගෙන තිබේ.
සැකකාරිය බොරලැස්ගමුව ප්‍රදේශයේ දේවාලමුල්ල 1 වන පටුමග පදිංචිව සිටින වයස 45 ක් වන තිදරු මවකි. ඇයගේ සැමියාද මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ වී බන්ධනාගාර ගතව සිට ඇප මත සිටින අයෙකු බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd