IMG-LOGO

මරුවා ෂැම්පේන් බෝතලයෙන් පනී

පල්ලෙවෙල මිහිඳුපුරයේ පැවැති සාදයක දී ව්‍යාපාරිකයකු හා තැපැල් සේවකයකු මිය ගොස් පොලිසියේ දෙදෙනකු අසාධ්‍ය තත්ත්වයට පත්වී ඇත්තේ විදෙස් රටකින් ගෙනා බව කියන ෂැම්පේන් පානය කිරීමේ දී බව හෙලිවී ඇතැයි මීරිගම පොලිසිය කියයි.

මියගිය දෙදෙනාගේ මරණයට හේතුව අනාවරණය කර ගැනීමට ගම්පහ මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා ලවා පශ්චාත් මරණ පරීක්ෂණය පවත් වන ලෙස අත්තනගල්ල වැඩ බලන මහේස්ත්‍රාත් එස් යූ බී ගුණවර්ධන මහතා මීරිගම පොලිසියට නියෝග කළේය.

 



අදහස් (0)

මරුවා ෂැම්පේන් බෝතලයෙන් පනී

රණතුංග Monday, 28 April 2014 12:51 AM

ඔය බෝතලේ එවපු රටෙත්, අපේ ලංකාවේ වගේ,බෝතල් හොරට පුරවනවද දන්නේ නැහැ නේද ? එහෙම බෝතලයක්ද දන්නේ නැහැ වැරදිලා ඇවිල්ලා තියෙන්නේ ? (දී)

:       0       0

ගාල්ලේ ඇතීනා Monday, 28 April 2014 03:03 AM

ගිරිගොරිස්ගේ කතාවෙත් ඇත්තක් තියෙන්න පුළුවනි. මගේ ලග සහෝදරයෙක්ට ඔහොම වැඩක් වුණා. මාමණ්ඩි ගෙදර පොල් ගහක රා මැද්දේ උන්දැට බොන්ඩ හැමදාම සෙනසුරාදට රා හොරෙක් බොනවා උන්දැට හිස් මුට්ටිය. එදා හොරට පාඩමක් උගන්නන්න දාල වස මුට්ටියට.එදා සෙනසුරාදා රා හොරා කිසිම දිනක නොබිව් බෑනා බව දැනගන්නකොට පමා වෙලා වැඩියි. (දී)

:       0       0

සෑම් Sunday, 27 April 2014 07:55 AM

මේවාට වයින් කිව්වොත් වයින් වලට මොනවද කියන්නේ? මේවා ''මිනිස් නාශක'' මිසක් වයින් නොවේ. මියගිය අයට නිවන් සුව. (දී)

:       0       0

නිශාන් Monday, 28 April 2014 04:26 AM

ඕස්ට්‍රේලියාවේ කාලය ඉකුත් වූ මත්පැන් අපද්‍රව්‍ය විනාශ කරන තැන්වලට යවනවා. ඕවගේ වැඩ කරන අපේ උදවිය ඕවා ගෙනත් බොනවා මේකත් එහෙම එකක්ද දන්නේ නැහැ. (නදී)

:       0       0

කුමාරි Sunday, 27 April 2014 08:59 AM

හිතා ගන්න බැහැ උනේ මොකද්ද (දී)

:       0       0

ධම්ම Sunday, 27 April 2014 09:28 AM

බොන්නේ සුවයක් පතාගෙනනේ. ඒත් රෝහල් ගත කල දෙදෙනාට නම් විඳවන්න වෙනවා. (දී)

:       0       0

දමයන්ති Sunday, 27 April 2014 11:35 AM

සිහිය නැතිකරගන්නේ ඉල්ලගෙන සල්ලි දීලා (දී)

:       0       0

ඩිසී Monday, 28 April 2014 06:53 AM

සෑම් ඩෝප් කාරයොත් නිවන් දකිනවද අාගමට අපහාස කරන්න එපා.(නදී)

:       0       0

ඩිසී Monday, 28 April 2014 06:09 AM

රෙක්ස් ද සිල්වා හරියටම හරි.(නදී)

:       0       0

සරදියෙල් Sunday, 27 April 2014 11:52 AM

බිවුවොත් ඔහොම තමයි (දී)

:       0       0

ලලිත් අපොන්සු Sunday, 27 April 2014 05:02 PM

හොඳා හොඳා සන්තෝසයි (දී)

:       0       0

මාටින් Monday, 28 April 2014 08:59 AM

ඕක තමයි කියන්නේ, ගහේ බඩු වලට අද තැන නැහැනේ. (නි)

:       0       0

ශ්‍රී Monday, 28 April 2014 08:38 AM

මේකේ අදහස් දාලා තියෙන්නේ ඔක්කොම සුද්දවන්තයෝ. කිසි පවක් කරලා නැති උතුම් අය. තමන්ගේ ඇහේ පොල් පරාල තියෙද්දී අනුන්ගේ ඇස් වල තිබෙන රීප්ප බලන්න යන්න එපා (නි)

:       0       0

කළණ Monday, 28 April 2014 08:39 AM

මම හිතන්නේ කාලය ඉකුත් වුණ ඒවා. (නි)

:       0       0

සම්පත් Monday, 28 April 2014 09:38 AM

පොලිසියේ දෙන්නට නම් මුකුත් වෙන එකක් නැැහැ මම හිතන්නේ (නි)

:       0       0

විජිත Sunday, 27 April 2014 01:58 PM

මේ මත්පැන් පරික්ෂා කරන්න (දී)

:       0       0

සමන්පිය Monday, 28 April 2014 09:26 AM

ඕක තමා කියන්නේ ගහේ බඩු තමයි හොඳ කියලා (නි)

:       0       0

රෙක්ස් ද සිල්වා Sunday, 27 April 2014 07:51 PM

ලී මෝල් කාරයාගෙන් ජරාව කන්න ආපු පොලිසියේ දෙදෙනාට.දෙවියන් විසින් දුන් නියම දඩුවම.(නදී)

:       0       0

දයා අලහකොන් Monday, 28 April 2014 10:19 AM

නිකන් හම්බවෙන කොට අපේ අයියලත් කටකපලම ගහනවනේ. (අ)

:       0       0

චරිත් Sunday, 27 April 2014 08:50 PM

සෝමදාස දන්නේ නැත්නම් පඩි වදන් නොකිය ඉන්න එක තමා හොඳ.(නදී)

:       0       0

දිල්ෂාන් Monday, 28 April 2014 10:58 AM

වයින්ද ෂැමිපේන්ද කියල හිතෙනවා. (ස)

:       0       0

ගුණවර්ධන Sunday, 27 April 2014 02:25 PM

මේ අය බිල තිබෙන්නේ වයින් නොවෙයි මට හිතෙන්නේ වහා ,අපරාධේ ජිවිත ටික .(දී)

:       0       0

සෝමදාස Sunday, 27 April 2014 03:22 PM

නිවසේ මත්පැන් හදාගන්න යාමේදී හරි ප්‍රමිතියට සිදු නොවුනොත් මද්‍යසාරය වැඩි පුර හැදෙනවා ඒකයි වෙන්න ඇත්තේ (දී)

:       0       0

බන්දුල පෙරේරා Sunday, 27 April 2014 10:53 PM

ලංකාවේ බොන්නේ නැතිව මොන එකකට ශෑම්පෙන් බොන්න කියාද. පොලිසි යේ අයට පගාවක් දුන්නද.. (දී)

:       0       0

සෑම් Monday, 28 April 2014 12:00 PM

ඩිසී., මම නම් ආගමට අපහාස කළේ නැහැ. මිනිහෙක් මියගිය විට ඒකට සිංහල බුද්ධාගම්කාරයෙක් කළ යුතු ප්‍රාර්ථනය කළා. මැරුණ කෙනෙක් ජීවත්ව ඉන්දැද්දී කළ වරදක්, මියගියාට පසුවත් මතක් කරන්න තරම් පහත් ගතිගුණ මගේ ළඟ නැහැ. (නි)

:       0       0

ගිරිගොරිස් Sunday, 27 April 2014 10:24 PM

යකෝ! තවම තේරුම් අරන් නැහැනේ වෙච්ච දේ අර තැපැල් එකේ වැඩ කරන හාදය පිට රට ඉදන් කවුරු හරි අහිංසකයෙක් ලංකාවට පොස්ට් කරපු අරක්කු බෝට්ල් එකක් උස්සල. ඒක තමා බොන්න ඇත්තේ. ෂුවර් එකටම හැමදාම උස්සන නිසා වැඩක් දෙන්ඩ හිතන් කවුරු හරි වස දාලා එවුව වෙනද බැරිද ගජෝ. මට නම් හිතුනේ එහෙම දෙයක් වෙනද ඇති කියල. (දී)

:       0       0

මර්වින් Monday, 28 April 2014 12:59 PM

අදයි දන්නේ මත්පැන් කල් ඉකුත් වෙනවා කියා. (ත)

:       0       0

කුසුම් Monday, 28 April 2014 01:15 PM

අනේ මන්ද? මිනිස්සු මොන ලෝකයකද ජිවත් වෙන්නේ කියල. යථාර්තවාදීව කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ. ගිරිගොරිස් ගේ අදහසේ පමණයි කිසියම් සත්‍යක් ගැබ් වෙලා ඇත්තේ. මමත් කියන්නේ ඕක හොරකම් කළ එකක්. ඒක කලේ මොන ආකාරයකින්ද කියන්න නම් මට තේරෙන්නේ නැහැ. එහෙම නැත නම්, කවුරුහරි මේ අයට පාඩමක් උගන්වන්නම කවුරුන් හෝ කළ දෙයක්. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 104 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

MIND සමූහය මාධ්‍ය නිවේදනය.  ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන්  මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය. 2025 මැයි මස 16 500 1
MIND සමූහය මාධ්‍ය නිවේදනය. ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානයෙන් මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා ගෞරව සම්මානයට පාත්‍ර විය.

පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ

’’හරිත සරසවියක අසිරිය විඳගන්න”  NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී 2025 මැයි මස 15 263 0
’’හරිත සරසවියක අසිරිය විඳගන්න” NSBM Open Day මැයි 17 සහ 18 හරිත සරසවි පරිශ්‍රයේ දී

NSBM හරිත සරසවිය මැයි 17 සහ 18 යන දෙදින පවත්වන ’’NSBM Open Day’’ සමඟ මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වේ.

Our Group Site