බසයක් අඩි 30ක් පල්ලමේ:30ක් රෝහලේ:අයෙක් මරුට ඩයගම සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අනතුරට පත් විමෙන් එම බස් රථයේ ගමන් ගත් පාසල් ළමුන් ඇතුලු 30 දෙනකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බවත්, ඉන් එක් පුද්ගලයකු ජ.. 58 minutes ago
Y කුසුම් · 1 hour ago කහ ඉරක් ළඟ පාර මාරුවෙන්න සිටිනා පදිකයාට අවස්ථාවක් දීම විනීත රියදුරෙකු සතු යුතුකමක් මෙන්ම වගකීමක්. නමුත් ලංකාවේ මහපාරේ විනීත රියදුරන් දකින්න ලැබෙන්නේ නම් ඉතාම කලාතුරකින්. පදිකයින් වුවත් සුළුතරයක් කිසිම කල්පනාවකින් තොරව පාරේ ගමන් කරන අවස්ථා මෙන්ම හිතුමතේට පාර හරහා මාරුවෙන අවස්ථා බොහෝවිට අපට දකින්නට පුළුවන්. වර්තමානය වනවිට තවකෙකු ගැන නොහිතන ආත්මාර්ථකාමී ජනකොටසක් ලංකාව තුළ බිහිවී සිටිනවා. අනෙක් ප්‍රධාන කාරනය තමයි, මහ පාරේ හෝ සමාජයේ හැසිරීමේදී තිබිය යුතු විනය, සංවරකම හා හික්මීම ජනතාවගෙන් ඈත්වීම. (නි) Reply 0
Y උපාලි · 1 hour ago ධම්ම හරිම දේ කියල තියෙනවා. කහ ඉර කියන්නේ සියලු අනතුරුවලින් නිවාරණය වුනු ක්ෂේම භූමියක් කියල සමහරු හිතන්නේ. 'දෙපැත්ත බලන්න ඕනේ නැහැ, වාහනවලට ඔන්න නම් නවත්ත ගනිල්ලා' කියන ස්වරුපයෙනුයි ඔවුන් පාර මාරුවෙන්නේ. රියදුරෝ හිතන්නෙත් "මොන වදයක්ද මේ පාරේ කහ ඉරි ගහල, අන්න අර මිනිහ පනින්න කලින් දා ගන්න ඕන" කියන ආකල්පයෙන්. මෙන්න ප්‍රතිපලය! (අ) Reply 0
Y පිටබැද්දර ජයා · 1 hour ago මේ අදහස් දාන අයට රටක මාර්ග නීති ගැන හරි අවබෝධයක් නැහැ වගෙයි.මාර්ගයෙහි අංක එක හිමි වෙන්නේ පදිකයින්ට, දෙක බයිසිකල් වලට, ඊළගට තමයි වාහන වලට. පදිකයින්ට ආරක්ෂාකාරිව මාරු වීම සඳහාමයි කහ ඉර තියෙන්නේ. එතනදී සෙමින් යනවද කියන එක නීතියට ආදාළ නැහැ. අපි හිතමු හරියට ඇවිදගන්න බැරි ආබාධිත කෙනෙක් නැත්නම් වයසක කෙනෙක් පාර මාරු වෙනවා කියලා. එතකොට එයාලා හෙමින් යනවා කියලා යට කරලා මරන්න නීතියක් නැහැ. මාර්ග සලකුණු ගණන් නොගන්නා රියදුරන් තමයි මේ වගේ අපරාධ කරන්නේ (නි) Reply 0
Y ආරියසේන · 1 hour ago වැඩිම අනතුරු ඇතිවෙලා තිබෙන්නේ කහ ඉර උඩ.ඉදිරි වාහනය නැවැත්වූවත් රියදුරාගේ නොසැළකිල්ල නිසා පිටුපස තිබෙන වාහනයට ඉස්සර කරගෙන යාමෙන් මේ වගේ අන්තතුරු සිදුවිය හැක.අපගේ බලවත් කණගාටුව. (නි) Reply 0
Y සමන්ත · 1 hour ago මාගලි, ජංගම දුරකථන කණේ තියාගෙන යන්න තහනමක් නැහැ, ඔය තියෙන්නෙ ප්‍රතිඵල...! (නි) Reply 0
Y නිර්මලී · 1 hour ago පාරේ යන අය මතක තියා ගන්න වාහන එලවන්නේ පිස්සෝ කියල...එලවන අය මතක තියා ගන්න පාරේ යන්නේ පිස්සෝ කියල. එතකොට අනතුරු සිදු වෙන එක අඩු වී හැමෝම පරිස්සමින් යයි.(නදී) Reply 0
Y පුලිත් · 1 hour ago මම නම් කියන්නේ ඉතින් රියදුරන්ගේ මෙන්ම පදිකයන්ගෙත් වැරදි තිබෙනවා කියලයි (නි) Reply 0
Y හේළි · 1 hour ago පදිකයින් විශේෂයෙන්ම පාරේ සැලකිල්ලෙන් ගමන් කල යුතුයි. මොකද තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතුයි. මොකද සමහර රියදුරන් පවා ජංගම දුරකථනය හෝ බ්ලුටුත් හෙඩ්සෙට් මගින් කතා කරමින් රිය පදවනවා. පෞද්ගලික බස් රථ රියදුරන්ගේ රියදුරු විලාශය බලන්න. ගොඩක් අවස්ථා වලදී කහ ඉර ආසන්නයේ බස් රථය නවත්වනවා. පාර මාරුවෙන පදිකයාට පාරේ අනික් පැත්ත පෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට පාර පෙන්නේ නැත්නම් විනාඩියක් හරි ඉදල පරිස්සමින් පාර මාරු උනානම් ඇත්තටම හොදයි. මොකද අනතුරක් වෙන්න තත්පරයක්වත් යන්නේ නැහැ. තවත් දෙයක් නම් පාර පනින්න කවුරුහරි ඉන්නවනම් තමන්ගේ වාහනය නවත්වලා පදිකයාට පාර මාරුවෙන්න අවස්ථාවක් දෙන රියදුරන් ලංකාවේ හරිම අඩුයි. පොලිසියේ මහත්වරු දඩ කොළ ලිවීමට පමණක් සීමා නොවී පදිකයෙක් හෝ රියදුරෙක් කරන පුංචි වැරද්දක් දුටුවොත් ඒ වැරැද්ද පෙන්නලා අවවාද කලොත් රටේ සිදුවන මෙවන් අකල් මරණ සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්. (නදී) Reply 0
Y ධම්ම · 1 hour ago නීතියයි, සම්ප්‍රදායයි, ආචාර ධර්මයි එකිනෙක තෝරා බේරා ගන්නට නොසැළකිලිමත් වන අයට මෙවන් අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. කණගාටුයි.(නදී) Reply 0
Y ෂෙරිෆ් · 1 hour ago අවාසනාවන්ත සිදුවීමක්, නමුත් කියන්න කණගාටුයි අපේ සමහර උදවිය කහ ඉරෙන් මාරුවෙන්නේ ජංගම දුරකථනය කනේ තියාගෙන ගෙදර ආලින්දයේ ගමන් කරනවා වගේ,(ස) Reply 0
Y කාමිල් · 1 hour ago පාර බද්දට අරගෙන දුවන රියදුරු මහත්වරු ඉන්නකන් මේ විනාශය කහ ඉරෙන් නොව පාරේ පදිකවෙදිකාවෙන් ගියත් මේ වගේ අනතුරු නිශ්ච්තය,තරුණයාට අපගේ බලවත් ශෝකය........(ස) Reply 0
Y මාගලී · 1 hour ago සමන්ත, ඔයා ළග හිටියද ?දුරකථනය කණේ තියාගෙන ගිය නිසාද හැපුනේ? කහ ඉර ළගදී රියදුරන් ඉවසන්න ඕනෑ.වයසක අය අසනීපකාරයෝ බොහොම හෙමින් ඇවිදින්නේ. (නි) Reply 0
Y ධම්ම · 1 hour ago කහ ඉර ඇත්තේ පදිකයන්ට දෙපැත්ත බලා වාහන නොමැති නම් ඉක්මණින් පාර හරහා පනින්නයි, රියදුරන්ට දෙපැත්ත බලා පදිකයින් පාර පනීදැයි විමසිලිමත්ව ප්‍රවේශමෙන් රිය පදවන්නයි. මේ දෙකම මෙතනදී වෙන්නේ නැහැ.(ස) Reply 0
Y සත්‍යපාල · 1 hour ago ධම්ම කියන කතාවේ හැටියට ලංකාවේ කිසිම කෙනෙකුට පාර පනින්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රාඥයාට අනුව කහ ඉර තියෙන්නේ වාහන නැතිවෙලාවක පාර පනින්නලු. ඉතින් උදේ කඩේට ආ කෙනෙකුට මැදියම වෙනතුරු බලා ඉන්න වෙනවා පාර පනින්න. දැන් ලංකාවේ දුවන වාහන ප්‍රමාණය දෙස බලනකොට වාහනයක් නැති පාරක් හද්දා පිටිසරවත් හොයා ගන්න බැහැ. අනික වාහන නැති වෙලාවක පාර පනින මිනිසුන් දෙස බලන්න රියදුරෝ කොයින්ද? (නි) Reply 0
Y සජී · 1 hour ago කහ ඉරි නීතිය පිළිබඳව අපේ රියදුරන් බහුතරයක් ගණන් ගන්නේ නැත, එම නිසා විනීත බහුතරයක් රියදුරන් අපහසුතාවයට පත්වුවද, කහ ඉරි දෙපසින් වැඩි පළලකින් යුතු මාර්ග බාධක ඉදිකළ යුතුය, ටික කලකින් කහ ඉරක් දුටුවිගස වාහනයේ වේගය පාලනය කිරීමට රියදුරන් ඉබේටම පෙළඹේ. මෙය හරියටම අනතුරක් සිදුවන්නට යන විට රියදුරා හිතන්නටත් පෙර ඔහුගේ පාදය වාහනයේ තිරිංගය වෙත යොමුවනවාක් බඳුය. (නි) Reply 0
Y රුවනි · 1 hour ago සියලුම වාහන පදවන අය පදිකයන් ගැන සැලකීමක් කලේ නැතිනම් මෙවැනි තරුණ මහලු ළමා ජීවිත විනාස වෙනවා. බලන්න රියදුරු මහතුනි මනුස්සයකුගේ ජීවිතයක වටිනාකම. ඔබ විමසිල්ලෙන් වහනය පදවනවානම් අනතුරු සිදුවීම අවමයි (අ) . Reply 0
Y පඬියා · 1 hour ago පිටබැද්දර ජයා: ඔයාගෙ මාර්ග නීති දැනුම ගැන සන්තෝෂයි, නමුත් නීතිය එහෙමයි කියල තමුන්ට ඕනෙ විදියට පාර පනින එක මෝඩ වැඩක්. අනතුරක් වළක්වා ගන්න එක අනතුර උනාට පස්සෙ නීතියෙන් මොකක් ද කරන්න පුලුවන් කියල බලන එකට වඩා වැදගත් කියන එකයි මෙතන අදහස් දාපු අය කිව්වෙ. ඒ දේ පදිකයා බලන්නෙත් නෑ, රියැදුරා බලන්නෙත් නෑ.. අනෙක "එයාලා හෙමින් යනවා කියලා යට කරලා මරන්න නීතියක් නැහැ" කියන කතාවෙ තේරුම මොකක් ද? ගොන් කතාවක්!(නදී) Reply 0
Y සත්‍යයා · 1 hour ago දවසක් නුගේගොඩ සුපර් මාර්කට් එක ලඟින් කහ ඉර දිගේ පාර මාරුවිය හැකි කොළපාට සංඥාව ට අනුව පාරේ අනෙක් පසට මා ගමන් කර සිටියදී, දැවැන්ත ටිපර් රථයක් මා යටකරගෙන යන්න හැදුව. මම ඒ රථයේ රියදුරාගෙන් ඇහුවා කොළපාට සංඥාව තිබියදී ත් පාර මාරුවෙන්න තහනම් ද කියා. ඒ රියදුරා දැඩි කෝපයෙන් මගෙන් ඇසුවේ " ඔහේ කියන්නේ මං බ්රේක් ගහන්න ඕනේ ද" කියල. මගේ ජීවිතේ බේරීම ගැන "මහින්ද චින්තනේ" ට පින් දෙමින් මම ආපසු නිවෙස බලා ගියා. (අ) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කහ ඉරක් ළඟ පාර මාරුවෙන්න සිටිනා පදිකයාට අවස්ථාවක් දීම විනීත රියදුරෙකු සතු යුතුකමක් මෙන්ම වගකීමක්. නමුත් ලංකාවේ මහපාරේ විනීත රියදුරන් දකින්න ලැබෙන්නේ නම් ඉතාම කලාතුරකින්. පදිකයින් වුවත් සුළුතරයක් කිසිම කල්පනාවකින් තොරව පාරේ ගමන් කරන අවස්ථා මෙන්ම හිතුමතේට පාර හරහා මාරුවෙන අවස්ථා බොහෝවිට අපට දකින්නට පුළුවන්. වර්තමානය වනවිට තවකෙකු ගැන නොහිතන ආත්මාර්ථකාමී ජනකොටසක් ලංකාව තුළ බිහිවී සිටිනවා. අනෙක් ප්‍රධාන කාරනය තමයි, මහ පාරේ හෝ සමාජයේ හැසිරීමේදී තිබිය යුතු විනය, සංවරකම හා හික්මීම ජනතාවගෙන් ඈත්වීම. (නි)
ධම්ම හරිම දේ කියල තියෙනවා. කහ ඉර කියන්නේ සියලු අනතුරුවලින් නිවාරණය වුනු ක්ෂේම භූමියක් කියල සමහරු හිතන්නේ. 'දෙපැත්ත බලන්න ඕනේ නැහැ, වාහනවලට ඔන්න නම් නවත්ත ගනිල්ලා' කියන ස්වරුපයෙනුයි ඔවුන් පාර මාරුවෙන්නේ. රියදුරෝ හිතන්නෙත් "මොන වදයක්ද මේ පාරේ කහ ඉරි ගහල, අන්න අර මිනිහ පනින්න කලින් දා ගන්න ඕන" කියන ආකල්පයෙන්. මෙන්න ප්‍රතිපලය! (අ)
මේ අදහස් දාන අයට රටක මාර්ග නීති ගැන හරි අවබෝධයක් නැහැ වගෙයි.මාර්ගයෙහි අංක එක හිමි වෙන්නේ පදිකයින්ට, දෙක බයිසිකල් වලට, ඊළගට තමයි වාහන වලට. පදිකයින්ට ආරක්ෂාකාරිව මාරු වීම සඳහාමයි කහ ඉර තියෙන්නේ. එතනදී සෙමින් යනවද කියන එක නීතියට ආදාළ නැහැ. අපි හිතමු හරියට ඇවිදගන්න බැරි ආබාධිත කෙනෙක් නැත්නම් වයසක කෙනෙක් පාර මාරු වෙනවා කියලා. එතකොට එයාලා හෙමින් යනවා කියලා යට කරලා මරන්න නීතියක් නැහැ. මාර්ග සලකුණු ගණන් නොගන්නා රියදුරන් තමයි මේ වගේ අපරාධ කරන්නේ (නි)
වැඩිම අනතුරු ඇතිවෙලා තිබෙන්නේ කහ ඉර උඩ.ඉදිරි වාහනය නැවැත්වූවත් රියදුරාගේ නොසැළකිල්ල නිසා පිටුපස තිබෙන වාහනයට ඉස්සර කරගෙන යාමෙන් මේ වගේ අන්තතුරු සිදුවිය හැක.අපගේ බලවත් කණගාටුව. (නි)
මාගලි, ජංගම දුරකථන කණේ තියාගෙන යන්න තහනමක් නැහැ, ඔය තියෙන්නෙ ප්‍රතිඵල...! (නි)
පාරේ යන අය මතක තියා ගන්න වාහන එලවන්නේ පිස්සෝ කියල...එලවන අය මතක තියා ගන්න පාරේ යන්නේ පිස්සෝ කියල. එතකොට අනතුරු සිදු වෙන එක අඩු වී හැමෝම පරිස්සමින් යයි.(නදී)
ධම්ම, ඔබගේ අදහසට මමද එකග වෙමි (නි)
මම නම් කියන්නේ ඉතින් රියදුරන්ගේ මෙන්ම පදිකයන්ගෙත් වැරදි තිබෙනවා කියලයි (නි)
පදිකයින් විශේෂයෙන්ම පාරේ සැලකිල්ලෙන් ගමන් කල යුතුයි. මොකද තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සලසා ගත යුතුයි. මොකද සමහර රියදුරන් පවා ජංගම දුරකථනය හෝ බ්ලුටුත් හෙඩ්සෙට් මගින් කතා කරමින් රිය පදවනවා. පෞද්ගලික බස් රථ රියදුරන්ගේ රියදුරු විලාශය බලන්න. ගොඩක් අවස්ථා වලදී කහ ඉර ආසන්නයේ බස් රථය නවත්වනවා. පාර මාරුවෙන පදිකයාට පාරේ අනික් පැත්ත පෙන්නේ නැහැ. ඒ වගේ වෙලාවට පාර පෙන්නේ නැත්නම් විනාඩියක් හරි ඉදල පරිස්සමින් පාර මාරු උනානම් ඇත්තටම හොදයි. මොකද අනතුරක් වෙන්න තත්පරයක්වත් යන්නේ නැහැ. තවත් දෙයක් නම් පාර පනින්න කවුරුහරි ඉන්නවනම් තමන්ගේ වාහනය නවත්වලා පදිකයාට පාර මාරුවෙන්න අවස්ථාවක් දෙන රියදුරන් ලංකාවේ හරිම අඩුයි. පොලිසියේ මහත්වරු දඩ කොළ ලිවීමට පමණක් සීමා නොවී පදිකයෙක් හෝ රියදුරෙක් කරන පුංචි වැරද්දක් දුටුවොත් ඒ වැරැද්ද පෙන්නලා අවවාද කලොත් රටේ සිදුවන මෙවන් අකල් මරණ සෑහෙන දුරට අඩු කරගන්න පුළුවන්. (නදී)
රියදුරන්ගේත් පදිකයන්ගේත් සැළකිල්ල මීට වැඩිය වැඩිවිය යුතුයි. (නි)
නීතියයි, සම්ප්‍රදායයි, ආචාර ධර්මයි එකිනෙක තෝරා බේරා ගන්නට නොසැළකිලිමත් වන අයට මෙවන් අවාසනාවන්ත සිදුවීම් වලට මුහුණ දෙන්න සිදුවෙනවා. කණගාටුයි.(නදී)
අවාසනාවන්ත සිදුවීමක්, නමුත් කියන්න කණගාටුයි අපේ සමහර උදවිය කහ ඉරෙන් මාරුවෙන්නේ ජංගම දුරකථනය කනේ තියාගෙන ගෙදර ආලින්දයේ ගමන් කරනවා වගේ,(ස)
මම හිතන්නේ රියදුරන් මීට වඩා සැලකිලිමත් විය යුතුයි කියලා (නදී)
පාර බද්දට අරගෙන දුවන රියදුරු මහත්වරු ඉන්නකන් මේ විනාශය කහ ඉරෙන් නොව පාරේ පදිකවෙදිකාවෙන් ගියත් මේ වගේ අනතුරු නිශ්ච්තය,තරුණයාට අපගේ බලවත් ශෝකය........(ස)
සමන්ත, ඔයා ළග හිටියද ?දුරකථනය කණේ තියාගෙන ගිය නිසාද හැපුනේ? කහ ඉර ළගදී රියදුරන් ඉවසන්න ඕනෑ.වයසක අය අසනීපකාරයෝ බොහොම හෙමින් ඇවිදින්නේ. (නි)
කහ ඉර ඇත්තේ පදිකයන්ට දෙපැත්ත බලා වාහන නොමැති නම් ඉක්මණින් පාර හරහා පනින්නයි, රියදුරන්ට දෙපැත්ත බලා පදිකයින් පාර පනීදැයි විමසිලිමත්ව ප්‍රවේශමෙන් රිය පදවන්නයි. මේ දෙකම මෙතනදී වෙන්නේ නැහැ.(ස)
ධම්ම කියන කතාවේ හැටියට ලංකාවේ කිසිම කෙනෙකුට පාර පනින්න ලැබෙන්නේ නැහැ. මොකද ඒ ප්‍රාඥයාට අනුව කහ ඉර තියෙන්නේ වාහන නැතිවෙලාවක පාර පනින්නලු. ඉතින් උදේ කඩේට ආ කෙනෙකුට මැදියම වෙනතුරු බලා ඉන්න වෙනවා පාර පනින්න. දැන් ලංකාවේ දුවන වාහන ප්‍රමාණය දෙස බලනකොට වාහනයක් නැති පාරක් හද්දා පිටිසරවත් හොයා ගන්න බැහැ. අනික වාහන නැති වෙලාවක පාර පනින මිනිසුන් දෙස බලන්න රියදුරෝ කොයින්ද? (නි)
කහ ඉරි නීතිය පිළිබඳව අපේ රියදුරන් බහුතරයක් ගණන් ගන්නේ නැත, එම නිසා විනීත බහුතරයක් රියදුරන් අපහසුතාවයට පත්වුවද, කහ ඉරි දෙපසින් වැඩි පළලකින් යුතු මාර්ග බාධක ඉදිකළ යුතුය, ටික කලකින් කහ ඉරක් දුටුවිගස වාහනයේ වේගය පාලනය කිරීමට රියදුරන් ඉබේටම පෙළඹේ. මෙය හරියටම අනතුරක් සිදුවන්නට යන විට රියදුරා හිතන්නටත් පෙර ඔහුගේ පාදය වාහනයේ තිරිංගය වෙත යොමුවනවාක් බඳුය. (නි)
ජංගම දුරකථනය කනේ තබාගෙන පාර මාරු වෙන්න තහනමක් තිබේද? (නි)
සියලුම වාහන පදවන අය පදිකයන් ගැන සැලකීමක් කලේ නැතිනම් මෙවැනි තරුණ මහලු ළමා ජීවිත විනාස වෙනවා. බලන්න රියදුරු මහතුනි මනුස්සයකුගේ ජීවිතයක වටිනාකම. ඔබ විමසිල්ලෙන් වහනය පදවනවානම් අනතුරු සිදුවීම අවමයි (අ) .
පිටබැද්දර ජයා: ඔයාගෙ මාර්ග නීති දැනුම ගැන සන්තෝෂයි, නමුත් නීතිය එහෙමයි කියල තමුන්ට ඕනෙ විදියට පාර පනින එක මෝඩ වැඩක්. අනතුරක් වළක්වා ගන්න එක අනතුර උනාට පස්සෙ නීතියෙන් මොකක් ද කරන්න පුලුවන් කියල බලන එකට වඩා වැදගත් කියන එකයි මෙතන අදහස් දාපු අය කිව්වෙ. ඒ දේ පදිකයා බලන්නෙත් නෑ, රියැදුරා බලන්නෙත් නෑ.. අනෙක "එයාලා හෙමින් යනවා කියලා යට කරලා මරන්න නීතියක් නැහැ" කියන කතාවෙ තේරුම මොකක් ද? ගොන් කතාවක්!(නදී)
දවසක් නුගේගොඩ සුපර් මාර්කට් එක ලඟින් කහ ඉර දිගේ පාර මාරුවිය හැකි කොළපාට සංඥාව ට අනුව පාරේ අනෙක් පසට මා ගමන් කර සිටියදී, දැවැන්ත ටිපර් රථයක් මා යටකරගෙන යන්න හැදුව. මම ඒ රථයේ රියදුරාගෙන් ඇහුවා කොළපාට සංඥාව තිබියදී ත් පාර මාරුවෙන්න තහනම් ද කියා. ඒ රියදුරා දැඩි කෝපයෙන් මගෙන් ඇසුවේ " ඔහේ කියන්නේ මං බ්රේක් ගහන්න ඕනේ ද" කියල. මගේ ජීවිතේ බේරීම ගැන "මහින්ද චින්තනේ" ට පින් දෙමින් මම ආපසු නිවෙස බලා ගියා. (අ)