දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර ගංවතුරින් විපතට පත් වැසියන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වන ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් රුපියල් කෝටියක් ද කුමාර් සංගක්කාර රුපියල් ලක්ෂ 60 ක්ද පරිත්‍යාග කර ඇත.
උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ද චෙන්නායි ගංවතුර හේතුවෙන් අනාථවූ පිරිසට ආධාර සපයන බව කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ දෙන්න විතරක් නෙමෙයි අපේ ක්‍රීඩකයෝ සහ බොහෝ දානපතියෝ ඕනෑතරම් නැතිබැරි අයට උදවු කරලා තියෙන, උදවු කරනවා. (බ)
ඔබලා දෙදෙනාට මාගේ සුබපැතුම්.! (ර)
උතුරේ පහුගිය දවස්වල ගංවතුර ගලලා මහ සෙනගක් අතරමං වුනා. වගේ වගක් නැතිව ඉන්දියවට උදවු කරන්න කියනවා. (ර)
හොඳ වැඩක් අසරණයන්ට උදව් කිරීම. (ර)
ලංකාවේ මීරිය බැද්ද නාය ගියා, ගං වතුර ගැලුවා, නියගය තිබ්බා, තමිල්නාඩුව අපිට මොනවද දීලා තියෙන්නේ. ජනප්‍රිය වෙන්න මේවා කරන එක වැරදියි. (ර)
ගයාන්, සැම්ගේ බිංදුව නොවෙයි ප්‍රශ්නය සෑම් ලියලා තිබෙන දේවල් වල සැඟවුන අරුත තේරුම් ගන්න. (ර)
සතුටුයි. අපේ රටේ දුක්විදින ජනතාවටත් යම් උදව්වක් කරන්න. (ර)
සුනාමිය වෙලාවේ මුළු ලෝකයෙන්ම උදව් අරන් අද කතා කරන හැටි බලන්න මෙතන සමහරක්. (ර)
ලංකාවේ අහිංසක මිනිසුන් වෙනුවෙන් ඔබලාගේ දායකත්වය හොදටම මදි. (ර)
උතුම් වැඩක් පුතේ. අපේ ශ්‍රී ලංකාවේ සුනාමියෙන් සහ පසු විපත් වලින් මොන තරම් හානි උනාද? අපේ රටේ නේද හිටියේ. අමතක කරන්ට එපා ලෝකයේ වැඩිම කෝටිපතියන් ඉන්නේ ඉන්දියාවේ කියලා. ශාරුක්ලා දීලද. (ර) .
එක ඇත්ත චතුරංග, තමිල්නාඩුව අපට කල යහපතක් නම් නැහැ. ඒ එම රජය විත්තරක් නොවේ එහි ඉන්න ඉන්දීය වැසියෙක් වත් කිසිදෙයක් අපට කලේ නැහැ. කරා නම් කරේ ජාත්‍යන්තරයට කීවා ලංකාවට උපකාර කරන්න එපා කියලා. සංගයි, මුරලියි කලේ කිසියම් කැක්කුමක් ඒ ගැන තිබෙන නිසා කියල තේරෙනවා. එක හොද දෙයක් උනත් හැම තැනකදීම සාපේක්ෂව එයාලට බලන්න වෙනවා. (ර)
ලංකාවේ මිනිසුන් මොන තරම් විපත් වලින් පීඩා විදිනවද ? (ර)
ඔබ දෙපළ ලෝකයටම ආදර්ශයක් .එ්ත් ගංවතුරෙන් පීඩා විදින ලාංකිකයොත් ඉන්නවා මේ අය වෙනුවෙනුත් යමක් කරන්න ඔබ දෙපළට සිත් පහළ වේවා ..(බ)
දුන්නට කමක් නැහැ. (ර)
මාගේ සුබපැතුම්.! (ර)
වැඩේ හොඳයි. ඒ උනාට කියන්න බැරි මොකක්දෝ එකක් හිතේ තියෙනවා. අපේ දුප්පත් ළමයි මතක් වෙනවා. (ර)
අපේ ගොවියන් දරුණු වකුගඩු රෝගවලින් පෙළෙනවා . නමුත් ඔවුන්ට බෙහෙත් නැතිව ජීවිතයත් මරණයත් අතර සටන් වදිනවා. (ර)
සෑම් කියපු කතාව සීයට දෙසීයක් ඇත්ත. කෙසේ නමුත් අපිට ඔය "මහත්වරුන්" දෙන්නා ගැන ඇත්තේ ප්‍රසංසනීය ගෞරවනීය හැගීමක්. (ර)
සෑම් කියන්නේ රු 2500 න් මාසේ කාල බීලා ඉන්න කෙනෙක්. (ර)
මම එතරම් ක්‍රිකට් ක්‍රීඩකයෙක් නොවේ. එත් මම ඉතාමත් ආදරය කරන, ගරු කරන පුද්ගලයන් දෙදෙනෙක් තමයි මේ ඉන්නේ. දීර්ඝායුෂ ලැබේවා ඔබ දෙපළට (ම)
මොන වැඩේ කළත් වැරැද්දක් කියන කට්ටියනම් එමටයි. එහෙම වැරදි හොයන තමන්ගේ කට්ටිය හදවතට තට්ටු කරලා ඇහුවොත් හොදයි තමාගේ කෙරුවාව. (බ)
දුන්න එක හොද දෙයක් ඒ වුනාට සංගාට සහ ලංකාවේ සිංහල ක්‍රීඩකයන්ට චෙන්නායි වල ක්‍රීඩා කරන්න උන් දෙන්නේ නැහැ. ඒක තමයි ගතිය. (බ)
මෙම ක්‍රියාව ආදර්ශවත් ක්‍රියාවක්. මගේ අදහස, මෙම ක්‍රියාවට සමාන ක්‍රියාවක් ලංකාවේ සිදු වුන විපත් වලදීත් (නිදසුනක් ලෙස මීරියබැද්ද නාය යාම් වැනි) කරන්න තිබුණා. තේවතු වල කොල්ලෝ කෙල්ලෝ කොතරම් මේ අයට චියර්ස් කරනවද? තමිල්නාඩුව ලංකාවේ මැච් වර්ජනය කළා. නමුත් මෙම ක්‍රියාව අාදර්ශවත් (බ)
කාටහරි උදවු කරනකොට ජාතිය, කුලය, ආගම, පාට නොබලා උදවු කළ මුරලි, සංගා, ඔබ සැබෑ මිනිසුන්ය.(නි)
ඇයි මුන් දෙන්න දෙමල කියල කියන්න බය (බ)
උතුම් මිනිස්කමේ සුවඳ..අපේ මුරලි ,සංගා ඔබලාට හද පිරි සුපැතුම්.. (ම)
ඔබ දෙදනා ඇත්තටම මහත්වරුන් කවදත්. (ර)
ඇත්තටම හොඳ යහපත් වැඩක් සංගා හා මුරලි.ඔය දෙන්නට ඔය වගේ වැඩ ඉදිරියට කරන්න තවත් ශක්තිය ලැබේවා...............(ම)
ලංකාව ගැන නැද්ද දුකකක් ? (ර)
ජාති බේදයකින් තොරව, මොන තරම් උතුම් පුණ්‍ය කර්මයක්ද ඔබ දෙපළ කර ඇත්තේ. මෙය අනෙකුත් අයටත් ආදර්ශයක් වේවා..! එසේම ලංකාවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවටත් සහනයක් ලැබේවා...! (ර)
දන් දීම හොදයි, ඒ වුනත් දිය යුතු තැනට දීමයි වැදගත්. ඉන්දීය රජයට ඕනවට වඩා මුදල් තියෙනවා. (ර)
ගිය වසරේ නාය යාමකින් ලංකාව කියන රටේ මුළු ගමක්ම වැලලුනාලු. තවම ඉතුරු වුනු අය ඉන්නේ අනාථ කඳවුරුවලලු. රුපියල් කෝටියක් තිබුනානම් ඉඩම් දීල ගෙවල් හදල විදුලිය දීල ඉතුරු මුදලින් ළමයින්ට පොත් අරගෙන දෙන්ඩත් තිබුනලු. නිකමට මතක් වුනේ. (ර)
ඔබට පින්! (නි)
දුන් දේ සුවඳයි ....කෑ දේ ගඳයි... ඒ වගේම තම රට ගැන පළමුව කැක්කුමක් තිබිය යුතුයි. (ර)
තම ජවයෙන් ඉපයූ ධනයෙන් මෙවැනි පරිත්‍යාග කරනු ලබන මෙම ලක් පුතු දෙදෙනා මුළු දැයටම සම්පතක් වන අතර අපේ රටේ අනෙකුත් කොටිපතියන්ට විපතදී මෙසේ පිහිටවීමට සිත් යොමු කිරීමට ආදර්ශයකි. (ර)
අපේ රටත් නාය ගියා ඉඩොරයන් තිබ්බා එතකොට කොහෙද මේ කට්ටිය... (ර)
සෑම්ගෙ කෝටියට බිංදු කීයද? (ර)
ඉතා විශිෂ්ටයි ඔබ දෙපළ එරටේ ක්‍රිකට් ක්‍රිඩකයන්ටත් වඩා ඔබ දෙපළ නිහතමානි වුණා (ම)
ඔබ තුමන්ලාගේ මහසියෙන් ක්‍රීඩාකර විදේශයන්ගෙන් ඉපයූ පුද්ගලික මුදල් අසරණයන්ට දන් දීම අගය කරමි. එසේ වුවත් ලංකාවේ දහස් ප්‍රශ්න තිබියදී, අපේ ගැහැනුන් ලේ මස් පමණක් නොව ජීවිතද අහිමි කරගෙන මෙරටට ගෙනෙන මුදල් රජය හෝ රජයේ ආයතනයක් මගින් ඉන්දියාව වැනි දියුණු රටකට දන් දීමට හදනවා නම් එයට මම එකග නැහැ.(ම)
ඇත්තටම බොහොම හොද ක්‍රියාවක්, (ම)
ඉතා විශිෂ්ටයි සුබ පතනවා ඔබේ මේ ක්‍රියාව වෙනුවෙන් (ම)
අපේ රටේ අය හැම දේම කරන්නේ පිට රටවල කට්ටියට විතරයි. බොරු සෝබන වැඩ. ලංකාවේ මිනිස්සුන්ට පිහිට වෙන්න වෙන රට වල කට්ටිය උදව් කරන්නේ නැහැ. (ර)
වැඩේනම් හොදයි මහත්වරුනි. ඒත් අපේ රටෙනම් ඔහොම විපත් කවදාවත් වුනේ නැහැනේ නේද? (ර)