ඇමැති පලනි දිගම්බරම්ට නොවැම්බර් 01 දා මීරියබැද්දේ සිට ජංගම දුරකථනයකින් කුණුහරුපෙන් බැන මරණ තර්ජන කළැයි කියන පුද්ගලයකු පොලිසිය අද අත්අඩංගුවට ගනු ලැබීය.
දිගම්බරම් මහතාගේ පැමිණිල්ල අනුව දුරකථන සමාගම්වල සහායෙන් සැකකරු සිටින තැන සොයාගත් පොලිසිය ඔහු කොළඹට කැඳවූ බවත් එහිදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු පොරොන්දු දීලා මිනිසුන්ව රවට්ටලා ඡන්දෙ අරන් රටට කොකා පෙන්නන දේශපාලනඥයන්ට බනින්නවත් රටේ ජනතාවට අයිතියක් නැද්ද? මේ පුද්ගලයාව වහා නිදහස් කල යුතුයි. දිගම්බරම් මීරියබද්ද ජනතාවගෙන් බැනුම් ඇසිය යුතුයි. (ස)
මිනිස්සු ඉවසලා ඉවසලා ඒකේ සීමාව පැන්නහම තමන් කියන කරන දේවල් ගැන තමන්ටවත් තේරෙන්නේ නැහැ (නි)
පස්සට තව තව දේවල් වෙන්න පුළුවන්. ඔය බැන්න විතරයි. බොරු පොරොන්දු දීල මන්ත්‍රී කම් ගත්ත වගේ නෙවෙයි. පොරොන්දු ඉටු නොකලොත් ජනතාව නැගී හිටින කාලය වැඩි ඈතක නොවෙයි, (ස)
මේ මිනිස්සු රස්තියාදු නොකර ගෙවල් හදලා දෙන්න (නි)
ඔහොම ගියොත් මිනිස්සු බැනලා නිකන් ඉන්න එකක් නැහැ. ලොකු ලොකු පොරොන්දු දීලා මිනිසුන්ගේ ඡන්දෙන් පත්වෙලා මිනිසුන්ට කොකා පෙන්වන ඇමතිලා මන්ත්‍රීලාට බනින්න මිනිසුන්ට අයිතියක් තියෙන්න ඕනෑ. (නි)