IMG-LOGO

‘‘මැරයන් නොවෙනු’’ පේරාදෙණි සිසුනට මහේස්ත‍්‍රාත් කියයි

මහජන මුදලින් අධ්‍යාපනය ලබන සරසවි සිසුන් මැරයන් සේ හැසිරෙන්නේ නම් නීතිය රකින්නේ කෙසේදැයි මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා පේරාදෙණි සිසුන් දෙදෙනකුට තරයේ අවවාද කරමින් පැවසීය. පේරාදෙණි තානායමට පහරදී රුපියල් නව ලක්ෂයකට ආසන්න අලාභයක් කළැයි පේරාදෙණිය පොලිසිය විසින් එච්.එම්. පුබුදු නිශාන්ත ප‍්‍රියශාන් හේරත් හා ඞී.එම් චමින්ද දිසානායක යන සිසුහු උසාවියට ඉදිරිපත් කරනු ලැබූහ. ප‍්‍රියශාන්තට ඇප ප‍්‍රතික්ෂේප කළ මහේස්ත‍්‍රාත් ඔහු ලබන පස් වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබීය. දිසානායකට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියමවිය. රජයේ දේපොළට හානිකරන මහජනයාට පහර දෙන සිසුන් කරන වැඬේ කුමක්දැයි ඇසූ මහේස්ත‍්‍රාත් පේරාදෙණිය සරසවියේ ඉදිරිපිට මැදපාරේ මිනිසුන්ට යන්නට බැරියැයිද සඳහන් කළේය.



අදහස් (0)

‘‘මැරයන් නොවෙනු’’ පේරාදෙණි සිසුනට මහේස්ත‍්‍රාත් කියයි

මො‍හෝ Tuesday, 03 July 2012 12:13 PM

ශිෂ්‍යයෝ විතරක් නෙමෙයි උපාධි ගත්ත ගොඩක් අය හැසිරෙන්නෙ මෙහෙම තමයි.. ඒ ගොල්ලන්ට අමතයි එගැන.. උපාධි ගත්තෙ රටේ මිනිසුන්ගෙ සල්ලි වලින් කියලා.. ඉස්පිරිතාලෙකට උසාවියකට කන්තෝරැවකට ගියාම ඒක හොදින් පේනවා..

:       0       0

අපතයා Monday, 02 July 2012 07:33 PM

ඔය කතාව පාලකයන්ටත් කියන්න

:       0       0

පිස්සා Monday, 02 July 2012 07:44 PM

සරසවි සිසුන්ගේ වැරද්දක් නැතුව ඇති සමහර විට

:       0       0

සිසිර Monday, 02 July 2012 07:53 PM

සරසවිත් දැන් වධකාගාර වෙලා

:       0       0

මරුසිර Monday, 02 July 2012 08:14 PM

බලාගෙන යනකොට ඔක්කොම මිනිස්සු මැරයෝනේ අබල තියන පිළිම විටරද සාමකම්යි

:       0       0

සජී Monday, 02 July 2012 08:17 PM

කෝ මේ කැම්පස් කොල්ලා.... පේනවනේ ඔයාලගේ වැඩ ගැන මහේස්ත‍්‍රාත් තුමලගේත් අදහස...

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Monday, 02 July 2012 08:56 PM

ගරු මහේස්ත්‍රාත්තුමාගේ අවවාදය හරියටම හරි.මමත් එය සම්පූර්ණයෙන්ම නිවැරදි බව පිළිගනිමි.උපාධිය යනු උගත්කමේ පරතෙර නොවේ.ප්‍රථම උපාධිය ලබාගැනීමෙන් පසුවද තමත් සමාජය ඇසුරින් ලබාගත යුතු ගුණදහම්,ජීවන පරිණතබව ආදී දේ බොහොමයක් දේ තිබේ.නමුත් අද වැඩිදෙනා පුරුදුව සිටින්නේ අපොස සා/පෙ හෝ උ/පෙ සමත්වූ පසුව හෝ ප්‍රථම උපාධිය සමත්වූ පසුව එය තමන්ගේ උගත්කම පිළිබද අවසාන නිශ්ඨාව බවයි.එසේ සිතා ඊට වඩා උගත් අයට දැන මුතුකම් දීමට සැරසෙන මෝඝ පුරුෂයින්ද මේ සමාජයේදී බහුලව දැකගත හැකියි.

:       0       0

සුදා Monday, 02 July 2012 09:12 PM

ආචාර්යතුමා හැම විටම තමාගෙ උගත්කම ගැන පුරසාරම් තමා ගහන්නෙ... නේද...!!!

:       0       0

සිල්වා Monday, 02 July 2012 10:21 PM

ඔන්න කැම්පස් කොල්ලා ඔයාල ගැන ලියලා තියෙන්නේ දැන් අඩන්න ඕන නැහැ හරිද

:       0       0

ෂෙරීෆ් Monday, 02 July 2012 09:57 PM

පේරාදෙණිය සරසවි සිසුනි, ඔයාලට කරන්න හොඳ වැඩ නැද්ද ??

:       0       0

ගොනා Monday, 02 July 2012 10:43 PM

අචාර්යතුමා මෙනතරම් උගත්ද???????? අපිට නම් තේරෙනවා ටිකක් පණ්ඩිතයි වගේ. තමන් තමන්ගැන වර්ණනා කර ගැනිම මානසික රෝගයක්

:       0       0

මහා ආචාර්ය කුමාර Monday, 02 July 2012 11:08 PM

"උපාධිය යනු උගත්කමේ පරතෙරයි." අපොස සා/පෙ හෝ උ/පෙ සමත්වූ පසුව හෝ ප්‍රථම උපාධිය සමත්වූ පසුව එය තමන්ගේ උගත්කම පිළිබද අවසාන නිශ්ඨායි. සරසවි සිසුන් මැරයන් නොවේ .විශ්ව විද්‍යාල කොල්ලන් ගේ වැඩ වැරද්දක් නැතුව ඇති. කොල්ලන් ගේ හැසිරීම සරසවි සිසු හැසිරීමයි. මෝඝය , දැන් අඩන්න ඕන නැහැ හරිද..?

:       0       0

හසිත Monday, 02 July 2012 10:43 PM

මමද හන්තාන පාමුල මහවැලි නදී අසබඩ මේ සොදුරු තක්ෂිලාවේ අධ්‍යාපනය හැදැරුවෙක්මි. දේශපාලනය නම් යකදාවද ඡනමාධ්‍ය නම් රළ පහරද මේ උතුම් පින් බිම වනසයි. කඩා බිද දමයි. මම අහින්සක ලෙස මේ සියල්ල දෙස බලා සිටින්නේ මේ දේවල්ද කාලයේ වැලි තලාවෙන් වැසි යන දේවල් බව මෙනෙහි කරමිනි.

:       0       0

සජී Tuesday, 03 July 2012 03:03 PM

"රජයේ දේපොළට හානිකරන මහජනයාට පහර දෙන සිසුන් කරන වැඩේ කුමක්දැයි ඇසූ මහේස්ත‍්‍රාත් පේරාදෙණිය සරසවියේ ඉදිරිපිට මැදපාරේ මිනිසුන්ට යන්නට බැරියැයිද සඳහන් කළේය.":-- කෝ මේ කැම්පස් කොල්ලා කොහේද අද? කොමෙන්ට් කරන්නකෝ හැම කෙනෙක්ම එහෙම නැහැ කියලවත්.. අපි දන්නවා හැමකෙනෙක්ම එහෙම නැහැ කියලත්.....

:       0       0

සේනානායක Monday, 02 July 2012 11:34 PM

ආරේ ගුණ නෑරේ කිව්වලු....

:       0       0

තිලක් Tuesday, 03 July 2012 04:55 AM

විශ්ව විද්‍යාලෙ ගිහින් ඉගෙන ගන්නෙ මැරකම්‍ද මංද? ලංකා විශ්ව විද්‍යාල වල ඉන්න සීයයට අනූවක්ම ඔයවගේ තක්කඩි. ඒ අය නිසා(යාපනය හැර) ලංකාවෙ ඉදිරි අනාගතයට දෙයියන්ගෙම පිහිටයි

:       0       0

නන්දිමිත්‍ර Tuesday, 03 July 2012 05:00 AM

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, හරි ආචාර්ය උපාදියක් තියෙනේ කෙනෙක්නම් මහා ලොකුවට ආචාර්ය කියල පත්තර වලට ප්‍රතිචාර දාන්නේ නෑ. ආචාර්ය කියන්නේ ඔයාගේ පළවෙනි නමද?

:       0       0

ලුම්බිණි Tuesday, 03 July 2012 05:55 AM

මහජන මුදලින් යැපෙන බොහොම දෙනෙක් අද මැරයන් නේද? මේ ළමයින් විතරක් මැරයෝ උනේ කොහොමද?

:       0       0

වරුණ Tuesday, 03 July 2012 07:04 AM

විශ්ව විද්‍යාල වල ඉන්න අය හිතාගෙන ඉන්නේ ඒ අයට වඩා වෙන කවුද ඉන්නේ කියලා

:       0       0

ප්‍රීනා Tuesday, 03 July 2012 06:55 AM

ආරේ ගති නෑරේ කියනවනේ

:       0       0

නිෂාඞි ප්‍රීනා Tuesday, 03 July 2012 09:31 AM

වැදගත් පවුල්වලින් එන හොද දරුවෝ නෙමෙයි මෙයාලා.

:       0       0

ඉන්දික Tuesday, 03 July 2012 09:25 AM

අන්තරේ මෝඩ පැටවු දෙන්නෙක් වෙන්න ඇති

:       0       0

චතු Tuesday, 03 July 2012 05:39 PM

ඔය කියන තරම් විශ්ව විද්‍යාල ළමයි නරක නැ. අමාරුවෙන් විභාග පාස් ‍‍‍වෙලා ඔතනට යන්න බැරි අයට තමා ලංකා‍වේ විශ්ව විද්‍යාල හොද මදි. හැබැයි ‍ඡෙවිපි කාරයන්ව නම් එලවන්න ඕන.

:       0       0

තරුෂ Tuesday, 03 July 2012 11:43 AM

ලන්කාවෙ විශාලම පුස්තකාලය යාපනය විශ්ව විද්‍යාලය තුල නිර්මාණය වන්නේ අහම්බයක් ලෙස නෙවේනෙ. ඔවුන්ගේ එකම අරමුන අධ්‍යාපනය පමණයි. අනෙක් විශ්ව විද්‍යාල තුලට 71 සිට මැර දේශපාලනය හඳුන්වා දුන්, ජවිපෙ මේ විනාශයට පැහැදිලිවම වගකිව යුතුය.

:       0       0

මොහොමෙඩ් අලි Tuesday, 03 July 2012 11:22 AM

උපාධිය කියන්නේ අධ්‍යාපන සුදුසු කමක් විතරයි ,එක වෘතීය සුදුසු කමක් නෙවෙයි .

:       0       0

පුන්ච Monday, 02 July 2012 06:38 PM

හොද වැඩේ එයාල ටිකට

:       0       0

මෙල්බන් වැසියා Monday, 02 July 2012 06:52 PM

සරසවි සිසුන් මැරයන් සේ හැසිරීමට නොවන ලෙස කටයුතු කරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 3 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 131 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2251 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

Our Group Site