මහජන මුදලින් අධ්‍යාපනය ලබන සරසවි සිසුන් මැරයන් සේ හැසිරෙන්නේ නම් නීතිය රකින්නේ කෙසේදැයි මහනුවර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රවීන්ද්‍ර පේ‍්‍රමරත්න මහතා පේරාදෙණි සිසුන් දෙදෙනකුට තරයේ අවවාද කරමින් පැවසීය. පේරාදෙණි තානායමට පහරදී රුපියල් නව ලක්ෂයකට ආසන්න අලාභයක් කළැයි පේරාදෙණිය පොලිසිය විසින් එච්.එම්. පුබුදු නිශාන්ත ප‍්‍රියශාන් හේරත් හා ඞී.එම් චමින්ද දිසානායක යන සිසුහු උසාවියට ඉදිරිපත් කරනු ලැබූහ. ප‍්‍රියශාන්තට ඇප ප‍්‍රතික්ෂේප කළ මහේස්ත‍්‍රාත් ඔහු ලබන පස් වැනිදා තෙක් රිමාන්ඞ් බාරයට පත් කරනු ලැබීය. දිසානායකට රුපියල් ලක්ෂයක ශරීර ඇප නියමවිය. රජයේ දේපොළට හානිකරන මහජනයාට පහර දෙන සිසුන් කරන වැඬේ කුමක්දැයි ඇසූ මහේස්ත‍්‍රාත් පේරාදෙණිය සරසවියේ ඉදිරිපිට මැදපාරේ මිනිසුන්ට යන්නට බැරියැයිද සඳහන් කළේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමද හන්තාන පාමුල මහවැලි නදී අසබඩ මේ සොදුරු තක්ෂිලාවේ අධ්‍යාපනය හැදැරුවෙක්මි. දේශපාලනය නම් යකදාවද ඡනමාධ්‍ය නම් රළ පහරද මේ උතුම් පින් බිම වනසයි. කඩා බිද දමයි. මම අහින්සක ලෙස මේ සියල්ල දෙස බලා සිටින්නේ මේ දේවල්ද කාලයේ වැලි තලාවෙන් වැසි යන දේවල් බව මෙනෙහි කරමිනි.
ඔය කියන තරම් විශ්ව විද්‍යාල ළමයි නරක නැ. අමාරුවෙන් විභාග පාස් වෙලා ඔතනට යන්න බැරි අයට තමා ලංකාවේ විශ්ව විද්‍යාල හොද මදි. හැබැයි ඡෙවිපි කාරයන්ව නම් එලවන්න ඕන.
"රජයේ දේපොළට හානිකරන මහජනයාට පහර දෙන සිසුන් කරන වැඩේ කුමක්දැයි ඇසූ මහේස්ත‍්‍රාත් පේරාදෙණිය සරසවියේ ඉදිරිපිට මැදපාරේ මිනිසුන්ට යන්නට බැරියැයිද සඳහන් කළේය.":-- කෝ මේ කැම්පස් කොල්ලා කොහේද අද? කොමෙන්ට් කරන්නකෝ හැම කෙනෙක්ම එහෙම නැහැ කියලවත්.. අපි දන්නවා හැමකෙනෙක්ම එහෙම නැහැ කියලත්.....
ශිෂ්‍යයෝ විතරක් නෙමෙයි උපාධි ගත්ත ගොඩක් අය හැසිරෙන්නෙ මෙහෙම තමයි.. ඒ ගොල්ලන්ට අමතයි එගැන.. උපාධි ගත්තෙ රටේ මිනිසුන්ගෙ සල්ලි වලින් කියලා.. ඉස්පිරිතාලෙකට උසාවියකට කන්තෝරැවකට ගියාම ඒක හොදින් පේනවා..
උපාධිය කියන්නේ අධ්‍යාපන සුදුසු කමක් විතරයි ,එක වෘතීය සුදුසු කමක් නෙවෙයි .
ලන්කාවෙ විශාලම පුස්තකාලය යාපනය විශ්ව විද්‍යාලය තුල නිර්මාණය වන්නේ අහම්බයක් ලෙස නෙවේනෙ. ඔවුන්ගේ එකම අරමුන අධ්‍යාපනය පමණයි. අනෙක් විශ්ව විද්‍යාල තුලට 71 සිට මැර දේශපාලනය හඳුන්වා දුන්, ජවිපෙ මේ විනාශයට පැහැදිලිවම වගකිව යුතුය.
අන්තරේ මෝඩ පැටවු දෙන්නෙක් වෙන්න ඇති
වැදගත් පවුල්වලින් එන හොද දරුවෝ නෙමෙයි මෙයාලා.
ආරේ ගති නෑරේ කියනවනේ
විශ්ව විද්‍යාල වල ඉන්න අය හිතාගෙන ඉන්නේ ඒ අයට වඩා වෙන කවුද ඉන්නේ කියලා
මහජන මුදලින් යැපෙන බොහොම දෙනෙක් අද මැරයන් නේද? මේ ළමයින් විතරක් මැරයෝ උනේ කොහොමද?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ, හරි ආචාර්ය උපාදියක් තියෙනේ කෙනෙක්නම් මහා ලොකුවට ආචාර්ය කියල පත්තර වලට ප්‍රතිචාර දාන්නේ නෑ. ආචාර්ය කියන්නේ ඔයාගේ පළවෙනි නමද?
විශ්ව විද්‍යාලෙ ගිහින් ඉගෙන ගන්නෙ මැරකම්‍ද මංද? ලංකා විශ්ව විද්‍යාල වල ඉන්න සීයයට අනූවක්ම ඔයවගේ තක්කඩි. ඒ අය නිසා(යාපනය හැර) ලංකාවෙ ඉදිරි අනාගතයට දෙයියන්ගෙම පිහිටයි
ආරේ ගුණ නෑරේ කිව්වලු....
හොද වැඩේ එයාල ටිකට
"උපාධිය යනු උගත්කමේ පරතෙරයි." අපොස සා/පෙ හෝ උ/පෙ සමත්වූ පසුව හෝ ප්‍රථම උපාධිය සමත්වූ පසුව එය තමන්ගේ උගත්කම පිළිබද අවසාන නිශ්ඨායි. සරසවි සිසුන් මැරයන් නොවේ .විශ්ව විද්‍යාල කොල්ලන් ගේ වැඩ වැරද්දක් නැතුව ඇති. කොල්ලන් ගේ හැසිරීම සරසවි සිසු හැසිරීමයි. මෝඝය , දැන් අඩන්න ඕන නැහැ හරිද..?
අචාර්යතුමා මෙනතරම් උගත්ද???????? අපිට නම් තේරෙනවා ටිකක් පණ්ඩිතයි වගේ. තමන් තමන්ගැන වර්ණනා කර ගැනිම මානසික රෝගයක්
පේරාදෙණිය සරසවි සිසුනි, ඔයාලට කරන්න හොඳ වැඩ නැද්ද ??
ඔන්න කැම්පස් කොල්ලා ඔයාල ගැන ලියලා තියෙන්නේ දැන් අඩන්න ඕන නැහැ හරිද
ආචාර්යතුමා හැම විටම තමාගෙ උගත්කම ගැන පුරසාරම් තමා ගහන්නෙ... නේද...!!!
ගරු මහේස්ත්‍රාත්තුමාගේ අවවාදය හරියටම හරි.මමත් එය සම්පූර්ණයෙන්ම නිවැරදි බව පිළිගනිමි.උපාධිය යනු උගත්කමේ පරතෙර නොවේ.ප්‍රථම උපාධිය ලබාගැනීමෙන් පසුවද තමත් සමාජය ඇසුරින් ලබාගත යුතු ගුණදහම්,ජීවන පරිණතබව ආදී දේ බොහොමයක් දේ තිබේ.නමුත් අද වැඩිදෙනා පුරුදුව සිටින්නේ අපොස සා/පෙ හෝ උ/පෙ සමත්වූ පසුව හෝ ප්‍රථම උපාධිය සමත්වූ පසුව එය තමන්ගේ උගත්කම පිළිබද අවසාන නිශ්ඨාව බවයි.එසේ සිතා ඊට වඩා උගත් අයට දැන මුතුකම් දීමට සැරසෙන මෝඝ පුරුෂයින්ද මේ සමාජයේදී බහුලව දැකගත හැකියි.
කෝ මේ කැම්පස් කොල්ලා.... පේනවනේ ඔයාලගේ වැඩ ගැන මහේස්ත‍්‍රාත් තුමලගේත් අදහස...
බලාගෙන යනකොට ඔක්කොම මිනිස්සු මැරයෝනේ අබල තියන පිළිම විටරද සාමකම්යි
සරසවිත් දැන් වධකාගාර වෙලා
සරසවි සිසුන්ගේ වැරද්දක් නැතුව ඇති සමහර විට
ඔය කතාව පාලකයන්ටත් කියන්න
සරසවි සිසුන් මැරයන් සේ හැසිරීමට නොවන ලෙස කටයුතු කරන්න