IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


මැරයෝ පාසලට කඩාවදිති

හිඟුරග්ගොඩ ගල්අමුණ මහා විද්‍යාලයයේ ගුරුවරුන් දෙදෙනකුට පාසල් වේලාවේ පහර දුන් බව කියන ටියුෂන් ගුරුවරයකු ඇතුළු සිව් දෙදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

පහරකෑ ගුරුවරු දෙදෙනා ගල්අමුණ රෝහලේ ප්‍රතිකාර ලබති.

 

 



අදහස් (0)

මැරයෝ පාසලට කඩාවදිති

චින්තක Friday, 06 December 2013 06:33 AM

අධ්‍යාපන සුදුසුකම් වල තත්ත්වය හිතාගන්න පුළුවන් (නි)

:       0       0

අසෝකා Thursday, 05 December 2013 08:04 PM

මෙහෙම ගියොත් නම් අපේ අනාගත පරපුරම ඉවරයි.(නදී)

:       0       0

අසෝකා Thursday, 05 December 2013 08:07 PM

මෙහෙම ගියොත් නම් අපේ අනාගත පරපුරටම අනාගතයක් තියේද කියල බයත් හිතෙනවා. ඔය ටියුෂන් කඩ වහල දාන්න තරම් බලය තියෙන නිර්භිත ,එකම එක ඇමතියෙක්වත් ඔය ඇමති මඩුල්ලේ නැද්ද? .(නදී)

:       0       0

කළු ජෙප්පා Thursday, 05 December 2013 08:11 PM

මෙතන ටියුෂන් කරු ගුරුවරයෙක් ලෙස නම් කිරීම කණගාටුදායකයි. අපේ රටේ බහුතර දේශපාලකයන් මෙන්ම ටියුෂන් කරුවෝද අමනයන්ය. අධ්‍යාපන ආරක්ෂක ලෙස ක්‍රියා කරන අන්තරේ දේශපාලුවන් වෙනුවෙන් කෑ ගැසුවත් කිසි දිනක ටියුෂන් වලට එරෙහි නොවෙයි. හේතුව සරලය. අන්තරේ කඩේ යන්නේ ඉන්නා දේශපාලුවන් පලවා හැර අලුත් දේශපාලුවන් කරලියට ගෙන ඒමටය. ඒ සඳහා විභාගයක් සමත් වූ පමණින් තමන් මහා බුද්ධිමතුන් යයි සිතන ශිෂ්‍යයා (අම්බරුවා) සහ අධ්‍යාපනය(තණකොළ) යොදාගනී. ඒ හැර මේ දෙකෙන්ම ඔවුනට ඇති වැඩක් නැත.නමුත් යම් දිනෙක මේ යථාර්ථය හඳුනා ගතහොත් අන්තරේට මෙම ටියුෂන් පිළිලය මුළුමනින්ම ඉවත් කිරීමටද අපහසු නැත. .(නදී)

:       0       0

ආරියසේන Thursday, 05 December 2013 08:13 PM

දැඩි දඩුවම් දිය යුතුයි. ටියුෂන් මාස්ටර්ට කාගේ හරි හයියක් තියෙන්න ඇති.(නදී)

:       0       0

කුමාරි Thursday, 05 December 2013 08:28 PM

කඩ කාරයා හා සමාන ටියුෂන් කාරයාට මෙපමණ වරයක් ලැබුනේ අපේ රටේ අධ්‍යාපන ක්‍රමයේ වරදිනි. අ යන්නේ ඉදන් එය වෙනස් කල යුතුය.මන්ත්‍රීලගේ හයිය පෙන්නලා ඉවර වෙද්දී දැන් මේ කඩ කාරයෝ. අයි මෙහෙම වෙන්නේ?වගකිවයුතු අය වගකීමෙන් බලන්න.(නදී)

:       0       0

සදුනි Thursday, 05 December 2013 08:47 PM

ශා ........ටියුෂන් ක්ෂේත්‍රයේ ලොකු ප්‍රගමනයක් තියෙනවානේ. මට මතකයි රත්නපුරේ පැත්තේ ටියුෂන් ගුරෙක් විදුහල්පති කෙනෙකුට ගහල මරුවා. පස්සේ හෘදයාබාධයක් නිසා මලා කියල නිදහස් වුනා..(නදී)

:       0       0

ර‍ණේ Thursday, 05 December 2013 09:14 PM

සමහර දරුවන් පන්තියේ පළමුවෙනිය වෙන්නේ එම ගුරුවරියගේම ටියුෂන් ගියාම පමණි.(දිල්)

:       0       0

සුනිල් විමලසූරිය Friday, 06 December 2013 04:31 PM

කුසුම්පාල ඔයා හරි. (ස)

:       0       0

ඇන්ටන් Thursday, 05 December 2013 09:25 PM

ඔයාල මොනවාද කියන්නේ ශ්‍රී ලංකාවේ ටියුෂන් කාරයන්ට මාර තැනක්නේ තියෙන්නේ ,බලන්නකෝ අද රටේ ඔය සම්බන්දව ඉන්න ඇමතිතුමා.(දිල්)

:       0       0

විරාජ් කාලිංග Thursday, 05 December 2013 09:45 PM

අපිත් පන්ති ගිහින් තියෙනවා, මෙහෙම වුණේ නම් නැහැ ඒ කාලේ (නි)

:       0       0

චන්ද්‍රා Thursday, 05 December 2013 11:04 PM

අසෝකා, මොනවද මේ කියන්නේ? (නි)

:       0       0

පිටබැද්දර ජයා Friday, 06 December 2013 12:31 PM

ගුටි කෑම පැත්තක තියල නෙලන්නනේ තිබුනේ දෙකේ හතරේ පොලු කැල්ලක් අරගෙන. (ස)

:       0       0

කුසුම්පල Friday, 06 December 2013 04:10 AM

අද මුළු සමාජයම පිරිහිලා. එමනිසා ටියුෂන් ගුරුවරු පමණක් නොවෙයි හැම තරාතිරමකම පිරිස් මේ වගේ පහත් සහ නීති විරෝධී වැඩ කරනවා. දිසාපති , විනිසුරු, දොස්තර, විදුහල්පතිගේ ඉඳලා පොලිස් කොස්තාපල්, ග්‍රාමසේවක වෙනකන්ම මේ තත්ත්වය අපි දැකලා තියෙනවා. ටියුෂන් ගුරුවරයාට විතරක් බැනලා මේ ප්‍රශ්නය විසඳන්න නොහැකියි. ලෝකයේ දියුණු රටවලත් ටියුෂන් තියෙනවා. නමුත් ඒවාට ප්‍රමිතියක් තියෙනවා. අපේ අධ්‍යාපන ක්‍රමයම වෙනස් කරන්න ඕනෑ. නමුත් කතාවෙන් විතරයි. වැඩ වලින් එය කරන්න කවුද ඉදිරිපත් වෙන්නේ? (නි)

:       0       0

උපාලි Friday, 06 December 2013 05:05 AM

ඒ මැරයෝ ඉස්කෝලේ නොගිය අය නිසානේ පාසලකට කඩා වැදිලා තියන්නේ. කඩා වැදුනට පස්සේ උන් තමන් දන්නා එකම දේ කළා. ඔවුන්ට හිතෙන්න ඇති සමහර ලොකු පාසල් වල ළමයි විතර මේ ළමයි දියුණු නැති නිසා පාඩමක් ආදර්ශයෙන්ම කියාදෙන්න ඕනෑ කියලා. (නි)

:       0       0

සුමංගල - ඇල්පිටිය Friday, 06 December 2013 01:43 PM

මහා විද්‍යාලයක වෙන්න බෑ. පෙර පාසලක වෙන්න ඇති. පොඩි දරුවෝ ටිකක් විතරයි ඉඳලා තියෙන්නේ? (ස)

:       0       0

අමිල කටුනායක Friday, 06 December 2013 06:07 AM

ඔවුන්ගේ උගත්කමේ තරම තමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 658 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 321 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1109 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site