පුල්ලිකුලම නැදුන්කර්නි මහ කැළයේ යුද හමුදාව කළ සෝදිසි මෙහෙයුමක දී කොටි නායකයන් තිදෙනා භාවිත කළ බවට සැක කෙරෙන ආහාර, ඖෂධ හා ඇඳුම් ආදිය සොයා ගත් බව නැදුන්කර්නි සෝදිසි මෙහෙයුම සම්බන්ධයෙන් විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ආරක්ෂක අමාත්‍යංශය කියයි.
එම නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.
‘බෙදුණු රාජ්‍යයක් උදෙසා කොටි සංවිධානයට පණ පෙවීමට යන බව කියන කිහිප දෙනකු සම්බන්ධයෙන් යාපනය අර්ධද්වීපයේ පලෙයි ප්‍රදේශයෙන් වාර්තා වූ බවත්, ඔවුන් සහ ඔවුන් සන්තකයේ ඇතැයි සැක කරන අවි ආයුද සොයා සෝදිසි මෙහෙයුමක් ඇරැඹීය.
යුරෝපියේ සිටින කොටි නායකයන් වන නෙදියවන් හා විනයාගම් දෙදෙනාගේ මෙහෙයවීමෙන් මේ පිරිස ක්‍රියාත්මක මේ පිරිස සන්නද්ධ අරගලයකට අර අදින බවට තොරතුරු ලැබිණි.
කොටි සංවිධානයේ බුද්ධි අංශ ප්‍රතිසංවිධානය, ඊට අවශ්‍ය සාමාජිකයන් එක්හාසු කිරීම මගින් නැවත කොටි සංවිධානය පණ ගැන්වීම ඔවුන්ගේ අරමුණ විය.
උප මහාද්වීපයක මුදල් හුවමාරු කිරීමට යොදා ගන්නා හවාලා නම් නීති විරෝධී ක්‍රමය මගින් යුරෝපයේ සිට එම පිරිසට මුදල් ලැබෙන අතර ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය නගා සිටුවීමේ කටයුතු සඳහා අවශ්‍ය වාහන, ආරක්ෂිත නිවාස ආදී සම්පත් සොයා ගැනීමට එම මුදල් භාවිත කර ඇති බව පෙනී යයි.
සුන්දරලිංගම් කබිජන් හෙවත් තේවියන් , නවරත්නම් නවනීදන් හෙවත් අප්පම් සහ සෙල්වනායගම් කජීපන් හෙවත් ගෝබි යන තිදෙනා කොටි සංවිධානයේ ප්‍රතිසන්ධාන කටයුතුවලට නායකත්වය දුන් අතර තේවියන් අනුරාධපුර ගුවන් හමුදා කඳවුරට හා කොළොන්නාවේ තෙල් ගබඩාවට ප්‍රහාර එල්ල කිරීමට සම්බන්ධ වූ අයකු බවට ද තොරතුරු අනාවරණය විය.
කොටි නැවත නැගිටිනවාට අකමැති එම ප්‍රදේශයේ වැසියන්ගෙන් ඔවුන් ගැන තොරතුරු ලැබිණි.
මෙම කොටි සැකකරුවන් සිටින ප්‍රදේශය වටලා කළ මෙහෙයුමක දී තිදෙනකු මිය ගොස් ඇති අතර ඉන් දෙදෙනෙක් ගෝබි හා තේවියන් ලෙස හඳුනාගෙන ඇත. තෙවැනියා මෙතෙක් හදුනාගෙන නොමැති අතර ඔහු අප්පන් ලෙසට සැක කරයි.‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තව කොපමණ කොටි හොල්මන් ආවත් ඉතින් අපේ කොල්ලන්ගේ උණ්ඩ වලට ඉලක්ක වෙනවා හැරෙන්න වෙන කිසිවක් වන්නේ නැත. ඔය කොටි ඩයස්පෝරාවේ සිහිනය කවදාවත් සැබෑ වෙන එකක් නෙමෙයි. (නි)
කන්ගැට්ට නාටකයේ දෙකද? මුලින් කිව්වා හමුදා ඔත්තු කරුවෙක් මලා කියලා. ඕනෑම කෙනෙක් දන්නවා උතුරේ අඩියෙන් අඩියට හමුදාව ඉන්නවා. කොහොමද මේ ගොල්ලෝ ආයේ සංවිදානය වෙන්නේ. කොටින්ට ආයේ ඔලුව උස්සන්න බැරිවෙන්නම අපේ ජෙනරාල් තුමා ඇතුළු හමුදාව කටයුතු කලා.(නදී)
මේවා විශ්වාස කරන අයත් ලංකාවේ ඉන්නවනේ නේද? (නදී)
එල් ටී ටී ඊ සංවිධානය ඔවුන්ගේ ආධිපත්‍ය මුළු ලෝකයේම ව්‍යාප්ත කර තිබෙනබව පැහැදිලිවෙනවා. මා සිතන්නේ යුධමය වශයෙන් ඔවුන්ව පරාජය කිරීමෙන් අපට සෑහීමකට පත්විය නොහැක. ඔවුන්ව පෝෂණය කරන, නැවත ත්‍රස්තවාදී ක්‍රියාවලට පෙළෙඹ වීමට යුරෝපා හා ඇමෙරිකාව ඇතුළු බොහෝ රටවල් උත්සාහ ගන්න බව අපට විරුද්ධව සිදුවන ක්‍රියාකාරකම් වලින් පෙනී යනවා. මේ තිදෙනාගේ ඝාතන පිළිබඳව කොටි හිතවාදී රටවල් හා මාධ්‍ය ආයතන වෙනස් මතයක් ලෝකයාට ඉදිරිපත් කරන්න දැඩි උත්සාහයක් දරන බව නම් ස්ථීරය. දකුණු ඉන්දියාව හා දමිල ඩයස්පෝරාවේ මැදිහත්වීමක් බලාපොරොත්තු විය හැක. කෙසේ කුමක් වුවත් විදේශ රටවල් වල ජීවත් වන විශේෂයෙන් බ්‍රතාන්‍ය, කැනඩාව, ඇමෙරිකාව, වගේ රටවල් වල ජීවත් වන ශ්‍රී ලාංකිකයින් සියලුදෙනාට විශාල වගකීමක් පැවෙරෙනවා. රාජ්‍ය නිලධාරීන් ජගත් මානව හිමිකම් රැස්වීම් පවතින කාලය තුල පමණක් එවැනි රටවල් වලට සංචාරය කිරීම තුලින් අපේ රටට වාසිදායක තත්වයක් ඇතිකළ නොහැක. ඒ රටවල් වල ජීවත් වන ලාංකිකයින් අපේ රටේ සංවර්ධන කටයුතු, අපේ රටේ ඇතිවී තිබෙන සාමකාමී වාතාවරණ හා ආගමික සංහිදියාව හෝ ඒ සඳහාවූ උත්සාහයන් පිලිබඳ එරට වැසියන් දැනුවත් කිරෙමේ වැඩ පිළිවෙලක් දියත් කල යුතුය. ඒ සඳහා සියලු ලාංකිකයින් ස්වේච්චාවෙන් තම රට වෙනුවෙන් ඉදිරිපත් විය යුතුය. ඒ තුලින් අපිට පුළුවන් වේවි අපේ රටේ නියම තත්වය ඔවුන්ට පෙන්වාදීමට. මෙවැනි වැඩපිළිවෙලක් තුලින් යම් කිසි වාසි දායක තත්වයක් අපිට ලබාගැනීමට හැකි වේවි. එසේ නොවන්න විදේශ රටවල් වලින් සිදුවෙන ත්‍රස්ත ක්‍රියා කාරකම් නිසා දැඩි අවධානම් තත්වයකට අපට මුහුණපෑමට සිදුවේවී . (නදී)
අපේ කොල්ලන්ව යුද්ද කරන්න යුධ භූමියට යවනවා විතරක් නොවෙයි ඒ කොල්ලන්ගේ ආත්ම ගෞරවය රැකෙන විධියේ පශ්චාත් යුධ කළමනාකරණ වැඩ පිළිවෙලක් වහාම දියත් කළ යුතුයි.(නදී)
මේ සියල්ල විදේශ වල කුමන්ත්‍රණ (දී)
මේ වෙලාවේ මේ ප්‍රශ්නයෙන් දේශපාලන වාසි ලබා ගන්න හදන්න එපා (දී)
ලංකා මාතාවට ජයවේවා (දී)
මොකද්ද මගේ මේ රටට වෙන්න යන්නේ (දී)
ජනාධි පති තුමනි අපි ඔබට සදා ණයගැතියි (දී)
මේ රටේ නැවත කොටින්ට ඔලුව උස්සන්න ලැබෙන්නේ නැහැ (දී)
අර අහවල් බටහිර නෝනලගේ උඩගෙඩි තමයි මේවා. බටහිරයිනි, සිංහල දෙමල සාමයට ලැදි අපට සතුටින් ඉන්න ඉඩදීපල්ලා! දෙවියන්ගේ නාමයෙන්... (නි)
යුරෝපයේ සහ කැනඩාවේ සිට මවුබිමට එන සමහර අය විෂ සහිත බෙහෙත් වර්ග ලංකාවට ගෙන එන බවට ආරංචියක් තිබෙනවා (නි)
මට නම් මුකුත්ම හිතාගන්න බැහැ (නි)
කොහොම වුණත් මේක නම් උප්පරවැට්ටියක් වගෙයි. (නි)
මේ රටේ මිනිස්සු මෝඩයෝ කියලා කවුරු කටයුතු කළත් මිනිස්සු මෝඩ නැහැ කියලා අදහස් දැක්කහම හිතාගන්න පුළුවන් (නි)
මේ සිද්ධියේ පරස්පරවිරෝධී තොරතුරු ගොඩක් තිබෙනවා. රොෂාන් ප්‍රනාන්දු කියන දේ ඇත්ත. මේගොල්ලෝ යුද්ධ කරන්න හදලා තියෙන්නේ ""ආහාර, ඖෂධ, සහ ඇඳුම් " වලින් මිසක් අවි ආයුධ වලින් නෙමෙයි වගෙයි. (නි)
"නවරත්නම් නවනීදන්" කියන්නේ "නවනීදන් පිල්ලේ" ගේ මල්ලි ද? (නදී)
හිගන්නට හොරියක් .හෝ තුවාලයක් නැතුව පැවැත්මක් නැහැ.(නධී)
මේකේ තිරනාටකය බොහොම දුර්වලයි. කිසිම තාත්වික බවක් නැහැ අධ්‍යක්ෂනය ඊට වැඩිය අජයි. (නදී)
තුන් දෙනා කැලේට ගියේ කැලෙන් තව කට්ටිය බඳවා ගන්න බලාගෙනද ? (නදි)
අහිංසක මිනිසුන් කීදෙනෙක්ගේ ජීවිත බේරුනාද? (නි)
ජනතාව කවදත් රණවිරුවන් සමඟයි.(නදී)
අපි ඔබට සදා ණයගැතියි (නි)
මිනිසුනේ, බලන් කඩ තුරා හැර දෑසේ.(නදී)
මට නම් මේ ගැන ටිකක් විතර සැකයි (නි)
මොනවා වුණත් අපි තවමත් වාසනාවන්තයි (නි)
ලොකු ගෙවල් වල හැංගිලාත් ඉන්නවා කොටි. එයාලව අල්ලන්නේ නැද්ද? (නි)
කණ්ණාඩි දමාගෙන අදහස් දමන අය ෆස්රූල් ගෆූර් මහත්මයාගේ අදහස හොඳින් කියෙවුවොත් සමහරවිට කණ්ණාඩියට යටින් පෙනෙන්න ගනියි.යාපනේ දොරෙඅප්පව මරපු කාලයේ අපේ පොලීසිය ඒ සිද්ධිය බොහොම සැහැල්ලුවෙන් බාර ගත්තේ.ඊටත් පස්සේ අපේ හිටපු ජෙනරල් කෙනෙකුත් බොහොම ලස්සන වචන ටිකකින් කොටි සංවිධානය බල්ලා ගානට දැම්මා.ඒවායේ ප්‍රතිපල අපි විතරක් නොවෙයි වසර තිහකටත් වැඩි කාලයක් අපේ මුණුබුරොත් වින්ඳා. තවත් විඳිනවා.එවන් තත්ත්වයකට මේ රට නැවත තල්ලු කරන්න අවශ්‍ය නැත්නම් ඔය වගේ බොළඳ අදහස් දාලා මේ රට වෙනුවෙන් ජීවිත පරිත්‍යාග කළ හා දැනට තම දිවි දෙවැනිකොට රට වෙනුවෙන් කැපවෙන හමුදා විරුවන්ට නිගා නොකර නිශ්ශබ්ද වන ලෙස ඉතාම බැගෑපත්ව ඉල්ලා සිටිනවා (නි)
වසර 30ක් පැවති ජාත්‍යන්තරය පවා පිළිගෙන තිබුන ත්‍රස්තවාදීන් නැත්තටම නැති කළ අපේ රණවිරුවන්ට මේ තුන්දෙනා මොන නායකයින්ද? දැනට උතුරේ දේශපාලන වශයෙන් බලය ලබාගෙන ඉන්න දෙමළ දේශපාන නායකයන් අතරට සිංහල නියෝජනයකුත් අනිවාර්යයෙන් පත්කළ යුතුයි. වගකිවයුතු සියලුම අයවලුන්ගේ අවධානය යොමු කිරීමත් කිසි දිනක උතුරුකරයෙන් හමුදාවන් ඉවත් නොකිරීමත් විය යුතුම දෙයක් (නි)
මුලින් කිව්වා හමුදා ඔත්තුකරුවෙක් මියගියා කියලා. ඕනෑම කෙනෙක් දන්නවා උතුරේ අඩියෙන් අඩියට හමුදාව ඉන්නවා කියලා. කොහොමද මේ ගොල්ලෝ නැවත සංවිධානය වෙන්නේ. (නි)
දැන් දකුණු ඉන්දියාව හා දමිල ඩයස්පෝරාවේ මැදිහත්වීමක් බලාපොරොත්තු විය හැකියි (නි)
බොදු බළ සේනාව මේවා ගැන පොඩ්ඩක් හෙව්වොත් හොඳයි නේද? (නි)
මේ තුන්දෙනාට පුලුවන්ද ප්‍රභාකරන් වෙන්න? (නි)