රජය අපහසුතාවකට පත්වීමට ඉඩ තිබූ අවස්ථාවේ සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ඇමැති තිලක් මාරපන මහතා රටට මනා ආදර්ශයක් දුන් බවත් ඔහු අවංක මිනිසකු බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.
‘තිලක් මාරපන මහත්තයා අවංක කෙලින් වැඩ කරන කෙනෙක්. වසර 28ට පසු ලංකාවේ ඉල්ලා අස්වූ එකම ඇමතිවරයා එතුමා. දූෂණ චෝදනා එල්වන වංචාකාරයෝ ඉල්ලා අස්වෙනවා තියා ඉවත්වෙන්න හිතන්නේවත් නැහැ. ඒ අය මේක බදාගෙන ඉන්නවා. නමුත් තිලක් මාරපන මහතා පරීක්ෂණ කටයුතුවලට පහසුවක් වීම සඳහා තමන්ගේ ධූරයෙන් ඉල්ලා අස්වුණේ පැහැදිලි නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින්. ඒ ආදර්ශය අනිත් අයත් පිළිගත යුතුයි. ඒ අනුව අපි සියලු දෙනා කටයුතු කිරීම අවශ්‍යයි‘

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)
රට පාවාදෙන සියල්ලෝම ඉවත්වුණා නම් ඉදිරි පරම්පරාවට විශාල සේවයක් (නි)
මේ ප්‍රශ්නයේදී ආදර්ශමත් වියයුතු තවත් කෙනෙක්ද සිටින බව පෙනෙන්නට ඇත. (නි)
බොරු ප්‍රචාර ගෙනයන අයට අපි කැමති නැහැ (නි)
ඔයා පළමුවෙන් ඔයාගෙන් අහන්න (ම)
ඔහු අවංක අයෙක් බව පිළිගන්නවා නම් ඔහු කළ ප්‍රකාශ සමහරු හෙළාදකින්නේ ඇයි? (නි)
හොඳයි හොඳයි, ඔහොම යමුකෝ (නි)
මන්දපෝෂණය රටෙන් අතුගා දමන, නිසි පෝෂණයෙන් යුතු ජනතාවක් බිහිකරන, 60% කින්වත් ආහාර මිල පහත හෙළන අයවැයක් පිළිබද බලාපොරොත්තුවෙන් මුළු රටම රජය දෙස දෑස් දල්වා බලා සිටි. කිරි පිටි මිල නම් 75% කින්වත් අඩුවෙන්න ඕනෑ. රටේ කිරි පරිභෝජනය කිසිසේත්ම සුවදායී දිවි පැවැත්මකට ප්‍රමාණවත් නැහැ. (නි)
රජයෙන් අනවශ්‍ය වියදම් අඩුකරලා රුපියල් 100 කවත් සහනයක් දෙනවා නම් කිරිපිටි කිලෝ එකක පැකට් එකක් රුපියල් 220 ක වගේ අඩු මුදලකට දෙන්න පුළුවන්. රටේ ජනතාව හොඳ නිරෝගී තත්වයෙන් තබා ගැනීමට මෙවැනි පියවරවල් ගැනීම අත්‍යාවශ්‍යයි. ඒවා තමයි අපි බලාපොරොත්තුවෙන ආදර්ශ (නි)
එයාගේ ඉල්ලා අස්වීම කෙසේවෙතත් ඔහු විසින් කරන ලද වැරැද්දට විරුද්ධව මහජන මතයක් ගොඩනැඟෙමින් තිබුණා. (නි)...
නාටක හමාරවන්නේ කෙදිනකද ? (ම)
පවිත්‍ර ඔබතුමා ඉඩත් හොරුන්ව ආරක්ෂා කළා අදත් එකම නේද කරන්නේ.ම්යාට කියක් ගෙවනවාද ඔය වැඩේට. (බ)
කට්ටියම බලා ඉන්නකෝ බඩු මිල පහළ බසින තුරු (ම)
විජිත් මහජන මතය කියන්නේ පුරවැසි බලය කියන අර එන ජි ඔ පප්පෝ ටික අටවා ගත්තු ත්‍රිවිල් සන්ගමෙටද? මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ටනම් අැවන්ගාර්ඩ් සම්බන්දයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ..රටට විදේශවිනිම ගෙන දුන්න දහස් ගානක් රණවිරුවන්ට රැකියා ලබා දුන්න ආයතනයක්..ලොව පුරා වෙළද නව සමාගම් වල විශ්වාසය දිනා ගත් ආයතනයක්.රටේ මිනිස්සු දන්නේනම් ඔය දේ තමයි.(රේ)
ඔයාගෙන්ම පටන් ගන්න. (රේ)
අපරාදේ මංගල ඇමැති තුමාට ජන්ද නෑනේ (ම)
ඒ ගැනත් හිතන්න වෙනවා.(හේ)
ඔබ ඇතුළු වැඩි දෙනෙක් එසේ කලයුතු වේ.(රේ)
ඇත්තෙන්ම මංගල සමරවීර මහතාගේ කටේ මසුරන් දහන්ට වටින ප්‍රකශයකි ඒ මහතා කිවූ පරිදි පසුගිය වසර 28 ක් තුල දුෂණ චෝදනා වංචා එල්ලවූ කිසිදු දේශපාලන්ඥයෙක් මාරපන මතතා ඉල්ලා අස්නොවුණු බැවින් අ ය සොයා නිසි දඬුවම් දිය යුතුය (රේ)
රාජ - පක්ෂ, විපක්ෂ සියලු දෙනා මේ ආදර්ශය වහාම ගන්න. (ස)