IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


‘‘මාරපන දුන් ආදර්ශය අනුව යමු‘‘

රජය අපහසුතාවකට පත්වීමට ඉඩ තිබූ අවස්ථාවේ සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වූ හිටපු ඇමැති තිලක් මාරපන මහතා රටට මනා ආදර්ශයක් දුන් බවත් ඔහු අවංක මිනිසකු බවත් විදේශ අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

‘තිලක් මාරපන මහත්තයා අවංක කෙලින් වැඩ කරන කෙනෙක්. වසර 28ට පසු ලංකාවේ ඉල්ලා අස්වූ එකම ඇමතිවරයා එතුමා. දූෂණ චෝදනා එල්වන වංචාකාරයෝ ඉල්ලා අස්වෙනවා තියා ඉවත්වෙන්න හිතන්නේවත් නැහැ. ඒ අය මේක බදාගෙන ඉන්නවා. නමුත් තිලක් මාරපන මහතා පරීක්ෂණ කටයුතුවලට පහසුවක් වීම සඳහා තමන්ගේ ධූරයෙන් ඉල්ලා අස්වුණේ පැහැදිලි නව දේශපාලන සංස්කෘතියක් ඇති කරමින්. ඒ ආදර්ශය අනිත් අයත් පිළිගත යුතුයි. ඒ අනුව අපි සියලු දෙනා කටයුතු කිරීම අවශ්‍යයි‘



අදහස් (0)

‘‘මාරපන දුන් ආදර්ශය අනුව යමු‘‘

ගුණවර්ධන Wednesday, 18 November 2015 09:44 PM

අපි ඔය කවුරු කවුරු ගැනත් දන්නවා (නි)

:       0       0

කුමාර් Wednesday, 18 November 2015 10:03 PM

රට පාවාදෙන සියල්ලෝම ඉවත්වුණා නම් ඉදිරි පරම්පරාවට විශාල සේවයක් (නි)

:       0       0

වින්සන්ට් Wednesday, 18 November 2015 10:59 PM

මේ ප්‍රශ්නයේදී ආදර්ශමත් වියයුතු තවත් කෙනෙක්ද සිටින බව පෙනෙන්නට ඇත. (නි)

:       0       0

සේන Thursday, 19 November 2015 05:51 AM

බොරු ප්‍රචාර ගෙනයන අයට අපි කැමති නැහැ (නි)

:       0       0

රිෆ්තාන් Thursday, 19 November 2015 06:18 AM

ඔයා පළමුවෙන් ඔයාගෙන් අහන්න (ම)

:       0       0

උපාලි Thursday, 19 November 2015 12:21 AM

ඔහු අවංක අයෙක් බව පිළිගන්නවා නම් ඔහු කළ ප්‍රකාශ සමහරු හෙළාදකින්නේ ඇයි? (නි)

:       0       0

කමල් Thursday, 19 November 2015 12:35 AM

හොඳයි හොඳයි, ඔහොම යමුකෝ (නි)

:       0       0

නාමල් Thursday, 19 November 2015 12:37 AM

මන්දපෝෂණය රටෙන් අතුගා දමන, නිසි පෝෂණයෙන් යුතු ජනතාවක් බිහිකරන, 60% කින්වත් ආහාර මිල පහත හෙළන අයවැයක් පිළිබද බලාපොරොත්තුවෙන් මුළු රටම රජය දෙස දෑස් දල්වා බලා සිටි. කිරි පිටි මිල නම් 75% කින්වත් අඩුවෙන්න ඕනෑ. රටේ කිරි පරිභෝජනය කිසිසේත්ම සුවදායී දිවි පැවැත්මකට ප්‍රමාණවත් නැහැ. (නි)

:       0       0

අජිත් Thursday, 19 November 2015 12:52 AM

රජයෙන් අනවශ්‍ය වියදම් අඩුකරලා රුපියල් 100 කවත් සහනයක් දෙනවා නම් කිරිපිටි කිලෝ එකක පැකට් එකක් රුපියල් 220 ක වගේ අඩු මුදලකට දෙන්න පුළුවන්. රටේ ජනතාව හොඳ නිරෝගී තත්වයෙන් තබා ගැනීමට මෙවැනි පියවරවල් ගැනීම අත්‍යාවශ්‍යයි. ඒවා තමයි අපි බලාපොරොත්තුවෙන ආදර්ශ (නි)

:       0       0

විජිත් Thursday, 19 November 2015 01:26 AM

එයාගේ ඉල්ලා අස්වීම කෙසේවෙතත් ඔහු විසින් කරන ලද වැරැද්දට විරුද්ධව මහජන මතයක් ගොඩනැ‍ඟෙමින් තිබුණා. (නි)...

:       0       0

දුමින්ද Thursday, 19 November 2015 06:50 AM

නාටක හමාරවන්නේ කෙදිනකද ? (ම)

:       0       0

සමිත් Thursday, 19 November 2015 04:19 PM

පවිත්‍ර ඔබතුමා ඉඩත් හොරුන්ව ආරක්ෂා කළා අදත් එකම නේද කරන්නේ.ම්යාට කියක් ගෙවනවාද ඔය වැඩේට. (බ)

:       0       0

වගගේ Thursday, 19 November 2015 07:03 AM

කට්ටියම බලා ඉන්නකෝ බඩු මිල පහළ බසින තුරු (ම)

:       0       0

පිවිතුරු යහපාල Thursday, 19 November 2015 03:42 AM

විජිත් මහජන මතය කියන්නේ පුරවැසි බලය කියන අර එන ජි ඔ පප්පෝ ටික අටවා ගත්තු ත්‍රිවිල් සන්ගමෙටද? මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ටනම් අැවන්ගාර්ඩ් සම්බන්දයෙන් කිසි ප්‍රශ්නයක් නැහැ..රටට විදේශවිනිම ගෙන දුන්න දහස් ගානක් රණවිරුවන්ට රැකියා ලබා දුන්න ආයතනයක්..ලොව පුරා වෙළද නව සමාගම් වල විශ්වාසය දිනා ගත් ආයතනයක්.රටේ මිනිස්සු දන්නේනම් ඔය දේ තමයි.(රේ)

:       0       0

චතුර Wednesday, 18 November 2015 05:28 PM

ඔයාගෙන්ම පටන් ගන්න. (රේ)

:       0       0

සිසිර Thursday, 19 November 2015 03:54 AM

අපරාදේ මංගල ඇමැති තුමාට ජන්ද නෑනේ (ම)

:       0       0

ප්‍රේමාවතී Thursday, 19 November 2015 01:07 PM

ඒ ගැනත් හිතන්න වෙනවා.(හේ)

:       0       0

සිරිලා Wednesday, 18 November 2015 07:44 PM

ඔබ ඇතුළු වැඩි දෙනෙක් එසේ කලයුතු වේ.(රේ)

:       0       0

ලියොන් ගුනවර්ධන Wednesday, 18 November 2015 08:09 PM

ඇත්තෙන්ම මංගල සමරවීර මහතාගේ කටේ මසුරන් දහන්ට වටින ප්‍රකශයකි ඒ මහතා කිවූ පරිදි පසුගිය වසර 28 ක් තුල දුෂණ චෝදනා වංචා එල්ලවූ කිසිදු දේශපාලන්ඥයෙක් මාරපන මතතා ඉල්ලා අස්නොවුණු බැවින් අ ය සොයා නිසි දඬුවම් දිය යුතුය (රේ)

:       0       0

පතී Thursday, 19 November 2015 04:38 AM

රාජ - පක්ෂ, විපක්ෂ සියලු දෙනා මේ ආදර්ශය වහාම ගන්න. (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site