‘අපි අමාරුවෙන් පත් කර ගත්ත යහ පාලන ආණ්ඩුව පසුගිය කාලයේ හැසිරුණු විදිහ ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. එහි එක් උපරිම පුපුරා ගිය අවස්ථාවක් තමයි තිලක් මාරපන සිද්ධිය.‘ යි පුරවැසි බලයේ සම කැඳවුම්කරු ආචාර්ය ගාමිණී වියන්ගොඩ පැවසීය.
‘තිලක් මාරපන කියන්නේ ඇවන්ගාඩ් කියන සමාගම වෙනුවෙන් උසාවියේ පෙනී සිටි නීතීඥයා. ඔහු ඒ වෙනුවෙන් විශාල ගාස්තුවක් පවා ලබාගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ඔහු පොලිසිය හා නීතිය භාර මෙරට අමාත්‍යවරයා. ඒ අනුව ඔහුට තමන් පෙනී සිටි සමාගම වෙනුවෙන් අමාත්‍යවරයකු ලෙස තීරණ ගන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔහු ඉල්ලා අස්විය යුතුමයි.‘
මෙම මාධ්‍ය සාකච්ඡාවට පුරවැසි බලයේ නියෝජිතයෝ කිහිප දෙනෙක් සහභාගී වූහ.
(ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)
2025 දෙසැම්බර් මස 18
484
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
253
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1050
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මාරපන ගියාට පුරවැසි බලය උදම් අනයි
හුසේන් මොහමඩ් Monday, 09 November 2015 11:19 AM
යහපාලන රජය හරි ට්‍රැක් ගන්න ඔය වගේ සමාජ බලවේගයක් අත්‍යාවශ්‍යයි. (ම)
රමණි Monday, 09 November 2015 11:25 AM
මම හිතුවේ මහා ජනතාවගේ ජන්දයෙන් ආණ්ඩුව පත්වුණේ කියලා. බලනකොට මේ කට්ටියයි ආණ්ඩුව පත්කරා කියන්නේ. එතකොට අපිට තැනක් නැතිද? (ම)
චාමර Monday, 09 November 2015 11:30 AM
ඒත් තවත් කුණු ගොඩවල් දෙකක් ඉතුරුයි !(ම)
සිද්දික් Monday, 09 November 2015 11:36 AM
කාගේ කාගේත් කිල්ලෝටවල හුණු කියලා සිංහල කතාවක් තියනවා නේද. (අ)
කරුණාරත්න Monday, 09 November 2015 12:09 PM
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)
චන්දා Monday, 09 November 2015 12:10 PM
අපේ රට පසුගිය දශක කිහිපයේ මොනවගේ පසුබිමකද ගමන් කළේ? මේ උදවිය මොනවද කළේ? නොකළේ? සිංහලයාට හැමදේම ඉක්මනට අමතක වෙනවා. (නි)
ලලිත් කුමාර Monday, 09 November 2015 12:57 PM
ජනතාවගේ ඡන්දෙන් ආණ්ඩුව හැදුව මිස පුරවැසි බලය කරපු කෙහෙල් මලක් නැහැ එහෙනම් උන්ට තිබුනනේ ආණ්ඩුවක් හදන්න (බ)
කුමාර Monday, 09 November 2015 01:28 PM
යන යකා කොරහත් බිඳගෙන යනවා කියන කතාව මට මේ වෙලාවේ මතක්වුණා (නි)
විකුම් Monday, 09 November 2015 01:33 PM
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ... (නි)
ඉන්දික Monday, 09 November 2015 01:33 PM
රමණි, අපි මේ ආණ්ඩුව පත්කළාට අපිට වෙලා නැහැනේ ඕවා කරන්න. ඒ නිසා ඒ අය කරන වැඩේ අගය කරන්න (නි)
විජේසුන්දර Monday, 09 November 2015 01:42 PM
අපි නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ (නි)
තිලක්-ඩුබායි Monday, 09 November 2015 03:51 PM
යහපාලන රජය හරි ට්‍රැක් එකට ගන්න ඔය වගේ සමාජ බලවේගයක් අත්‍යාවශ්‍යයි (නි)
අනුර Monday, 09 November 2015 05:01 PM
පුරවැසි බලය කරන දේ හරි. ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණ ආකාරයට පාලනය කරනවද කියලා සොයාබලන එකට පුරවැසි බලයට මගේ ප්‍රණාමය! (නි)
විජේසුන්දර ප්‍රංශය Monday, 09 November 2015 07:05 PM
මේවා අහන එකත් කාලය නාස්ති කිරීමක්. (නි)
පන්සිලු Monday, 09 November 2015 08:46 PM
ජයවේවා පුරවැසි බලයට! (නි)
ප්‍රසාද් Monday, 09 November 2015 09:16 PM
සියලුම සිවිල් බලවේග එකතුව ජනතා බලය පෙන්විය යුතුය. ඔබගේ ශක්තිය අගය කරමි (නි)
රවි බණ්ඩාර Monday, 09 November 2015 11:54 PM
යහපාලන ආණ්ඩුව පිහිටෙව්වෙ පුරවැසි බලයෙන් නෙමෙයිනේ (නි)
මොහාන් Tuesday, 10 November 2015 01:50 AM
කොටි දිගට හරහට බෝම්බ පුපුරනකොට, අපේ කොල්ලෝ මරනකොට මේ පුරවැසි බලය කොහෙද දන්නේ නැහැ හිටියේ. (නි)
අනුර Tuesday, 10 November 2015 04:53 AM
මේ දිනවල එක් කෙනෙක් ගිය බව ඇත්ත. තවත් අය යයි.(ම)
නයනා Tuesday, 10 November 2015 05:59 AM
පුරවැසි බලය හදන්නේ කොහෙන් හරි ලකුණු ටිකක් දාගන්න. මොනවා වුණත් තිලක් මාරපන මහත්ම ගති පෙන්නලා ඉල්ලා අස්වීම මොනවා කරත් අපි හරි කියන අනෙක් කට්ටියටත් හොඳ ආදර්ශයක්. (ම)