‘අපි අමාරුවෙන් පත් කර ගත්ත යහ පාලන ආණ්ඩුව පසුගිය කාලයේ හැසිරුණු විදිහ ගැන සෑහීමකට පත් වෙන්න බැහැ. එහි එක් උපරිම පුපුරා ගිය අවස්ථාවක් තමයි තිලක් මාරපන සිද්ධිය.‘ යි පුරවැසි බලයේ සම කැඳවුම්කරු ආචාර්ය ගාමිණී වියන්ගොඩ පැවසීය.
‘තිලක් මාරපන කියන්නේ ඇවන්ගාඩ් කියන සමාගම වෙනුවෙන් උසාවියේ පෙනී සිටි නීතීඥයා. ඔහු ඒ වෙනුවෙන් විශාල ගාස්තුවක් පවා ලබාගෙන තියෙනවා. අනිත් පැත්තෙන් ඔහු පොලිසිය හා නීතිය භාර මෙරට අමාත්‍යවරයා. ඒ අනුව ඔහුට තමන් පෙනී සිටි සමාගම වෙනුවෙන් අමාත්‍යවරයකු ලෙස තීරණ ගන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. ඔහු ඉල්ලා අස්විය යුතුමයි.‘
මෙම මාධ්‍ය සාකච්ඡාවට පුරවැසි බලයේ නියෝජිතයෝ කිහිප දෙනෙක් සහභාගී වූහ.
(ඡායාරූප හා වීඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලන රජය හරි ට්‍රැක් ගන්න ඔය වගේ සමාජ බලවේගයක් අත්‍යාවශ්‍යයි. (ම)
මම හිතුවේ මහා ජනතාවගේ ජන්දයෙන් ආණ්ඩුව පත්වුණේ කියලා. බලනකොට මේ කට්ටියයි ආණ්ඩුව පත්කරා කියන්නේ. එතකොට අපිට තැනක් නැතිද? (ම)
ඒත් තවත් කුණු ගොඩවල් දෙකක් ඉතුරුයි !(ම)
කාගේ කාගේත් කිල්ලෝටවල හුණු කියලා සිංහල කතාවක් තියනවා නේද. (අ)
හොඳයි හොඳයි. ඔහොම යමුකෝ (නි)
අපේ රට පසුගිය දශක කිහිපයේ මොනවගේ පසුබිමකද ගමන් කළේ? මේ උදවිය මොනවද කළේ? නොකළේ? සිංහලයාට හැමදේම ඉක්මනට අමතක වෙනවා. (නි)
ජනතාවගේ ඡන්දෙන් ආණ්ඩුව හැදුව මිස පුරවැසි බලය කරපු කෙහෙල් මලක් නැහැ එහෙනම් උන්ට තිබුනනේ ආණ්ඩුවක් හදන්න (බ)
යන යකා කොරහත් බිඳගෙන යනවා කියන කතාව මට මේ වෙලාවේ මතක්වුණා (නි)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙටලුනේ... (නි)
රමණි, අපි මේ ආණ්ඩුව පත්කළාට අපිට වෙලා නැහැනේ ඕවා කරන්න. ඒ නිසා ඒ අය කරන වැඩේ අගය කරන්න (නි)
අපි නම් මේවාට මොකුත්ම කියන්නේ නැහැ (නි)
යහපාලන රජය හරි ට්‍රැක් එකට ගන්න ඔය වගේ සමාජ බලවේගයක් අත්‍යාවශ්‍යයි (නි)
පුරවැසි බලය කරන දේ හරි. ආණ්ඩුව ජනතාවට පොරොන්දු වුණ ආකාරයට පාලනය කරනවද කියලා සොයාබලන එකට පුරවැසි බලයට මගේ ප්‍රණාමය! (නි)
මේවා අහන එකත් කාලය නාස්ති කිරීමක්. (නි)
ජයවේවා පුරවැසි බලයට! (නි)
සියලුම සිවිල් බලවේග එකතුව ජනතා බලය පෙන්විය යුතුය. ඔබගේ ශක්තිය අගය කරමි (නි)
යහපාලන ආණ්ඩුව පිහිටෙව්වෙ පුරවැසි බලයෙන් නෙමෙයිනේ (නි)
කොටි දිගට හරහට බෝම්බ පුපුරනකොට, අපේ කොල්ලෝ මරනකොට මේ පුරවැසි බලය කොහෙද දන්නේ නැහැ හිටියේ. (නි)
මේ දිනවල එක් කෙනෙක් ගිය බව ඇත්ත. තවත් අය යයි.(ම)
පුරවැසි බලය හදන්නේ කොහෙන් හරි ලකුණු ටිකක් දාගන්න. මොනවා වුණත් තිලක් මාරපන මහත්ම ගති පෙන්නලා ඉල්ලා අස්වීම මොනවා කරත් අපි හරි කියන අනෙක් කට්ටියටත් හොඳ ආදර්ශයක්. (ම)