ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක හා පැරිස් නුවර ජේතවන විහාරාධිපති මුරුංගස්යායේ ඥාණිස්සර නාහිමියන් විසින් 1998 දී ආරම්භ කරන ලද මුරුංගස්යායේ ඥාණිස්සර නාහිමි පදනම ශ්‍රී ලංකාවේ වෛද්‍ය විද්‍යාලවලට ඇතුළුවන අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන්හට වසරේදීත් ශිෂ්‍යත්ව පිරි නැමීය.
මෙවර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය පවත්වන ලද්දේ කොළඹ කොටුව සම්බුද්ධාලෝක විහාරස්ථානයේදීය.
මුරුංගස්යායේ ඥාණිස්සර නාහිමි, බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ මහෝපාධ්‍යාය මහාචාර්ය ඉත්තමෙළියේ ඉන්දසාර නාහිමි, විතාරන්දෙණියේ මේදානන්ද හිමි, මුලනේ ගුණානන්ද හිමි, පුජ්‍ය කිරින්දේ පේමසිරි හිමි, පුජ්‍ය මහගම සුනීත හිමි, තෝරකොළයායේ රතනසිරි හිමි හා බලංගොඩ නන්දසිරි යන හිමිවරුන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.
මෙවර ශිෂ්‍යත්ව ලැබූ සිසු සිසුවියන් සියලු දෙනා සමඟ ඔවුනගේ දෙමාපියෝ එම උත්සවයට සහභාගී වුහ.
ඥාණිස්සර නාහිමි පදනම මගින් පසුගිය වසර 15 දී ශ්‍රී ලංකාවේ විවිධ ප්‍රදේශයන්හි ආර්ථික දුෂ්කරතා ඇති දරු දැරියන් විශාල පිරිසකගේ අධ්‍යාපන කටයුතු සඳහා විවිධ අයුරින් උදව් උපකාර ලබාදී ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද වැඩක් (නි)
මෙම සත් ක්‍රියාව කරන මුරුන්ගස්යායේ හාමුදුරුවෝ මෙන්ම දිගු කලක සිට දුෂ්කර පෙදෙස් වල සිටින සිංහල සිසුන්ගේ දැස් පෑදු පැරිසියේ චන්දරතන හමුදුරුවන්ද මම මෙහිදී ගෞරව පුර්වකව සිහිපත් කරමි. (නි)
දේශපාලුවෝ සම්බන්ධ කර නොගැනීම පිළිබඳව මගේ ප්‍රණාමය!! ඔබවහන්සේලාට බුදු සරණයි. (ස)
උන්වහන්සේ ප්‍රංශයේදී ගන්න වැටුපත් වතුපිටි වලින් ලැබෙන ආදායමත් දෙන්නේ දරුවන්ට. ආනන්ද සහ චන්ද්‍රරත්න සමාදානය කිරීමේ පිනම උන්වහන්සේට නිවන් දකින්න ඇති. (ස)
මේ උතුම් ක්‍රියාව දිගුකලක් කිරීමට නාහිමිට නිදුක් නිරෝගී සුව පතනවා. (නි)
මේ වගේ ප්‍රවෘත්තියක් අසන්න ලැබීමත් වාසනාවක්. ධනය රැස් කිරීම හා ආත්මාර්ථය අතර දුරාතීතයේ පටන් එන ගතානුගතික චින්තනය නිෂේධ කරමින් මුරුන්ගස්යායේ ඥානිස්සර හිමියන් ලොවට දෙන පණිවිඩය අනුශාසනා දහසකට වඩා වටිනවා. ඒ හිමියන් වෛද්‍ය සිසුන්ට ආධාර කරන්නේ දුප්පත් පවුලකින් වෛද්‍ය විද්‍යාලයට තේරුනත් අග හිඟකම් නිසා ඒ අධ්‍යාපනය කඩාකප්පල්වීමට ඇති ඉඩකඩ අහුරාලන්නයි. අනික මේ වෘත්තියෙන් රෝගාතුරව අසරණ වන ජනතාවට සෙත සැළසිය හැකි වීමයි. මේ කටයුත්ත අඛණ්ඩව පවත්වාගෙන යාමට ඥානිස්සර හිමියන්ට නිරෝගී සුව හා දීර්ඝායු පතමි. (නි)
වෛද්‍යවරු වුනාට පස්සේ අමතක නොවේවා. දුප්පත් රෝගීන්ට කාරුණිකව සලකත්වා. (ස)
බෞද්ධ පුත්‍රයන් වූ ඔබ වහන්සේලා මගේ රටට වාසනාවන්. (ස)
මුදලට යටව සිවුරට මුවාවී දුසිරිතෙහි යෙදෙන අනෙකුත් භික්ෂුන් වහන්සේලාත් මෙය ආදර්ශයක් වේවා. (නි)
උපදින අප සැවොම දිනකදී මිය යනවා ... ඒ යන විටදී වෙන ගෙනියන්නද මොනවා...... මිනිසත් බව ලැබූ අප අද දන් දෙනවා. ... මිය යන විටදී ඒ කළ හොද ගෙනියනවා.... (නි)
වෙන්න දොස්තර අයට විතරද මේ සැලකිලි හාමුදුරුවනේ ?. කලා විෂයන් කරන අයටත් මෙහෙම උදව්වක් කරන්න හාමුදුරුවනේ.(නදී)
මේ හාමුදුරුවන්ගේ හෘදයාංගම පරිත්‍යාගයට මගෙන් හෘදයාංගම සුබ පැතුම්! (නි)
ඉතාම පින් අතේ වැඩක් (නි)