IMG-LOGO

2025 නොවැම්බර් මස 20 වන බ්‍රහස්පතින්දා


මැරෙන වග නොදන්නෝ

මැරෙන නය නො         ඇඳින කොලහල කරති           පුහුදන මරණ නියතය                 දැන වරති කොලහල දනෝ සනුවණ ( කොසඹෑ නුවර හිමිවරුන් වෙනුවෙනි)

ගී පබැඳුම - තිලක් නවරත්න
01.    යමක වග්ගෝ 06.    පරේච න විජානන්ති මයමෙත්ථ යමාමසෙ යෙ ච තත්ථ විජානන්ති තතො සම්මන්ති මෙධගා නිදාන කතාව වැසිකිළියේ රණ්ඩුව කොසඹෑ නුවර ඝෝසිත නම් අරමුක් තිබුණා. ඒ අරම තනා සඟසතු කෙළේ ඝෝසිත සිටුවරයා. හේ සැදැහැවත්. දානසීලී යි. ඝෝසිතාරාම වාසී ව පන්සියයක් හිමිවරුන් වැඩසිටියා.විනය මැනැවින් දන්නා පන්සියයක් විනයදරයෝ. දහම මැනැවින් දන්නා පන්සියයක් ම දම්මකතිකයෝ. අත්පස්ගෙය හෙවත් වැසිකිළියේ දිය බඳුන මුනින් නොනැමීම විනය වරදක්. දම්ම දර හිමිනමක අතින් අත්වැරැද්දක් වුණා. දිය බඳුනේ දිය ඉතිරි ව තිබිය දී එය මුනින් තබා නො ආ වැරැද්ද විනය දරයන් විසින් පෙන්නා දුන්නා. දම්මදර තෙර රැහැණි වුණා. අසමගිය ඇරැඹුණා.විනයදර දම්මකතික දෙපිරිස අසමඟි ව බේද වුණා. බුදුරදුන් විසින් තුන්වන වරට ද කළ අවවාද පිළිගන්නට දෙ පිරිස ම මැළි වුණා. පළක් වුණේ ම නෑ. කලහය නොනිවෙන වග ම දුටුවා.බුදුරදුන් හුදකලාව මැ වනගත වැ වදාළා. පාරිලෙයියක වනයේ ඇත්රදුන් ගේ උවටැන් ද ඇති ව බුදුන් වැඩවිසුවා.ඇතුන් ගේ පලවැළත්, උණු පැනුත් අනෙක් පහසුකමුත් අඩු නැතිව සැලසුණා. අසමගියදුටු ගම්මුන් ආරාම වාසීනට දාන-මාන ද වැඳුම්-පිදුම් ද නවතා දැමුවා.පසු ව විනයදර-දම්මකතිකදෙ පිරිස් අවවාද ඉවසා සමඟි වුණා. කලහය නිම වූවා.කලහ නොකිරීමේ අනුහස් සිරිමුවින් වදාළා.



අදහස් (0)

මැරෙන වග නොදන්නෝ

නිත්‍යා Saturday, 12 January 2013 12:46 PM

මේවට කාගෙවත් අදහස් නෑ..ඇයි ඒ. (ස)

:       0       0

දමිත් Saturday, 12 January 2013 12:43 PM

ගොඩක් අය හිතන් ඉන්නේ ඒ අය අමරණීයයි කියලයි. ඒකයි සමාජයේ ප්‍රශ්න බහුල (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 104 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 944 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2549 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site