ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන රුකී ප්‍රනාන්දු අද (01) ත්‍රස්ත විමර්ශන ඒකකය මගින් කටුනායක ගුවන්තොටුපලේ දී රඳවා ගෙන ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් කැෆේ සංවිධානය හා ශ්‍රී ලංකා මානව හිමිකම් කේන්ද්‍රය දැඩි කනස්සල්ල පළ කරයි.
මෙය පසුගිය රජය සමයේ මානව හිමිකම් ක්‍රියාකාරීන්ට විදින්නට සිදු වූ ගැහැට සහ බලපෑම් නැවත වරක් කරළියට පැමිණීමක් ලෙස එම සංවිධානය පවසයි.
ත්‍රස්තවාදීන් මර්දනය කිරීමේ නාමයෙන් මානව හිමිකම් ක්‍රියාකාරීන් මර්ධනය කිරීම වහා නවතා දමන ලෙස එම සංවිධාන රජයෙන් ඉල්ලා සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මේ ක්‍රියාකාරීන්ගෙන් ප්‍රශ්න කරන්න බැරිද? යම්කිසි චෝදනාවක් තියෙනවා නම් මොන ක්‍රියාකාරින්ද ලංකාවේ විශ්වාස කරන්න පුළුවන්? (නි)
ඇතැම් සිංහල බෞද්ධ නායකයින් වර්තමාන ආණ්ඩුවෙන් අත්අඩංගුවට ගත්තහම සමහරු කිව්වනේ නීතිය කාටත් එකයි කියලා. ඉතින් ඒ සිද්ධාන්තයම අපි භාවිත කළයුතුයි මෙහිදීත්. "නීතිය කාටත් එකයි" රුකී ප්‍රනාන්දුත් නීතියට අවනත වියයුතුයි (නි)
සිංහල වේවා, දෙමළ වේවා, වෙනත් ජාතික වේවා යම් කෙනෙකු ගැන සැකයක් ඇතිවුවහොත් ඔහුගෙන් හෝ ඇයගෙන් රාජ්‍ය ආරක්ෂාව සඳහා ප්‍රශ්න කළ නොහැකිද? පසුගිය සමයේ නොයෙකුත් සංවිධාන ක්‍රියාකාරින් කොටි ත්‍රස්තවාදයට සහය දුන් හැටි අමතකද? (නි)
මෙයාට විතරක් වෙනම නීතියක් ඕනෑද? ඔයාලට අපේ මානව හිමිකම් ගැන කතා කරන්න ඒ ගැන උනන්දු වෙන්න කියලා ලංකාවේ කී දෙනෙක් කියලා තියෙනවද? (නි)
නීතිය කාටත් පොදුයි. සැකනම් ප්‍රශ්න කළ යුතුයි. (බ)
කොහොමටත් ලංකාවට බාහිර බලපෑම් වැඩිවුණේ මානව හිමිකම් සහ එන්ජීඕ කඩ නිසා (බ)
එන්ජීඕ යුද්ධය නැවත පටන් අරන් වගේ. (බ)
රුකී ප්‍රනාන්දු කරන හැමදෙයක්ම කරන්නේ කැෆේ සංවිධානයෙන් හා මානව කේන්ද්‍රයෙන් අවසර අරගෙනද?මේගොල්ලෝ දවසේ පැය 24ම රුකී ප්‍රනාන්දුට සිසිටිවී කැමරා අල්ලාගෙන ඉන්නවද (බ)
නීතිය නම් සැමටම එක විය යුතුයි, (හේ)