මර්දනකාරී රටවලට මහා බ්‍රිතාන්‍යය යූරෝ කෝටි 900ක (රුපියල් කෝටි 157500) යුද හා බුද්ධිමය උපකරණ විකුණා ඇතැයි ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත කියයි.
බෙලරූස්, ඉරාණය, චීනය, ශ්‍රී ලංකාව, රුසියාව හා සිම්බාබ්වේ ඒ රටවල් බව එම වාර්තාව සඳහන් කරයි.
මානව හිමිකම් කඩ කිරීම පිළිබඳ ඉතිහාසයක් ඇති රටවල් සමග මහා බ්‍රිතාන්‍ය අවි ගිවිසුම් 3000ක් අත්සන් කර ඇතැයි ද එම පුවත්පත කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලන්දේසීන්ගේ අවසානය ලං වෙනකොට බ්‍රිටිෂ් නැගෙනහිර ඉන්දීය සමාගම 1795 දී ලංකාව අල්ල ගත්තා. නමුත් 1798 තෙක් රට පාලනය වුයේ ඉන්දියාවේ මඩරාසයෙනුයි. 1796 සිට ඉංග්‍රීසින්ට එරෙහිව මගේ කිරිකිත්තටත් කලින් සිටි මුත්තා වූ "සටන් නායක" ලෙස ජනතාව හැඳින්වූ තැනැත්තාගේ ප්‍රධානත්වයෙන් සිංහලයෝ සටන් වැදුනා. නමුත් ඉංග්‍රීසි රජු ගේ පහත් ගෑනු ගතිගුණ නිසාත් වෙනත් හේතු නිසාත් සැබෑ නිදහස් සටන අප අතහැරියේ 1798 මැයි මස 20 දිනයි. ඒ සිදුවීම තහවුරුකළ ලිඛිත සටහන් මා සතුයි. ඒ වසරේ මැයි මාසයේ අලුත් හඳ උදාවුනේ 16/05/1798 දින උදේ 06 ට. අපි සටන අතහැරියායින් පසු ඉංග්‍රීසින් නුවර රාජාධි රාජසිංහ පරලෝකෙට යැව්වේ 1798 ජුලි 26 දිනයි. ඉන්පසු ඔවුන් ශ්‍රී වික්‍රම රාජසිංහ නමින් 18 වියැති කන්නසාමි රජ කරවනවා. 1798 දී ලංකාව වෙනම කොලනියක් බවටත් 1802 දී ක්‍රව්න් කොලනියක් බවටත් පත්කළා. 1798 දී ගිල්ෆොර්ඩ් හි අර්ල් වරයා වූ ෆෙඩ්රික් නොර්ත් 1805 තෙක් ආණ්ඩුකාරය ලෙස වැඩකරනවා. 1815 දී ශ්‍රී වික්‍රම නමින් පෙනීසිටි ඉංග්‍රීසි රූකඩයක්වූ මෝඩ මලබාරියාවත් අල්ලාගෙන රටින් පිටුවහල් කලා. උඩරට ඉන්දීය රජවරුන් ඉංග්‍රීසින්ට පාවාදුන් රදලයින් ලවා 1817-18 බ්‍රව්න්රිග් ආණ්ඩුකාරයාගේ කාලේ බොරු කැරලි ගස්සවා ඉංග්‍රීසින් මුළු දිවයිනම අල්ල ගත්තා. පසුව මොරටුවේ ප්‍රනාන්දු කෙනෙක් මාතලේ යවා තවත් බොරු කැරැල්ලක් මෙහෙයවා ඔහුව පුරන් අප්පු නමින් මෝඩ වීරයෙක් කොට මරාදැම්ම. ඉංග්‍රීසින් පසුබිමේ ඉඳගෙන ලංකාවේ රුකඩ මිනිසුන් ලවා ඇතිකළ බොරු සටන් වලදී සැබෑ දේශමාමක සිහලුන් මරාදමා පාලනය තහවුරුකොට ගෙන ඒවා නිදහස් අරගල ලෙස ඉතිහාසයට එක්කළා. පෙර කල සිටම රාවන පසෙකලා විභීෂණ දේවත්වයෙන් සලකන මේ රටේ මෝඩයෝ ගොනාට අන්දන්න ඉතා පහසු බව මෙහි දාන අදහස් වලින්ම තහවුරු වෙනවා. ඒ නිසා යුරෝපයේ යටත්වහලුන්වූ ලාංකිකයන්ගේ අතීතයත්, වර්තමානයත්, අනාගතයත් අඳුරුයි. මෙහි අදහස් දාන බොහෝ දෙනෙක් අඳුරේ අතපත ගාන්නේ ඒ නිසයි. පැරණි ඉරානය පර්සියාවයි. (අ)
නීල් රන්ගේ කතා නැවට නැගලා බස් එකෙන් බැහැලා කෝච්චියෙන් ගෙදර ගියා වගේ. බලාගෙන ගියාම මිනිහා ගෙදරටත් ඇවිත්. (නි)
ලෝක ඉතිහාසයේ වැඩියෙන්ම යුද්ධ කරපු රටවල් අතර ඉරානය හෙවත් පැරණි ප්‍රසියාව හා රුසියාව අනිවාර්යයෙන් ඉන්නවා. ලෝකයේ මෙච්චර රටවල් තියෙද්දී පිටින් එක බිම් අඟලක් යුද්ධ කරලා අල්ල ගන්න බැරිවුණු එක සම හරක් නිවට ලාංකිකයන් ආඩම්බරයට කාරණාවක් කරගෙන තිබීම කණගාටුවට හේතුවක්. එංගලන්තය, ඉන්දියාව ලංකාව ඇතුළු ආසියාතික රටවල් අල්ල ගත්තේ යුද්ධ කරලා නොවේ. අපි 1796-98 ඉංග්‍රීසින්ට එරෙහිව දියත්කළ සටන අසාර්ථක වුනේ අපේම පාවාදෙන්නන්, දුර්වලයින් නිසා පමණක් නොව ඉංග්‍රීසි රජුගේ විශ්වාස කළ නොහැකි ගති නිසයි. (නි)
මෙගොල්ලනට කන්න ඕන වුණාම කබරයා තලගොයා කරනවා. (අ)
ඕක පුදුම වෙන්න දෙයක් නෙවේ. අපේ දේශපලකයෝ හොන්ද නැති නිසයි මේ සේරම. එයාල දන්නේ නැති කොහොමද රටට ආයුධ වෙන රටකින් ගේන්නේ. කුඩා පරිමාණයෙන් කුඩු ගෙන ය අහු වෙනවා නම්, කොහොමද මෙච්චර ලොකු ආයුධ ගේන එක අහු නොවෙන්නේ. (අ)
මුත්තල කිරිකිත්තල බටහිර අධ්රාජය වාදීන්ට විරුධව සටන් කලාට මුණුපුරා උන්ට කඩේ යනවා.(නදී)
එතකොට බ්‍රිතාන්‍යය මානව හිමිකම් කඩ කරලම නැද්ද? (නි)
නීල්-රනා කියන්නේ හොදටම ඔලුව අමාරුකාරයෙක්. එයා තමා හමුදාවට යුද්ධ කරන විදිහ කියල දුන්නේ කියල කියනවා.'පුරන් අප්පු නමින් මෝඩ වීරයෙක්" කියනවා. "මගේ කිරිකිත්තටත් කලින් සිටි මුත්තා වූ "සටන් නායක" ලෙස ජනතාව හැඳින්වූ තැනැත්තාගේ ප්‍රධානත්වයෙන් සිංහලයෝ සටන් වැදුනා" මෙය කියන්න හදන්නේ මෙය තමයි පොර කියලා. මෙයාගේ මුත්තා තමයි පොර. මොලේ කචල්.(නදී)
මොනවා කියනවද. වැඩියම රටවල් ආක්‍රමණය කරපු රටවල්, වැඩියම මිනිස්සු මරපු රටවල්, වැඩියම යුද්ධ ඇතිකරපු රටවල් අතරට බෙලරූස්, ඉරාණය, චීනය, ශ්‍රී ලංකාව, රුසියාව හා සිම්බාබ්වේ යන රටවල් නෑ. (නදී)
ප්‍රවුර්තියක් කියවල එකේ අන්තර්ගතය විශ්ලේෂණය කරලා අවබෝද කරගන්න ලංකාවේ සමහර මිනිසුන්ට බැරි බව පේනවා. ඉතින් කොහොමද ඇත්ත නැත්ත තේරුම් ගන්නේ. සෑම් මොනවද මේ කියන්නේ.? මේ ප්‍රවුර්තියේ තියෙන්නේ, එංගලන්ත රජය ලංකාව, ඉරානය , චීනය වගේ රටවලට යුද්ද ආයුද ලබ්දිල තියෙන්න ලංකාවේ රජයට. එහෙම නැතිව පාතාලයට නෙමෙඉ. මේවා ලංකාවට හොරෙන් ගෙනාපු යුද උපකරණ නෙමෙය්. ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත කියන්නේ ලංකාවට ආයුද දෙන්න එපා කියල. ලංකාවේ රජය මානව හිමිකම් කඩ කල කියල. (ලංකා රජය මානව හිමිකම් කඩකර නැත. )(නදී)
නීල්-රනා , මා දන්නා තරමට 1796-98 අතර ඉංග්‍රීසින්ට විරුද්දව ජාතික අරගලයක් නොතිබුණි .(එහෙම ජාතික අරගලයක් තිබුනේ නම් ඒ ගැන දන ගැනීමට කැමැත්තෙමි. )1818 ලංකාවේ පළමු නිදහස් සටන ඉංග්‍රීසින්ට විරුද්දව,වීර කැප්පෙට්ටිපොළ මහා අදිකාරම් ගේ මුලිකත්වයෙන් ඇති උන බව මා දන්නා ඉතිහාසයය්. මහා පරාක්‍රම බහු රජුගේ කාලයේදී සියම් රට (බුරුමය ) පවා යටත් කරගත් බව මා කියවා ඇත. එසේම ලංකාවේ කොන්ද පන ඇති නියම වීරවරුන් ජීවත් උන බව ඉතිහාසය තරමක් හෝ කියව ඇති මා දනිමි. ඒ සේම ලංකාව වෙනත් රටවල් ආක්‍රමණය කර දහසක් මිනිසුන් නොමරුවේ නිර්මල බුදු දහමට පින්සිදු වෙන්නටය. සිංහලයා විරුවකු වන්නේ ඔහු තම රට ,දැය රැකගැනීමට යුද වැදුන නිසාවෙනි. සුද්ද(ඉංග්‍රීසින්) මිනීමරුවන්, මංකොල්ල කරුවන්, හොරු වන්නේ අනුන්ට අයිති ඉඩම්, මිල මුදල්, වටිනා සම්පත් කොල්ල කන්නට අනෙක් රටවල් ආක්‍රමණය කල නිසාවෙනි. ඉතින් මා ආඩම්බර වෙමි, මේ සිංහලේ ඉපදීම ගැන, ඒ මගේ මි මුත්තන් සැබෑම වීරයන් වන බව මා දැන් දන්නා බැවිනි. (නදී)
අමර, මම ඔයත් එක්ක එකඟ වෙනවා. හැබැයි අර ඇමති බෙරයක් බැදගෙන, නට නටා බෙරය වාදනය කරමින් ආ යුතුයි.(නදී)
කියනකොට කියන්නේ ඔහොම උනාට කරන කොට කරන්නේ මෙහෙමනේ හාමුදුරුවනේ.(නදී)
නියම කතාව තිසල් (නි)
සම හරක් කියන නිවට ලාංකිකයන් කියන්න හදන්නේ අපිව අල්ලපු ඉංග්‍රීසි නරක නැහැ. එංගලන්තය, ඉන්දියාව ලංකාව ඇතුළු ආසියාතික රටවල් අල්ලා ගත්තේ යුද්ධ කරලා නොවේ.අහු වුන අපි තමා වැරදි කියලා.ඒ සම හරක්ම නැවත කියනවා, අපේම පාවාදෙන්නන්, දුර්වලයින් නිසා එහෙම වුනා කියලා.එහෙම නිවට ලාංකිකයන් හැමවිටම තම රටට පහත් තැනක්ද,අපිව අල්ලපු ඉංග්‍රීසින් හොදායි, යුද්ධ නොකර හිටපු රටවල් නරකායි, නමුත් ලංකාවට යුද්ධ කරන්න කියලා දුන්නේ මම කියලත් කියනවා.හොදටම මොලේ කචල් වෙලා. "මම හරි උගතා මම හරි ජගතා සිතනා මිනිහා මෝඩයෙකි" කියලා පැරණි කියමන සම හරක්ට හරියටම ගැලපෙනවා. (නි)
"දෙවිවරු පය නොතබන තැන මෝඩයෝ කරනම් ගහනවා" වගේ නීල් රණා අදත් මොනවදෝ කියනවා.හැබැයි බර වචන ගොඩයි.තේරුම බිංදුවයි. (නි)
මේකේ කියන විදිහට ලංකාව මර්ධනකාරී රටක්ද?(නදී)
නීල් රණා ඉන්නේ මේ ලෝකෙද වෙන සක්වලකද? හොඳටම මොලේ කොලොප්පන් වෙලා වගේ. අපි නම් අහල නෑ 1796-98 කැරැල්ලක් ගැන. ඒ වගේම පිටරටවල් අල්ලගන්න බැරිවීම ගැන කවුද ආඩම්බර වෙන්නේ? (නදී)
'උපාසක බලලා මීයන් දෙන්නා දෙන්නා අල්ලනවා' කියන්නේ මේවට තමයි. මානව හිමිකම් ගැන කතා කර කර මිනිස්සු මරන්න වක්‍රාකාරව උදව් කරනවා තමන්ගේ පැවැත්මට. (නි)
ගරු විමල් වීරවංශ මැතිතුමනි, එංගලන්තයට විරුද්ධව මානව හිමිකම් කැඩීම සම්බන්ධයෙන් ඔබතුමා නිහඩ ඇයි? අපි පෙළපාලියකින් ගොස් සංදේශයක් බාර දෙමු. (නි)
ඉන්ඩිපෙන්ඩන්ට් පුවත්පත ඉන්ඩිපෙන්ඩන්ට් නැති බව කිව යුතුයි.(නදී)
නීල් රනා පැරණි ප්‍රසියාව කියන්නේ ජර්මනියට. ඉරානෙට නෙමෙයි. ඔය ලියල තියෙන දේවල් ලියපු මනුස්සයටවත් තේරෙනවද මන්දා (නි)
නීල්-රනා අශ්වයාගේ පිටෙන් වැටිලා ඔලුව බිම වැදුන දවසේ ඉඳන් මේ වගේ කතා තමයි කියන්නේ (නි)