මරදාන පාලම් හන්දියේ සිට කාර්මික විද්‍යාල හංදිය දක්වා ද, කාර්මික විද්‍යාල හංදියේ සිට සංඝරාජ වටරවුම දක්වා ද, සංඝරාජ වටරවුමේ සිට මරදාන පාලම් හංදිය දක්වා ද බ්‍රහස්පතින්දා (18) උදේ 6. සිට එක් දිශාවකට පමණක් වාහන ගමනා ගමනය සිදු කැරෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී බුද්ධික සිරිවර්ධන මහතා කියයි.
කලින් පැවති පෙරහුරුවේ සාර්ථකත්වය අනුව මේ ක්‍රමය හඳුන්වා දෙයි.
ඒ අනුව,
- මාලිගාවත්ත පාර සහ ආමර් වීදිය දෙස සිට පිටකොටුවට පැමිණෙන වාහන සංඝරාජ මාවතින් පංචිකාවත්ත පාරට ඇතුළුවී එල්ෆීන්ස්ටන් සිනමා ශාලාව අසලින් දකුණට හැරි කාර්මික විද්‍යාල හංදියෙන් වමට හැරි පිටකොටුවට යා යුතුය.
- ගාමිණි වටරවුම සහ පුංචි බොරැල්ල දෙස සිට ආමර් වීදිය හා මාලිගාවත්ත පාර දෙසට එන වාහන කෙලින්ම කාර්මික විද්‍යාල හංදියට පැමිණ එතැනින් දකුණට හැරි සංඝරාජ මාවත දිගේ ගමන් කර ආමර් වීදිය හෝ මාලිගාවත්ත පාරට යා යුතුය.
- පිටකොටුව හා උසාවි සංකීර්ණය දෙස සිට ගාමිණි වටරවුම හෝ බොරැල්ල දෙසට යන වාහන කෙලින්ම සංඝරාජ වටරවුම දක්වා ගමන් කර එතැනින් පංචිකාවත්ත මාර්ගය හරහා මරදාන පාලම් හංදියට පැමිණ පුංචි බොරැල්ල දෙසට හෝ ගාමිණි වටරවුම දෙසට ගමන් කළ යුතුය.
- කාර්මික විද්‍යාල හංදියෙන් උසාවි මාර්ගයට සහ පාලම් හංදිය පසුකර ගාමිණි වටරවුම දෙසට වාහන ඇතුල් කිරිමට අවස්ථාව ලැබේ.
- මාලිගාවත්ත මාර්ගයේ සිට පැමිණෙන වාහන වලට සංඝරාජ වටරවුම පසු කර ආමර් වීදිය දෙසට හැරවීමට අවස්ථාවක් නොලැබේ. එසේ පැමිණෙන වාහන ඛෙත්තාරාම පාර, බබාපුල්ලේ පාර හරහා ග්‍රෑන්ඩ්පාස් මාවතින් ආමර් වීදිය පොලිසිය අසලින් ප්‍රධාන මාර්ගයට පිවිසීමට හැකියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වට රවුම්, හන්දි සහ පාට එලි අවම කර එක අතට ගමන් කරන මාර්ග සැදීමෙන් මාර්ග තදබදය අවම කර ගත හැක. මේ විසදුම පෙනෙන හැටියට නම් සාර්ථක එකක්. ඊලගට අවදානය යොමු විය යුතු තැන තමයි ලිප්ටන් වට රවුම සහ යුනියන් පෙදෙස. ඉතා ඉක්මනින් අගනුවර මාර්ග තදබදය අවම කිරීමට නුවන පහළවේවා! (නි)
ගුවන් පාලම් ටිකක් දෙම්ම නම් වැඩේ ගොඩ එමෙන්ම ලස්සනේ නේ (දී)
නරකද අර අලි ඉන්න කැලේ අධි වේගී පාරවල් හදන මුදලින් කොළඹට ගුවන් පාලම් ටිකක් දැම්ම නම්, (අ)
මේ කරදර වලට විසදුම එම පළාත්වල අවශ්‍යතා එම පළාත් තුලදීම කර ගැනීමට රජයේ කාර්යාල පිහිටුවා එම කාර්යාල වලට බලය පවරිමයි, එතකොට කොළඹ රස්තියාදුව අවශ්‍ය වෙන්නේ නැහැ (අ)
මමත් අද උදේ මරදානෙන් මාලිගාවත්ත පැත්තට ගියා. ක්‍රමවේදය ප්‍රායෝගික බව හිතෙනවා. පොලිසිය හරියට කැපවෙලා වාහන හැසිරුවා. එකම වැරැද්ද පාරවල් වල තත්වය. මරදාන හා ටෙක්නිකල් හන්දිය අතරත් එතැන් සිට සංඝරාජ වටරවුම දක්වාත් පාර වහාම නැවත සැකසිය යුතුය. අනතුරු වීමට බොහෝ ඉඩ ඇත. රථවාහන පොලිසියට ස්තුති කරමි (නි)
පරංගියා කෝට්ටේ ගියා වගේනේ. නියමයි. ඔහොම යන් (නි)
මට මෙතන ගැටලුවක් තියනව. ජයන්ත වීරසෙකර මාවතට (ටවර් එක ඉස්සරහ පාර ට) ඇතුල් වෙනවනම් කොහෙන්ද අපි එන්න ඕනේ. (අ)
මාලිගාවත්ත පාරේ සිට ආමර් වීදිය දක්වා යන වාහන බ්‍රිටෝ බබා පුල්ලේ මාවත ඔස්සේ හරවා යැවීම නම් හරි. නමුත් අනෙක් ක්‍රම 3 ම පරංගියා කෝට්ටේ ගියා වගේ. වාහනවල ඉන්දන පිච්චීමත්, ටෙක්නිකල් වට රවුම වාහන තදබදය වැඩිවීමක් වෙයි වගේ. කුරුනෑගල,මහනුවර හරහා සෙනග සම්පුර්ණ බස් හා බර වාහන ටෙක්නිකල් හන්දියෙන් නොගොස් නීතිඥ කාර්යාල ඔස්සේ ශාන්ත බස්තියම හරහා සඟ රාජ මාවතට යැවීම කරන්න බැරි ඇයි? වත්තල, පෑලියගොඩ, බත්තරමුල්ල, කිරුලපනේ,දෙහිවල ආදී තදාසන්න ප්‍රදේශවල තොග හා සිල්ලර ආර්ථික මධ්‍යස්ථාන ඇති කලොත් දිනපතා මැනිං මාකට් එකට එන යන ලොරි සංඛ්‍යාවද අඩු කලහැක. කොළඹ ගෙවල්වල බෝඩ් තිබුනේ බල්ලන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියලා. ඩීන්ස් පාරේ සෞඛ්‍ය අමාත්‍යංශය ඉදිරි පිට ලොකු දැන්වීම් පුවරු ගසා තියෙනවා වාහන හොරුන්ගෙන් ප්‍රවේශම් වෙන්න කියා. සමුළුවට එන අය දැක්කොත් හිනාවෙයි හොරු සිටියත්. ඒ රටවල මෙවැනි දැන්වීම් බෝඩ් ගසා නැති නිසා. (නි)
පිට කොටුවේ ඉදන් බොරැල්ලට යන මිනිස්සුන්ට හොද චාටර් එකක් කන්න වෙනවා.(නදී)
සංවර්දනය වන රටකට නව අත්හදීම් තුලින් සාර්ථකත්වය ලගාකරගන්න පුළුවන්. මේ අත්හැදීම අසාර්ථක නම් බලදාරීන්ට සාර්ථක නිවැරදි තීරණ ගන්න නුවන පහළවේවා. මගී ජනයාට මාර්ග අනතුරු වලින් තොර නිදහසේ ගමන් යාහැකි මාර්ග බවට පත් වේවා.(නදී)
මෙයට 100% සමාන දෙයක් බර්මුඩ ත්‍රිකෝනයේදී ක්‍රියාත්මක කලා. ප්‍රතිපලය වුනේ ගුවන් යානා සහ නැව් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වුනු එක. දැන් හෙට ඉඳලා කාර් බස් සිය ගානක් අහිංසක මිනිස්සු එක්ක මරදානේදී අතුරුදහන් වේවි.(නදී)
හික්.. හික්.... හික්.... හික්... හි...... හි... හි... (අ)
පවු මුදිත, එයාගේ විහිළුවට එයම හිනාවෙනවා. මුදිතලා වගේ අය අතරමන් වෙලා තියෙන්නේ දේශපාලන මඩ ගොහොරුවේ. ඒකයි මේවගේ මෝඩ අදහස් ඔලුවට එන්නේ. (නි)
කොළඹට ඇතුළු වීමටත් ,පිටවීමටත් මෙවැනි ක්‍රමයක් හදන්න. නව කැළණි පාලම ඇතුල්වීමටත් ,ජපන් පාලම පිටවීමටත් හැදුවා නම් හරි. කොළඹ මධ්‍යම බස් නැවතුම් පල පෑලියගොඩ ආශ්‍රිතව පිහිටුවා කොළඹ වටා යන බස් කවයක් හැදුවොත් හොදයි. කොළඹ ඇති ව්‍යාපාර සදහා අධික බදු පනවා, කොළඹින් බැහැර ඇති කාර්යාල සඳහා අඩු බදු ක්‍රමයක් හඳුන්වා දෙන්න. (නි)