හලාවත ආනන්ද ජාතික පාසලේ නිවාසාන්තර ක්‍රීඩා උළෙලේ මැරතන් ධාවන තරඟයට සහභාගී වෙමින් සිටි කෞෂ්‍යල්‍යා පවිත්‍රානි (19) සිසුවිය  කාණුවක ඇද වැටී මිය ගිය බව පොලීසිය කියයි.

බිම ඇදවැටුණු ශිෂ්‍යාව ඒ මොහොතේම හලාවත රෝහලට රැගෙන ආවත් ඒ වන විටත් ඇය මිය ගොස් සිටි බව රෝහල් ආරංචි කියයි.