IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


මුරුත්තෙට්ටුවේ හිමිගේ හෙද සංගමය සුව ඇමති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

හෙද සේවාවේ අභිවෘද්ධිය මෙන්ම හෙද නිලධාරීන්ට අදාළ කරුණු කිහිපයක් පිළිබඳව සාකච්ඡාවක් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි ඇතුළු සංගමයේ නිලධාරින්ගේ සහභාගීත්වයෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්විණි.

වත්මන් හෙද සේවාවේ අභිවෘද්ධිය වෙනුවෙන් සහ නොවිසිදුණු ගැටලු කිහිපයකට කඩිනම් විසදුම් ලබාගැනීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගෙන් සාකච්ඡාවක් ඉල්ලා ලිපියක් ඉදිරිපත් කර තිබූ අතර, ඒ අනුව මෙම සාකච්ඡාව පැවැත්විණි. 

මෙහි දී ශ්‍රී ලංකා හෙද විශ්ව විද්‍යාලය පිහිටුවීමට අදාළ ව ශ්‍රී ලංකා හෙද විශ්ව විද්‍යාල පනත පාර්ලිමේන්තුවේ අනුමත කර ගැනීම හා කඩිනමින් විශ්ව විද්‍යාල ආරම්භ කිරීම, ප්‍රධාන රෝහල්වල පරිනත හෙද නිලධාරීන්ගේ අඩුව සපුරාලීම, හෙද සොයුරියන්ගේ සහ විශේෂ ශ්‍රේණීයේ හෙද නිලධාරින්ගේ නිල නාම හා වැටුප්තල ලබාදීම ඇතුළු යෝජනා ගැන සාකච්ඡා විය.

මෙම සාකච්ඡාව සඳහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ඇතුළු නිලධාරීහු සහභාගී වූහ.



අදහස් (2)

මුරුත්තෙට්ටුවේ හිමිගේ හෙද සංගමය සුව ඇමති හමුවෙයි

ravin Saturday, 14 June 2025 06:35 PM

සර්වගේ වී8 එකක් දැන්නම් දෙන එකක් නෑ.

:       1       6

ජිල්බුSaturday, 14 June 2025 09:08 PM

ධර්මයේ හැසිරෙන්නේ ත්‍රිපිටකයේ මොන සූත්‍රය අනුවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 147 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site