වත්මන් රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට අහිමි වූ අයිතිවාසිකම් නැවත ලබාදීමේ අරමුණින් ‘මව්බිම සුරැකීමේ සංවිධානය‘ නමින් නව සංවිධානයක් ආරම්භ කළ බව මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමියෝ පැවසූහ.
එවැනි අසාධාරණයන්ට ලක් වූවන් වේ නම් ඔවුන්ට තම තොරතුරු මුරුත්තෙට්ටුවේ ආනන්ද නා හිමි, සභාපති, දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ගේ කමිටුව, ශ්‍රී අභයාරාම පුරාණ විහාරය, නාරාහේන්පිට, කොළඹ 5 ලිපිනයට යොමු කරන ලෙස ද උන්වහන්සේ ඉල්ලීමක් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අභයාරාම යනු ජනවාරි 8 පසු හැසිරුන ආකාරය රටම දන්න තැනක් ඒ නිසා පහුගිය රජය යටතේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන් ගැන කථා කරන්න අදහසක් නැද්ද කඩේ යෑමේ සිමාව තියා ගමු අපේ හාමුදුරැවනේ (බ)
හොඳ කාර්යයක ආරම්භයක් වගේ (නි)
අපි උපරිම සහයෝගය දෙන්නම් (නි)
හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ කාර්යය සාර්ථක වේවා! (නි)
අපි බලමුකෝ කරලා (නි)
නන්දන, ඔය කාටද කඩේ යන්නේ? (අ)
ශ්‍රී ලංකා දේශපාලන ඉතිහාසයේ ( මෑත ) , කෝට්ටේ නාග විහාරයේ සෝභිත නායක හා මුරුත්තෙට්ටුගම ආනන්ද නායක හිමි වරුනට ඇත්තේ සමකල නොහැකි තත්වයකි . රතන හාමුදුරුවන් හිරේ දැම්ම භිෂණ සමයේ. අද ඉන්න උදවියට මේවා මතක නැහැ . තම තමා ට වූ පුද්ගලික දේවල් ගැන තරහ මෙතන පෙන්වනවා . අපි බැලිය යුත්තේ පොදුවේ වූ සේවය මිස පුද්ගලික පරමාර්ථ ඉටු කර ගැනීම නොවේ . සොභිත හාමුදුරුවෝ මහින්ද මහතා ගෙන් ඉල්ලුවේ මේ ක්‍රමය වෙනස් කර විධායක බලතල සහිත ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමයි , එතුමා මහින්ද මහතා ගෙන් කාරුණිකව ඉල්ලුවා , මේදේ කල හැක්කේ ඔබතුමාට පමණයි ඉතා පහසුවෙන් කියා . පහුගිය දේශපාලනය ගැන අවධියෙන් හිටි උදවිය දන්නවා . නමුත් මහින්ද මහතා එය ගණන් ගත්තේ නැහැ , එතුමා විශ්වාස කලා බහුතර සිංහල ජාතිය ගැන , එතුමා පැරදුනා , සොබිත හාමුදුරුවෝ පැතූ , ඉල්ලු ඒ සාධාරණ සමාජය ආවෙත් නැහැ , එන පාටකුත් නැහැ අද සොභිත හාමුදුරවෝ බලවත් කම්පාව නිසා දැඩි ලෙස ගිලන් වෙලා සොබිත් හාමුදුරුවෝ මේ වෙන දේවල් නිසා දැඩි ලෙස පසුතැවෙන බව එතුමා ලගින් ඇසුරු කරන උදවිය දන්නවා . කෝ අද රතන හිමි ? කිසිම කතාවක් නැහැ ,කෝ උන්වහන්සේ පැතූ පිවිතුරු හෙටක් ? ඔය ඉදලා හිටලා ජිනීවා හරි , අරක හරි මේක හරි කියලා මොනවා හරි කියලා කියනවා, කෙසේ වෙතත් රට ට හොඳක් වෙනවා නම් අපි ඉවසලා බලා සිටිය යුතුයි , නමුත් අද වෙන්නේ මොනවාද මේවා නොතේරෙන්නේ දේශපාලන අත දරුවන්ට පමණි . මුරුත්තටේටුවේගම ආනන්ද නායක හිමියන් කඩේ යන්නේ , පෙනී සිටින්නේ මේ රට වෙනුවෙන් , සිංහල ජාතිය වෙනුවෙන් , අපේ රණ විරුවන් වෙනුවෙන් , ඒක වරදක් බව කියන්නේ මොන පදනමක් උඩද කියා මට කියන්න මගේ නමින්ම (රේ)
මොකද වත්මන් රජයට විතරක්. (ර)
සස්කරණයකින් තොරව මගේ අදහස 100% එලෙසම පළකිරීම ගැන ලංකාදීපේ ට මගේ අවංක හද පිරි තුති (බ)
කාට කියම්ද මේවා (අ)
කවුරු කළත් හොඳදේට හොඳයි කියන්න ඕනෑ (නි)
මට තියෙන ලොකුම ගැටලුව තම සංවිධානයේ නෙමෙයි එහි අරමුනෙයි කිසිම ගැලපීමක් නැති කම. (අ)
අසරණ රෝගීන්ව වලපල්ලට යවමින් හෙදියන් උසි ගන්වමින් වර්ජන වලට පොළඹවපු කෙනෙක් මේ හිමි (බ)
නරකද හාමුදුරුවනේ එදා ජයවර්ධන ජනපති යුගයේ ඔය පන්සලේ පැවැත්වූ බලහත්කාර මැයි දින රැලියට සහබාගි වී අනතුරට පත් අයටත් සහනයක් ලබා දුනහොත්. (බ)
ජනාධිපතිවරණය ඉවර වෙලා දින 2 ක යන්න කලින් ජාතික වීරයෙක් වන ජෙනරල් ෆොන්සේකාව බල්ලෙක් වගේ ඇදගෙන ගිහින් හිරේ දාල නිවාඩු දවස් වල පවා නඩුත් අහල ජම්පරයක් අන්දවල බෙලෙක් පිගානේ පිළුණු වුන බත් කන්න දුන්නෙත් ඔය ජාතියේ පිනට උපන් කියන නායකයාම තමයි.ජෙනරල් ෆොන්සේකා වෙනුවෙන් (ජාතික විරය වෙනුවෙන්)දළදා මාලිගාව ඉදිරිපිට සත්‍යග්‍රහණයක් කරන්න ගිය කෝට්ටේ නාග විහාරයේ සෝභිත නායක හාමුදුරුවන් ගමන් කළ වැන් රථය අනතුරට පත් කළෙත් ඔය කියන ජාතියේ පිනට උපන් බව කියන නායකයාම තමයි.අපි මැරිලා ඉපදුනේ නැහැ . (බ)
හෝටලයක් වගේ පන්සලක් නම් තියෙනවා. (බ)
1994 සිට පලිගැනීමට ලක්වූවන්ට සහන සැලසීමට කටයුතුකරන්න අපේ හාමුදුරුවනේ.(රේ)
හොද වැඩක්. (ර)
අද පෝය දවස නමුත් ඔබවහන්සේ එක එකාට කඩේ නොගිහින් ලැබෙන දානේ වළඳලා පිනක් දහමක් කරගෙන හිටියොත් නේද හොඳ? (බ)
මුරුත්තෙට්ටුවේ හිමියනි, බුද්ධ පුත්‍රයකු වූ ඔබ කාටද කඩේ යන්නේ. (බ)
චානක ලොස් ඇන්ජලිස් මහතා ගේ කතාවෙන්ම කියවෙනවා මුන් වහන්සේ මහින්ද වාදියෙක් නොව , ජනතා හිතකාමියෙක් බව . ඔව් ඔබතුමා හරි හෙදි හෙද වර්ජන වලදී , මුන් වහන්සේ මහින්ද රජය යට එරෙහිව තමා නියෝජනය කරන හෙද පිරිස වෙනුවෙන් පාරට බැහැපු හැටි විදි බැහැපු හැටි මතකයි නේ. එයම ප්‍රමාණවත් මුන් වහන්සේ ගේ ජාතික මෙහෙවර ගැන . වැරදි ඇති , ගොඩාක් ඇති , නමුත් අපි බැලිය යුත්තේ පොදුවේ ජනතාවට වන සේවයයි. මෙහිදී වැදගත් වන්නේ සැමට සිදුවූ අසාධාරණ සොයා බැලීමයි . 1994 ඉදන් , 1977 ඉදන්ම බැලුවා නම් තමා හොද . මොකද ධර්මිස්ට තුමා අනුග්‍රය යටතේ ලංකාව නම් කළේ මිනි කන්නන්ගේ දේශය ලෙසයි ( කිලින්ග් ෆීල්ඩ් ) . තම ජාතිය , තම ආගම වෙනුවෙන් කතා කිරීම දඩුවම් ලබන දිනය වැඩි ඇතක නොවේ . එදා ට අපි නන්දා මාලනී මහත්මිය ගේ පවන කැසට් පටයේ ගීත ය නැවත මේ අලුත් පරපුරට අසන්න සලස්වමු (බ)
හොද දෙයක්. (ර)
ඔය කියන ජාතික වීරයා තමා තමා සුදු කොඩි උස්සන් ආපු කොටි තස්තවාදින්ට වෙඩි තියන්න එන දුන්න කියලා තම රට , තමා නායකත්වය දරු යුද හමුදාව පාවා දුන්නේ . කොහොම නමුත් කෝට්ටේ නාග විහාරයේ සෝබිත හාමුදුරුවන්ට එහෙම කළා නම් වැරදියි . එතකොට ධර්මිෂ්ට තුමා සෝබිත හාමුදුරුවන්ව කානුව අස්සේ දාගෙන බයිසිකල් චේන් එකෙන් ගහලා හිරේ දාපු එක හරිද ? රතන හිමි ව කුදලාගෙන ගිහින් කුඩු කරපු එක හරිද ? (බ)
ඔබ වහන්සේගේ ගමන සාර්ථක වේවා.! (ර)
කෙසේවෙතත් රටට හොඳක් වෙනවා නම් අපි ඉවසා බලාසිටිය යුතුයි. නමුත් අද වෙන්නේ මොනවාද? රණවිරුවන් සහ රාජ්‍ය සේවකයන් ඉහළ සිට පහළට පළිගැනීම් වලට ලක්වෙනවා. මේවාට පිළිසරණක් ගන්න අද ජාතික වශයෙන් ප්‍රභල සංවිධානයක් අවශ්‍ය නිසා මෙම මෙහෙවර පක්ෂ බේදයකින් තොරව අගය කළයුතුයි. (නි)
නිදුක් වේවා. නිරෝගී වේවා සුවපත් වෙත්වා (බ)
ආනන්ද හාමුදුරුවනේ,මේ ආන්ඩුවටට කලින්,ඔබ කඩේගිය ආන්ඩුවෙන් සිදුවූ දේශපාලන පලිගැනීමට ලක්වූවන් ගැන හෙව්වොත් හොඳයි නේද ?ඔබ වහන්සේ පහුගිය ආන්ඩුවේ දේශපාලන බලය උපයෝගී කරගෙන ඔබේ හෙද සංගමයේ නැති හෙද/හෙදියන්ගෙන් කොපමණ පලිගත්තාද,මමත් ඔය හාමුදුරුවන්ගේ දැඩි පලිගැනීමට ලක්වූ හෙද නිළධාරියෙක්. (බ)
බොහොම හොඳ වැඩක් (නි)
මේ කාලේ සමහර බුද්ධ පුත්‍රයන් සහ දේවදත්ත පුත්‍රයන් අතරේ තිබෙන වෙනස හොයන්න බොහොම අමාරුයි. ඔය අතරේ මාර පුත්‍රයොත් ඉන්නවා. ඒ නිසා හාමුදුරුවනේ, ප්‍රවේශමෙන්! (නි)
අපි උත්සාහ කරලා බලමු හාමුදුරුවනේ (නි)
සුබ පැතුම් අළුත් කාර්යයට! (නි)
අපේ හාමුදුරුවනේ මහින්ද මහත්තයාට කඩේ නොගිහින් බුසු දහම රැක ගන්න දෙයක් කරන්න. ඔබ වහන්සේට දානේ දෙන්නේ ඕව කර කර දේශපාලුවන්ට කඩේ යන්න නොවේ (බ)
අපිත් එහෙනම් මේ වැඩේට සම්මාදන් වෙමුකෝ (නි)
මේ හාමුදුරුවන්ට ඉඩම් නඩුවක් තියෙනවා නේද ? ඔය පන්සල අයිති කෙනාට දීල ර්‍ර ලඟ ආත්මයට වැඩක් කරගන්න . ලගදීම නඩුව අහන්න පටන් ගනී..(රේ).
අපි බලමුකෝ මොකද වෙන්නේ කියලා (නි)
හොඳ වැඩක් නම් අපේ උපරිම සහයෝගය දෙනවා (නි)
ඔය සංවිධානය හරහා ඵලදායි වැඩක් කරනවා නම් අපිත් සහභාගි වෙනවා (නි)