මාර්තු මාසයේදී රතු ආලෝක සංඥා නොතකා ධාවනය කළ පුද්ගලයන් 1,738ක් අල්ලාගෙන ඇති බව සංවර්ධන සැලසුම් සහ සංඛ්‍යාලේඛන අමාත්‍යාංශ වෙබ් අඩවියේ දැක්වේ. එසේම මාර්තු මාසයේදී නියමිත වේග සීමාව ඉක්මවා ධාවනය කළ (රේඩාර්) පුද්ගලයන් 69,917ක්ද අල්ලාගෙන ඇති බව එහි දැක්වේ.
සංවර්ධන සැලසුම් සහ සංඛ්‍යාලේඛන අමාත්‍යාංශ නිරන්තරයෙන්ම විවිධ සංඛ්‍යාලේඛන දත්ත නිකුත් කරන අතර පසුගියදා තොරතුරු ප්‍රස්ථාර ආශ්‍රයෙන් නිකුත් කරන ලද වාර්තාවක ඉහත රථ වාහන නීති උල්ලංඝනය කිරීම් ගැන විස්තර දැක්වේ.
වාහන ලියාපදිංචිය අලුත් නොකළ සිදුවීම් 312ක් වාර්තා වී ඇති අතර මැයි මාසය තුළ රථ වාහන සංඥා උල්ලංඝනය කිරීම් 10,441ක් සහ රථවාහන උපදෙස් උල්ලංඝනය කිරීම් 18,273ක්ද වාර්තා වී ඇත.
එසේම මාර්තු මාසයේදී පුද්ගලයන් 1,540,226 දෙනෙකු හමාඞ් ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් පිටත්ව ගොස් ඇති අතර එම කාලය තුළදීම පුද්ගලයන් 1,524,101ක් ගුවන් තොටුපොළට පැමිණ ඇති බවද සංවර්ධන සැලසුම් සහ සංඛ්‍යාලේඛන අමාත්‍යාංශ නිකුත් කළතොරතුරු ප්‍රස්ථාර සටහනේ දැක්වේ.
2025 දෙසැම්බර් මස 30
110
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මාර්තු මාසයේදී රතු එළිය නොතැකූ පුද්ගලයන් 1,738 කට දඩ නියම වෙයි