දෙදෙනෙකු ඝාතනය කර තවත් තිදෙනෙකු මරා දැමීමට තැත් කීරීමේ වරදට මරණ දඬුවම නියම වී සිටින තමාගේ මන්ත‍්‍රී ධූරය අහෝසි කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සබරගමු පළාත් සභාවේ එක්සත් ජාතික පක්ෂ පළාත් සභා මන්ත‍්‍රී ටී. හසිත සමන්ත මුහන්දිරම් මහතා අභියාචනාධිකරණයට අද (28) පෙත්සමක් ගොනු කළේය.
තමාට මරණ දඬුවම නියම කළ මහාධිකරණ නඩු තීන්දුවට එරෙහිව අභියාචන පෙත්සමක් ඉදිරිපත් කර ඇති බැවින් දැනට රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින තමාට පළාත් සභා රැස්වීම සහභාගී විය හැකි බැවින් එම මන්ත‍්‍රී අසුනට වෙනත් අයෙකු පත් කළ යුතු බවට මැතිවරණ කොමසාරිස් ගෙන ඇති තීරණය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙස මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබේ.
මැතිවරණ කොමසාරිස්වරයා, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය මැතවරණ කොමසාරිස් එම්.ඒ.පී.සී.පෙරේරා,සබරගමුව පළාත් සභාවේ ලේකම් ලලිත් දොඩම්කොටුව, එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් කබීර් හෂීම් ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.
තවද තම මන්ත‍්‍රී ධූරය අහෝසි කරමින් මැතිවරණ කොමසාරිස්වරයා ඉකුත් 20 වැනිදා නිකුත් කළ ලිපිය ක‍්‍රියාත්මක්වීම වළක්වන අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු ඉල්ලා සිටීයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම නම් හිතන්නේ මේ වගේ මිනිස්සුන්ට ඡන්දය දුන්න අයට මරණ දඩුවම දිය යුතුයි (නදී).
මනුස්ස ඝාතන තරයේ හෙළා දකිමි මොහුට උපරිම දඬුවම් දිය යුතුයි (නදී)
බලේ නැතුවත් ...මොලේ පාවිච්චි නොකර ...මිනිස්සු මරන්නට තරම්...හැකියාවක් තිබ්බනම්...?බලේ ඇතුව ....මොලේ කොලොප්පම්....කරන ජීවිත විනාස කොපමණ කරාවිද කියල දන්නේ දෙවියෝ තමා.....රජකම් කලත් කළකම් පලදේ......(අ)
මහජනයා ගේ කැමැත්තෙන් පත්වන මොවුන්, මහජනතාවට අවහිර වන සහ ඔවුන් ඝාතනය කරන සහ සම්බන්ධ වන කිසිම කෙනෙක් දේශපලනයට සම්බන්ද කරගැනීම ඉතා බරපතල වරදකි (හේ)
ඡන්දේ දුන්නු අය උල තියන්න ඕනේ (නදී)
මිනි මරුවන්ට ඡන්දෙ දෙන රටක් මම කිසි දින නොදුටු වෙමි (නදී)
දමිත් මහත්තයෝ බොරුවට අපහාස කරන්න එපා. දැන් ජනාධිපතිට සමාව දෙන අයිතිය නැති කරලා තියෙන්නේ. (නදී)
උපාලි මටත් මේ එ්කමයි මතක් වුනේ. (නදී)
මේ වගේ අය නිදහස් කිරීම සාමාන්‍ය ජනතාවට කරන ලොකු අසාධාරණයක් (නදී)
අනේ මේ ප්‍රසිද්දියේ වෙඩි තියල මිනි මරපු මිනීමරුවෝ කොච්චර එළියේ ඉන්නවද?තෝරු මෝරු එළියේ හාල් මැස්සෝ ඇතුලේ (නදී)
පළාත් සභාවලට මැරයන් පත් කරනෙන් එම පළාතේ මන්ත්‍රී වරුන් පක්ෂ නායකයන් මෙයට වග කිව යුතුය (නදී)
මිනි මරුවන්ට පසුගිය කාලේදී(මිණිපුර නිලමේ කෙනෙකුට සහ වයඹ මැණිකේ කෙනෙකුට ) ජනාධිපත් සමාව දුන්නා මතකද? (බ)
සබරගමුවේ ජනතාව මිනීමරු අපේක්ෂකයින්ට වඩා කැමති බව පසුගිය මැතිවරණයෙනුත් සනාථ කරලා තිබුන. නාලන්ද එල්ලාවල මහතාගේ ඝාතනයේ සිට මේවන විට දේශපාලන ඝාතන කිහිපයක් වුණා. ඒවායේ සැකකරුවන් සබරගමුවේ දේශපාලකයෝ. ජනතාව එම අයව ප්‍රතික්ෂේප කරලා නැහැ. සමන් දෙයියන්ගේ අඩවිය වෙලා මෙහෙමත් වෙනවනේ. (අ)
එතකොට සරත් පොන්සේකව හිරේ දාද්දි ඒ පුරප්පාඩුව වෙනත් පුද්ගලයෙකුට පිරිනැමුවේ නීතියට අනුකුලව නෙමෙයිද? (නදී)
මෙයාව නරකාදියේ තානාපති කරන්න. (නදී)
මේ වගේ අයට සමාව දෙන්න හොඳ නැහැ (නදී)
නිර්මල, තෝරු මෝරු හාල් මැස්සෝ කියල වෙන් කරකර හිටියොත් හැමදාම කාගේද වාරේ. වල පල්ලට යන අහිංසකයෙකුගේද (නදී)
සුනිල් එදිරිසිංහගේ සිංදුවක්. සොර දෙටුවෙක් කස තැලුම් කකා සිංදුව මතක් වෙනවා(නදී)
එක්සත් ජාතික පක්ෂයේ ඉන්නේ ඔක්කොම බෝසත්වරු බව නේද මෙපමණ කලක් කෑගසමින් කිවේ? (අ)
මරණ දඬුවම ලැබුනත් මන්ත්‍රී කමින් අයින් කරන්නේ නැ (අ)
මෙයා මිනී මරුවෙක් (අ)
මිනීමරුවන් මොකටද දේශපාලනයට මෙයාට තැනක් දෙන්නම එපා මොහුගේ හිස ගසා දැමිය යුතුයි (අ)
මොහු ට දඩුවම් දී හමාරයි එත් තවම අදහස දෙසපාලනය කරන්න අනේ මෙහෙමත් මිනිස්සු (අ)
රත්නපුරේ අංක එකේ වල්ලපට්ට ජාවාරම් කාරයා.එල්ලුම්ගහ තිබුනා නම් බලාගන්න තිබුනා. කොහොමත් අභියාචනාධිකරනෙන් නිදහස් නොවුනත් ජනාධිපති සමාව ලැබෙනවනේ. (නදී)