අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයන් පස් දෙනකු ඇතුළු හයදෙනෙක් මියගොස් 31 දෙනකු අතුරුදන්ව ඇති බව ජාතික ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.සූළඟින් පූර්ණ හානියට පත් නිවාස සංඛ්‍යාව 60 ක බවත් අර්ධ හානි සිදුවූ නිවාස 1504 ක් වාර්තා වී ඇති බවත් එම මධ්‍යස්ථානය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් නැවක වැඩ කරන කපිතාන්වරයෙක්. නැව ගමන් ආරම්බ කරන්න ප්‍රථම විශේෂයෙන් සැළකිළිමත් වියයුතු කාරණා කිහිපයක් තියෙනවා. එයින් ප්‍රදානම කරුණක් තමයි කාළගුණ අනාවැකි ගැන සැළකිළිමත් වෙන එක (නි)
අමෙරිකාවෙන් කාලගුණ වාර්තාව දුන්නත්, අපේ අය ගණන් ගනීවිද කියන එකයි සැක (නි)
අදහස් ලියල තියෙන හැමදෙනාම කතාවෙන්නේ සත්ව ඝාතනයට මහුදු ගිය අය ගැන නේ.(නදී)
මේක පරිසර දුෂන ප්‍රශ්නයක් නොවේ කාලගුණ විපර්යාසයක්.(නදී)
නිවැරදි හා කල් ඉකුත් නොවූ කාලගුණ අනාවැකි නිසි වෙලාවට ප්‍රසිද්ධියට පත්කිරීමට අසමත්වූ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සිදුවී ඇති ජීවිත හානි වලට ඉඳුරාම වගකිව යුතුයි.(නදී)
නීල්, මට අවශ්‍ය දේ ඔබ සදහන් කරලා (නි)
චීන මිනිස්සු වගේම ජපන් මිනිස්සු ගෙදරින් එලියට බහින්නේ කුඩයක් අරන්. වැස්ස ගෙන කියන්න බැහැ, මොන වේලාවේද වහින්නේ කියලා.කාලගුණ අනාවැකි කියන්න පුලුවන් නම් ඇමෙරිකාවේ සිය ගානක් අවතැන් වෙනවද සුලිසුලන් වලින්? මුහුදු යන මිනිහා ඕනෑම වෙලාවක ඇතිවෙන අනතුරකට මුහුණ දෙන්න යන්ට ඕනෑ.අනතුර වුනාට පස්සේ කල්පනා කරලා වැඩක් නැහැ.මුහුදු යන්න ඉස්සරවෙලා වඩා හොඳ ජීවිත ආරක්ෂක කබායක් අරන් මුහුදු යන එක. (නි)
ලංකාවේ මිනිස්සු දැන් එකාට එකා නැහැ. හොස්ස ලඟින් මැස්සා යන්න බැහැ. ඒ මදිවට කොයිතරම් පරිසරය දුෂණය කොරනවද? ඒක නිසා ස්වභාව ධර්මය වුනත් ඉවසන්නේ නැතුව ඇති (නි)
නිවැරදි හා ක්ෂණික කාලගුණ අනාවැකි කීමට නීල් -රනා මන්ත්‍ර ගුරුකම් මධ්‍යස්ථානය අමතලා පුළුවන් ඇති. නේද නීල්? (නි)
බලන්න, රටේ වැඩිහරියක් වෙන සංවර්ධන ව්‍යාපෘති දිහා. සල්ලි කන වැඩනේ ඒවා බහුතරය. ඒත් කාලගුණ දෙපාර්තමේන්තුවට නවීන උපකරන නැහැ, මින්සුන්ට හරි හමන් පාරවල් නැහැ, ගමන් පහසුකම් නැහැ, හරි හමන් බස් සේවාවක් නැහැ… (නි)
මේවා මෙහෙම වෙන්නේ කියන දෙයක් අහන්නේ නැති නිසා නේද ? (නි)
මිනිස්සු ස්වභාව ධර්මයට කරපු දේ වලට ප්‍රතිපල තමයි මේ ආපිට ලැබෙන්නේ (නි)
ජගත්, අන්තගාමී නොවී අවබෝධයෙන් කතා කරන්න. ඒ මිනුස්සුනට වේලාසනින් විශ්වාසනීය ලෙස නිවරදිම තොරතුරු ලබා නොදීමයි මේකට හේතුව. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අකාර්යක්ෂමතාවයට හේතුව විදියට මා දකින්නේ අදාල බලධාරීන් විසින් ඊට නවීන තක්ෂණික උපකරණ ලබා නොදීමයි. (නි)
මේ ඇමෙරිකාවෙන් නිකුත් කර තිබෙන කාලගුණ වාර්තාව ඇයි ලංකාවෙ ධීවරයින් අතරට නොගියේ? දවස් හතරකට පෙර නිකුත්වූ වාර්තාව ධීවරයින්ට නොයෑම ගැන අදාල නිලධාරීන් වගකීම බාරගතයුතුයි නේද? (නි)