අයහපත් කාලගුණය හේතුවෙන් ධීවරයන් හත් දෙනකු ඇතුළු අට දෙනෙක් මියගොස් 41 දෙනකු අතුරුදන්ව ඇතැයි ද 22 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද ජාතික ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ගුවන් හා නාවුක හමුදා විසින් බේරාගන්නා ලද ධීවරයන් සංඛ්‍යාව 20 කි. ධීවර යාත්‍රා 30 ක් මේ දක්වා සොයාගැනීමට නැත.
දිසාපතිවරුන්ගේ සංඛ්‍යාලේඛණ අනුව නිවාස 68 ක් පූර්ණ හානියට පත්ව ඇති අතර අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 1500 ට අධිකය. ගාල්ල දිස්ත්‍රික්කයේ නිවාස 31 ක් පූර්ණ හානි සිදුව ඇති අතර 865 කට අර්ධ හානි සිදුව තිබේ. කළුතර දිස්ත්‍රික්කයේ පූර්ණ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 19 කි. අර්ධ හානි සිදුවූ නිවාස 600 කි. මාතර දිස්ත්‍රික්කයේ නිවාස 18 ක් පූර්ණ හානි සිදුව ඇති අතර නිවාස 108 ට අර්ධ හානි සිදුව ඇත. රත්නපුර දිස්ත්‍රික්කයේ අර්ධ හානි සිදුවූ නිවාස සංඛ්‍යාව 50 කි.
මහ වැසි හේතුවෙන් ලක්ෂපාන, කැනියොන් හා විමලසුරේනද්‍ර ජලාශවල වාන් දොරටු විවෘතකැර ඇති අතර කැළණි ගඟ, කළු ගඟ, ගිං ගඟ, නිල්වලා ගඟ, බෙන්තර ගඟ හා රත් ගඟෙහි ජල මට්ටම ඉහළ යමින් තිබෙන බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
කාලගුණ විද්‍යා දෙපාර්‍තමේන්තුව සඳහන් කරන්නේ තවදුරටත් මෝසම් සුළං හේතුවෙන් බස්නාහිර, සබරගමුව, දකුණු හා මධ්‍යම පළාත්වල තැනින් තැන තද වැසි ඇතිවන බවයි. එමෙන්ම මන්නාරම සිට කොළඹ ගාල්ල හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශ රළු ස්වභාවයක් ගන්නා බැවින් හා ඇතැම් අවස්ථාවලදී පැයට කිලෝ මීටර 50 – 70 ත් අතර වේගයකින් සුළං හමායා හැකි බැවින් මුහුදු නොයන ලෙස ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ගමේ මරණ 2 ක් තියනවා. මෙවැනි අකල් මරණ තව දුරටත් සිදු නොවේවා!(නදී)
මෙම මරණ වලට කාලගුණ විද්‍යා දෙපර්තම්මේන්තුව වගකිය යුතුයි . සුනාමි මරණ වලටද කාලගුණ විද්‍යා දෙපර්තම්මේන්තුව වගකිය යුතුයි.(නදී)
සන්තානම් මෑණියනි අගුලාන සුරුවම කැඩුවටද අහිංසක ධීවරයින්ට මෙපණ දඩුවමක් ? මුහුදු ගිය සියලු දෙනා බේරා දෙනු මැන.(නදී)
වැව්, ජලාශ, ගඟ පිරිලා ඉතිරිලා උතුරනවා. හත් දෙයියනේ විදුලිය හරියට දී ගන්න බැරුව බිල වෙඩි කරනවා. මිනිසුන්ට කරන මේ වගේ අපරාධ අහස පොළව උහුලයිද?(නදී)
මාධව වැව් පිරිලා ඉතිරිලා ගියාට ඒවගේ පතුලේ රොම් මඩ. බලධාරියෝ නිදි , කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුවට බැහැ හරියට අනාවැකියක් කියන්න හරි නම් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ඉල්ලා අස්විය යුතුයි. මේ දෙපාර්තමේන්තුවල ගොඩක් දුරට තමන්ගේ පලපුරුද්දෙන් , දක්ෂතාවයෙන්ම මේ තනතුරු ලබපු අය නෙවෙයි ඉන්නේ දේශපාලන හිතවත් කම මත ආපු පුද්ගලයන් ඉන්නේ. අපරාදේ මිනිස්සු මැරෙනවා , පවුල් අනාත වෙනවා, කෝටි ගණනක ජාතික ධනය විනාශ වෙනවා.(නදී)