මොරටුව මහ නගර සභාවට නගරාධිපතිවරුන් දෙදෙනකු සිටින්නේ දැයි ප්‍රශ්නයක් මතුවෙයි.
නාගරික මන්ත්‍රී සුරංග අපොන්සු මහතා ද නගරාධිපති බව සඳහන් කරමින් බස්නාහිර පළාතේ පළාත් පාලන කොමසාරිස් විසින් හැඳුනුම්පතක් නිකුත් කර ඇත.
අපොන්සු මහතා මේ බව නගර සභා රැස්වීමේ දී පැවසීය.
මේ ක්‍රියාවෙන් නගරාධිපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා මෙන්ම තමා ද හෑල්ලුවට ලක් කර ඇතැයි සුරංග අපොන්සු මහතා කීවේය.
මේ පැමිණිල්ලත් සමඟ නාගරික මන්ත්‍රීවරුනට දුන් සියලු හැඳුනුම්පත් යළි ආපසු එකතු කර ගැනිණි.
පුරපති සමන්ලාල් ප්‍රනාන්දු මහතා පැවසුවේ නිවැරදි හැඳුනුම්පත් නිකුත් කරන ලෙස කොමසාරිස්ගෙන් ඉල්ලා සිටින බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වගේ දේවල් වලින් කවුරුවත් හෑල්ලුවට ලක්වෙන්නේ නැහැ. හෑල්ලුවට ලක්වෙන්නේ වැදගත් තනතුරු දරන අය කරන කියන දේවල් නිසායි. (නි)
අනේ පව්, හැඳුනුම්පතකින් හරි ඔහොම එකක් ලැබුනාම සන්තෝෂ වෙන්න එපායැ. ඇයි හෑල්ලුවට ලක්වෙනවා කියන්නේ? (නි)