එකොළොස්වැනි වරටත් පැවැත්වෙන අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළලේ පස්වැනි දිනය අවසන් වන විට රන් පදක්කම් 11 ක් සමගින් පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට මොරටුව විශ්ව විද්‍යාලය සමත්වී තිබේ. පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි ස්ථාන වල පසුවන කොළඹ විශ්ව විද්‍යාලය රන් පදක්කම් 3 ක්ද, කැළණිය විශ්ව විද්‍යාලය රන් පදක්කම් 2 ක්ද දිනාගෙන තිබේ.
පදක්කම් සටහන (2013 මැයි 6 වැනිදා රාති‍්‍රය වන විට)
| විශ්ව විද්‍යාලය | රන් | රිදී | ලෝකඩ |
| මොරටුව විශ්ව විද්‍යාලය | 11 | 2 | 2 |
| කොළඹ විශ්ව විද්‍යාලය | 3 | 7 | 6 |
| කැළණිය විශ්ව විද්‍යාලය | 2 | 2 | 1 |
| රුහුණු විශ්ව විද්‍යාලය | 2 | 2 | 1 |
| රජරට විශ්ව විද්‍යාලය | 2 | 0 | 0 |
| පේරාදෙනිය විශ්ව විද්‍යාලය | 1 | 6 | 2 |
| යාපනය විශ්ව විද්‍යාලය | 1 | 3 | 1 |
| ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය | 1 | 2 | 1 |
| වයඹ විශ්ව විද්‍යාලය | 0 | 0 | 2 |
| සඹරගමුව විශ්ව විද්‍යාලය | 0 | 0 | 1 |
| නැගෙනහිර විශ්ව විද්‍යාලය | 0 | 0 | 0 |
| අග්නිදිග විශ්ව විද්‍යාලය | 0 | 0 | 0 |
| සෞන්දාර්ය විශ්ව විද්‍යාලය | 0 | 0 | 0 |
| ඌව වෙල්ලස්ස විශ්ව විද්‍යාලය | 0 | 0 | 0 |
(*)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොරටුව අපේ කොල්ලෝ හොඳයි. ජය වේවා! (නි)
කොච්චර කොහොම ගෝරි දැම්මත්, වහලා දැම්මත් ගස් ගල් යට ඉදන් හරි ශිල්ප ප්‍රගුණ කරන , ලෝකේ පිළිගත් ඉංජිනේරු හා ජාත්‍යන්තර මට්ටමේ වාස්තු විද්‍යා උපාධි පවත්වාගෙන යන නමුත් ඉතා අඩුම ඉඩකඩක පිහිටි එකම සරසවිය මොරටුවයි. එකම එක ක්‍රීඩා පිටියක් තබාගෙන අච්චර විශාල සැපපහසු පේරාදෙණිය රන් 1ක් ගනිද්දී මොරටු විශ්ව විද්‍යාලය රන් 11ක් ගැනීම පුදුමයක් (නි)
මොරටුවේ ඇත්තේ ඉංජිනේරු පීඨයක් සහ වාස්තු විද්‍යා පීඨයක් පමණයි. මෙහි සිසුන් ගණන පේරාදෙණිය, කොළඹ, ජ'පුර , කැලණිය, රුහුණට කොහෙත්ම සසදන්න බැහැ . එම සරසවි වල වෛද්‍ය පීඨ, ඉංජිනේරු පීඨ , විද්‍යා පීඨ, කලා පීඨ ඔක්කොම තිබෙනවා. 10:1 ක් වත් සිසුන් ගණන සම කරන්න බැහැ. හැබැයි ඉන්නේ වෙඩි වගේ කට්ටිය , පදක්කම් සටහනින් පෙනෙනවා. සුබ පැතුම්!! හරියට සාක් එකේ ඉන්දියාවේ සටහන වගේ! (නි)