වයස 13 න් පහළ ක‍්‍රිකට් තරගාවලියේ , වැනි කොටසේ මොරටුව ශාන්ත සෙබස්තියන් විදුහල සහ පානදුර ශාන්ත ජෝන් විදුහල අතර අද (27) පැවැති තරගයේදී ශාන්ත සෙබස්තියන් විදුහලේ අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී ලකුණු 202 ක් රැස් කිරීමට සමත් විය. පානදුරේදී පැවැති මෙම තරගයෙන් ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිමේ ජය ලැබීය. දකුණතින් පිත්ත හසුරුවන නායක අවිශ්ක ප‍්‍රනාන්දු විශිෂ්ට ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 138 කදී හතරේ පහර 22 ක් සහ හයේ පහර 10 ක් සමගින් නොදැවී ලකුණු 202 ක් රැස් කිරීමට සමත් විය. ශාන්ත ජෝන් විදුහල පළමු ඉනිම 56 (ඉෂාර රන්දික 14, ඉෂාර පීරිස් 19, අවිශ්ක ප‍්‍රනාන්දු 20/3, විමුක්ති ද මෙල් 18/4) ශාන්ත සෙබස්තියන් විදුහල පළමු ඉනිම කඩුලූ 6 ට 288 (අවිශ්ක ප‍්‍රනාන්දු නොදැවී 202, මලින්ද පීරිස් 20, මිෂේන් සිල්වා 19)
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd